පාලකයන් දෙන ලද පොරොන්දුව පරිදි රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන තුරු තම සටන අත් නොහරින බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියති.
කම්හල සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ගත් තීරණ අනුව වාර්තා ලැබෙන තෙක් එහි නිෂ්පාදන ආරම්භ නොකරන බවට වැලිවේරිය පොලිසියේදී අද දුන් පොරොන්දුව පිළිගන්නා බව ද ඒ හිමියෝ පවසති.
පෙරදින පෙරවරුවේ සිට කම්හල තුළ සිටි සේවකයන් 350ක් පමණ පොලිසියේ හා පොලිස් විශෙෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ කම්හලෙන් පිටව ගියහ. ඔවුන් පිටව යද්දී ගැමියෝ හූ තැබූහ.
ඉන් පසු සිරිධම්ම හිමි සිටි ඇද පිටින්ම උස්සාගත් ගැමියෝ ඒ හිමියන් රැගෙන ගම වටේ ගොස් පන්සලට ළඟා වූහ.
(වීඩියෝ තරිඳු ජයවර්ධන සහ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය පාළු ගෙදර වලන් උඩ පැන පැන බිදිනවා.
ආයෙත් ඉල්ලන් කන්න වගේද හදන්නේ?... (දී)
මෙතන පැහැදිලිවම ප්‍රශ්නයක් තියනවා ගම්මුන්ටත් මොකක් හෝ අසාධාරණයක් වෙලා තියනවා මෙම කම්හල හින්දා. මෙම තත්වය උඩ මොන වාර්තා ආවත් කම්හල නැවත පවත්තගෙන යනවට ගම්මුන් කැමති නැහැ ගම්මුන්ගේ සහයෝගය නොමෙතිව නැවත වැඩ ආරම්භ කලොත් අසරණ සේවකයන්ටත් කරදර වෙන්න පුළුවනි එනිසා කරනකරලා කම්හලේ පාලකයන් මෙමෙ නිෂ්පාදනය එයාලගේ කෙමිකල් නිෂ්පාදන අංශයට ගෙනවිත් මෙමෙ ගොඩනැගිල්ලේ වෙනත් එයාලගේ පරිසර හිතකාමී නිෂ්පාදනයකට යොදාගනු මැනවි (දී)
බන්දුල කන්නෙ මොනවද
බන්දුල කන්නෙ මොනවාද
බන්දුල කන්නෙ මොනවාද
නොදන්නා බබාලට අතීත කතාවක් කියන්නම්, 88/89 කාලේ කට්ටියක් එස්.ටී.එප් එකේ අයගේ දෙමාපියන් කිහිප දෙනෙක් මැරුවා. හොරෙන් අනුන්ගේ ගිණුමට බැර වෙන්න. ඉතින් මොකද බඹරේ වැල්ලේ කැරකුනා වගේ කොල්ලෝ දහය පහළොව දවසකට ටයර් සෑයට ගියා. මෙවගෙත් යටින් තියෙන්නේ ඒ ක්‍රම වේදයේ දිගුවක්. (නදී)
මේ කර්මාන්තශාලාව පරීක්ෂණ අවසන් වෙනතෙක් වසා ඇති බව නේද සෑම ජනමධ්‍යක්ම වාර්තා කලේ? කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය අරම්භ කිරීමට උසාවියෙන් අවසරයක් ලැබිල නෑ නේද? එහෙමනම් කොහොමද 350ක සේවක සංඛ්‍යාවක් ඇතුලේ හිටියේ? එක පුවත්පතක තිබුණා ගස් වවා සඟවා දමා ඇති අඩි 60ක් ගැඹුරු ළිං 6ක් ගැන. අපජලය ඒවාට දමන බවයි ගැමියන්ගේ චෝදනාව. සේවකයින් 350 පෙර දින සේවයට වාර්තා කිරීම තුලින් පැහැදිලිවන්නේ රහසි ගතව නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවයි. මේ ආයතනයේ ඉහල නිලධාරීන් ගම් වැසියන්ව පමණක් නොවේ රවටා තිබෙන්නේ. අධිකරණ පවා රවටා ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ. එය අධිකරණයට කල අපහාසයක් නොවෙයිද? සේවකයින් ගම් වැසියන්ට කල