ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය සංකේතවත් කිරමින් චීන යුවාන් මිලියන 500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1118.39 ක්) පිරි නමන බව චීන සමූහාණ්ඩුවේ අගමැති ලී කොං චාං පැවසීය.
චීන අගමැතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා අගමැති ප්‍රමුඛ දූත පිරිස සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
ශ්‍රී ලංකාවේ ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහා චීනයේ පූර්ණ සහාය ලබා දෙන බව ද එරට අගමැති කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද වගේ දෙපිටකාට්ටු වැඩ නැතුව රනිල් හරියට රට ගැන හිතල වැඩ කරනවා.(ම)
පිනට හරි ණයට හරි කෝටි 1121ම රටේ ජනතාවට ලැබෙයි - කලින් වගේ යටි මඩි ගහන්නැති නිසා .(බ)
අනුකම්පා කරලා! (බ)
අපේ රට වගේ රටකට චීනයේ උදව් අවශ්‍යයි. බැන්නේ චීනයට නෙමෙයි. චීනයෙන් දීපු ආධාර හිටපු පාලකයෝ කාපු විදියට. ඒ අය හිටියා නම් මේ කෝටි දාහෙන් 800ක්ම ඒ අයගේ සාක්කු වලට. (නි)
මෙතැන අදහස් දාන බොහෝ අය තරුණයින් හෝ දේශපාලන ඉතිහාසය නොදත් අය බවයි මට හිතෙන්නේ. මොකද රනිල් කියන්නේ බොහෝ අත්දැකීම් ඇති පරිනතෙ අවංක ජාත්‍යන්තරය පිළිගත් දේශපාලකයෙක් කියල බොහෝ අය නොදන්න පාටයි (බ)
පරිත්‍යාගයක් කියන වචනයේ තේරුමවත් සමහරු දන්නෙ නැහැ (නි)
නුවන්, ඔයා පරිත්‍යාග සහ ණය වෙන්කරගන්න. පරිත්‍යාග වලට කොන්දේසි නැහැ. මේක කිසිම කොන්දේසියක් නැති පරිත්‍යාගයක් (නි)
ඩොලරය රුපියල් 130 දක්වා අඩුකරන්නට චීනය පිහිටවුණොත් රටේ වාසනාව (නි)
රනිල් මැතිතුමාට මුළු ජාත්‍යන්තරයත් එක්කම ගනුදෙනු කරන්න පුළුවන් (නි)
සමන්ති ඔයාගේ ප්‍රශ්නය මෙහි අදහස් දැක්වූ අන් කිසිවෙකුටත් වඩා වටිනවා. පොර්ට් සිටි වන්දිය ගැන අපේ අයට වගේ වගක් නැහැ. මේක තමා ලංකාවේ හැටි. (බ)
මේවා එච්චර සතුටු වෙන්න ඕන දේවල් නෙවයි. අපි වෙන රටවල් වලින් හිගා කන්නේ නැතුව ඉන්න පුළුවන් ආර්ථිකයක් අපිම හදා ගන්න ඕන. (බ)
ණය හෝ ආධාර වශයෙන් අද ලංකාවට ලැබෙන හැම මුදලක්ම රටේ යහපත වෙනුවෙන් වැයවෙනවා. නමුත් පහුගිය ආණ්ඩුව කාලේ ලැබෙන හැම ණය ආධාර වලින් සියයට අසුවක් පමණ අත්පත් කරගත්තේ එක රජ පවුලක් විසින්. එදා සහ අද තියන වෙනස දකින්න. (නි)
අගමැතිතුමනි, ඔබතුමා මිලියන ගණන් රැගෙන ආවත් අපේ රටේ මිනිසුන්ගෙන් හොඳක් අහගන්න හරිම ආමරුයි. ඔය තෑගි වලින් වැඩක් නැහැ. කම්බා හොරු ළංකර ගන්න එපා. දැන් ඔබගේ වාරයයි. කඩේ නම් යන්න එපා. (නි)
මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න ඕව ලැබුන දැන් වත් තේරුම් අරගෙන කටයුතු කළොත් හොදයි (බ)
රට ආර්ථිකමය වශයෙන් ගොඩ දාන්න ඉන්න නායකයා ඔබ පමණයි..හොර බොරු නැති නායකයා ඔබයි......ඔබට ජය යනු රටට ජයකි. (බ)
නුවන්, ඔයාගේ ඊමේල් එක එවන්න. සම්පුර්ණ විස්තර ඔයාට දන්වන්න කියලා චීන ආණ්ඩුවට දන්වන්නම් (නි)
මට නම් මේ මොනවා කිවුවත් හිතෙන්නේම මේක ණයක් කියලා (නි)
අනේ හැබෑටම අවුරුදු 10ක් විතර චීනයට බැන බැන ඉඳලා ආයෙත් එහෙටම ගියානේ (නි)
ලංකාව, චීනය සමග සුළුවෙන් හෝ මිත්‍රත්වය පලුදු කරගත්තත් චීනය එසේ නොවේ. ඔවුනට අවශ්‍ය,උපක්‍රමශිලිව, ගිලිහුණු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධන කර, ඔවුන්ගේ ආර්ථිකය ව්‍යාප්ත කර ගැනීමය. අප රටට ඇත්තේද ඔවුන්ගේ සරණ පමණි.ඔවුන් අපේ සැබෑ මිතුරන්ය... පසුගිය රජයට වඩා මේ රජයට චීනය සමග ඉදිරියට ගනුදෙනු කරනු ඇත. (බ)
කොහොම වුණත් අපි චිනෙත් එක්ක ළඟින් වැඩකරන්න වැඩපිළිවෙලක් යොදා ගතයුතුය. අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයට ඉන්දියාවට වඩා ළඟින් වැඩකළයුත්තේ චීනය එක්කයි. එය නුවණට හුරුය. කාලෝචිතය (නි)
චීනය කොයිතරම් දියුණුද? එන කාරණය කලින්ම දැනගෙන ඉඳලා වගෙයිනේ හරියට (නි)
දැන් මෙතන මහින්දගේ පතුරු ඇරලා, චීනයේ පතුරු ඇරලා අදහස් දැමූ අයගේ අදහස් දැනගන්න හරි ආසයි. (නි)
නළුවෙක් නොවෙයි මොළයක් කිවුවේ ඕක තමයි. කට්ටිය විහිළුවට ගත්තට එතුමා තමයි නියම හපනා (නි)
අනේ ඕක අපේ සමහරුන්ගෙන් බේරගන්න හොඳේ! (නි)
චීනාට මෙතුමා සෑහෙන හිතට අල්ලලා වගෙයි (නි)
පරිත්‍යාගයක් කිව්වහම එ්ක ණයක් නොවන බව තේරෙනවනේ. අනික කව්රු මොනවා කිව්වත් චීනය තමයි දැන් ලෝක ආර්ථිකය හසුරවන්නේ. අපි වගේ දුප්පත් රටවල් නෙමෙයි, ලෝකේ දියුණු රටවලුත් චීන සහයෝගිතාව නැතුව පවතින්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. දර්ශන කිව්වා වගේ පිනට හරි රටටනේ කියලා සතුටුවෙන්න තමා තියෙන්නේ. (නි)
ලැබෙයි ලැබෙයි මේං කියලා කෝටි 1000ම ලංකාවටම... මේවා තමයි මට නම් හතර හිනා. ලොකේම අපේ යාලුවෝ කිය කියා චීනෙටම යනවානේ හැබෑටම! (නි)
හොරු නොවන උගතුන්ට, නායකයින්ට ලෝකේ කොයි රටත් සලකනවා (බ)
