ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට පක්ෂ අයට වෙනත් විදිහක සැළකිල්ලක් මොකද? (නි)
බොහෝ කට්ටියක් මෙතන සතුටු වෙනවා නිතිය කාටත් පොදු වෙන්න ඕනේ විරුද්ධ වාදින්ට විතරද ? (ම)
අනිවාර්යයෙන්ම මෙයාටත් ලෙඩවෙලා රෝහලට වෙලා රිමාන්ඩ් කාලය ගෙවෙයි. (නි)
සිල් රෙදි ඇඳගෙන මහරජතුමාටම ආවඩන මේවගේ අයට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක වියයුතුය. (නි)
අර අහවල් ඇමතිතුමාව අත්අඩංගුවට ගන්න කියලා කෑගහනකොට අපිටත් හිතුන කර්මය (චේතනාව) මෙතුමා පසුපසත් එන බව. ඒ නිසා මෙයා ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මෙතුමා ඉල්ලලා ගත්ත දෙයක් මේක (නි)
ඔය කොටස් ගන්නවත් එක්කම අලි පැටියෙකුත් ඇති කළා නම් ඇප අරන් එළියේ ඉන්න තිබුනනේ. (නි)
යහපාලන රජය බලයට පැමිණියාට පසු කරපු හොඳම වැඩේ කියල මට සිතෙනවා (ම)
එහෙම දෙයක් කරල තියෙනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් දියයුතුයි. (නි)
දැන් එයත් ලෙඩ වෙයිද දන්නේ නැහැ. මෙච්චර දවසක් නම් කිසිම ලෙඩක් තිබුණෙ නැහැ (නි)
රටේ උත්තරීයත්වයට අභියෝග කරනවා. පක්ෂ පාට වලින් ස්වාධීන පාලනයක් දැකීමට නොහැකිය (නි)
දැන් ආණ්ඩුවේ බලවතුන්ගේ කැමැත්තටද වැඩ වෙන්නේ? හරිම හිනා! (නි)
අපිට මේ සුද්දන්ගේ සල්ලි නෙමෙයි, මේ රටේ පහුගිය කාලේ බිලියන ගණන් ගසාකපු මෙගා ඩීල් සල්ලි ටික අරන් දෙන්න. (නි)
විල්පත්තු කෑලේ කපපු අය තවමත් නිදෑල්ලේ එයාලාට නීතිය ක්‍රියත්මක වෙන්නේ කවදාද? (ම)
පිට ඔපය පලක් නැත. ඇතුළාන්තය පිරිසිදු වියයුතුය. (නි)
රට ජාතියට වඩා ලොකු වෙලා තමුගේ විරුද්ධ දේශපාලන වාදීන් නිතිය කෝ අපේ රටේ (ම)
මේ සැරේ ආණ්ඩුව හොඳ වැඩක් කරලා තියෙනවා. (නි)
දැන් ඉතින් විඳවන්නකෝ (නි)
මොකක්ද දන්නේ නැහැ හැදෙන ලෙඩේ නේද? (නි)
සිල්වත්, ගුණවත්, අවංක යැයි කියාගන්න, සුදු ඇඳුමෙන් හැමවිට සැරසී සිටින ගම්මන්පිල උපාසක මහත්තයාට මේ පෝය දින දන්සැල් වඳින්න වෙන්නේ රජයේ බෝඩිමේ වීම ඇත්තටම දෛවයේ සරදමක් නොවේද? (නි)
සුදු පිරුවට ඇන්ඳට බොහෝදෙනාගේ ඇතුළ කුණු ගොඩක් (නි)
මම දන්නා ගම්මන්පිල හොරෙක් නෙමෙයි. එහෙම නොවන කෙනෙකුට මෙහෙම දඬුවමක් දුන්නහම එය ස්වභාව ධර්මයට යටයි. බලමු මොකද වෙන්නේ කියලා (නි)
කට පුරෝලා හිනාවෙලා අත වන වන ගියාට එ්කෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා නිර්දෝෂියි කියලා. (නි)
