කොළඹ පිලිප් ගුණවර්ධන පිටියේ ජන සටන අරඹමින් පැවැති රැලියේදී කථා කිරීමට ආ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල වේදිකාවේ වැටුණේය.
එහෙත් හීයක වේගයෙන් ඔහු නැගිට්ටේය. නැගිට ජනතාවට ආචාර කළේය. එසේ වැටුණේ ඔහු පමණක් නොවේ. මාධ්‍යවේදියකු ද වේදිකාවෙන් බිමටම වැටුණේය.
ගම්මන්පිලගේ වැටීම ගැන ෆේස්බුක් සමාජ ජාලයේ අපූරු සටහනක් ඇත.
‘මම වැටුණේ නෑ. මම අපේ මාතෘ භූමිය සිපගත්තා‘ යැයි එහි සටහන්ව තිබිණි.
මේ අතර මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ අදහාගත නොහැකි ජනකායක් හයිඩ් පිටියට පැමිණි බවත් ඊට සහාය දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කතා හැමදාම ඔහොමමයි. මිනිස්සු ගැන හිතන්නේ මෝඩයින් හැටියටයි. (නි)
රට ගිලපු අයට රට භාර දෙන්න එපා .: (බ)
ඔයිට වැඩිය දහගුණයක් සෙනග ජනාධිපතිවරනේදී මහින්ද පස්සේ ආව.ඒ නිසා එදා ගත්ත ඡන්ද ගාන දහයෙන් බෙදල බලන්න දැන් තියෙන ගාන.තේරෙනවා නේ? රැස්වීම් වලට එන සෙනග අනුව බලය පෙන්නවනවානම් මේ වෙනකොට ජ වී පෙ ආණ්ඩුවක් තියෙන්න ඕනේ.ජවිපෙ ගොවි සමිති කර විරෝධතා වලට විතරක් මීට වැඩ ආවා. (බ)
මම හිතුවේ මහින්දව සිපගන්න ගියා කියල (බ)
බිම වැටිලා තිබුන රුපියල් සියයක කොලයක් දැකලා , එක පාරට වැටුන වාගේ ඇහිඳලා , ක්ෂණිකව නැගිට්ටද දන්නේ නැහැ (බ)
ගහට නැග්ග මිනිහට කියන්න ඕනෑතරම් දේවල් තිබෙනවා (බ)
සිප ගත්ත නෙවේ .මාතෘ භුමිය උලා කෑවා (බ)
මොකක්? ගම්මන්පිල රට ජාතිය වෙනුවෙන් අවදානමක් ගත්ත?.(රේ)
නිම්මි ඔබගේ කතාවට ගරු කරමි. ඕන කෙනෙකුට වචන හරබ කරන්න පුළුවන් එත් ප්‍රයෝගිකව ප්‍රතිපල ගෙනෙන්න පුළුවන් අය ඉන්නේ ටික දෙනයි. (ර)
ඒ ඊයෙනේ.. ගිය ආණ්ඩු කාලේ මෙයයි මෙයාගේ ලොක්කොයි මාතෘ භූමියේ වැඩි කොටස ගන්න හැදුවා. දැන් මාතෘ භූමිය විකුණගෙන කනවා .(රේ)
අලියෙක් වැටුනානම් හීයක වේගයෙන් නැගිටින්න අමාරුයි. (ර)
මම වැරදි වෙන්නත් පුළුවන්. ගම්මන්පිල වැටුණු එකට හිනාවෙන එක හොඳ වැඩක් නෙමෙයි. එ්ත් නිම්මි කිව්වේ ජාතිය බේරාගත් කෙනාට හොරා කියනවා කියලා. (නි)
