ව්‍යවස්ථා සභාවට සෙසු පක්‍ෂ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පත්කිරීමේ පදනම කුමක්දැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, උදය ගම්මන්පිල මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊළාම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත්‍රී කැමැත්ත නොවිමසා ඔහු පත්කැර ඇතැයිද ඔහු ජනපතිට යැවූ ලිපියේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කවුද ඒ තනතුරට සුදුසු? (නි)
විජිත හේරත් නියම සුදුස්සෙක්. 100% වටිනා මනුස්සයෙක් (නි)
දැන් කාවද දාන්නේ? (නි)
වැස්ස වැඩි නිසා කෑගැහුවට කවුද ගණන් ගන්නේ. (බ)
පස්වාන් දහසකට බුදු වෙන්ඩ දේවයන්වහන්ස ! ගැත්තාට අනුකම්පා කැර මා කියනා දේ ඉවසා වදාරා, ගැත්තාව එම නියෝජිතයා ලෙස පත්කිරීම ගැන සළකා බලන මෙන් දෙපා නැමද ඉල්ලා හිටින්ඩ අවසරයි මගේ දෙයියෝ. (අ)
මේ වගේ අය වැඩිපුර පුම්බන්නේ නැතිව ඉන්න එක හොඳයි (බ)
පිවිතුරු මහත්තයෝ, මොනවද මේ කියවන්නේ? ඔබතුමා නම් කොහොමත් සුදුසු නැහැ (නි)
කරුණාකරලා අපිට පව් දෙන්නේ නැතුව හිටපු රටටම යනවද? පවුල එහෙ දාල මෙහෙ ඇවිත් රට ගිනි තියන්න හදනවා. (බ)
පදනම ගැන ප්‍රශ්නයක් තිබුණත් විජිත හේරත් මැතිතුමා මේ තනතුරට ඔබතුමාට වඩා සුදුස්සෙක්. (බ)
අම්මෝ! එයාගේ ලියුම්.... බයත් හිතෙනවා (නි)
ශාන්, ඔයාගේ කතාව හරියටම හරි. (නි)
හැම අතින්ම විජිත හේරත් ගම්මන්පිලට වඩා සුදුස්සෙක්. (නි)
ඉස්සර කාලේ හ්ම් කියපු නැති අය ජනපතිතුමාගේ නිහතමානිකම ඉදිරියේ ප්‍රශ්න කරනවා (නි)
අනේ මන්දා මේ වැඩ? (නි)
මට හිතෙන්නේ විජිත හේරත්ට සුදුසුකම් තිබෙනවා ඕනෑවටත් වැඩිය මේ තනතුරට. (නි)
අනුන්ගේ ඇහේ පොල් කෙඳි දකින්න කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාල ගලවලා ඉන්න. "පිවිතුරු" බෝඩ් එකත් ගලවලා දාන්න.මඩ වළවල් මඟහරින්න. එතකොට අනෙක් අය ඔයාට සාධාරණයක් ඉටුකරාවි. (නි)
අනේ තවම ඇල්වතුර නිවලද බොන්නේ? (නි)
ඔය ලියුමේ කියපු අනිත් පක්ෂ වලට නැති අමාරුවක් මෙයාට විතරක් ඇයි? (නි)
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොදන්නා අය නොදන්නා දේවල් වලට නොයන එක තමයි හොඳ (නි)
ජනාධිපතිතුමා හොඳින් දන්නවා මේගොල්ලන්ට දෙන්න ඕනෑ උත්තරේ. (නි)
විජිත හේරත් මහතා තමයි මේ තනතුරට ඉතාම සුදුසු පුද්ගලයා. (නි)
උත්තරය මොකක් වෙයිද? (නි)
අපි දන්නවා ගම්මන්පිල කියන්නේ කවුද කියලා. (නි)
දඟලන දැඟලිල්ල මේ මහත්තයා. (නි)
මේ කොහේ හිටිය කෙනෙක්ද? (බ)
මේ තරම් තුට්ටු දෙකේ බොළද කතා කරන, කිසිම පරිනත භාවයක් නැති සහ බොළද ප්‍රකශ කරලා තමන්ගේ තත්වය කෙලෙසගන්න මන්ත්‍රී වරයෙක් මගේ ඉතිහාසෙට දැකල නම් නෑ,(ම)
ඉන්දික, ඔබේ කතාව නම් මසුරන්. මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. (නි)
මම නම් කියන්නේ රට ජාතිය ගැන හැඟීමක් ඇති ජවීපෙ කෙනෙක් පත්කිරීම ඉතා හොඳ ක්‍රියාවක්. මේවා ලිපි ලියලා අහන්න ඕනෑ ප්‍රශ්න නෙමෙයි. (නි)
ප්‍රශ්නය හොඳයි, නමුත් පිළිතුර කුමක් වේද? (නි)
අනේ මෙයාලට මේ ගැන මොනවද තේරෙන්නේ? (නි)
තරු අත් අකුරින් ලියා එවමි ඔබට හිතවත - ඔබේ සෙවණ පමණි මට ඇති එකම ගැළවුම (නි)
මේ අයට තනතුරු මොකුත්ම නැති නිසා පිස්සුවෙන් දොඩවනවා. (බ)
නැත්නම් යන යන පැත්තට යන ගම්මන්පිල පත් කරන්නද? නිකන් ඉල්ලන් කන්නේ නැතිව දැන් වත් රට උදෙසා වැඩ කරනවා (බ)
ඉහත සඳහන් පක්ෂ වලින් විරෝධයක් දක්වා තිබේද? කුමන පක්ෂයකින් ආවත් හේරත් මහතා, උගත්කමට අමතරව සමබර අදහස් දරන කෙනෙක් බව නොරහසකි. එවැනි අය තමා උසස් තනතුරුවලට යෝග්‍ය (නි)
ජවිපෙට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලයි මම නම් දකින්නේ. නමුත් ජවිපෙ සාමාජිකයෝ අහිංසකයි. (නි)