මාතෘභූමියට ආදරය කරන්න එය ආරක්ෂා කරන්න ඔබට වරදින්නේ නැත. (ර)
මම දුටු සෑම දේශපාලකයෙකුම රිමාන්ඩ් එකට හිරගෙදරට යන විට මුහුණේ ලොකු සතුටු සිනහවකින් යුතුව යන්නේ. ඔවුන් සිතනවද දන්නේ නැහැ, මෙසේ රිමාන්ඩ් බාරයට හෝ සිර ගෙදරට යෑම දේශපාලනයට ලොකු වැදගත්කමක් ලැබෙනවා කියා (නි)
අපි දන්නා විදිහට උසාවියෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට යැවීමට නියෝගයක් දුන්විට හැම මනුස්සයෙකුම දුක් වෙනවා. එහෙත් මේ දේශපාලකයෝ කියන අයට බන්ධනාගාරයට නියමවුණා කිව්වහම පුදුම සතුටක්නේ තියෙන්නේ (නි)
කරුණාකර ජනදුක හඳුනාගෙන දුෂ්ටත්වයෙන් මිදෙන්න (නි)
ලැජ්ජයි ලැජ්ජයි. මරු යහපාලනේ. අවුරුදු 19 කලින් වැරදි හොයනවා නම් ඔය ඕනෑතරම් අපරාධකාරයෝ ඉන්නේ. (නි)
මෙයා හිනාවෙන්නෙ අහවල් දේකටද? (නි)
දැන් ඉතින් මොරදෙන්න බැරියෑ මෙන්න පළිගන්නවෝ කියලා (නි)
සති දෙකක් විතර මාධ්‍ය සංදර්ශන පැවැත්වෙන එකක් නැහැ එහෙනම් (නි)
මේකට රජය සම්බන්ධ නැහැනෙ. මේක තනිකරම ගම්මන්පිල පුද්ගලිකව කළ වංචාවක්. පැමිණිල්ල දාලා තියෙන්නෙ ගිය රජය කාලේ අගතියට පත් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයා (නි)
හිනාවෙවී යන කැත විතරක් (නි)
පහුගිය කාලේ හිටපු ජනාධිපතිගේ අනුග්‍රහයෙන් බේරිලා හිටියා නේද? හැමදාම ඒ සෙල්ලම් බැහැ මිස්ටර්. නමට නම් පිවිතුරු හෙළ උරුමය. (නි)
දැන් කට්ටියටම හරි සතුටු ඇති ලොකු වැඩක් කළා කියා. (නි)
ඇත්ත, වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන. දඩුවම් කරන්නත් ඕන. ගැටළුව නම් අද ආණ්ඩුවේ ඉන්න ඔක්කොම පාරිශුද්ධද ? (ර)
වැරදිකරුවෙක් වෙලත් ගානක් නැතුව වගේ යන්නේ පුරුදුකාරයෙක් වගේ මේවට. මෙහෙමත් මිනිසුන්! (නි)
දැන් ඔන්න එකපාරටම නැති ලෙඩක් හැදිලා හෙට උදේ ඉඳලා බන්ධනාගාර රෝහලේ නවතී! (නි)
රටේ නිතිය ක්‍රියාත්මක වෙන හැටි අපිට තියෙන්න නොසතුටක් (බ)
ගොඩක් ඉස්සර ලංකාවේ ජනයා හිරගෙදරට ගෙනියනවා කියන්නේ ලැජ්ජා නැති දෙයක්. දෙමව්පියන් අඬ අඬා පස්සෙන් එනවා. එ්කටත් එක්ක දැන් කාලේ දැල් ගහපු බස් එකේ යන්නේ ටටා කිය කියා (නි)
හොරකම් කරලත් ලැජ්ජාවක් නැහැ. තවත් හිනාවෙනවා (නි)
දැන් ඉතින් අායෙමත් පොකට් එක ඇරලා සීයේ කොළ ගන්න වේවි, ඇප දීලා එළියට ගන්න. (නි)
හොරකම් කෙරුවත් හිනාවෙවී යන්නේ. (නි)
මහලොකු වීරකමක් කරලා වගේ යන හැටි? (නි)
රිමාන්ඩ් වෙන්න යන්නේ හරියට වීරයෝ වගේ (නි)