වැරද්දක් නැහැ. නමුත් ඔවුන් මේ අවස්ථාවේ රැකියාව නිසා ගම් වැසියන්ව රැවටීමට දායක වෙලා තියෙනවා. හාමුදුරුවෝ කරන්නේ වැදගත් කාර්යභාරයක් . ඔය හරක් වෙනුවෙන් ගිරිය පුප්පන සමහර උන්නන්සේලට වඩා "ගමේ දායකයාගේ" දුකට ඉදිරිපත්වීම පිනක්. කුසලයක්. යුතුකම ඉතුකල උන්නාන්සේව අගය කිරීමයි පෘතග්ජන ගම්වැසියෝ කරලා තියෙන්නේ. නිර්පාක්ෂිකව සිදුවන මෙවැනි ක්‍රියා සමහරුන්ට දිරවන්නේ නෑ තමයි. එක එක පාට කන්නාඩි තුලින් ලෝකය දකින දේශපාලන අන්ධ චරිතවලට මේ සිදුවීම අදහගන්න බැහැ. දේශපාලකයෙකුගේ පිහිටක් නැතුව ගමනක් නැති හඬක් අවදි නොවන කොඳු කැඩුණු මිනිස්සුන්ට මේ සිදුවීමෙන් හිතට ඊරිසියාවන් නොදැනෙනවා නම් පුදුමයක් තමා. වෙඩි උණ්ඩයකට සදහටම පොදු ජනයාගේ හඬ යටපත් කරන්න බැහැ.(නදී)
සමහර අදහස් දකිනවිට ලොකු දුකකුත් ඇතිවෙනවා. අපේ බහුතරයක් හරිම ආත්මාර්තකාමි පිරිසක්. තමන්ට ගැටලුවක් තියේ නම් එය මිහිපිට තියෙන ප්‍රධානම ගැටලුව කියා හිතන අය අනෙකෙකුගේ ගැටලුවක් කෙරේ දක්වන ආකල්පය හරිම ලැජ්ජා සහගතයි. ඒක ආත්මාර්ථකාමිත්වයද, කුහක කමද එසේ නැතහොත් මෝඩකමද කියා තෝරා බේරා ගැනිම පවා ගැටලු සහගතයි. ඇතෙමෙක් කියනවා මේක දේශිය සමාගම්ක් නිසා ආරක්ෂාකර ගත යුතු බවට. ඔවුන් දේශිය යැයි කියා ජනතාවට හානි කරන තත්වයක් තුල එය එය ඉවසා සිට්ය යුතු බවක්ද එයින් අදහස් වෙන්නේ? අපේ ආයෝජන මණ්ඩලය යටතේ කර්මාන්තයක් ආරම්භ කිරිමෙදී තත්වය සහ පවත්වාගෙන යාමේදි වන නියාමනය පිළිබදව මෙන්ම කර්මාන්ත කරුවන් බලපත්‍රය ලබා ගන්නා තෙක් ක්‍රියා කරන ආකාරයත් ඉන් පසුව ක්‍රියා කරන ආකාරයත් පිළිබදව කොතෙකුත් ප්‍රායෝගික අත්දැකිම ඇත්තෙමු. පරිසර අධිකාරිය බලපත්‍රරය ලබාදෙන තුරු කරන අවදානය පැසසුම් සහගත මුත් ඉන් ඉක්බිති වන නියාමනය ප්‍රශ්නකාරීයි. තවත් වැදගත් දෙයක් තමයි ඕනෑම කර්මාන්තකරුවෙක් තම නිශ්පාදන වැඩිකිරිමට සාපේක්ශව පරිසර හානිය ගැන නොතැකිම. මම හිතන්නේ මෙතැන ගැටලුවෙත් ආරම්භය ඕකයි කියලා. මම නම් හාමුදුරුවන් කරන කාර්ය අගය කරනවා. තමන්ට සිව්පස දෙන දායක දායිකාවන්ගේ බොන දිය බිදට ගැටලුවක් තිබෙන විට එය නොදැක්කා සේ බණ කියන්න පුලුවන් තත්වයක් මටනම් හිතා ගන්නවත් බැහැ. ඔය නොදන්නා අයට මතක් කරල දෙන්න කැමතියි ඔවුන් නොදන්නවානම් දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේගේ සහ තන්තිරිමලේ නායක හාමුදුරුවන් වහන්සේගේ ක්‍රියා කලාපය නොවන්නට ත්‍රස්තවාදින් කලා ඔය පවා ඉක්මවන්නට ඉඩ තිබුන බව. අනික බුදුන් දවස විශාලා මහ නුවර දුර්භික්ෂය අභියස බුදුන් පවා බණ කියන්නට කලින් කලේ තුන්බිය පලවා හැරිම කියන එක අමතක කරන්න එපා.(නදී)
බලාගෙන යනකොට ලංකාවේ එන්න හැම මිනිහම පව් තම, පර්ලිමෙන්ට් කට්ට්ටිය හැර, දරුවෝ දෙන්නෙක්ම මල ඒ ගැන නැහැ ඒ දුක කම්හල ගැන, සේව්වකයොත් වැඩ කරන්න ඕනේ නැහැ කියන්නේ නැහැ , හැමෝටම සදරණය ඉෂ්ට වෙන්න ඕනේ (දී)
