IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගේය පද රචනා සංගමයේ මුලසුන් පත් වෙති !

ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංග⁣මයේ වාර්ෂික මහා සභා රැස්වීම මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

දිවයින පුරා විසිරී සිටින සියලුම ගේය පද රචක, රචිකාවන් එකට එක්කොට ඔවුන්ගේ සුබ සාධනය අරමුණු කරගනිමින් 2020 වසරේ ආරම්භ කරන ලද සංගමයේ සියලුම නිලධාරීන්ගේ ධුර කාලය අවසන් බැවින් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ ඉදිරි වැඩපිළිවෙල ප්‍රකාශයට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

ඒ අනුව සංගමය ආරම්භයේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සමග සමසභාපතිත්වය දැරූ නිලාර් එන්. කාසිම් නව සභාපති වශයෙන් ද, ලේකම්වරයා ලෙස ජෝජ් රොබ්සන් ද සිල්වා ද භාණ්ඩාගාරිකවරයා ලෙස බන්දුල නානායක්කාරවසම් ද නැවතත් තේරී පත්වූහ. කැලුම් ශ්‍රීමාල් , ආරාධනා ඒකනායක සහ චානක ජයසේකර පිළිවෙලින් උප සභාපති, උප ලේකම් සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා මෙහිදී තේරී පත්වූ අතර ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවල් මහතා කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු සංගමය ආරම්භ කිරීම සඳහා අනුප්‍රාණය දුන් ශිල්පියෙකි.

නව නිලවරණයේදී කාරක සභාව ලෙස උපාලි බණ්ඩාර වීරසේකර, රංජිත් රූපසිංහ,ශාන්ත ජයලත් තිසේරා,සුනිල් යෝගේන්ද්‍ර,බන්දුල ජයසිංහ,සමන් ප්‍රියදර්ශන,සම්පත් ප්‍රනාන්දුපුල්ලේ,දයානන්ද රත්නායක,උමා අසේනි, රසික ඩී. දුමින්ද,නෙලූකා සංජීවනී ප්‍රනාන්දු,සුගත් සෝමවීර සහ අසන්ති කරුණානායක තේරී පත්වූහ.

සංවිධායක කමිටුව සඳහා පත්වූයේ රෝහණ හෙට්ටිආරච්චි, ඉන්දික අප්පුරාළ, සහ අනුර දසනායක ය. මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස සුජිත් ප්‍රසංග ද ගිණුම් පරීක්‍ෂක ලෙස නලිනි කාංචනා මුණසිංහ ද තේරී පත්වූහ.

ගේය පද රචක නාමාවලියේ පළමු වෙළුම මෙහිදී ජනගත වූ අතර සාමාජිකයන්ගේ හැඳුනුම්පත නිකුත් කිරීමද, ජාතික කලාකරු හැඳුනුම්පත් සඳහා අවශ්‍ය අයැදුම්පත් නිකුත් කිරීමද මෙහිදී සිදුකෙරිණි. දීප ව්‍යාප්ත ගේය පද රචකයන් සඳහා වූ වට්ටම් පතක් සහ එම ශිල්පීන්ගේ රෝගාබාධ හා මරණ සම්බන්ධව ක්‍රියාවට නැංවෙන සුබ සාධන වැඩපිළිවෙළක් ද මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ අනුශාසක මණ්ඩලය ලෙස රඹුකන සිද්ධාර්ථ හිමියන් සමඟ ප්‍රවීණ මාධ්‍යවේදී ,ගී පද රචක තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රවීණ ගී පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ , ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල යන මහත්වරුද ද කටයුතු කරති.

ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ



අදහස් (0)

ගේය පද රචනා සංගමයේ මුලසුන් පත් වෙති !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site