ලැජ්ජා නැතුව හිනාවෙන හැටි? මොවුන්ට මේවා බොහොම පොඩි දේවල් (නි)
පිවිතුරු නමටත් කැළලක් නේද මහත්මයා? ඔබතුමා ඕස්ට්‍රේලියන්කාරයෙකුටත් ඔහොම කළා කියන්නේ අපේ රටට ගෞරවයක්ද? මොනවා වුණත්, ඇත්තම කියලා සාධාරණයට හිසනමලා බේරිලා එන්න. (නි)
ඔබතුමාත් මහලොකුවට කයිවාරු ගහන්නේ නැතුව යහපාලානේ පැත්තට පය තිබ්බා නම් යසට ඉන්නවනේ ඇමතිකමකුත් අරගෙන. ඔය කිසි කරදරයක් නැහැ. (නි)
වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් දියයුතුය (නි)
යහපාලනයට දීර්ඝායු වේවා! ඊළඟට කවුද? අනේ මෙහෙම ලංකාවක්! අනේ මෙහෙම යහපාලනයක්! හරි වැඩේ වෙන්නේ, දැන් විදේශිකයෝ පටන් ගනීවි ඔය සෙල්ලම. (නි)
රෙද්ද සුදු වුණාට වැඩ කළුයි. වැඩත් පිවිතුරු වුණා නම්... (නි)
විල්පත්තු කෑලේ කපපු අය තවමත් නිදෑල්ලේ එයාලාට නීතිය ක්‍රියත්මක වෙන්නේ කවදාද? (ම)
සද්ද නොකර හිටියා නම් පාඩුවේ ඉන්න තිබුනානේ. මොකක්ද අයියා මේ කරගත්තේ? (නි)
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්... කටු ඉඹුලේ අප එල්ලාපන්... යුක්තිය උදෙසා කෑ මොරදීමයි, දඟගෙයි ලෑමට අප සැම කළ පව... මුකවාඩම් බැඳ එකෙකු නසන කල... දනිව් සුවහසක් තව උපදින බව... වරදට එරෙහිව අවි ඔසවන්නේ... රටකට දයකට හිත ඇති මිනිසුන්... ශාන්තිවාදී තපස් රකින්නේ... පිට කොඳු බිඳගත් ඔලමොළ නිවටුන්... (නි)
බලනකොට ජාත්‍යන්තර හොරකමක්නේ කරලා තියෙන්නේ (නි)
මාර වැඩක්නේ, දැන් හිරේට යනකොටත් අතවනනවනේ. මේ ගොල්ලන්ට ලැජ්ජාවක් නැද්ද? (නි)
විලි ලැජ්ජාවක් තියෙන මිනිහෙක් හිනාවෙලා යන්න ඕනෑ තැනක්ද හිරගෙදර කියන්නේ. හිරගෙදරත් මාර්කටින් එකක් වෙලා. අපේ රටට ගිය කලක්! තව ටික දවසකින් වටේ හිටිය අනිත් ලොකු හොරු ටිකත් ඒවි දුක සැප බලලා යන්න. හෙට අනිද්දා ප්‍රෙෂර් හැදිලා බන්ධනාගාර රෝහලට ඇතුළත්වෙලා ගෙදරින් හම්බෙන කෑම එකත් කාලා පොඩි විවේකයක් අරගෙන එළියට ආවම කියයි හිර ගෙවල් දහයක දැම්මත් මගේ කටවහන්න බැහැ කියලා. ඉතින් ඔන්න ඕකයි අපේ සුන්දර සිරිලක් දෙරණේ අලුත්ම තත්වය. (නි)
නියමයි. මට නම් හරි සතුටුයි (නි)
තිලක් - නුවර, මාතෘ භූමියට ආදරය කරන්න කියලා කියන්නේ සුද්දන්ගෙන් හොරකම් කරලද? (නි)
දැන් ඉතින් කාලා එන්නකෝ. කියලා වැඩක් නැහැ. මගේ හිතට නම් උපරීම ආශ්වාදයක් දැනෙනවා (නි)
හරිම අමුතු හිනාවක්නේ මෙතුමාට තියෙන්නේ. (නි)
හරි පුදුමයි මෙයාටත් අසනීප නොවුණොත් (නි)
