‘දේශපාලනඥයන් හිර කරන්න පුළුවන් නමුත් ජනතා මතය හිර කරන්න බැහැ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) මන්ත්‍රී උදය ගම්මන්පිල හා ඒ.ජේ.එම්.මුසම්මිල් බැලීමට බොරැල්ල මැගසින් බන්ධානාරයට පැමිණි අවස්ථාවේ පැවසීය.
‘මම දේශපාලන සිරකරුවන් බලන්න ගියා. මෙයාලට ඕනෑ ජනතාව මෙහෙයවන නායකයන් හිර කර ඉන්න අයට මඩ ගහන්න. පළිගැනීම විතරයි මේ රජය ඉතාම දක්ෂ ලෙස කරන්නේ‘ යැයිද ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තබුක් සිල්වා මතක තියාගන්න, එතුමා සැමදාම කළගුණ දත් ජනතාවගේ නායකයා. එතුමා නැති අගය තව ඉස්සරහට හොදින් දැනේවි. (ර)
ඕස්ට්‍රේලියන් මහත්මයෙකුගේ දේපොළ වංචාකරලා ඒ ගැන නීතියෙන් සාධාරණයක් පැතුවාම, මොනවා කියනවාද මන්දා? ඔය දේශපාලන බලයෙන් මත්වෙලා කරපු වැඩ. (නි)
නොගිහින් කොහොමද? මහත්තයෝ, දේශපාලකයෙක් නොවෙයි ජාත්‍යන්තර හොරෙක් ඔය හිරේ දැම්මේ. තවත් නම් විහිලු සපයන්න එපා මහත්තයෝ. බඩ රිදෙනවා හිනාවෙලා. (නි)
අපි ඔබ තුමා සමඟ... වැරදුන ජනතාව යළිත් ඔබ සමග ... චිරං ජයතු හදවතේ ජනපති තුමනි.! (ර)
දර්ශන, හොරු ඇල්ලුවද කියලා ඇහුවේ රජයේ මුදල් හොරකම් කරපු එක? මහින්ද හොරා මහින්ද හොරා කියපු අය දැන් කියනවා රාජපක්ෂ හොරා කියලා. තව ටික දවසකින් කොහේහරි ඉන්න රාජපක්ෂ කෙනෙක් අල්ලලා කියයි ඔන්න රාජපක්ෂවරු අපි ඇල්ලුවා කියලා. (නි)
හරිශ්චන්ද්‍ර, මේවා දිට්ඨ ධම්මවේදනීය කර්ම. තව තියෙනවා පළදෙන්න. (නි)
නමුත් අදහස් සිරගත කළ නොහැක (නි)
"ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ"... ඔබට චිරං ජයතු! (නි)
අපිට වැරදුනා මහත්තයෝ සමාවෙන්න අපි රැවටුනා (බ)
ඔබ නැති රට අද මළ ගෙයක් (බ)
කසුන් අපිත් කැමති වුණා මෙතුමාට එඩිතර නායකයෙක් වරද්ද ගත්ත තැන මුළු පවුලම රට පාලන කරන්න ගියානේ (බ)
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වැහුවම අපිට මොකෝ ? මහින්ද මහත්තයාගේ වටේ හිටපු හුග දෙනෙක් එහෙමයි (බ)
යන්න එන්න පුරුදු වෙනවද? පහුගිය කාලේ එයාලා මෙයා ආරක්ෂා කළා දැන් එයාලා මෙයා ආරක්ෂා කරනවා අන්තිමට එයා මෙයා කුහකයි (බ)
සමහර අය හිතා ඉන්නේ මෙතුමා නැති දවසට රටම නැති වෙලා යනවා කියලද? (බ)
ජනතා මතය හිර කරන්න නොහැකි වුණ නිසා තමයි අද මේ විදියට හිරගෙවල් වල නිතරම එන්න යන්න වෙලා තියෙන්නේ. (බ)
මහින්ද කී පරිදි ෆයිල් ටික එළියට දුන්නොත් ගොඩක් දෙනෙකුට නීති මාර්ගයෙන් දඬුවම් කළ හැකිවෙයි. (නි)
ඔබතුමා නැති නිසා මුළු රටම මරනින්දේ. පළිගන්න එකනම් හොඳට යනවා (නි)
යළි එන්න හොරුන්ගෙන් රට බේරාගන්න. ඔබතුමා අපිට හැමදාම ජනාධිපති (නි)
එකම පියාපත් ඇති කුරුල්ලෝ එකට පියාඹති. (නි)
මහින්ද බලන්න ගියා නම් හොරෙක් වෙන්නම බැහැ. අනිවාර්යෙන්ම හතර පෝයට සිල්ගන්න උපාසක මහත්තයෙක් වෙන්න ඇති. (නි)
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවලුනේ (නි)
අතුල, ලංකාවට ඉර හඳ පායන්නේත් මහින්ද නිසාලුනේ. (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
රටේ හරිහමන් නීතියක් රීතියක් තියෙනවා නම් ඔය එළියේ ඉන්න ගොඩක් අය මේ වෙනකොට ඉන්න ඕනෑ යකඩ කූරු ගණන් කර කරයි. (නි)
