මහින්ද රාජපක්ෂ රජය ගෙන ගිය ජාතිවාදය අවුස්සන, රටට අහිතකර දේශපාලන ව්‍යාපෘති තීරණාත්මක ලෙස පරාජය කරන්නට රනිල් වික්‍රමසිංහ මහතා හෝ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණේ නම් අද මෛත්‍රිපාල සිරිසේන මහතාට අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (16) ජවිපෙ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අද ශ්‍රීලනිපය මෙහෙයවන්නේ මධ්‍යම කාරක සභාවකින් නොවේ. දේශපාලනිකව නන්නත්තාරවූ කුඩා කල්ලියක් විසින්. සිදුවෙමින් පවතින්නේ ජනවාරි 8 වැනිදා ලබාදුන් ජනවරම මුළුමනින්ම අංශක 180කින් ආපසු හැරවීමක්. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි නමුත් පසුව හෝ ජනපති ප්‍රකාශයක් කරමින් ජනවරම සමග සිටගන්නට තීරණය කිරීම අගය කරනවා‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හෘද්ද සාක්ෂියට එකඟව,රටේ අනාගතය ගැන කතා කොලොත්,මේ අවස්ථාවේ සාපේක්ෂ වශයෙන් හොඳ ,හොරු අවම,සහ බුද්දිමතුන් වැඩි පිරිසක් ඉන්න UNP ය දිනවිය යුතුය කියා මට හැඟේ. නමුත් දූෂිතයන්,හොරු කිසිස්වෙක් නැති JVP ය ට විපක්ෂය බාරදිය යුතුය කියා මට සිතේ. එදා SLFP යේ සිටි යුගපුරුෂයන් දැන් නැත (මෛත්‍රිපාල ජනපති හැර), SLFP යට අප ආදරය කලත්,දැන් සිතිය යුත්තේ රටේ අනාගතය ගැන පමණි. (ස)
කොහොමද රට හදන්නේ? හොරු අල්ලනවා කියලා පාර්ලිමේන්තු යන්න විතරක් නම් හදන්න එපා (නි)
රතු මල්ලිලාගේ ඉන්ටෙර්නෙට් ටීම් එක ජේ වී පි එකට සම්බන්ධ පුවතක් වැටෙනකම් ඉන්නේ පෝලිමට කොමෙන්ට්ස් දාන්න..මොන හිගන වැඩක්ද මේ.මෙයාල හිතන් ඉන්නේ අපි තුම්පනේ කියල වෙන්න ඇති...අනේ ජේ වී පි එකට ගිය කල.අනෙක මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා..ලක්ෂ 58 ක ජනමතයක් අමු අමුවේ යහපාලන ලොක්ක මංකොල්ල කන්න හදන එක පේන්නේ නැහැ..ඒවාට විවේචන නැහැ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවුරුවත් මයිත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නද එ්කේ මධ්‍යම කාරක සභාව යහපාලනෙට ඕන විදියට නටවන්න කියන්න..ඔහෙලා කවුද එහෙම කියන්න.ලක්ෂ 58ක් මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නේ ශ්‍රී ලංකා එකේ සභාපතිට යහපාලනෙට ඒ 58 පාවල දෙන්න පොල්පිත්තක් වෙන්න නෙමෙයි..මහින්ද භීතිකාව මෙයාලටත් බොහොම දරුණුවට තියෙනවා ලෙඩේට බේත් අපි 17 වෙනිදට දෙන්නම් යහපාලනෙත් එක්කම වැළලෙන්න.. (ස)
