මිනුවන්ගොඩ යාගොඩමුල්ලේදී පසුගිය 10 වැනිදා ජනපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රියක් බස් දෙකක හැපීමෙන් පස් දෙනකු මියගිය තැන අද (16) ගැමියෝ හත්දවසේ දානය දුන්හ.
පාර අයිනේ කූඩාරමක සාංඝික දානය දී මියගිය පිරිසට පින් පැමිණවීමේ පිංකමට ජනපති ආරක්ෂක අංශයද සහභාගීවී සිටියේය. අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පැතීමද එහිදී සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරන් ගේ වැරද්දක් නැහැ. නීතියට අනුව පාරේ හරි පැත්තෙන් ගියේ.(ම)
මේක උතුම් පින්කමක්. ගැමියන්ට පින් සිදු වේවා. මියගිය ඇත්තන්ටත් පින් අනුමොදදන් වේවා. මේවාට කාටවත් බැනලා වැඩක් නැහැ. අපි හැදෙන්න අපි වග බල ගන්න ඕනේ. එක පිඑස්ඩි එකේ යටත් එසේමෛයි. ගම්මුන්ට නීරෝගී සැප ලැබේවා (ම)
බස් රියදුරන්ගේ කිසිම වැරැද්දක් නැහැ. (බ)
ගාල්ලගේ, හරි පැත්තෙන් ගිය එක ඇත්ත. එත් අනතුරක් වලක්වා ගැනීමට තිබුන එක්කෙනක් හරි බ්රේක් ගැහුවා නම්. (අ)
මෙතරම් දේවල් වෙලත් මට්ටු වෙන්නේ නැති හැටි මේ අදත් ගියේ එම ක්‍රමයටම්ය් (බ)
බස්රථයේ අධික වේගයෙන් වංගුව ගැනීම අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම උසාවිය මගින් නිගමනය වෙනවා දෙවනුව අපරීක්ෂාවෙන් ධාවනයට ජීප් එක (බ)
මමත් දැක්ක සි සි ටීවී දර්ශන. පෙනුන විදියටනම් බස් රථ පුළුවන් උපරිමය කරා. වැස්ස නිසා බස් රථ කොහොමත් හිමින් ගියේ. හැබැයි ඩිෆෙන්ඩර් රථය බස් දෙක මැදින් දාන්නේ නැතුව ඉදිරිපසින් ආ බස් රථය සමග මුහුණට මුහුණ ගැටුණා නම් තරමේ රථයේ පසු පස ගමන් කරමින් මියගිය තිදෙනා තුවාල ලබා බේරෙන්න තිබුනා. මියගිය සියලු දෙනාට නිවන්සුව පතන අතර අනෙක් අය මෙම සිද්ධිය ආදර්ශයට ගිනියි කියා සිතනවා. (බ)
කඩ ඉරි තිබෙද්දී ඉස්සර කරන්න හදන වාහනයක් ඉඩ නොදී තනි ඉර දක්වා ගෙනයාමට බස් රියැදුර ක්‍රියා කිරීම මිනි මැරීමට තැත් කිරීමකි අධික වේගයෙන් වංගුව ගැනීම අනෙක් බස් රියදුරාගේ වරදකි අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම එම නිසා උසාවිය ඔවුන්ගේ බලපත්‍ර තහනම් කළා ගාල්ලගේ ඔන්න තත්වේ (බ)
නීතියට අනුව පාරේ හරි පැත්තෙන් අධික වේගයෙන් ගියේ (අ)
රුවන් , ඉන්දික , ගාල්ලගේ , මනුෂ්සකම පැත්තෙන් හිතන්න . ඔබ තිදෙනාටත් නිවන්සුව (අ)
හැමෝම යම්තැනක කුමන ආකාරයෙන් හෝ මැරෙනවා.වැරදීම් හොය හොයා නොසිට ගම්මු කළ දේ අගයන්න. අපි වැරදි හදාගනිමු. (නි)
රුවන්, ඔයා හරි. කෝ දැන් අර රියදුරු බලපත්‍ර ආපසු දුන්නාද දන්නේ නැහැ. සීසීටීවී තිබුනේ නැත්නම් රියදුරන්ට තමයි දන් දෙන්න වෙන්නේ. (නි)
ගයාන්ට මෙන් අන් අයටත් උතුම් අදහස් පහළවේවා! (නි)
හැපුණු විදියවත් වරද කාගේද කියන එකවත් දැන් වැඩක් නැහැ. අපි එයාලට නිවන් සුව පතමු. (නි)
මාර්ග නීති කඩකිරීම පමණක් නොවෙයි, රජයේ වාහනයක්, විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලයීය රථයක් නිලනොවන කටයුත්තකට පරිහරණය කිරීමත් , එහිදී මෙම අපරික්ෂාකාරී රිය ධාවනය නිසා රජයට එම වටිනා වාහනය අහිමිවීමත් යන දෙකම ගැන සොයාබැලිය යුතුයි. (නි)
මොහාන්, ඔයා නියම තීන්දුනේ දෙන්නේ (නි)
දානේ දෙනගමන් පි එස් ඩී, පොලිස් ,දේශපාලකයෝ ඔක්කොටම මතක්කරන්න ඕන අනෙක් අය ගැනත් හිතල පාරේ යන්න කියල. මේ අනතුරේදී පීඑස්ඩී අය මැරුණට අනෙක් ගොඩක් අනතුරු වලදී මැරුනේ අහිංසක මිනිස්සු. (බ)
ඉතාමත්ම හොඳ වැඩක්. මම දැක්ක සීසීටීවී එකෙන්. සැමට නිවන් සුව! (බ)
මමත් දැක්ක මේකේ සි සි ටි වී එක. බස් රියදුරන් දෙන්නගෙන් එක්කෙනෙක් හරි තිරිංග තද කළා නම් මේ අනතුර සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් හිතාමතා මේ ජීප් රථය හිර කරනවා .(ම)
බොහොම හොඳ වැඩක් !! තමන්ගේම නොවුනත් පිට මිනිස්සු කියල හිතන්නේ නැතුව , ඒ අය වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න හිතෙන එක වුනත් කොච්චර දෙයක්ද . ආඩම්බර වෙන්න ඕන මේ වගේ අය ගැන. (බ)
අර බස් දෙක එලවපු අහිංසක රියදුරන් දෙන්නගේ ලයිසන් දෙක ආපසු දුන්න ද දන්නේ නැහැ. ඒ දෙන්නටත් පින් දුන්න නම් හොඳයි (බ)
මමනම් කියන්නේ අවශ්‍ය නෑ... ජීප් එක ගිය විදිහෙන් පේනවා රටේ නීතිය තඹේකට මායිම් නොකර ඉදිමුනු ඔලුවෙන් ගිය හැටි.. පීස්ඩීය හැසිරෙන්නේ නීතිය අතත අරගෙන (බ)
හොද වෙලාවට සි සි ටි වී තිබුනේ. නැත්නම් අර බස් රියදුරන් දෙන්නත් ඉවරයි. (ම)