බොරු වැඩ නොකර දවස කන්නේ නැතිව පලක් ඇති වැඩක් කරන්න ඕක දේසපාලන මගඩියක් (දී)
මේ පුවතේ වැදගත්ම දේ හැටියට මං දකින්නේ කම්හලේ සේවකයන් 350 ක් පොලිසියේ ආරක්ෂාව යටතේ පිටව ගියා කියන කරුණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂකයෝ කම්හලේ රැකියාවෙන් ජීවත්වෙන අහිංසක මිනිස්සු ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි. උසාවියේදී කියවුනා නේද කම්හලෙන් කිසිම අපද්‍රව්‍යයක් පිටවී නැහැ කියල? එහෙනම් මොකක්ද මේ උද්ඝෝෂණය? ජනප්‍රිය වෙන්න සමහරු චරිත රඟපානවා වගෙයි. මේවා බුද්ධාගමටත් නිගාවක්. (අ)මේවගේ කතා කියන මිනිස්සු මේ ගම වලට ඇවිදින් ජීවත් වෙලා බලන්න ඕනෑ. පොඩි ලමයින්ට වතුර ටිකක් බොන්න බැ අනාගත පරම්පරාවට බොන්න වෙන්නෙත් මේ විසම තමයි. මේ ගම් වල මිනින්සු බීපු ලින් වතුර දැන් බොන්න බැරි හින්ද වතුර ටැංකි ලගට ගිහින් වතුර පොලින් වල ඉදල අරගෙන එන්න වෙලා තියෙන්නේ. දුක දන්නේ ඒ මිනිස්සූ විතරයි. මේ කියන කතා කියන මිනිස්සු හින්දා තමා සුද්දා අපේ රට අල්ලා ගත්තේ.(නදී)
අයියෝ අපේ හාමුදුරුවරුන්ට ගිය කල.සෝම හාමුදුරුවෝ වගේ බුද්ධිමත් හමුදුරුනමකගේ අඩුව දැන් තමයි තේරෙන්නේ.කම්හලෙත් ගැටළුවක් නැත්නම්, මිනිස්සුන්ට රැකියා ටිකත් ආපහු ලැබෙනවා නම් හාමුදුරුවන්ට තියෙන ගැටළුව තේරෙන්නේ නෑ.ඉස්සෙල්ලා කෑගහපු ලැජ්ජාවට තාම කෑගහනවා වගේ. (දී)
හමුදුරුවන්ත් වැඩ නැහැ ගමේ මිනිස්සුන්ත් වැඩ නැහැ !!!!!!!!!!!!!කාලේ කනවා ඉතින් කොමද රට හදන්නේ ඔතන වැඩ කරනෙත් අපි වගේම මිනිසු සධාරනව හැම දෙයක්ම බලන්න (දී)
මේ ප්‍රශ්නේ තාම විසගල නැහැනේ (දී)
බොරු වැඩ කරන හැමකෙනාටම ගිය පාර කරපු වැඩේ කරන්න ඕනි මෙතන තියෙන්නේ වෙන මගඩියක් (දී)
රටකට ගිය කලක් (දී)
විකුම් ඔබේ අදහස් මම අගේ කරනවා (දී)
අසරණ සේවක ඉන්ට අනතුරක් නොකරපු එක ගැන ස්තුතිය ,නමුත් එයාලට හූ කියපු එකත් වැරදිය (දී)
අයියෝ හාමුදුරුවනේ (දී)
බන්දුල නම් නියම බුරුවෙක්. (ස)
ලංකාව ගැන අනේ කියවෙනවා (දී)
කම්හල වැහුව කියල ජලය පිරිසිදු වෙනවද ?හාමුදුරුවෝ ගමවටේ ගිය කියල කම්හල වහෙනවද ? මිනිසුනේ කල්පනා කරලා තීරණ ගන්න තව ජිවිත බිලිනොදෙන්න (දී)
ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ විදිහට හැසිරෙන්නේ ඇයි කියල මට හිතා ගන්න බෑ. හමුදුරුවොන්ට ලජ්ජා නැනේ (දී)
මේ හාමුදුරුවෝ හරි (දී)
හාමදුරුවෝ දෝලාවෙන් වඩින හැටිනම් ලස්සනයි ..කට්ටිය හමදුරුවන්ව අන්දනවද, හැමදුරුවෝ කට්ටියව අන්දනවද නැත්නම් දෙගොල්ලොම අපිව අන්දනවද කියලනම් හරියටම කියන්න බැහැ. කොහොම උනත් හැමදුරුවනේ බලාගෙන..උඩින් ගියා වගේ නෙමෙයි බලන්නේ.