ඔය ඔලුව ජපන් කන්ද ජර්මන් ඊනියා උගතුන්ගෙන් රටට වැඩක් නෑ. යකෙක් උනත් අපේ පොළොවේ පය ගහල ඉන්න එකෙක් වෙන්න ඕන අපි තෝරන්න.(ස)
දැන් අපට විශ්වාසය තියන්න පුලුවන් ඹබලා විතරයි මේපාර අපි ඹබලාට ජවිපෙ ට ජය වේවා.(හේ)
ජ. වි. පෙ.එදා අමු අමුවේ මිනිස් ඝාතන කොපමණ කළාද? දේපල කොතරම් විනාශ කළාද? අවනීතිය අතට ගෙන කළ දේවල් ජනතාව දන්නවා.ඔබ මේ රටේ යහපත ගැන කතාකිරීම අපිටත් ලැජ්ජාවක්. (නි)
මේ රටේ වර්ගවාදය නිමා කළ හැක්කේ ජවිපෙ ආණ්ඩුවක් යටතේ පමණි. (ම)
ජ.වි.පෙ. දේශපාලනය මතය ලංකාවේ බොහෝ දෙනෙකුගේ දේශපාලන මතය සමඟ සමපාත නොවෙන්න පුළුවන්. ඒකට හේතුව ඔවුන්ගේ දේශපාලන දැක්මේ වැරැද්දකට වඩා ලංකාවේ බහුතරයකගේ දේශපාලන දැක්ම වන කාටහරි හේත්තුවී වැඩක් කරගන්න බලන එක ඔවුන්ගේ ප්‍රතිපත්තිය නොවන නිසා. ජ.වි.පෙ. පෙර වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඒවා දැන් ඉන්න ජ.වි.පෙ නායකයන් පෞද්ගලිකව කළ දේවල් වගේ කතාකරන එක වැරදියි. ඒ වගේම එහෙම කියන්න අනිත් පක්ෂ වල නායකයින් වැරදි කරලම නැද්ද? ගොඩක් අයට ජවිපෙ දිරවන්නේ නැත්තේ ජවිපෙ පත්වුණොත් තමුන්ට පෞද්ගලිකව වැඩක් කරගන්න බැරිවෙන හින්දා. නැත්නම් අද ලංකාවේ දේශපාලන පක්ෂ වලින් ප්‍රතිපත්තියක් ඇතුව වැඩකරන්නේ ජවිපෙ විතරයි. කොහොම වුණත් ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන දැක්ම වෙනස් වෙන්නේ නැතිතාක් ලංකාවේ මිනිසුන්ට වැඩක් ඇති දේශපාලකයෝ නම් පත්කරගන්න අමාරුවෙයි. (නි)
නුසුදුස්සන් ඵළවා වැඩි ජවිපෙ මන්ත්‍රීන් පිරිසක් මැති සබයට යවමු. ජවිපෙට ජයවේවා! (නි)
අනේ මහත්තයෝ,දැන් ගිය දේ ගියාවේ... (නි)
ඒ කියන්නේ මහින්ද දිනනවා කියන එකද? (නි)
ජයවේවා අනුර (නදී)
අලි -ඇතුන්ගෙන් වැඩ ගන්න වගේ (නදී)
දුර්දාන්තයින් එලවමු. ජනතා විමුක්ති පෙරමුණ ශක්ති මත් කරමු.(නදී)
අනුර අපේ වීරයාට ජයවේවා! (නි)
මෙවර විශාල ජයක් මහින්ද ගන්නවා (නදී)
බම්බුව තමයි (නදී)
බොදුජන පෙරමුණට නාගයාට මගේ මනාපය (නදී)
මොන මන්ඩලයේද හිටියා නේද ? මොනාද දන්නේ නැහැ කළේ ? (නදී)
සරත් දවල් හීන දකිනවද ? (ම)
මණ්ඩලය මගදී නැවතුනා නේද ? (නදී)
මෙවර විශාල මනාප ප්‍රමාණයක් මහින්ද ගනී. එක ඇත්ත. නමුත් ගොඩක් අය කතා කරන්නේ මේක ජනාධිපතිවරණය කියල හිතාගෙන. මේක පාර්ලිමේන්තු මැතිවරණයක්. මහින්ද කොච්චර මනාප ගත්තත් ඔහුට ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් පමණයි.(ම)
