පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (18) සිය පාගොඩ නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.
ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයිති සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් ප්‍රශ්න කිරීම සඳහා ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රැගෙන එනු ලැබූ බවත් පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේවෙතත් මේක දේශපාලන පළිගැනීමක් වගේ එකක් කියලා හොඳටම පෙනෙනවා මට නම්. (නි)
පහුගිය අය තමා අද වෙනසට වගකියන්න ඕනෑ. මුල්‍ය වංචාකාරයෝ, වධකාගාර වල කොල්ලෝ මරල කොමිසන් වලින් වැරදිකාරයෝ වුණ අය, නැව් ගිලපු අය, මව්බිම පාවාදුන් අය, ඩොලර් කෝටිගානක් පොත්වල තිබුන අය අද නිදහසේ ඉන්න එක තමා ලොකුම වරද. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... නේද? (නි)
මහින්ද මහත්තයත් එයි බලලා යන්න (නි)
යහපාලනයට ද්‍රෝහීවීමේ ප්‍රතිළුල (ම)
ඔබ තුමා සැලෙන්න එපා අපි ඔබතුමා සමඟයි (ම)
ප්‍රියාන් පල ඇති රුක කිව්වේ ගම්මන්පිලටද?? (නි)
ප්‍රියාන්, අපෝ නැහැ. අපි නඩුකාරයෝ නොවෙයි. මේ උත්තමයා සුදනෙක් නම් ඔහොම පොලිසිය ඇවිල්ලා කුදලාගෙන යාවිද? (නි)
තම විරුද්ධවාදී දේශපාලනඥයින් සිරගතකර මර්දනය කිරීමට ඒකාධිපතියෙකු වූ සිංගප්පූරුවේ ලීක්වාන්යූ උපක්‍රමයක් යොදාගත්තා නේද? (නි)
අනේ මන්ද අපේ රටේ මිනිස්සුට අමු කැවිලද කියලා? තමුන්ගේ රට ජාතිය ගැන කතාකරන මිනිස්සු අද අපරාධකාරයෝ වෙලා. ඒවාට සතුටුවෙන මිනිස්සුත් ඉන්නවා. මේ අපේ රටද? අල්ලනවා නම් අපරාධකාරයෝ ඕනෑතරම් (නි)
කරුණාකරලා අර රුපියල් සීය දෙන්න අපේ (නි)
අත්අඩංගුවට ගන්නට පෙර ආණ්ඩුවට එකතුවෙන්නනේ තිබුනේ. (නි)
කටින් බතල හිටවන අපේ දේශපාලකයෝ දැන්නම් එපාවෙලා (නි)
ඇල් වතුරත් නිවලා බොන ගමන් ඕස්ට්‍රේලියා ජාතිකයට ගිනිවතුර දීලා. (නි)
අයියෝ මේ මොකද වුණේ? (නි)
එකපාරටම අනිත් පැත්ත ගහද්දි මට නම් ඕක තේරුණා. ජනවාරි 8 ට ටික දවසකට කලින්. (නි)
මුදලට යටවුණ නිසා උගත්කමින් රටට සේවයක් කරන්න තිබුන අවස්ථාව ගිලිහී ගියා. දැන් යහපත් පුරවැසියෙක් වෙන්නට පුළුවන්ද? (නි)
පළිගන්නවෝ අල්ලනවෝ කියලා කෑ ගැහුවේ මේකට තමා. මොකද පරණ අය කළේ මෙයාලට හොරකම් කරන්න දීලා එයාලගේ ෆයිල් පෙන්න පෙන්නා ඒ පැත්තේ තියාගත් එක. (නි)
මම නම් කියන්නේ ඉක්මණින් නිදහස් වෙනවා (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අනිවාර්යෙන්ම දැඩි දඬුවම් කළයුතුමයි (නි)
යහපාලනය හරියට තිබුනා නම් මේ අය ගැන තීරණ ගන්නේ මීට කලින් (නි)