මිනිස්සු ඉල්ලන දේ සාධාරණයි
අනේ මන්දා කාටද පිස්සු? (දී)
මෙතන මොකක්හරි බොරුවක් තියනවා මිනිස්සු රැවටිලා.(දී)
ගිනි තියාගන්න දෙන්න එපා බුද්දාගමට අගෞරවයක් (දී)
350 කගේ රස්සාවල්. දැන් මේ රැකියාවන් අහිමි වෙන මිනිසුන් ගැන කතා කරන්න කව්රුත් නැද්ද? කෝ කම්කරු නායකයෝ ? (දී)
ගමේ එකමුතුවට ජයවේවා (දී)
මේක පිළිකාවක් වගේ වෙලානේ (දී)
උද්ගොෂකයන් විවේචනය කරන අය රතුපස්වල හිටියනං ඔය විදියට කතා කරන එකක් නැහැ. තුවාලයක් තියන කෙනා තමයි එකේ වේදනාව දන්නේ. (දී)
ලංකාවට අවශ්‍ය මේ වගේ හාමුදුරු වරු තමයි . ලොක්ක කියන හැදේම හරිය කියන එක නියම හාමුදුරුවෝ කෙනෙක්ගේ ගුණය නෙමෙයි (දී)
තවත් ජීවිත බිල්ලට නොදී මේ ප්‍රශ්නය විසදන්න (දී)
මේ ප්‍රශ්නේ විසදන්නේ තවත් ජීවිත කීයකින්ද? (දී)
රට කන්නන්ට, රජය රට අස්ථාවර කරන්නන්ට දුටු තැන පහර ගැසිය යුතුය. (නි)
මම හොද කතෝලිකයෙක් මෙවන් හාමුදුරුවරු තමයි අපේ රටට දැන් ඕනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මහත් අඩම්බරයක් අපිට
අනේ අපේ සිරි ලකට ගිය කල (දී)
ඔය හාමුදුරුවන් ඔසවාගෙන යන අය අද රස්සාවට ගියේ නැද්ද? ඔවුන් මේ ගමේ අයද? (අ)
උද්ඝෝෂණය කරන සේරටම කියන්නේ ,ඔයාල වලිවෙරියේ නම් විතරක් උද්ගොෂණයට සහය වෙන්න කලින් මියගිය තුන්වෙනියා ගම්පොල එයාගේ මළගමට වලිවෙරියෙන් එක බල්ලෙක්වත් හිටියෙනෑ (අ)
උපාලි, උසාවියෙන් කියවුනා නම් වතුර වල ප්‍රශ්නයක් නැහැ කියලා ඔක්කොම හරි නේද? (නි)
බන්දුල, ඔයා අපේ පැත්තට නම් එන්න හිතන්නවත් එපා (නි)
හාමුදුරුවෝ නමක් කියන්නේ බුද්ධිමත් කෙනෙක්.පිල්ලේ වගේ කෙනෙක් ලංකාවේ සිටින වීට මේ වගේ කරන්න කලින් දෙපාරක් සිතන්න ඕනෑ නේද? (නි)
ඉතිහාසයේ ඉදලම ගම වැසියන්ගෙ දුකකදී කරදරයකදී ගමේ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියේ ගමේ පන්සලේ හාමුදුරුවෝ.ඒ මග පෙන්වීම යටතේ තමා රට ගොඩ නැගුනේ.හරි විදියට සිවුර මුලික වුන හැම තැනකම ජයග්‍රහණයක් තිබුනා.ඒ නිසා මිනිසුනේ හැම වෙලාවේම ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක ඉන්න.උන් වහන්සේලා හැම කරදරේකදිම පිහිටට එයි. (නි)
උපාලි ඉන්නේ වෙන ලෝකෙකද? නොදන්නා දේට කට නොදා ඉන්න (නි)
අනේ මන්දා (අ)
බුදු දහමටත් සිල්වත් භික්ෂුන්ටත් මේ වගේ දේවල් ගැළපේද? බුදුරජාණන් වහන්සේ අද සිටියා නම් පළමුව බණ කියා ධර්මය පැහැදිලි කරන්නේ මෙවැනි අයටය. අනික් කරුණ අද කාලයේ චීවරයක් දමන සෑම දෙන භික්ෂුන් නොවෙති (නි)
ගැමියන්ට ජය! (නි)
ජනතාවගේ හද ගැස්ම හදුනාගත් ශ්‍රේෂ්ඨ හාමුදුරුනමක් විදිහට ජනතා හදවත්තුල ඔබ වහන්සේ අමරණීයයි.වෙඩි හඩට වඩා ජනහඩ හැමදාම ඉහළයි. (නි)
මේ පුවතේ වැදගත්ම දේ හැටියට මං දකින්නේ කම්හලේ සේවකයන් 350 ක් පොලිසියේ ආරක්ෂාව යටතේ පිටව ගියා කියන කරුණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂකයෝ කම්හලේ රැකියාවෙන් ජීවත්වෙන අහිංසක මිනිස්සු ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි. උසාවියේදී කියවුනා නේද කම්හලෙන් කිසිම අපද්‍රව්‍යයක් පිටවී නැහැ කියල? එහෙනම් මොකක්ද මේ උද්ඝෝෂණය? ජනප්‍රිය වෙන්න සමහරු චරිත රඟපානවා වගෙයි. මේවා බුද්ධාගමටත් නිගාවක්. (අ)