චීනය කාටවත් මුදල් පරිත්‍යාග දෙන්නේ නැහැ හදිසි ආපදාවකට හැර. මෙම මුදල ණයක් කියලයි මට නම් හිතෙන්නේ. මහින්ද ලබාගත් ණය වලින් ගොඩක් සංවර්ධන කටයුතු කෙරුනා. මේ රජය මේ දක්වා අල්ලපු අඩවුවකුත් නැත. බෙරේ පලුවකුත් නැත. (නි)
ගියගමන්ම මෙච්චර ගාණක් ලැබුනා නම් දවස් කිහිපයක් හිටියොත් කොහොම උදවු ලැබෙයිද අපේ රටට? (නි)
මොනතරම් සතුටුද? දැන් අපි සියළු ප්‍රශ්න වලින් නිදහස් (නි)
දැන් මේ සල්ලි වලින් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
ඔව් දර්ශන, දැන් ජනතාවගේ සල්ලි වැඩිවෙලා. ඒකයි තාම හදපුවත් කඩ කඩා ආපහු හදන්නේ ජනතා සල්ලි වලින් (නි)
චීනය දන්නවා රනිල් වගේ අවංක කෙනෙකුට අත යටින් දීලා වැඩක් නැති බව. එ්කයි එළිපිටම දුන්නේ. අවංකකම කෙතරම් බලගතුද යන්න පෙනෙනවානේ. (නි)
නිකම්ද කියන්නේ මුළු ලොව මේ රටට යටයි කියල (බ)
ගහපු කයිවාරු කෙසේවෙතත්, මෙදා මොනවා පොරොන්දුවෙලා එයිද දන්නෙ නැහැ. (නි)
ණයක් වෙන්න බැහැ. හැබැයි මෙහේ ඉන්න සමහරු මහින්දට බැනීම නතර කළයුතුයි. මේවා පුර්ව කොන්දේසි කළා නම් රටට වැදගත්. (නි)
සමහරු අහන ප්‍රශ්න හැබෑටම? පරිත්‍යාගයක්ද? ණයක්ද? ඔච්චර ලොකු ගානක් පිනට දේවිද? (නි)
ඇමරිකාව සහා යුරෝපයෙන් මුදල් ලබාගැනීමට නොහැකිවීම නිසා අවසානයේ චිනයටම ගොස් වරද නිවැරදි කරගැනීම හොඳ දෙයකි (නි)
පුදුමාකාර දක්ෂකමක්නේ මෙතුමාට තියෙන්නේ. සුබ පැතුම්! (නි)
රනිල් වික්‍රමසිංහ මැතිඳුනි, ඔබතුමාට ජාතිය ගොඩනැඟීම සඳහා ශක්තිය හා බලය ලැබේවා! (නි)
අපේ රටට ලැබෙන "විදේශාධාර" කියන්නේ ආපසු නොගෙවන (නමුත් යම් යම් කොන්දේසි සහිතව ලැබෙන) මුදලුයි. අද ඉන්න තරුණ පරපුර බොහෝ දෙනෙක් අසා තිබෙන්නේ විදේශ ණය ගැන පමණයි. ආධාර නොලැබී අප කොපමණ පහත් තත්වයකට වැටුනාද කිවහොත් විදේශ ණයක් ලැබෙන එකත් විශාල ආධාරයක් හැටියට සළකන්න පටන්ගත්තා. (නි)
බොහොම සුබ විදිහට වැඩකටයුතු කෙරෙන පාටයි (නි)
ඒකෙත් හැටි! මහින්දට දුන්නෙ ගිනි පොළියට ණය. අද කෝටි 1121ක පරිත්‍යාගයක්... (නි)
ස්ථිරවම කියන්න පුළුවන්, මෙතුමා නම් මේ සල්ලි යටිමඩි ගහහන එකක් නැහැ. (නි)
නුවන්, කුමාරි, පරිත්‍යාගයක් කියලා උඩින්ම දාලා තිබෙනවා පෙනෙන්නේ නැද්ද? (නි)
ආ.... ! අශාන් සීයානම් ගොඩක් දන්නා පාටයි. අනේ සීයේ මේ ! අපි ඔයාටත් වැඩියෙන් ඔයාගේ රනිල් මහත්තය ගැන දන්නවා (බ)
මට නම් පේන්නේ චීනය වරාය නගරයේ ඩොලර් මිලියන 125 ක් කියල වැඩි ගානක් කියල තියෙන්නේ. ඇත්තම ගාන කෝටි 800 වෙන්න ඇති. දීපු 1000 එහෙමම දෙන්න වෙයි. ඇත්තටම අපිට වැඩිපුර ගෙවන්න වෙන්නේ කෝටි 800. කෝටි 800 ගන්න කොහොමද ගහපු ගැටේ. කොහොමද රැවටිල්ල? (බ)