මම ලංකාවට විත් පාවිච්චි කළ කාර් එකක් ගන්න හොයනකොට සුදු වතින් සැරසුන, අතේ පිරිත් නුල් සියයක් පමණ බැඳගත් කාර් එකෙත් බුදු පිළිම තියපු වැදගත් රැකියාවක් කරන මහත්මයෙක් හම්බ වුණා. කියපු සියලු කාරණා විශ්වාස කරලා මමත් කාර් එක ගත්තා. ගත් දවසේ ඉඳලම ගරාජයේ. ලක්ෂ ගානක් වියදම් කරලයි යන්තම් ගොඩගත්තේ. (නි)
මීළඟ පුවත ලෙස 'ලක්ෂ දහයක ශරීර අැප දෙකක් සහ දැඩි කොන්දේසි මත මුදාහරින ලදී' කියලා පළවුණත් මම නම් පුදුමවෙන්නේ නැහැ (නි)
ජාතික නායකයෝ වෙන්න කතාව. නමුත් දැන් තමයි අපිට තේරෙන්නේ (නි)
මොහොමෙඩ්, ඔයා හරි. අන්තිම ඕක තමයි. මේ රටේද අපේද දන්නේ නැහැ අවාසනාව. (නි)
තවම සැකකරුවෙක්නේ. ඒ නිසා කාවහරි ඇපයට තියලා එළියට දාන්න. අන්තිමට වෙන්නෙත් ඕකනේ. (නි)
ශරීර අැප සහ දැඩි කොන්දේසි මත මුදාහරියි අන්තිමට. අල්ලපු හැම කෙනාටම වුණේ එහෙමනේ. අපි ඉතින් බලා ඉන්නවා (නි)
ප්‍රශාන්තගේ කතාව හරි. බෞද්ධයන්ගේ කරපිටින් බලයට විත් මුළු රටටම විනකරන දේශපාලුවන් එළවා මේ ක්‍රමයටත් තිත තබමු. පක්ෂ දේශපාලනයෙන් වාසි තිබෙන්නේ පක්ෂයේ බත්බැලයන්ට පමණක් නම්, ඇයි අපි ඔවුන්ට ඡන්දෙ දීලා දුක් විඳින්නේ? දේශපාලුවන්ට සුර සැප, අපේ (ජනතා)මුදලින්. අපට කවදත් අපා දුක්. (නි)
පිවිතුරු ඒක පුද්ගල දේශපාලන ප්‍රසංගය අද දින සිට රඟදැක්වීම නොවැළැක්විය හැකි හේතුවක් නිසා නවතා දමා ඇති නේද? රුපියල් සියයේ ටිකට්පත් වල මුදල් ගැන සළකා බලයි පස්සේ (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්න මහත්තයෝ (නි)
මෙයාලගේ කතා ඇහුවහම අප්‍රසන්නයි (නි)
දැන්වත් ඇත්තට මුහුණ දෙන්න.(හේ)
දැන්වත් බොරු සෙල්ලන් දැම්ම ඇති. ඇත්තට මුහුණදෙන්න. (හේ)
සුදු රෙදි ඇදගෙන සාන්තුවරයා වගේ ඉඳගෙන කරන වැඩ.(හේ)
ඒක බොරුවක්.(හේ)
මොහමඩ් රිස්වාන් මහතා හරියටම හරි . ඔබ කියූ දෙයින් එහාට මුකුත් වෙන්නේ නැහැ . (හේ)
අනේ දුර දක්නා නුවන තියෙන අහිංසක මනුස්සයා, හෙළ උරුමය පරිසිදු මදිනිසා පිවිතුරු හෙළ උරුමය පටන් ගත්තා, (හේ)
මේ වගේම තව ටික දවසකින් වීරවංශවත් අත් අඩංගුවට අරගෙන දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළා කියලා කියාවි . ඊට පස්සේ නඩුව අවුරුද්ද්දකට විතර කල් යනවා . ඊට එහා කිසිම දෙයක් වෙන්නේ නැහැ . (හේ)
දැන්වත් පාඩුවේ ඉන්න බලන්න (නි)
දැන්ඉතින් ඇල්වතුරත් නිවලා බොන්න ලැබෙයි (නි)
දැන් ඉතින් කළ කළ දේ පළ පළ දේ තමා.... (නි)
මෙයාලා කියන්නේ මේවා පුද්ගලික ගනදෙනු කියලයි. ඒකාබද්ධ කණ්ඩායමේ සියලු හොරකම් මෙවන් ගනුදෙනු. හැබැයි රටට මේවා මහා වංචා (නි)
පොලිසියට ගෙනිහිල්ලා හොඳට සැළකුවාම ඔය ඔක්කොම එළියට ඒවි. අනේ අනේ පිවිතුරු මිනිසා අපවිත්‍ර වැඩනේ කරලා තියෙන්නේ. (නි)
