විපක්ෂය නියෝජනය කරන සමහර දේශපාලඥයින් නැවත රටේ “ජාතිවාදය ඇවිස්සීමට කැසකවනවා” යයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා විලච්චිය පේමඩුවේදී පැවසීය.
“කොටියා නැගිටලා” මහින්ද නැගිට්ටවන්න දඟලපු ගම්මන්පිල, වීරවංශලා අද නැවත රටේ ජාතිවාදය අවුස්සන්න දඟලනවා. මං දැක්කා අර ගම්මන්පිල ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡා තිය තියා රට බෙදන්න දඟලනවා. දැන් ඔය ගම්මන්පිල මහත්තයාගේ පක්ෂය අර පිවිතුරු හෙළ උරුමය ඒ පක්ෂේ නායකයා ගම්මන්පිල, ලේකම් ගම්මන්පිල, කැඳවුම්කරු ගම්මන්පිල. ඒ මදිවට මාධ්‍ය ප්‍රකාශකත් ගම්මන්පිල. ගම්මන්පිල මහත්තයා මහින්ද පෙන්නලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට ගොඩ වුණා. එයාගේ තියෙන්නේ අමුතු දේශපාලන ප්‍රතිපත්තියක්. නංගි පෙන්නලා අක්කව දෙන්නෙ එයා. කාගෙ හරි පිහිටෙන් පාර්ලිමේන්තුවට ගිහින් යහපාලනය අවුල් කරන්න දඟලනවා. ඇයි මෙහෙම කරන්නේ? රට ගොඩ නගන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා වෑයම් කරන කොට ආණ්ඩුවේ ඉන්න ඈයින්ටත් මේ හාදයා ගින්දර දීලා අමනාපකම් ඇති කරවන්න දඟලනවා. රටේ ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරමින් හැසිරෙනවා. දැන් රටේ ජනතාව දැනගන්න ඕනෑ මේ පුද්ගලයා කවුද කියලා.‘‘ යැයිද අමාත්‍යවරයා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් රට අනතුරේනේ. ආයෙත් යුද්ධයක් අපිට නම් අවශ්‍ය නැහැ. (නි)
ඒත් ඉතින් අනෙක් පැත්තෙන් බැලුවොත් පැරදුන අයට ඇමතිකම් දුන්නනේ ජාතික ලැයිස්තුවෙන්. පෙන්නුවේ කවුද? දුන්නේ කාටද? (නි)
එයා විතරක් නෙමෙයි, කවුරුත් කළේ ඒකම තමා. (නි)
කතාව නම් 100% ක් ඇත්ත. (හේ)
ඔබ තුමා හරියටම හරි ගම්මන්පිලට ඡන්දය දුන් අය දැන් පසුතැවිලි වෙනවා ඇති නේද?(හේ)
ගම්මන්පිල කියන්නේ ලංකාවට ඉතා ආදරය කරන උගත් කෙනෙක් කියලා උගත් මිනිස්සු දන්නවා. ඔබ තුමාට ගම්මන්පිල ගැන බයක් තියෙනවද? (හේ)
තව මදි ඔහොම යමු.(හේ)
සිංහල ජාතිය ගැන කතා කරන මනුස්සසයා ජාතිවදියෙක්ද?(හේ)
කවුරු මොනවා කිවුවත් ගම්මන්පිලට වෙන වෙන චෝදනා නැහැනේ ඔය සමහරුන්ට වගේ (නි)
කට විතරයි, වැඩ නැහැනේ. (නි)
ගම්මන්පිල මහත්තයා හොඳයි. එතුමා රටට ආදරෙයි (නි)
දිය රෙද්දෙන් බෙලි කපන අය කවුද කියලා අපි දන්නවා (නි)
චෞර දේශපාලකයින් අපිට එපා. (නි)
බලනකොට අක්කලා නංගිලා ගොඩයිනේ (නි)
දැන්වත් කතාව නවත්තලා වැඩ කරලා පෙන්වන්න (නි)