මිනී තුනක් මැරිලත් ගේම අතහැරියේ නැතුව සමගියෙන් නැගී හිටපු මේ ගමේ මිනිස්සු මුලු ලංකාවටම ආදර්ශයක්. වෙන පලාතක වුනානම් එකෙක් මැරෙනකොට පැනලා දුවයි. (නි)
ඇයි අර අහිංසකයන්ට හූ කියන්නේ? මට හිතෙනේ මේ කර්මාන්ත ශාලාවේ රතුපස්වල කව්රුත් රැකියාව කරන්නේ නැහැ වගේ. ඒකයි මේ තරමටම මේ කර්මාන්ත ශාලාවට උද්ඝෝෂණ. ඒ අහිංසකයන් මොනවා කරන්නද? ඔය හු කියන කට්ටියගේ කව්රුවත් ඔය කර්මාන්ත ශාලාවේ වැඩ කරන්නේ නැහැ නේද? (නි)
නියමයි මම ගමේ සියලුම ජනතාවට සුබ පතනවා නිතරම හාමුදුරුවොත් එක්ක ඉන්න ඔබ සියලුමදෙනාට වරදින්නේ නැත. ජයවෙවා (අ)
සමහරු අදහස් දාන්නේ...අර අලියාගේ හැඩරුව කිව්වේ කන්නු ටිකක් අතගාලා බලලා,අන්න ඒ වගේ.අපුරු කතා. බැලුවහම හිතෙනවා මෙයාලා ලාංකිකයෝද කියලා. (නි)
මෙන්න හාමුදුරුවරු(අ)
විකුම්, රතුපස්වල ගමේ ජලය පොලිසියටත් බොන්න දෙන්න. (නි)
රට කන පිස්සෝ ටිකක්, මෙයාලට වෙන වැඩ නැතිවද? නූගත්කම ලෝකෙට පෙන්නනවා. (ස)
කැනඩා දිසා නයගරා ඇල්ලෙන් නාලා එන්න.. මුළු රටම බලා ඉදියි. (දී)
මෙවැනි කම්හල් ආරම්භ කිරීමට අවසර දුන් අය කවුද? (නි)
ඔය හාමුදුරුවන්ව උස්සගෙන යන උදවිය ගමේ අයද වෙනත් අයද කියලා හොයල බැලුවොත් ඇත්ත හොයා ගන්න පුළුවන්. (නි)
අහිංසක මිනිස්සුන්ට හු කියල වැඩක් නෑ.ඒ මිනිස්සුත් කරන්නේ රස්සාවක් .ඔවුන්ට හිරිහැරයක් කරන්න එපා. (අ)
වතුර අපිරිසිදු වෙන එකට පිළියමක්ද, කම්හල වහන්නද ඕනෑ? (අ)
අනේ හාමුදුරුවනේ, තේරෙන්නේ නැද්ද? ආයතන වහලා හරියනවද? මට නම් ෂුවර් ආයතනය නැතත් පසේ හැටි ඔය පළාතේ ඔහොම තමයි. (නි)
පිරිසිදු පානීය ජලය රතුපස්වල ජනතාවටත් අවශ්‍යයි .එත් දැන් දැන් සමහර ක්‍රියාකාරකම් ඕනවට වඩා වැඩියි වගේ,ස්වාමින්වන්සේ ගමවටා ඇඳ පිටින් රැගෙන යාම නොකළ යුතුව තිබුනා,ඒ වගේම හූ නොකිය ඉන්නත් තිබුනා,ඇරත් ස්වාමින්වහන්සේ නමක් ඉස්සරහ.මේවයින් සවුත්තු වෙන්නේ අපිම තමයි. අපි විසින් ප්‍රශ්නයත් බැරෑරුම් කර ගන්නවා..................කරුණාකර ඉවසීමෙන් කටයුතු කරන්න. (අ)
හාමුදුරුවෝ කරපු දේ හොදයි. ඒත් යුද්දේ දිනුව වෙලාවේ හමුදාවේ කොල්ලෝ එක්කෙනෙක්වත් ගම වටේ උස්සගෙන ගියේ නැහැ නේද? (නි)
රටට කම්මලත් වැදගත්, නිරෝගී ජනතාවත් වැදගත් (අ)
ඇත්තටම හමුදාවට එකට වඩා පොලිස් විශේෂ කාර්ය බලකාය හොදයි (අ)
ඉස්සර අපේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගන්නකොට ඉදිරියෙන්ම හිටිය ගරු සංඝයා වහන්සේලා .එරකට දැන්.අසරණයන් වෙනුවෙන් සාදාරණයක් ඉස්ට කර ගන්න මේ හාමුදුරුවරුවෝ විතරමද ලංකාවටම ඉන්නේ (අ)
බලන්න 5 වෙනි ෆොටෝ එකේ එන්න ආරච්චි අම්ම.අ ආරච්චි අම්ම පිරිසිදු වතුර පොදක් වෙනුවෙන් එදිරියෙන්ම එන්නේ/ඉල්ලන්නේ කා වෙනුවෙන්ද?