දේශපාලකයෝ දැන් පිපිරූ බැලුම් වැනිය. (නි)
මේවට තම අපි කියන්නේ යහපාලනේ පළිගැනීම කියලා. ඉතාම පැහැදිලියි. පාඨලි චම්පිකට නැහැනේ මේ නීතිය (නි)
ඔය ටික කරගන්න තමයි දැඟලුවේ (නි)
රට වෙනුවෙන් කතාකරන දේශපාලන පක්ෂ නායකයන්ව ආණ්ඩුව මර්දනය කරන්නේ මෙහෙමද? (නි)
වහාම දේශපාලන පළිගැනීම් නතර කරනු! (නි)
මෙයා පහුගිය කාලේ කළ දේවල් වලට ඔහොම වෙලා මදි. (නි)
වැඩියෙන්ම කෑ ගහන දේශපාලනඥයෝ ළඟ වැඩියෙන්ම කුණු තියෙනවා. හැබැයි, පිවිතුරු බව ඔප්පු කරන්න හොඳම වෙලාව. මොනවා කලත් දෙපැත්තම අහලානේ අධිකරණයක් තීන්දු දෙන්නේ.(හේ)
මිනිස්සුන්ට තාම නොතේරෙන දෙයක් තියෙනවා (හේ)
මොහුට තිබෙන අවඥාසහගත සිනාහවෙන් බොහෝ දේ ජනතාවට ඉතාමත් පැහැදිලිව තේරුම්ගත හැකියි. (නි)
මේ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩ නිසා මිනිස්සුන්ට එපා වෙලා ඉන්න වෙලාවක මේ කරන්නේ මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන විකාර වැඩ? (හේ)
පිවිතුරු කියන නම දාගත්තේ ඕක තමා අනේ මෙහෙමත් දෙසපලුවෝ (හේ)
මේක යමපලනයනේ, නැතිනම් මේ හැමෝටම කලින් පරාජිතලා ගන්න ඕනේ???? (හේ)
පුදුම දේවල් වෙන්නේ. මහත්තයාගේ දර්ශනය මොකක්ද දන්නේ නෑ. හිතුවා වැඩිය උඩ පනින කොට ඔහොම වෙයි කියලා.(හේ)
මට නම් මේ ඔක්කොම අදහස් වලින් මොහොමාඩ් රිස්වාන් පමණයි හරිම අදහස දාලා තියෙන්නේ. මම මොහම්මඩ් සමඟයි (නි)
ආණ්ඩුවේ තවත් සංදර්ශනයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
අත්අඩංගුවට ගන්නවා. නිදහස් වෙනවා. අපි බලා ඉන්නවා (නි)
මේ දා තිබෙන අදහස් වල සම්පිණ්ඩනය ගත්තහම මට නම් හැගෙන්නේ එක්කෝ මේ මිනිස්සු සිය දිවි නසාගන්ඩ ඕනෑ. නැත්නම් කොහේහරි වනගත වෙලා සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනෑ (නි)
යහපාලනයේ ක්‍රමවේදය. මේක නිකම් වසංගත රෝගයක් වගෙයි. (නි)
අර අපෙන් ගත් රුපියල් 100 දෙන්නේ කවදාද? (නි)
මහින්දට ඔළුව උස්සන්න බැරිවුණේ මේ වගේ මිනිස්සු හින්දයි (නි)
කළ කළ දේ පළ පළ දේ... (නි)
පිවිතුරු හෙළ උරුමය අපවිත්‍රවෙයිද? (නි)
මේ හොර වැඩ කළ කට්ටිය හැකි ඉක්මනින් අල්ලලා සේරම හිරකරලා යහපාලනයට ඇපකැපවී සිටින මහත්වරු ඉක්මනට රටේ සංවර්ධනයට අත තිබ්බොත් නරකද. (නි)
තවම සැකකරුවෙක් පමණයිනේ. චෝදනා ඔප්පුවෙලා වැරදිකරුවෙක් වුණදාට අපේ අදහස් ප්‍රකාශ කරමු. (නි)
මෙයා සුදෝසුදු ඇඳුමෙන් සැරසිලා, දත් ටික පෙන්නාගෙන, යහපාලන රජය පතුරු ගහනකොට අපට තේරුණා මෙයාගෙත් හංගන්න දේවල් තියෙන නිසා එහෙම කරනවා කියලා. පක්ෂයේ නම නම් "පිවිතුරු හෙළ උරුමය". එකේ කිසිම "පිවිතුරු" කමක් නැහැ. (නි)
