උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයට හා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එල්ලවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එය දේශපාලන පළිගැනීමක් නොව මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩුවක් බැවින් නඩු විභාගය සාධාරණව පවත්වා ඔහු වැරදිකරුවකු නම් අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතු බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බත්තරමුල්ල, ජාතික හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකට පැවසීය.
‘ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට දේශපාලන සම්බන්ධයක් නෑ. බ්‍රයන්ස් එඩික් නමැති ඕස්ට්‍රේලියා ජාතිකයා 2015 අගෝස්තු 2 වැනිදා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මේ විමර්ශනය සිදුකරන්නේ. තමන්ගේ යාළු මිත්‍රයන් රවටා නොමග යවා කූඨ ලේඛන සකස් කර සිදුකළ කටයුත්තක් ගැන මේ විමර්ශනය කරගෙන යනවා. අපිත් ඔහුට රැවටීම ගැන අපි තුළ ලැජ්ජාවක් කනගාටුවක් තියෙනවා. ගම්මන්පිල පසුගිය කාලේ පෙනී සිටියේ පිරිසිදු, කිරිසුදු, පිවිතුරු ඒ තරම් පාරිශුද්ධ කවුරුවත් නෑ වගේ. දූෂණ චෝදනාවලට ලක්වූවන්ට ඔහු මාධ්‍ය හමු පවත්වා දුන් චරිත සහතික අපි දැක්කා. පසුගිය කාලේ දූෂිතයන් රැකීමේ ව්‍යාපාරයේ ප්‍රකාශකයා ආරක්ෂකයා බවට ඔහු පත්වුණා‘ යැයිද වර්ණසිංහ මහතා කීය.
මේ හොරකම සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීම ගැන බ්‍රයන්ස් එඩික් මහතාට තමන් ස්තූතිවන්ත වන බව ද පැවසූ වර්ණසිංහ මහතා මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් තමන්ද මේ සම්බන්ධයෙන් සාධාරණයක් වන තෙක් බලාසිටින බවත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මුල අමතකයි.(හේ)
මොකක්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
ගම්මන්පිල, වර්ණසිංහ, චම්පික ඔක්කොම එක පක්ෂයේ කට්ටිය නේද? ජනතාවට නම් ඔයාලා ඔක්කොම දේශපාලඥයෝ. (නි)
හැමෝම දැන් ගම්මන්පිලගේ පැත්තේ වගේ. හොරකම අනුමත කිරීමත් පාපයක් මහත්වරුනේ.ඇරත් කෝටි 70ක්. අනේ, පිවිතුරු බව මුළු ලෝකෙම දැනගත්ත එකම මදිද? (බ)
යහපාලන ආණ්ඩුවත් එක්ක ඉන්නකොට ලැජ්ජ නෙතිව ඇති....ඡන්දෙ දුන්නු අපිට මඩු වලිගෙන් ගහන්න ඕනේ (බ)
ගම්මන්පිල කියන්නේ කවුද කියා දන්නවා. මේවට බොරුවට දේශපාලනය අදින්න එපා. (බ)
