දඹුල්ල මහේස්ත්‍රාත් උසාවියේ අස්වාභාවික ලෙස ගෙම්බන් සිටිනු අද (24) මහේස්ත්‍රාත්වරයාද දුටුවේය.
උසාවියේ වැඩකරන පොලිස් නිලධරයකුගෙන් මහේස්ත්‍රාත් ඒ ගැන විමසා ඇත. ගෙඹි ආගමනයට හේතුව සොයාගත හැකි විය.
ගෙම්බන් එහි ගෙනවුත් දැමූ පුද්ගලයා කවුදැයි පොලිසිය දැක ඇත. නීතිවේදීන් ඇතුළු පිරිසක් හමුවේ මහේස්ත්‍රාත් මේ බව ප්‍රකාශ කළේය. ගෙදර සිටි ගෙම්බන් සිලි සිලි බෑගයක දමා රැගෙන අවුත් උසාවි භූමියේ හැලූ පුද්ගලයා නිතර එහි යන එන හුරු පුරුදු මුහුණක් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ලේ විතරද, දැන් මේ දවස්වල ලංකාව වටේටම පාට පාට කොඩිවැල් යට මෙයාල කෑගහනවා. (නදී)
සමහර විට අරංචිය ලැබිලා, ජනපතිඳුන්ට තම වර්ගයාගෙන් ලැබුන කවිය අහන්න එන්න ඇති.(නදී)
විජිත් ලස්සන කතාවක් කිවේ. ගම්මන් පිලගේ නෑයෝ නඩු කාර හාමුදුරුවන්ගෙන් ගම්මන්පිල වෙනුවෙන් ඡන්දෙ දෙන්න කියන්න ඇවිත් (නදී)
ගම්මාන පිල්ලේ ඡන්දෙ ඉල්ලනේ දඹුල්ලෙන් නොවෙයි නේද? (අ)
ගෙම්බෝ තව ඉස්සරහට වැඩි වේවි. (අ)
ඒක තමයි යහපාල රාජිත ඡන්දෙ ඉල්ලන්නේ දඹුල්ලෙන් නොවෙයි නේද? (නදී)
මේ! මෑතකදී පැනපු සෙට් එක ගිය තැන තමා නියම ගෙඹි රාජධානිය. (අ)
පක්ෂයෙන් පක්ෂයට පනින දේශපාලු ගෙම්බෝ මේ දවස්වල උසාවි වලත් පිනුම් ගහන්න පටන්ගෙක ඇති සැටි මේකෙන් අපිට පැහැදිලිවම පේනවා. (නි)
ලාහට ගෙම්බෝ එකතු කරන්න අමාරු වුනාට සිලි සිලි මල්ලකට එකතු කරපු මේ මනුස්සය නම් හැබෑම දක්ෂයෙක් වෙන්න ඕන. (නදී)
අනිවාර්යෙන්ම ඕක අර ඉල්ලා අස්වුණා කවි කාරයාගේ වැඩක්. (නදී)