බොහොම හොඳ අධිකරණ තීන්දුවක් (නි)
යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන අවස්ථාවක් (නි)
බලන්නකෝ හිනාව දාගෙන යන හැටි !!! (නි)
මහින්ද මහත්තයා ඉන්න කාලේ නම් ඔහොම මිනිස්සු හිරේ ගියේ නැහැ (නි)
මෙයත් පිවිතුරුයි කිය කියා කරපු වැඩ? (නි)
නියමයි. ඔන්න ඔහොම හිනාවෙලා දුක්කරදර විඳගන්න (නි)
මේ අපේ පිවිතුරු ගම්මන්පිල මහත්තයද? (නි)
අධිකරණය කරලා තියෙන්නේ රිමාන්ඩ් කරන එක. ඇයි හැමෝම මේකේ තීන්දු දෙන්නේ? (නි)
මහත්තයෝ, මට හිතාගන්න අමාරුයි ඔබ වංචාකාරයෙක්ද කියලා. අයියෝ සල්ලි! (නි)
ලොකු වරප්‍රසාදයක් ලැබුනා වගේ මෙතුමාගේ පෙනුම. (නි)
ඔබට කරන්න තියෙන්නේ ආණ්ඩුවට බණින එක නෙමෙයි, තමන් නිර්දෝෂී කියලා පෙන්නන එක. සුදු ඇන්ඳට වැඩ කළුම කළුයි (නි)
කාට වුණත් නීතිය, සාධාරණය ළඟ දණ ගහන්න වෙනවාමයි මහත්තයෝ (නි)
වැරදි වැඩ කරලා, සුදනා වගේ බොරුවට හිනාවෙන්න දක්ෂයි (නි)
මේ වගේ දේශපාලුවෝ අපේ රටේ ජනතාව විතරක් නොවෙයි විදේශීය ජාතිකයොත් විකුණාගෙන කාලා. මේ වගේ දේශපාලුවෝ සදහටම හිරකරලා තියන්න. තවත් ඉන්නවා, ඒ අයත් සදහටම හිර කරන්න. අපේ රට විනාශකරන සියලුම මේ වගේ සුදු ඇඳපු දේශපාලුවෝ නැති කරන්න අපි සියලුදෙනා එකතුවෙමු. අපි එපා කියපු මේ වගේ දේශපාලුවෝ නැවතත් ඇයි ගෙනාවේ? හොරු නැතුව ඇත්තටම රට පාලනය කරන්න බැරිද? ඊළඟ පාර ඒ ගැන දෙවරක් තෙවරක් හිතුවොත් හොඳයි නේද? (නි)
යහපාලනේ අය වැරදි කළාම පැමිණිල්ල පිටින්ම උසාවියේදී විසිවෙනවා. සීසීටීවී ක්‍රියාවිරහිත වෙනවා. (නි)
දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයම් කරන යහපාලන ආණ්ඩුවේ මේ ක‍්‍රියාපිළිවෙත අපි තරයේ හෙළාදකිමු (නි)
මෙයා හොරෙක්ද නැද්ද කියලා අපිට තාම කියන්න බැහැ. තාම සැකකරුවෙක් පමණයි. (නි)
පොළියත් එක්ක පසුකලෙක ගමු නේද ගම්මන්පිල මහත්තයෝ? (නි)
හිරයක් ගන්නවා සහ හිරේ යනවා කියන දෙකම සමානයි කියන්න වගේ සතුටකින් මෙයා හිනාවෙන්නේ. එහෙනම් ඔබටත් සුභ මංගලම්! (නි)
අනේ රටට වැඩක් නැති අනෙක් අයවත් මේකටම දාන්න (නි)
මේ වගේ පිවිතුරු උත්තමයින් පාර්ලිමේන්තුවට පත්කරලා යැව්වේ කවුද හැබෑටම? (නි)
විජේසුන්දර, බොහොම ස්තුතියි ඔබට! (නි)
ලස්සනේ බැහැ මාංචුත් එක්ක ඉන්නකොට (නි)
හිරේ ගිහින් අාවා කියලා මොවුන්ට පාඩුවක් නැහැ (නි)
ඔය ආණ්ඩුව ඇතුළේම ඉන්න තවත් කිහිප දෙනෙක් ඉන්නවා නේද? ඒ කට්ටිය ගන්නේ නැත්තේ මොකද? (නි)