හෙක්ටර් පෙරේරා, දර්ශන, ඔබ දෙදෙනා හරියට හරි. (නි)
මොකකටහරි පොරොන්දුවෙලා චීනය ෂේප් කරවාගත්තේ එහෙම නැහැ නේද? (නි)
දර්ශන, කෝටි 1121 ජනතාවට ලැබෙනකොට, එතකොට අර දශම 13? (නි)
ආශාන්ට ඉතිහාසය මතකනම් රට පවා දුන්න ඒවා තරුණයෝ මරපු ඒවා ආයතන විකුනපු ඒවා මතක නැති එක තමයි පුදුමේ (බ)
පුදුමයි ඔහොම කකුලෙන් අදිද්දීත් මහින්ද රට ගෙන ගිය හැටි... (නි)
තුති පුදන්න මහින්දට, චීනය සමකරලා දුන්නට. මහින්ද එහෙම කළාට සමහරු නම් කකුලෙන් ඇදපු එකම තමයි කළේ. මහින්ද නැත්නම් ලෝකෙත් නැහැ, චීනෙත් නැහැ. (නි)
ගොඩක් සතුටුයි.(හේ)
ඕකෙන්වත් අර පෝර්ට් සිට් ප්‍රමාද කරපු නිසා ඉල්ලන වන්දිය ගෙවලා දාමු එහෙනම්. (නි)
දැන්වත් සත්‍ය තේරුම් අරගෙන ඉන්දියාව සහ වැඩකට නැති යුරෝපය, ඇමෙරිකාව පස්සේ යන්නේ නැතුව චීනෙත් එක්ක එකතුවෙලා ලංකාව දියුණු කරන්නයි තියෙන්නේ. (නි)
දැන් අර ඉල්ලන වන්දිය ගෙවාගත හැකියිනේ (නි)
අපේ රටට මෙහෙම ආධාර ලැබෙන එක නම් සතුටුදායකයි. මේ ආණ්ඩුවට ඔය සල්ලි වලින් කොච්චර වැඩක් කරන්න පුලුවන්ද මේ රටට? පෝර්ට් සිටිය නැවැත්තුව නිසා චීනෙට ඩොලර් මිලියන 125ක් ( රු කෝටි 1800 ට වැඩි මුදලක්) ගෙවන්න වෙන එක ගැන කට්ටියටම අමතකවෙලා වගේ. (නි)
පුලුවන් තරම් ඇමරිකාව වගෙ බටහිරට ආවැඩුවට මෙහෙම ලැබුනද? අන්තිමට යන්න වුණේ මහින්ද ගිය පාරෙම තමයි..... (නි)
ගන්න, ගන්න. හිත හොඳින් නිකන් දෙන දේ නොවැ (නි)
චන්ද්‍ර පැරිස් වෙත, වරාය නගරයෙන් අක්කර 50 වැඩි කොටසක් සහ එයට අදාල මුහුද තීරය සින්නක්කර දුන්නෙ පසු ගිය ආන්ඩුව.මේ රට චිනාට පාවා දෙන කොන්දෙසි යටතේ වරාය නගරය පටන් ගන්න කොට තමුන් සිටියෙ පෑරිසියෙ බුදියගෙනද? (බ)
නිකන්ද නැත්නම් ණයද? මොනවද කොන්දේසි? ඒවත් කිව්වනම් හොදා රටේ මහජනතාවට! (හේ)
ඔබතුමාට විතරයි අපේ රට ගොඩගන්න පුළුවන්.(හේ)
බණ්ඩාර කියන එකමයි මටත් කියන්න තියෙන්නේ. මෙන්න වෙනස...! මහින්ද ගිනි පොළියට චීනෙන් ණය ගත්තා, රනිල්ට කෝටි 1000 ක් නිකන් දෙනවා. (නි)
ලොකු දෙයක්.තෑගි මල්ලක් ලැබිලා වගේ.(හේ)
චීනයට බනින ගමන් එහෙටම ගිය එකනේ වැඩේ කියන්නේ .(හේ)
ලෝකේ වටේම ගිහින් ණය ගන්න බැරි තැන චීනෙට ගියාද කියලා තිතෙනවා (නි)
කොහොම වුණත් මහින්ද කරපු දේවල් වල ප්‍රතිඵල තමයි. (නි)
කරුණාකර ජනතාවට ප්‍රතිඵලය භූක්ති විඳින්නට දෙන්න. (නි)
