වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 132 ක් දක්වා ඉහළ යතියි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිටකෝට්ටේ දී අද (15) ප්‍රකාශ කළේය.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රි ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාවේ මෙරට හමුදා සෙබළුන් දංගෙඩියට දක්කන යෝජනා තිබෙන්නේ නම් ඔවුන් වගකිමෙන් නිදහස් කිරිමේ පනතක් පාර්ලිමේන්තුවේ දී සම්මත කැර ගැනීමට ක්‍රියා කරනාවා.”
“විපක්ෂයේ සිටින හවුල්කාර නියෝජිතයන් සමඟ එක්ව සන්ධානයක් නොවන අලුත් පක්ෂයක් පිහිටුවාගැනීම පිළිබඳව දැනට සාකච්ජා පැවැත්වෙනවා”
පිහිටුවන නව පක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එකකර ගන්නේ සිත සහ කය යන දෙකම විපක්ෂයේ තිබෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් ගැනම බැරිද පේනයක් බලාගන්න?? (නි)
ඇයි ඔයාලා නොමිලේ නීති උපදෙස් එහෙමත් දෙනවා කිවුවා නේද? (නි)
ලංකාවට ඉදිරියේදී එන අසුබ කාලය ගැන වෙන්න ඇති මේ කියන්නේ (නි)
ගම්මන්පිල මහත්තයෝ, සන්ධානය හදන්න කලින් තමන්ගේ ඡන්ද පදනම පෙන්නලා ඉන්න. (නි)
දැන්වත් ජාතීන් අතර එකමුතුකම ඇතිකරන කතා කියන්න උත්සාහ කරන්න. (නි)
අනේ මන්දා මහත්තයෝ ඔයගේ කතා! (නි)
ගම්මන්පිලත් එක්ක අපි ඉන්නවා (හේ)
අනේ පුළුවන් තරම් ඉක්මනට ඔය පක්ෂය පිහිටුවන්න. රට වෙනුවෙන් ඔබට කළහැකි ලොකුම සේවය ඒක තමා. ඊටපස්සේ එක ඡන්දෙකට එන්නකෝ. (නි)
උගත් වැදගත් සිංහල බෞද්ධ නියම මහත්මයෙක් හරියට හඳුනාගන්න බැරි සිංහලයා ගැන දුක හිතෙනවා (නි)
රෝහණ මහත්තයෝ අපේ රටේ ජාතීන් අතර කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැනේ.. අපේ රටේ තිබුනේ කොටි ත්‍රස්තවාදී ප්‍රශ්නයක් විතරයි.(හේ)
මේ මිනිහ දැන් ඉන්නේ හරිම හිතේ අමාරුවෙන් මොකද මෙයාට කිසිම පට්ටමක් හෝ තනතුරක් හෝ අඩුමතරමින් උප ඇමති කමක් වත් නැති දුකට මිනිහ හැම වෙලේම අඬනවා. කොච්චර සද්දේ දැම්මත් මේ වගේ දෙපැත් නාගයන්ව ගන්නේනම් නැතෝ. (බ)
හොඳයි කරලා බලන්න ඡන්දය දෙන්න මිනිස්සුනේ (ම)
මොනවාහරි කියන්නත් ඕනෑනේ. නැත්නම් මිනිසුන්ට අමතක වෙනවා මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා (නි)
මෙතුමා දුරදක්නා නුවණැත්තෙක්. (නි)
ඔය දවල්ට හීන පෙනෙන එක ලෙඩක්ලු. (නි)
දැන්නම් සීමාව පනින්න ළඟයි වගේ. ඒ හින්දා ඔය ඇති. (නි)
එක ඡන්දයකට සීයේ නෝට්ටු අපෙන් අරගත්තු මේ මහත්තයා දැන් පේන කියන්න පටන් අරගෙන වගෙයි.දැන්වත් ඔය කතා නවත්වලා රටට ප්‍රයෝජනවත් වැඩක් කරන්න (නි)
මෙතුමා රටට ආදරය ඇති මහත්මයෙක් (නි)
සමහරවිට සැබෑවෙන පේනයක් වෙන්නත් පුළුවන් (නි)
ඔබ තුමාට තියෙන එකම විකල්පය මෛත්‍රී මතයට එකතු වෙලා පට්ටමක් ගහන එකයි. නැත්නම් විමල්, වාසු, දිනේෂ් එක්ක සන්දානයක් ගහමු.(ම)
මෙයාලාට ප්‍රසිද්ධිය දෙන්න එපා (ම)
මොහු වැදගත් මහත්මයක් .(ම)
හොඳයි හොඳයි අපි බලමුකෝ (නි)