ඉස්සර අපේ රටේ ජන නායකයින් හිරේ වැටුනේ සුද්දන්ට එරෙහිව රට වෙනුවෙන් සටන් වැදිලා. ඔවුන් එළියට ආවහම ජාතික වීරයෝ වුණා. මේ ගොල්ලෝ හිතනවා කැත වැඩ කරලා හිරේ යනකොට මාංචු කුට්ටම උස්සලා පෙන්නුවහම එළියට එනකොට ජාතික වීරයෝ හැටියට පිළිගනියි කියලා. වැඩේ කියන්නේ අපේ මිනිස්සු එහෙම පිළිගන්නවා නේන්නම්. ඉතින් හිනා යනවා නේන්නම්. (නි)
කෝ හිරුණිකා? ජෝන්? පාඨලී? රාජිත? කෝ මේ අයට නීතිය? නීතියේ කන්‍යාවට පෙනෙන්නේ විරුද්ධවාදීන් පමණද? (නි)
හොඳ වැඩේ. දැන් මොනවා කියයිද මන්දා (නි)
මම දන්නා තරමින් ගම්මන්පිල කියන්නේ හොරෙක් නෙමෙයි. එතුමාගේ පාසල් මිතුරන් ඊට සාක්ෂි දරාවි. පොලිස් නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගොස් විදේශීය ජාතිකයා මුණගැසීද මේ පැමිණිල්ල සටහන් කරගෙන තියෙන්නේ? පොදු නීතිය නම් පැමිණිලිකරු පොලීසියට ගොස් පැමිණිල්ලක් කළයුතුමයි. (නි)
වරදක් කරලා තියේ නම් දඩුවම් දිය යුතුයි. ඒකෙ දෙකක් නැහැ. මහා ජනතාව ප්‍රතික්ෂේප කළා, (ම)
මේ දේශපාලුවෝ ඔක්කොම එකයි. මොවුන්ගේ මුහුණු දැක්මත් අප්‍රසන්නයි (නි)
සුදු පිරුවට ඇඳලාම යමුකෝ! (නි)
යහපාලනය යනු..පෙර භවයන් වලදී පවා ඔවුන්ගේ විරුද්ධ වාදී පිරිස් සිදු කර ඇති වැරදි ක්‍රියාවන් සොයා දඬුවම් ලබා ලබාදෙන අති ශුද්ධවන්ත ආශ්චර්යමත් පාලනයකි. (ම)
ඔක්කොම හිරගෙට කැන්ඳන්නේ ආණ්ඩුවිරෝධී අය විතරනේ. ඇයි ඒ? අපේ මිනිසුන්ගේ ඇස් පෑදෙන්නෙම නැහැනේ (නි)
මගේ ඉල්ලීම නම් මහජනතාව මීට වැඩිය බුද්ධිමත් වියයුතුයි. මේ අාණ්ඩුවේ වෙන දේවල් හරි කිය කියා ඉන්න එපා. වැරැද්ද පෙන්නා දෙන්න. (නි)
මෛත්‍රිය වෙනුවට වෛරය ,අබුද්දස්ස කාලේ???? (ම)
සුදුරෙදිත් ඇඳගෙන කරන දේවල් තමයි මේ. මොවුන්ට දැඩි දඬුවම් දියයුතුයි (නි)
වැරද්දක් කරලා අහුවුනම දත් විලිස්සල හිනාවෙන්නේ ලැජ්ජාව ඉවසන්න බැරි හින්ද. හීනමාන ලක්ෂණයක්. (ම)
යන්තම් කනක් ඇහිලා ඉන්න පුළුවන්. හෙට අනිද්දට ලෙඩවෙලා වාට්ටුවකට යාවි. ඔය සෙට් එකම ඔහොම තමා. (ම)
මට එක ප්‍රස්නයක් තියෙනවා පාර්ලිමේන්තුවෙන් අහන්න, උසාවියෙන් දඬුවම් ලබන අයට නැවත ඡන්දයට එන්න පිළිවන්ද, එහෙම පුළුවන් නිසාවෙන්න ඇති මෙයාලා හිනාවෙන්නේ අත්අඩංගුවට ගන්න කොට (ම)
පුයර බබා වගේ හිටියට පුදුම හොර වැඩනේ කරලා තියෙන්නේ (නි)
නිතිය දැන් බල්ලාට ගිහින් රට කොහෙටද දැන් යන්නේ විරුද්ධවාදීන් දඩයම් කරනවා (ම)