මෙතන පාඨකයෝ කෙතරම් ජවිපෙ අගය කළත් ඡන්දය දෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට වීම අවාසනාවක්. (නි)
දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණ එලවමු. මේ අය කරන්නේ කඩේ යන එක. කාල් මාක්ස් හිටියා නම් බෙල්ලේ වැල් දාගෙන අර විදායක සබාව කෝ? කෝ අර කියපු යහ පාලනේ (නදී)
මහින්ද මහත්තයා නැති උනොත් පොදු පෙරමුණ බංකොලොත් වෙනවද ? (නදී)
අනුර කියනවා බලන්න සෝමවංස අස්වුණ හේතුව ........ඔහෙලා දේශ ද්‍රෝහී NGO වලින් සල්ලි ගන්න බව ඔහු දැන ගත්තා. (ස)
අනිල්ගේ අම්මට (ස)
දවල් හීන නෙමේ මහින්ද දිනනවා රූකඩ දෙකම විසිවෙනවා .(අ)
අවශ්‍ය වෙලාවට ප්‍රගතිශීලි ලක්ෂණ නැති නිසා මිනිස්සු තාම විශ්වාස කරන්න අකමැති. ඒ අඩුව හදාගත්තොත් ලොකු බලයක් ලබෙයි (අ)
ජවිපේ එකේ සහෝදරවරුන්ගේ අලි සයිස් මොළ හින්ද තමයි මන්ත්‍රීවරු 40 යන්තම් දෙකකට බැස්ස ගත්තේ. අනුන්ට බන කියන්න නම් මෙයාලා දෙයියෝ. රනිල්ට මුක්කු ගහගෙන ඉදලා දැන් බොරුවට කයිවාරු ගහනවා. තමුසෙලා රටට මොනවද කෙරුවේ මිනිස්සු හිතන විදිය ලැබෙන මනාප සොච්චමෙන් දැනගන්න. (අ)
හැබයි මෙයාලා ආපහු මිනිස්සු ගස් බන්දින්නයි මිනීමරන්නයි පටන් ගනීවිද? (ස)
මහත්තයෝ, අද ඔයාලා වුණත් මෙහෙයවන්නේ වෙනත් කල්ලියක් නේද? සෝමවංස අමරසිංහ සහෝදරයා වුණත් ඔයාලගෙන් ඉවත්වුණේ ඔයාලගෙත් ප්‍රතිපත්ති වල දෝෂයක් නිසා නේද? රටේ දැයේ උන්නතිය උදෙසා රට දැයට හිතැති, හිටපු ජනපති,නොකර අගමැති...., පාර්ලිමේන්තු යැව්වොත් ඇති.... තීරණය දේවි,වත්මන් ජනපති ... සහෝදරයා එහෙනම් තුති... (නි)
විජේදාසගෙන් ගත්ත මුදල් ගැන මිනිහ කතා නෑ නේද ? (ස)
අනේ මන්ද තවම කොටි බලයේ හිටියනම් මෙයාලට මේවා කියන්න පුලුවනිද කියල (ස)
මෙයාලගේ බොරු දැන් එළිවෙලා. දැන් කොච්චර බයිලා ගැහැව්වත් වැඩක් නැ (ස)
ගිය නුවන කොහොමටවත් සද්දන්ත කුලේ..ඇතුන් ලවා අද්දවන්න නම්.... පුළුවන්..කම තිබුන ... එහෙත්.....එහෙන් මෙහෙන් එක්වෙච්ච වල් (පුස්)අලි ලවානම් අද්දගන්න කොහොමටත් ...බෑ....අන්තිමට අලි ගිලපු දිවුල් වගේ තමා...දැන් හෙන්ඩුව නෑනේ ..කුරුඳුපොලුවලට.....ඇත්තු බය නෑ......සත්‍ය ඒක..නේද සහෝ... (ස)
ජය වේවා ජය වේවා අපේ එකම පැතුම දැන් ඔබ තුමා විතරයි (ස)
මේ පාර වෙනසක් කරනවා.මගේ ඡන්දය ජ.වී.පෙ ට දෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පිස්සු නටනවා වගේ. (ස)