මේකේ අදහස් දක්වා තියන ඒවා දැක්කහම තේරෙනවා ගොඩක් අය මේ ගැන හරියට කිසිදෙයක් දන්නේ නැතුව කතා කරන්නේ කියලා. පැමිණිලිකාරයා අවුරුදු ගණනක් නිහඩව ඉඳලා දැන් නඩු දාන්නේ මොකද? හොඳින් හිතලා බලන්න. (නි)
සාධාරනය ඉටුවේවා! (නි)
අත් අඩංගුවට ගත්තා කියලා වැරදිකරු වෙන්නෙවත් ඇප මත නිදහස් කළා කියලා නිවැරදිකරු වෙන්නේවත් නැහැ. ඒක තීරණය කරන්නෙ අධිකරණය. වියයුත්තේ නීතිය ක්‍රියාත්මක වීම. (නි)
මදැයි එයාට වෙච්ච දේ! (නි)
වැරැද්දක් කළොත් දඬුවමක් කවදා හෝ විඳින්නම වෙනවා (නි)
එයාගේ වැඩ කොහොමද කියලා පාසල් යන කාලේ ඉඳලා අපි දන්නවා (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
උදය ගම්මන්පිල කියන්නේ හොරෙකු නොවේ. ඔහු මත්පැන්, මස්මාළු නොකන දෑහැමි අයෙකි. මේකේ ලියන අය භාගයක්ම හොරා කියලා ලියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන අයට. (නි)
අයියෝ දැන් ඉතින් කාගේ පිහිටක්ද? (නි)
කාලෙකට පස්සේ අහපු වටිනාම ප්‍රවෘත්තියක්. මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත චරිතය විනාශ කරන, බුද්ධ දර්ශනය තම දේශපාලනය වෙනුවෙන් විනාශ කරන, මහජනතාව බූරුවෝ කියලා හිතාගෙන ඉන්න, බෞද්ධයන්ගේ කරපිටින් විත් ඔවුන්ටම විනකරන මේ දේශපාලනය හමාර කළයුතුයි. (නි)
ගම්මන්පිලට ඇප දෙන්න දැන් රුපියල් සීය සීය එකතු කරයිද? හොර පාස්පෝර්ට් හැදුව අයත් ඇතුළට දාන්න. අපිට ඕනෑ යහපත් සමාජයක් මිස හොරු නොවෙයි. (නි)
මේක තමයි යහපාලන කසාය. දැන් ඉතින් බීලා එන්නකෝ මල්ලී. (නි)
මේ ආණ්ඩුවට නම් හොඳක් වෙන්න එපා දෙවියනේ! (නි)
මෙපමණ කලක් කළ ඒවා දැන් තමා එළියට එන්නේ. නැවත වරක් බලය ආවා නම් කල්ලමරේ! කතාව දන්නවනේ, කිසිත් නොකළ ගානට අනික් අයට ගරහන්නේ. දැන් පිවිතුරුකම ලෝකෙම දැනගත්තා (නි)
මදැයි පිවිතුරුබවේ අරුම කිය කියා ඇවිද්දා? (නි)
කට්ටියටම බොහොම සන්තෝෂයි වගේ කාරණයට. මොකද්ද ඇත්ත කියලා කවදා හෝ එළිවෙයි. එතකොට වනාන්තර විනාශ කරන එක, වෙනම රටක් ඉල්ලන එක, බුදු දහම විනාශ කරන එක, මහ බැංකුවේ සිද්ධවූ ඒවා යහපාලනයද? (නි)
හෙල්මට් නැහැ කියල පොලිසිය අල්ලනවා , ඉරි කැපුවා කියලා අල්ලනවා. මේකනම් නරකම ආණ්ඩුවක්. පළිගන්නවා. (නි)
අපි ඔබතුමාගේ සහයට ඉන්නවා (නි)
මේ ආණ්ඩුව හරිම හොඳයි. සහජීවනය උතුරා යනවා (නි)
මෙතන ඉන්න කට්ටිය නඩුත් අහලා හිරෙත් දාලා ඉවරයි. පල ඇති රුකටයි පහර වදින්නේ. (නි)
මස් මාලු නොකන අය ලෝකයේ හොඳම අයද? කුපාඩි යොත් ඉන්නවා මස් මාලු නොකන (ම)
සැලෙන්න එපා අපි ඔබතුමා සමඟයි මේවාට පිළිතුරු දෙන්න කාලයක් එනවා (ම)
ඔබතුමාට තෙරුවන් සරණ වේවා පාපී සිත් ඇති පාලකයෝ දුරු වේවා (ම)
වසර 18 පැරණි නඩුවක්. හොඳයි නේද සහජීවනය යහපාලනේ? (නි)