කලගුණ දන්නා යහපත් නායකයෙක් (ම)
ඔබ තුමාට තෙරුවන් සරණයි (ම)
අපි ඔබ තුමා සමඟ....වැරදුන ජනතාව යළිත් ඔබ සමග ....චිරන් ජයතු හදවතේ ජනපති තුමනි (ම)
අනේ මන්දා. දැන් බලනකොට ජනතා නායකයන් ඉන්නෙම වැලිකඩ මැගසින් බන්දනාගාරවලමනේ. තව කොච්චර නායකයෝ මෙතෙනට ඒවිද ඉදිරියට? (ර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුනාම පාර්ලිමේන්තු සභා රැස්වීමේදී අදහස් ,මත හා විරෝධතා ප්‍රකාශ කිරීම තමයි පිළිගත හැක්කේ. එය හැන්සාඩ් වාර්තාවට ඇතුල්වන නිසා ඉතිහාස ගත වෙනවා. පිටස්තර තැන්වලදී සිදුකරන ප්‍රකාශ ගැන මහජනතාවගේ පිළිගැනීම අඩු බවයි කියන්න තිබෙන්නේ. (බ)
කතාව සහතික ඇත්ත. (ර)
මෙතුමා කියනවා මෙතුමා ආවේ දේශපාලන සිරකරුවන් බලන්න කියලා. එතුමාගේ ආණ්ඩුව කාලයේ ලෝකයේ හොඳම හමුදාපති එක්ක කේක් කපලා රටටම ලෝකයටම පේන්න කාලා පස්සේ හිරේ යැවුවහම එතකොට ඔහු මොන සිරකරුවෙක්ද? මේ මිනිස්සු කතා කරන්නේ කොහොමත් කටවල් දෙකකින් නිසා මේවා බුද්ධිමත් ජනතාව එච්චර හිතන එකකුත් නැහැ. අපේ රටේ දේශපාලඥයෝ ජනතාවට සේවය කරන්න හරිම ආසයි. අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාව ඉන්නකම් මේ මිනිස්සු කතා කරන ඒවා ඇහුවාම ඒ මිනිස්සු සතුටුවෙන එකත් එක අතකට අහන්න දෙයක් නොවෙයි (නි)
අවංක මිතුරුදමක්, ඔබට සුභ අනාගතයක් පතමු. (ම)
මෙතන අදහස් දාන අය දැක්කහම හිනාවෙන්න තැනක් හොයාගන්න වෙනවා. මහින්ද මහත්තයා කරපු දේවල් අපි නැහැ කියන්නේ නැහැ. එ්ත් ඒ කරන අතර වූ අක්‍රමකතා එතුමා හොයා බැලුවේ නැහැනේ. අන්න එ්කයි අපි කියන්නේ පුලුවන් නම් හොරු අල්ලන්න කියලා (නි)
බාදක මැදින් යන ගමනේ ජයග්‍රහණය වැඩි ඈතක නොවේ. (ර)
කෙලෙහිගුණ අමතක නොකිරීම හොඳ මිනිස් ගුණයක්. (ර)
එතකොට හොරට ඇටර්නි බලපත්‍ර හදා තිබෙන්නේත් ජනතාවගේ යහපත සඳහාද? (නි)
ඔබ තුමන් සැබෑම මිතුරෙක්. (ර)
රාජපක්ෂලා කියන්නේ මහජන මුදල් හොරාකන්නම උපන් හපන් අය. නැත්නම් සුනාමියෙන් අන්ත අසරණ වුණ මිනිසුන්ට දුන් මුදල් වලින් රුපියල් කෝටි ගණනක් ගසාකාවිද? ඔය බලන්න ගියේත් රුපියල් කෝටි 70 ක් වංචා කරපු කෙනෙක්නේ. (නි)
මහින්ද කියන්නේ මුල අමතක කරන කෙනෙක් නෙමෙයි (නි)
යහපාලනය යනු මෛත්‍රියෙන් වෛරයට යන මඟද කියා සිතේ (නි)
ගිලිහුන බලය නැවත ලබා ගන්න නම් ජනතාවට සමීප වීම දෙශපාලකයන් සතු තවත් එක අංගනයකි. (ර)
මේ වගේ ජනතා නායකයෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. (ර)
එතුමා ඇතිකරපු පාලනයේ අතුරු ප්‍රතිඵල මේවා. ගෝලයන්ට ඕන විදිහට පිස්සු කෙලින්න දුන්න නීතියක් නැතුව (බ)
හොරුන් අල්ලන්නැතිව ඉන්නකොට කියනවා කෝ හොරු ඇල්ලුවද කියලා. හොරු ඇල්ලුවාම කියනවා දේශපාලන පලිගැනීම් කරනවා කියලා. අනේ මන්දා ඉතිං කවුරු හරිද කවුරු වැරදිද කියලා. (ර)
මේක සිද්ධවෙලා තියෙන්නේ මහින්ද මහතාගේ කාලයේදී. එයා ඒවා යටගැහුව නිසා තමයි මේපැත්තට පැනලා නැවත එ් පැත්තට පැන්නේ. එදා මොහු හිරේ නොදැම්මාට වැරදිකරු කවුද? (නි)
අර ෆොන්සේකා ඇදගෙන ගොස් හිරකරනකොට මේවා හිතුනේ නැත්තේ මොකද? (නි)