ඇත්තටම රතුපස්වල සහ වැලිවේරිය ජනතාව ඒ ප්‍රශ්නෙට විසදුමක් ඉල්ලන්නේ ස්වභාවික ජලය වෙනුවෙන්. ඒ වගේම මේ ප්‍රශ්නේදී ඔවුන්ට ජීවිතත් 3 ක් අහිමි වෙලා. (නි)
ඔය ආයතනය මීට කලින්ම වහාන්ඩ තිබුනා ඇයි වහාන්ඩ බැරි වුණේ ඔය දේයින්ම තේරෙනවා ආණ්ඩුව පිටි පස්සේන් ඉන්න බව?දැන්වත් මහාඡනතාව දැනුවත් වෙන්ඩ (අ)
මිනී තුනක් මැරිලත් ගේම අතහැරියේ නැතුව සමගියෙන් නැගී හිටපු මේ ගමේ මිනිස්සු මුලු ලංකාවටම ආදර්ශයක්. (නි)
ජනතා බලය හැමදෙයකටම වඩා බලවත් බව රජය තේරුම් ගත යුතුයි.මහජනයාගේ ඡන්දයෙන් බලය ලබාගෙන දනපතියගේ සාක්කුවට වැටිලා ඉන්න පාලකයන් මේ බව වටහා ගතයුතුයි (අ)
මිනිස්සු ගැන හිතල තීරණ ගන්න මිනිස්සුන්ගේ හදවතන් තිබෙන්න ඕනිනේ (අ)
ඔය ප්‍රශ්නය වගකිව යුතු අය එක්ක සාකච්ඡා කරලා විසදා ගත්තොත් හොද නැද්ද? ඒ සමගම ඔය කෙමිකල් ප්ලාන්ට් එක ඔය කොම්පැනියේ කෙමිචාල් ප්ලාන්ට් එකට අරගෙන ඔය කම්හල වෙන දෙයකට ගත්තොත් නරකද? අනික වැඩ කරන අය ඔය ප්‍රශ්නෙට ගාවගන්න එපා. මොකද කැද බොන්න තියෙන්නෙත් ඔය හම්බ කරන තුට්ටු දෙකෙන් නේද? (අ)
උසාවි නියෝග පරීක්ෂණ වාර්තා ඔක්කොම ලැබිල තියෙද්දී මේ කට්ටිය කම්හල වහන්න මේ තරම් දත කන්නේ ඇත්තටම මේ සටන පිරිසිදු ජලය වෙනුවෙන් කල සටනක් නොවන නිසා බව ඉතා පැහැදිල්යි..මිනිස්සු අනවශ්‍ය ලෙස උසි ගන්වන්නේ හාමදුරුවෝ.හාමදුරුවෝ කියන විදියට කම්හල නිවැරිදි උනත් කම්හල වාසිය යුතුයි ..මෙයා අර කම්හලෙන් පලි ගන්න දතකන තුන්වන පාර්ශවයට සම්බන්ද කෙනෙක්ම තමයි (අ)
මේකේ යතාර්ථය දන්නෝ දනිති (නි)
බන්දුල පෙරේරාටයි, උපාලිටයි එකතුවෙලා හොඳ රෙදි හෝදන ලොන්ඩරියක් දාගත්තා නම් රටේම කුණු රෙදි ටික හෝදලා හොඳට දියුණු වෙන්න පුළුවන්. (ස)
බන්දුලපෙරේ කන්නේ මොනවාද (අ)
අයියෝ බන්දුල! (නි)
එක ගමක හඬ මෙය නම් පළාත් නවය එකමුතුව මේ හඩ නැගුවොත් මොන වෙනසක් වේවිද ,එකමුතු වෙමු ,උද හරණයකට රතු පස්වල ගනිමු . (දී)
කනගාටුයි මේ වෙච්ච දේට (දී)
ලක්මාල් මහාත්තයත් තුන්වන පර්ශවයේද..තව මිනී දෙක තුනක් බාගන්නකම් නින්ද යන්නේ නැහැ නේද? (අ)
එහෙ මෙහෙ අතගාන්නෙ නැතුව, දැනඋගත් කවුරු හරි මේ හැම දෙයක් ගැනම හොද විමසීමක් කර රට නිවැරදි මගට යොමු කරන්න ඉදිරිපත් වෙන්න. (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ හරි (නි)