සමන්ම මම දේශපාලනයකින් තොරවයි මේ කියන්නේ. අපි කුහක වෙන්න නරකයි පරිසර කළමනාකරණය ගැන නොදත් රාජ්‍ය අංශයට එය හදුන්වා දුන්නේ චම්පික ඇමතිතුමා හිටපු යුගයේය. ඔහු අන් හැම අමාත්‍යාංශයකදිම එතරම් සාර්ථක නොවූ බවත් සත්‍යක්. හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින්න.අනෙක ඉන්ජිනියර් කෙනෙක් නීතිඥයෙක් එක්ක සසදන්න එපා. එය කළ නොහැක්කක්. (බ)
දැන් හෙළ උරුමයක් නෙමෙයි තියෙන්නේ ඡන්දේ දුන්නු අපි ලැජ්ජා වෙන්න ඕනේ (බ)
අනේ ....මේ .....! ඕවා ගිහින් කියාගන්න කොණ්ඩේ බැඳපු චීන්නුන්ට .... (බ)
රණවක මහත්මයාගේ රිය අනතුර තරම් නම් බරපතල කාරණාවක් වෙන්න බැහැ. පව් අර දරුවා තවම රෝහලේ නේද. (නි)
එහෙනම් ඔබතුමා ඉසුර දේවප්‍රිය තුමා සමග සිටින්න..(බ)
අපිට කියන්න තියෙන්නේ ඔබට දීපු මානපයටත් ලැජ්ජයි කියල තමා, පසුගිය පළාත් සභා මැතිවරණයේදී (නි)
කථාකරනකොට දිව දෙකම කටේ තියෙන බව පේනවා. (බ)
ඔය සුද්දා ලංකාවට ගෙනාවේ කව්ද කියලා දැන් හොඳට තේරෙනවා. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් මේ කතා එක්ක හොඳට තේරෙනවා. ජනතාව තොත්ත බබ්බු නෙමෙයි. (නි)
අර රිය අනතුරු සිද්ධියේදී ලැජ්ජා හිතුනේම නැද්ද? (නි)
අපිටත් හරිම කණගාටුයි. ලැජ්ජයි ඔයාලා වගේ දිව දෙකෙන් කතාකරන අය දකිනකොටත්. (නි)
මඩ ව්‍යාපෘතියේ ආරම්භය! ඔයාලා හිතන්නේ නැතුව ඇති ආයෙත් ඡන්දයක් තියෙනවා කියලා. (නි)
අනේ මේ පොඩ්ඩක්ක කියලා දෙනවද චම්පිකගේ දක්ෂතා ගැන. පහුගිය ආණ්ඩුවේ පරිසර ඇමති වෙලා හිටියා, මොනවද කළේ? කුණුගොඩවල් ටිකවත් ශුද්ධ කරන්න බැරිවුණා. පොලිතින් වලට තහනමක් දැම්මා. ඒක කොතෙක් දුරට සාර්ථකද කියලා කියන්න ඕනෑ නැහැනේ. ගම්මන්පිල කියන්නෙත් උගත් නීතිඥයෙක් (නි)
අනේ හැබෑට මේ රටේ මිනිසුන්ට මොළේ නැහැනේ මේ රටේ වෙන දේ ගැන හිතාගන්න. (නි)
අපේ රටේ දේශපාලනය ගැන ලැජ්ජයි (නි)
මෙච්චරකල් බොරු කිව්වා ඇති මහත්තයෝ. රටේ ජනතාවට දැන් ඇත්ත තේරිලා තියෙන්නේ. (නි)
ඡන්දෙ ඉල්ලලා බලන්න පුලුවන් නම් ගම්මන්පිල එක්ක. (නි)
රණවක මහත්තයා එක්ක ඉන්න ලැජ්ජද? තමන් එක්ක එකට ඉන්නකොට හොඳයි නේද? වෙන මතයක් දරනකොට නරකයි. අපිට ලැජ්ජයි මේවා අහනකොට. (නි)
මේ දේවල් බලාඉන්න අපිටත් ලැජ්ජයි (නි)
ඊටවඩා ලැජ්ජා නැති දේවල් අපි දේශපාලකයින්ගෙන් දැක තිබෙනවා (නි)
කට්ටිය ඉස්සර එකට සෝබන වැඩ කරනකොට හිතුනේ නැද්ද මෙහෙම? (නි)
දුෂණ, වංචා, හොරකම්, මැරකම් කරන උදවිය තමා පිරිසුදු කිරිසුදු විදියට පෙනීඉන්නේ වැඩිපුරම! අපි ඕවා දන්නවා ඉස්සර ඉඳලා. (නි)
ඔබලාගේ රංගනයන් ජනතාව බලාසිට ඉදිරි මැතිවරණයකදී නිසි ප්‍රතිචාර ලබාදෙනු ඇත (නි)
අපි නම් ගම්මන්පිල ගැන හොඳට දන්නවා. (නි)