රාජගිරියේ වැලිකඩ මල්පාරේ ලුණු ව්‍යාපාරිකයකුගේ නිවසින් කලකට පෙර රුපියල් ලක්ෂ පහමාරක රන් බඩු හා රට සල්ලි සොරකම් කළැයි කියන මස්සිනාලා දෙදෙනකු ත්‍රිරෝද රියේ ලේබලයකින් අල්ලා ගැනීමට මිරිහාන පොලිසිය සමත් විය.

රෙගේ ගායකයතුගේ රුව සහිත එම ලේබලය හිමි ත්‍රිරෝද රිය සොයාගෙන ඇත්තේ තවත් ත්‍රිරෝද රියදුරකුගෙනි.

ඔහු අනෙක් රියදුරාගේ මස්සිනා කෙනකි.

ඔවුන් විසින් රාත්‍රී කාලයේ ගෙවල් 16ක් බිඳ බඩු මුට්ටු සොරකම් කිරීමේ තොරතුරු ද හොරබඩු උකස් කලැයි කියන රිසිට්පත් 13ක් ද, රුපියල් දස දහසට කුලියට ගත් නිවසෙන් සොයාගෙන ඇත.