උසාවිය කියන්නේ එක පැත්තක් නෙමෙයි දෙපැත්තම අහලා නිගමනයක් දෙන තැනක්. එතෙන්දි ඔය දෙපැත්තම අහලා නේද තීරණයක් දීලා තියෙන්නේ. ජනප්‍රිය මතය හැමවිටම හරි නිගමනය වෙන්නේ නැහැ. මේ සිද්ධියේදී කිසිම පරීක්ෂණයක් නොකර කම්හල ඉවත්කළ යුතුයි කියලද මේ කියන්නේ?හාමුදුරුවෝ කියන්නේ නම් කම්හල "නිවැරදි වුනත්" වසා දැමිය යුතුයි කියලා. ඒක හරිද? එතකොට ඒ සේවකයින්ගේ රස්සාවල්? අනික, ජනාධිපතිතුමා උපදෙස් දුන් බව පළවුනා පරීක්ෂණ අනුව මේ කම්හල වෙනත් තැනක ස්ථාන ගත කළයුතු නම් එහෙම කරන්න කියලා. දැන් නලජලය සැපයීමේ වැඩ පිළිවෙලකුත් සිදුවෙනවා නේද? මේ සියල්ලම පැත්තකට දාලා කම්හල වසා දැමුවාම ප්‍රශ්නය විසඳෙනවද? (නි)
විකුම්," කරුණාකර ඉවසීමෙන් කටයුතු කරන්න" කියන්නේ ඔහේ කැමතිද ඔහේගේ දරුවන්ට වතුර කියලා ඇසිඩ් පොවන්න? (නි)
සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ කරපු පිනට, මේ ජාතියේම නිවන් දකින්නට හේතු වාසනා වේවා! සාදු සාදු සාදු! මෑත යුගයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ කියලයි අපට හිතෙන්නේ (නි)
මොන පරීක්ෂණ වාර්තා ද.වතුර ටිකක් වීදුරුවකට දාල දවසක් දෙකක් තිබුණාම මලකඩ තෙල් වගෙ වුද පාවෙනවා.අරක පුවත් පත් වල පවා ෆොටෝ සහිතව පෙන්වල දීල තිබුන.හොදි කියල පරීක්ෂන වාර්තා ලැබිල තියෙන්නේ ඒකයි .අනිකුත් අර්යතන 7 කින් තවමත් පරීක්සන වාර්තා ලැබිලත් නැහැ.ඔර්වට තමා හොරාගේ අම්මගෙන් පීන අහනවා කියල කියන්නේ. (අ)
රතුපස්සවල ජනතාවනි ඔබ සැමට ජය !. තෙරුවන් සරණයි (අ)
කම්හල වස දැමිය යුතුමයි. හාමුදුරුවෝ උස්සන් යන කට්ටියගෙන් දෙන්නෙක් ගිය අවුරුද්දේ කම්හලෙන් එලියට දාපු රතු මල්ලිලාගේ කට්ටියේ. හොද වතුර බොන්න තියා නාන්න දුන්නත් කම්හල වහනකම් ප්‍රශ්නේ විසදිය නොහැක. පිල්ලේ නෝනා ඉන්න කොට රතු මල්ලිලා ආරාධනාවක් කරලා තිබුන උද්ගෝෂණයක් කරන්න එන්න කියල
විකාර වැඩ කියා කියන්න කාටවත් බැහැ (දී)
මේවා දුක හිතෙන වැඩ
මේ කම්හල කච්චතිවු වලට ගෙනිච්චනං දේශප්‍රේමය උච්චස්ථානයට නංවන්න පුලුවන් වෙයි. (දී)
මේ හැම එකකම පෙනෙන්නේ රටේ අවිස්වාසය, අවිනීතිය
මගේ පුද්ගලික අදහසනම් මේ ප්‍රශ්නයට මේ රජයෙන් සාදාරන විසදුමක් බලාපොරොත්තු විය නොහැකිබවයි ..