මේවා අැහෙනකොටත් අපිට පුදුම සතුටක් ඇතිවෙන්නේ (නි)
මේක දැකපු සමහරු කතාකරන්නේ රනිල් මුළු ලංකාවම සංවර්ධනය කළා වගේ. අපි නොදන්නා මෙයාලගේ වීදේශ ප්‍රතිපත්තිය! මේ පාර මොන ගිවිසුමක්ද දන්නේ නැහැ (නි)
ගිය ගමන්ම මොකද දන්නෙ නැහැ මෙච්චර සළකන්නේ? (නි)
ඒ කියන්නේ මේ පාර අවුරුදු ජයටම කයි වගේ. (නි)
ජගත් ලියනගේ මහත්තයෝ, රනිල් කවදාද, කොහෙදිද, කුමක් ගැනද චීනෙට බැන්නේ කියලාත් කියනවා නම් වඩා හොඳයි නේද? (නි)
ඕක බොහොම සුළු ගානක්. ඉන්න ඇමති මණ්ඩලේ අවුරුද්දක් නඩත්තු කරන්නත් මදි. අනික චීනා කවදද නිකන් සල්ලි දුන්නේ? (නි)
මහින්ද මහත්තයා චීනෙට අපේ රට විකුණනවා කියලා රනිලුත් යන්නේ මොකටද චීනෙටම? ඇමෙරිකා, ඉන්දියාව වගේ රටකට යන්න තිබුනනේ. (නි)
මෙන්න මෙහෙමයි පරිත්‍යාග. පෝර්ට් සිටි ප්‍රමාදය නිසා රු කෝටි 1810 ගෙවීමට ඇත. කෝටි 1000 ක් අඩුවුණාම අප විසින් තව කෝටි 810ක් ගෙවිය යුතුව ඇත. කොහොමද චීනගේ මොළේ. (නි)
ඔය මොනවා දුන්නත්, වරාය නගරයෙන් හෝ පිටත මුහුදෙන් කෑල්ලක් චිනට දුන්නොත්, ඔබ මේ රට චිනාට පාවාදුන්නා වෙනවා. (නි)
මෙහෙම මිනිස්සු නිකන් සල්ලි දෙන්නේ නැහැනේ. කලින් හොඳම යාළුවා වෙලා හිටියට සල්ලි දීලා කොච්චර පොළියක් ගත්තද? දැන් මොකෝ නිකන් සල්ලි දෙන්නේ. (නි)
මෙන්න වෙනස...! මහින්ද ගිනි පොළියට චීනෙන් ණය ගත්තා, රනිල්ට කෝටි 1000 ක් නිකන් දෙනවා. මේවා දකිනකොට ‘බයියන්ට‘ මොනවා හිතෙනවා ඇද්ද? (නි)
හරිම හොඳයි. දැන් අපි බලාසිටිමු අපේ බටහිර මිත්‍රයෝ මේ වගේ කීයක් පරිත්‍යාග කරයි කියලා. (නි)
ජගත් ලියනගේට නම් හරිම දුකයි වගේ (නි)
තෑගි කියලා තමයි කියන්නේ. දුප්පතාට තවත් බදු ගෙවන්න ක්‍රමයක්ද? (නි)
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවත් මැතිනියට චීනයෙන් ලැබුණු පරිත්‍යාගයක් නොවේද? (නි)
පුදුමාකාර කරුණාවක්නේ හැබෑටම! (නි)
අනේ මෝඩයිනේ, නුඹලාට ඉතින් කවදත් රටට හෙණ ගැහුවත් රනිල් තමයි හොඳ. 2014 අගභාගයේ පත්තර ටික අරගෙන කියෙව්වා නම් රනිල් චීනෙට කියපු කතා ටික බලාගන්න පුළුවන්. (නි)
ගිනි පොළියට ණය අරගෙන බොරු ෂෝ දාන අයට මේවා පාඩම්. (නි)
ධනුෂ්ක, මෝඩ කතා කියන්න කලින් කරුණු ඔප්පුකරන්න. කොහොමද ඔයා කියන්නේ අපිට ගෙවන්න වෙලා කියලා? (නි)
ඔය පටන්ගත්තා විතරයි. තව පොඩ්ඩක් ඉවසන්න (නි)
පරිත්‍යාගය කියන ඒ ණය ආධාර කියන එකේ වෙනස දන්නේ නැති අයත් මෙතන ඉන්නවා.(බ)
නුවන් , අාධාර සහ ණය අතර වෙනස මුලින්නේ දැනගන්නේ (බ).