නිම්මී, ඔයාගේ හැම අදහසකටම අපි ගරු කරනවා. (නි)
නටන්න බැරි මිනිහට පොළව ඇදයිලුනේ! (නි)
නිම්මි නම් හොඳටම කඩේ යනවා වගේ. ඔහොම යමුකෝ (නි)
නිම්මි, ඒකද සරත් ෆොන්සේකා මහත්තයාව ඇතුළට දැම්මේ? (නි)
කෙනෙක් වැටුනහම හිනාවෙන එක නම් වැරදියි තමයි. ඒත් ඊටපස්සේ එයා ඒකට කියපු කතාවට හිනහනොවී පුලුවන්ද නිම්මි? (නි)
ඉන්දික, ඔන්න ඔය දේ තමයි නිම්මි වගේ බොහොම දෙනෙකුට තේරෙන්නේ නැත්තේ. මහාචාර්ය සරත් විජේසුරියත් ඇහුවා ඔය ප්‍රශ්නය, ජව සම්පන්න තරුණයෙක් මුහුදට පැනලා ගිලෙන්න යන තරුණියක් බේරාගන්නවා. එහෙම කළා කියලා එයාට අයිතියක් තියෙනවාද ඒ තරුණියගේ කණකර ගළවාගන්න, ඇඳුම් පැළඳුම් හොරකම් කරන්න. මහින්ද රජය රට බේරාගත්තා. අපි සදහටම ඒ ගෞරවය දෙනවා. හැබැයි, ඒ හින්දා ඊට පස්සේ රට හූරාකාපු එකටත් අපි "හා" කියන්න ඕනෑද? (නි)
ඒකත් ඉතින් නකරම නැහැ. අනේ අනේ මෙහෙමත් කතා! (නි)
ගම්මන්පිල මහතා මාතෘභූමිය සහ දේශප්‍රේමය ගැන කථා කරමින් සිංහල ඡන්ද වෙනුවෙන්ද, විමල් විරවංශ සහ මහින්ද රාජපක්ෂ මහතා දෙමළ, මුස්ලිම් ඡන්ද වෙනුවෙන්ද ගන්නා උත්සාහයක් මේ දිනවල පෙනෙන්නට ඇත. වේදිකාවල දෙමළ, මුස්ලිම් සහභාගිත්වය පෙන්වීමකට ගන්නා උත්සහයක් වගේම දේශප්‍රේමී සහ ජාතිවාදී ප්‍රකාශද මේ දිනවල අඩුවෙමින් පවතී. තමන්ගේ පැවැත්ම සඳහා වෙස්මාරුකරන අපේ දේශපාලකයන්ට රටක් දියුණු කරන ප්‍රතිපත්තියක් තිබිය හැකිද? බලය ලබා ගැනීම සහ බලය රැකගැනීමට හැර කිසිවක් අපි නොදකිමු. (නි)
යකෝ මමත් ගියා තොපේ හොරු නඩේ විහුලු බලන්ඩ. (අ)
මම හිතන්නේ ඒ දවස්වල ගහපු පොල්වල බලයෙන් වෙන්න ඇති බිමට වැටෙන්න ඇත්තේ. (නි)
ඇත්ත තේරුම්ගන්න බැරි මිනිස්සු එක්ක වාදයට නොයා ඉන්න නිම්මි. (නි)
නිම්මි, ඔයා වැවකට වැටිලා ගිලෙන්න යද්දි කෙනෙක් ඔයාව බේරගන්නවා. ඔහුට ඔයා සදා ණයගැතියිනේ. එයා එහෙම කළා කියලා ඔහු ඔයාට අයිතියක් කිවුවොත්, මොකක්ද ඔයාට ඇතිවන හැඟීම..? (නි)
මාතෘ භුමිය තියෙන්නේ වේදිකා උඩද ගම්මන්පිල මහත්තයෝ(අ)
ඉන්දික කියන කතාවේ අැත්තක් තියනවා. එ්ත් මේ දෙක වෙනස් නේද ඉන්දික? අපි අපේ රටට සේවයක් කළ කෙනාට අපහස කරන එක හරිද මොනවා වුණත්? එහෙම කළත් දුක නැහැ දැන් රට හොඳට කරනවා නම්. දැන් හොරු නැහැනේ ඔයාලා කියන විදිහට. ඉතින් මොකද මේ රටම පාරේ? (නි)