මහින්ද දිනන එක කාටවත් නවත්වන්න බෑ. (ස)
අපි ඔබ සමගයි! (හේ)
ඒ කතාව නම් ඇත්ත.(හේ)
මෙවර ජනතා විමුක්ති පෙරමුණට විශිෂ්ඨ ජයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්.(හේ)
ඹබලාට සැලකිය යුතු ජනවරමක් ලැබෙන බව පේනවා , ඵය රැකගෙන අවංකව වැඩකිරීම වැදගත් ඹබලාට ජයවේවා.(හේ)
වැව් 1000 ට මොකද වුනේ මල්ලිලා. (ස)
මහින්ද එක්ක හැපෙන්න යන මේ අය කවුද කියලා බලමු (නි)
මහින්ද ගියපාර ලේකම්ට පැරදුනා වගේ මේපාර භාණ්ඩාගාරිකටත් පරදිනවා ! අයියෝ . (අ)
දැන් මෙයාලගේ රතු කමිස රෝස පාට වෙලා තියෙන්නේ ප්‍රතිපත්තිවල වෙනසක් නිසාද ? නැත්නම් අව්වට පාට පිච්චිලද ? එහෙමත් නැත්නම් වෙන පාටක් එක්ක මිශ්‍ර වීමේ ප්‍රතිපලයක්ද ? (අ)
ජවිපෙ බලයට ආ යුතුයි (නි)
බැදුම් කර වලින් කියක්වත් දුන්නද (අ)
දුෂිතයන්ට හා කුඩු, එතනෝල කාරයන්ට විරුද්දව ජන මතයක් ගොඩ නගමු. (අ)
"සිදුවෙමින් පවතින්නේ ජනවාරි 8 වැනිදා ලබාදුන් ජනවරම මුළුමනින්ම අංශක 180කින් ආපසු හැරවීමක්". ඔයාලා කිවේ මහින්ද පරදිනවා කියලා. (අ)
ඔය රෝස පාට කමිසේ අස්සේ තියෙන්නේ කොළ පාට ඇඳුම්. (ස)
ජේවීපී කියන දේ මිනිසුන්ට තේරෙන්න ටිකක් කල් යනවා. තේරෙන්කොටට පෙරහැර ගිහින්. දැන්වත් අලුත් දෙයක් කරමු. (නි)
කොහෙද ජන වරමක් ලැබුනේ 58 ලක්ෂයක් පිවිතුරු සිංහල ඡන්ද වැටුනේ මහින්දට (ස)
පාට තද උණුසුමට පිච්චිලා (අ)
දින සියය තුලදී අලියට කඩේ ගිහින් මෙවර ඉතිරි චන්ද ටිකත් නැතිකරගත්තා. (ස)
ජ වි පෙ තමයි රටේ අනාගතය. (නි)
ජේවිපී යට මෙවර ආණ්ඩු බලය ලබාදෙමු. අපේ සහෝදරවරුන්ට ජය වේවා, (ස)
ලක්ෂ 25 ක් අරන් කඩේ යන සමාජවාදෙන්.කියමුද බලන්න රටේ ආර්ථිකය ගොඩ නගන හැටි? මහින්දට බයේ මාරු කියවන්නේ නැතිව. (ස)
මෙවර මැතිවරණයට ඉදිපත් වී ඇති අපේක්ෂකයන් අතරින් සමාජ විරෝධී දුෂණ චෝදනා නොමැති ඉතාමත් පිරිසුදු අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් කිරීමේ ඉහළම ගෞරවය ජ.වී.පෙට අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසුන දින සිට මේ දක්වා සඟ, වෙද,ගුරු,ගොවි, කම්කරු, සිසු ආදී වූ ජන මනස කියවීමට,හඳුනා ගැනීමට සහ එය තත් වූ පරිද්දෙන් ආකර්ෂණය කර ගැනීමට තවමත් නොහැකිවීමෙන් පෙනීයන්නේ ඔවුන් තවමත් පසුවෙමින් පවතින්නේ ප්‍රායෝගික ශ්‍රී ලාංකික දේශපාලනයේ ළදරු අවධියේ බවය. ඇත්තෙන්ම මෙයනම් කනගාටුදායකය. (නදී)