අගමැති තුමාට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ , බලයට ආපු ගමන් වලං කඩේට පැනපු එකා වගේ , පොර්ට් සිටි නවත්තල , චීනය තරහ කරගත්ත එකේ විපාකේ (බ)
පරිත්‍යාගයක් කියන්නේ නිකං කියන එකයි. (බ)
බලන්න අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සංචාරය කරපු ගමන් ම ප්‍රතිලාභ ලැබුණා. එතුමාගේ විදේශ ගමන් පිළිබඳව දැඩි අසාධාරණ අයුක්ති සහගත නිර්දය විවේන ඉදිරිපත් කළ සියලු දෙනාම තුෂ්නිම්භූත වෙලා දැන් බලාගෙන ඉන්නේ කොහොමද මෙහෙම ලැබුණේ කියලා. ආයිමත් දෙකක් නැහැ එතුමාගේ රාජ තාන්ත්‍රික විචක්ෂණභාවය හා සාමය සඳහා එතුමාගේ ඇත කැපවීම විදේශිය රටවල් පවා නිවැරදිව වටහාගෙන තියෙනවා. (බ)
අපට චීනය වගේම චීනයටත් අපිව ඉතාම වැදගත්. ඔවුන් දකුණු මුහුදේ බලය ඇත පත් කරගැනීමට නම් ලංකාව වැදගත් කේන්ද්‍රස්ථානයක් වේ. අනෙක, චීනය ඉන්දියාව සමග තරගයට මුහුණදීමට ඉන්දියන් සාගරයේ බලය ව්‍යාප්තකිරීම අත්‍යවශ්‍ය වේ. අපට වඩා බලවත් තායිවානය පවා චීනය සමග ගිවිසුම් ඇතිකරගෙන් ඔවුන්ගේ මුහුදේ ගුවන් පථයක්ද සහිත කෘතීම දුපතක් ඉදිකර ඇත. එමනිසා ශ්‍රී ලංකාව සමග හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වා ගැනීමට ඔවුන් මීට වඩා විශාල පරිත්‍යාග ඉදිරියේදී කරනු ඇත. යුආන් මිලියන 500ක් යනු චීන ආර්ථිකයත් සමග සසදන කල ඉතා සුළු මුදලකි. (බ)
අපේ රත්තරන් අගමැතිතුමා කොච්චර දක්ෂද බලන්න. එතුමාට බැනපු එවුන්ගේ කටවල් වලට හෙන ගහන්න ඕනි. රටට තියන ආදරේ නිසානේ එතුමා මෙතරම් මහන්සිවෙන්නේ. (බ)
සුමිත්‍රා බස්නායක වගේ අයට දැන් කටු ඇනෙනවා වගේ තියෙන්නේ බලන්නේම අනිත් පැත්ත ඕව පෙනුනේ නැනේ දෙයියනේ අර හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළවල් හදද්දී (බ)
මේ අදහස් දාන අය ඉන්නේ මනෝ ලෝක වල. හරියට මේක අරගෙන ඕන වැඩක් කරගන්න කියල දීපු වගේ. මේකේ තියෙන ගිවිසුම් කොන්දේසි ආදී කරුණු මොනවාද කියල දන්නවද? (බ)
විදේශ අැමති එක්ක .බටහිර රටවල් තරහ වේවි බලාගෙන.චීන සබ්මැරීන යේ ඇවිත්. (බ)
ඕව දෙන්නේ නිකම් නෙමෙයි. බලමු මොනවද කරන්නේ කියල. චීන කොලනියක්ද දන්නේ නැහැ (බ)
අපි විසින් නියම මිතුරන් සහ සතුරන් හඳුනාගත යුතු වෙනවා පකිස්තනයි ඉන්දියාව,එංගලන්තය සහ ඇමෙරිකාව යන රටවල් අපට කිසිසේත්ම හිතවත් රටවල් නොවේ (බ)
මේක දීල තියෙන්නේ වෙන ණය ඉල්ලයි කියල බයේ. අපි නොදන්නා චීන්නු. ලෝකයේ කපටිම ජාතිය (බ)
අපේ රටේ අබිමානය පේන්නත් එක්ක ගියානම් කොච්චර ලස්සනයිද ? (බ)
අපේ රටේ අභීමානය පේන්නත් එක්ක කොන්දෙවත් පීරලා ගියානම් කොච්චර ලස්සනයිද ? (ම)
පරිත්‍යාගයක්? ණයක්ද? ඔච්චර ලොකු ගානක් පිනට දේවිද?(හේ)