මිනීමරුවෙකු පවා නීතියේ රැහැනින් නිදහස් කිරිමට සමත් කටක් අැති ගම්මන්පිලට ස්වභාවධර්මය දඩුවම් දීමට පටන්ගෙන අැත. (නි)
අතපසුවීමකින් වැටෙන්න ඇති. පවු නේද? (නි)
කිතුලට නැග්ග මිනිහ කිව්වලු . කිතුල් ගහට නැග්ගේ තණකොළ කපන්න කියලා . තණකොළ නැති නිසා බිමට බහිනවා කියලා . මෙයා අපිට තණකොළ කවන්න හැදුවට අපි කන්නේ නැහැ(අ)
නිම්මි, ඔබේ අදහසට අපි ගරු කරනවා. (නි)
ඉන්දිකගෙ උදාහරණය හරි. නිම්මි, දොස්තර කෙනෙක් ඔයාව බේරගත්තා කියලා දොස්තරට කැමති දෙයක් කරන්න ඔයා ඉඩ දෙනවද...? (නි)
ඔය රැස්වීමට සමහර දෙනෙක් ආවේ දවල් කෑමට පස්සෙනේ. ඔය "ප්‍රභූරුවන්" තුන් වේලම ජයට කනවා බොනවා. ගම්මන්පිල උන්නැහේටත් පොඩ්ඩක් වැඩිවෙන්න ඇති කෑම මේසේදී. ඒකනේ කකුල් පැටලිලා මෙයා මාධ්‍යවේදියකුද පෙරලාගෙන වේදිකාව උඩ හතර ගාතෙන් වැටුනා මදිවට "මම වැටුණේ නෑ. මම අපේ මාතෘ භූමිය සිපගත්තා" කියා හිනායන කතාවකුත් කිවුවේ (නි)
ඔබතුමා මාතෘ භුමිය සිපගත් අවස්ථාවේ අහළ පහළ තවත් දේවල් තිබුනා කියලා තමයි අපිට නම් ආරංචිය (නි)
පෙරේරා, සරත් ෆොන්සේකා මහත්තයාව ඇතුළට ගත්තේ රනිල්නේ. ඡන්දෙන් පැරදුන කෙනා ලජ්ජා නැතුව පාර්ලිමේන්තුව ඇතුලේ. ඇයි ගම්මන්පිල මහත්තය විතරද වැටිලා තියෙන්නේ? ඔයාල ජීවිතේට වැටිලා නැද්ද? දැන් ඡන්දෙ දීල අමාරුවේ වැටිලා නේද? එ්කත් වැටිල්ලක් තමයි!ජය වේවා !!! (බ)
මේ රටේ මිනිස්සු හරි පුදුමයි තමුන්ගේ රටේ මිනිහෙක් වැටුනත් හිනා වෙනවා. මෙහෙම ජාතියක් මෙච්චර කල් හරි ඉන්න එක සතුටක්. මිනිස්සුනේ මතක තියා ගනිල්ලා දෙමළ මිනිස්සු මස්වැද්දෙක් උනත් ප්‍රභාකරන්ට අදත් පහන් පත්තු කරනවා. මොකද ඒ මිනිහ තමුන්ගේ ජාතියට වෙනුවෙන් වැඩ කරපු නිසා. අපේ ජාතිය වෙනුවෙන් අවදානම ගත්තු මිනිහට මොකද අපේ ජාතිය දීපු නම්බු නාමය? හොරා. ලජ්ජා නැද්ද මේ වගේ වෙන්න.(රේ)
ඔව් ඔව් මිනිස්සු ඉස්සරහ බිම සිපගන්නේ මිනිස්සුන්ගේ සල්ලි ටිකට වැඩක් දෙන්න, පෙන්නන්නේ අපට ආදරේට කියල, (බ)