හාමුදුරුවෝ වගේම අනිත් ආගමික නායකයොත් මෙහිදී තව දුරටත් හිටියා නම් කොපමණ හොඳද ? (ස)
මේ ප්‍රශ්නයට අදාල කර්මාන්ත ශාලාව අයිති සමාගම 100% ක්ම දේශීය ආයතනයකි. කොළඹ ඩීන්ස් පාරේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන රටට විශාල විදේශ විනිමයක්ලබාදෙන දහස් ගණනකට රැකියා සපයනආයතනයකි. මා දකින විධියට ප්‍රශ්නය තිබෙන්නේ මේ කර්මාන්තශාලාව ආරම්භ කරන විට ඒ සම්බන්දයෙන් ආයෝජන මණ්ඩලය, පරිසර අධිකාරිය, පරිසරවේදීන් , ගම, පන්සල මේ සම්බන්දයෙන් නිසි පරිදි කළයුත්ත ගැන අවදියෙන් පසු වූවාද යන්න විවාදිතය. කෙසේ වෙතත් දැන් කල යුතුව ඇත්තේ ගමටත් කර්මාන්ත ශාලාවටත් අසාධාරණයක් නොවන පරිදි විධිමත් ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකට අදාල ව්‍යවස්ථාපිත බලධාරීන් විසින් කටයුතු කිරීමය. ජනාධිපතිතුමා නියෝගයක් කලා වගේ මතකයි කර්මාන්ත ශාලාව ආයෝජන කලාපය තුල පිහිටුවන්න .කියල. මේ ගැටලුව ඉක්මනින් විසදා ගැනීම අදාල සියලුම පාර්ශව වල වගකීමක් සහ අයිතියක් ද වන බව පෙනේ. (දී)
පිලි ගන්න බන්දුල මහත්තයා නැවතත් කරලියේ (දී)
හාමුදුරුවන්ට නියමම ට්‍රිප් එක (දී)
වතුර නිසා මිනිසූ විදින දුකක්. (දී)
මේක විසදන්න තව කොපමණ කල් යයිද? (දී)
මේ මිනිසුන් වෙන වැඩ නැද්ද ?? (දී)
හාමුදුරුවෝ ලජ්ජා කරනවා (දී)
මෙතන මොකක් හරි බොරුවක් තියනවා. හරි සාධරන තීරණයක් රජය ගනීවි කම්හල වසනවා කියනේ තව පිරිසකගේ රැකියාව නැතිවෙනවා කියනඑක හැම පැත්තම හොදින් බලන්න !!!!!!!!!!!(දී)
ලෝකෙ මොළත් ඇත මොළට මොළත් නැත අදහස් දානා මොළ වාගේ.. අපේ මොළත් ඇත ලෝකෙ කොහෙත් නැත දෝලාවෙන් යන මොළ වාගේ..(දී)
ඔය ඔක්කොම ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන ඒවා.
ජනතාවනි බුද්දි මත් විදියට වැඩ කරන්න එක එකාගේ අතුකොළුවක් නොවී (දී)
ලෝකෙ මොළත් ඇත මොළට මොළත් නැත අදහස් දානා මොළ වාගේ.. අපේ මොළත් ඇත ලෝකෙ කොහෙත් නැත දෝලාවෙන් යන මොළ වාගේ..(දී)
මොන බොරු වැඩද මේ කලේ කනවා විතරයි ලංකවේ මිනිස්සුන්ට පිස්සු මේ ජනතාව රැවටිලා වගේ (දී)
මෙතන තියෙන්නේ ජනතාව උසිගන්වීමක් මට පෙන්නේ මේ කට්ටිය රැවටිලා !!! (දී)
අප්පුහාමි ඔබගේ අදහස මමත් අනුමත කරනවා. එත් අප්පුහාමි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා කියන විධියට ඔය කර්මාන්තශාලාව වෙළඳ කලාපය තුල පිහිට වුවාට එම ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ. මොකද එතනට ගිහිල්ලත් ඔය විස සහිත අපජලය පිරිසිදු නොකර පිට කලොත්, එම කලාපය අවට ජීවත් වන අපේ ගම්මානත් රතුපස්වල වාගේ වේවි නේද? අප්පුහාමි. (දී)
ඇත්තටම මේ අයට වැඩ නැද්ද ?>??????????????? (දී)
ලක්මාල් කන්නේ මොනවද? මෝඩයෙක් වගේ කතා කන්නේ ඔයටත් වැඩ නැද්ද ?(දී)
හාමුදුරුවනේ ලැජ්ජයි (දී)
කෙලින් ඉන්න හාමුදුරු නමක්.. හිතේ සතුටින් කකුල් දෙක අල්ල වදින්න පුළුවන් හාමුදුරු නමක් !!