ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 කි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන සේනාරත්න මහතා 1960 දශකයේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණව චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ජනාදරයට පත්විය.
ඕලු නෙළුම් නෙරිය රඟාලා, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මාගෙ පුතුට මල්, පිදුරු සෙවිලි කළ පැල්පතේ, සිරිපා වඳිමූ මුනිගේ ආදී ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඔහු ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ සැමියාද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුහද කුමරුනි ,සුර දෙවගණන් ඔබට සුව නිදි පතා ආසිරි ගී ගයත්වා!(හේ)
නිහඩ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!(හේ)
කණගාටු වෙනවා සිසිරගේ අභාවය ගැන. සංගීතයට දුන් දායාදය සදා අමරණීයයි. ඔබගේ ගීත මා නිතරම ගායනා කරනවා. ඔබට නිවන් සුව! (නි)
ආදරණීය ගායකයානෙණි, ඔබට නිවන්සුව පතමු! (නදී)
ඔබ තුමාට නිවන් සුව අත්වේවා (නදී)
නිවන් සුව ලැබේවා (නදී)
මා කැමතිම ගායකයා ඔබයි. ඔබ රේගුවේ උසස් තනතුරක සේවය කළ නිලධාරියෙක්. ඔබේ හඬට සමකළ හැකි ගායකයෙක් බිහිවී නැහැ.ඔබට නිවන් සුව! (නි)
පිවිතුරු සිතින් එනු මැන ළඳේ... අවසන් සුසුම් ගිළිහෙන දිනේ... මට පැන් පොදක් අරන් දෝතින්... එතුවක් දුරින් ඉන්න ඈතින්... (නි)
ඔබට නිවන්සුව පතමු!(හේ)
ආදරණීය ගායකයානෙණි,ඔබට නිවන්සුව පතමු!(හේ)
පරම්පරා ගණනක් සංගීතයෙන් පිනවූ සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව පතමු!(හේ)
හදවතට සමීපවන කටහඬක් මෙන්ම හදවතට සමීපවියහැකි සොඳුරු බවක් උරුම කරගත් ගයකයාණෙනි, ඔබට නිවන් සුව.(හේ)
රිදී කුමාරි අද අවසන් නින්දේ ඔබතුමාට නිවන් සුව පතමි.(හේ)
අසහාය කලාකරුවාණෙනි, නිවන් දැකීමට පෙර එක් වතාවක් හෝ නැවත අප අතර ඉපදේවා!ඔබට සුභ රාත්‍රියක්..... (නි)
ඔබට නිවන් සුව පතමු!(හේ)
අනිත්‍ය බවේ නිහඬ සාක්කිය (නි)
සුවහසක් සවන් යුග පිනවූ සුන්දර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත් වේවා. ඔබ සද අමරණීයයි. මෙතුවක් කල් ඔබගේ ගීතවලින් අප හදවත් පිනවුවාවට ඔබට පින්. (හේ)
මම කුඩා කාලේ ඉඳලාම මෙතුමා ගායනා කරන ගීතවලට හරිම කැමතියි. විශේෂයෙන්ම මෙතුමා ගායනා කරන ලද ප්‍රේම ගීතවල තිබෙන මිහිරි ගතිය දැන් ගැයෙන ගීතවල ඇත්තේම නැතිතරම්. එම ගීත එදා වගේම අදද අපගේ දෙසවනෙහි රැව් පිළිරැව් දෙනු ඇත. මෙතුමාට නිවන් සුවය පතමි (නි)
ඔබට අමාමහ නිවන් සුව! (නි)
" අර්දරේ රන්එලිය පෑ හිරු බැසගිය යලි නොඑන අයුරේ ලොවක් නැලවූ ලොවක් පිනවූ කටහඩක් .ඔබට නිවන් සුව ලැබේවා! (දිල්)
යලිත් ඔබ අප අතර ඉපදේවා'(හේ)
" සසර වසනා ජාති ජාතිත් අපත් සමගම උපදීවා. සනාතන සැනසුම ලැබීමට නිවන්පුරයේ දොර ඇරේවා "(දිල්)
ජීවිතය නමැති මහා වේදිකාවෙන් ඔබ සමු ගත්තා. ඔබගේ ජවනිකාව ඔබ අති සාර්ථකව කරන ලදී. ඔබට නිවන් සුව පතමි.(හේ)
සුන්දර මිනිස් ගතිවලින් යුත් සිංහල ගීතවල රිදී සීනුව නිවී ගියා. ඔබට නිවන් සුව! (නි)
දයාබර සිසිර, ඔබ අප හදවත් තුල සදා අමරණීයයි.ඔබේ ලයාන්විත හඩින් ගැයූ ඒ රසබර ගී පද අපට කිසිදාක අමතක නොවේ. අදමෙන් අප අසන වන් ඩේ හිට් වෙනුවට සියවසක් මතකයේ රැඳෙන ගී අපට දුන්නාට ඔබට පින්. (නදී)
ඔබට නිවන් සුව පතමි. (නදී)
ඔබට නිවන් සුව (නදී)
ඔබට නිවන් සුව පතමු...(හේ)
ඔබට නිවන් සුව පතමි.(හේ)
පරම්පරා ගණනක් සංගීතයෙන් පිනවූ සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව පතමු! (නදී)
ඔබේ ගීත අමරණීයයි, ඔබට නිවන් සුව පතමි. (නදී)
මම කැමතිම ගායකයෙක්. ඕක තමයි ජීවිතය කියන්නේ. ඊයේ හිටියා, අද නැහැ. ඔබට නිවන් සුව ලැබේවා!(දිල්)
නිවන් සුව පතමු! (නි)
සේනාරත්න ගායකයාණනි, ඔබ පිලිබඳ මුළු මතකයම එකම ගීතයකි. ඔබට මුළු හදවතින්ම නිවන් සුව පතමි.(හේ)
සිංහල ගී වංශ කතාවේ ඉතාම වැදගත් කාලපරිච්ඡේදයකට හිමිකම් කියන සිසිර සේනාරත්න මැතිඳුනි, ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමු. ඔබගේ ගීත හා ඔබගේ නාමය සදා අමරණීයයි.ඔබ මියගියද අප හදවත් තුළ සදා ජීවත්වෙනු ඇත (නි)
ලස්සන කටහඩ වගේම ආරෝහ පරිණාහ දේහයකුත් තිබුණා. නළුවෙක් වගේ ලස්සනට හිටියා. ඔබේ ගීත හරි මිහිරියි. සදා මතකයේ රැඳේවි.එක දවසකින් අමතකවෙන සින්දු ඔබ කිවුවේ නැහැ. ඔබට නිවන් සුව පතමි! " රෝස කැලේදී හමුවූ වැන්නේ, මට මේ කුමරුන් කවුදෝ දුන්නේ"හරිම ලස්සන සින්දුවක්. (නි)
නිවන් සුව ලැබේවා (නදී)
සිසිර, ඔබේ ගී හඩ සදා අමරනීයයි. සදාතන සැනසුම ලැබීමට නිවන් පුරයේ දොර ඇරේවා. (නදී)
ඉතාම කණගාටුදායක පුවතක්. ඔබ වැනි අය අවශ්‍යම මේ වගේ කාලයක ඔබගේ නික්මයාම නිසා ඇතිවෙන රික්තකය පුරවන්නේ කව්ද ? ඔබට නිවන් සුව ! (නදී)
තමාගේ නිහතමානිබව, අදීනබව, ජනප්‍රියතාව, ප්‍රියමනාපය, අවංකත්වය ගායන දිවියපුරා නොවෙනස්ව තබාගත් ගායකයාණනි, ඔබට නිවන්සුව. (නදී)
වටිනා මනුස්සයෙක් රටේ කලාවට මහඟු සේවයක් කළා. (හේ)
සොඳුරු කළා කරුවාණනි, ඔබට නිවන්සුව.! (ර)
කට හඬ වගේම ලස්සන රූපයකටත් හිමි කම තිබුණු සොඳුරු ගායකයාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා.! (ර)
මගේ දුව ඔඩ්ක්කුවේ තියාගෙන ඔබේ ගීත අද මම කියනකොට, මට ඒ විදිහට මගේ පියා මම පුංචි කලේ කියපු ගීත අද වගේ මතකේ ඇත. අප හදවතත් සතුටෙන් පිරු ගයකයණනි, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා.! (ර)
සුවහසක් රසික හදවත් නැළවූ ගායකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
සහෘදයාණන්ට නිවන් සුව! (නි)
මගේ තාත්තාගේ ප්‍රියතම ගායකයෙක් ඔබ. "පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහමන්දිරේ"..... ඔබ හොඳ මනුස්සයෙක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන්සුව! (නි)