ගම්පොළ හරහා අද උදේ වැසි සමග හමා ගිය සැඩ සුළඟකින් ගම්පොළ සහිරා ජාතික පාසලේ ගොඩනැගිලි මතට ගස් කඩා වැටීමෙන් සහ වහළ සුළඟට ගසාගෙන යෑමෙන් දැඩි අලාභයක් සිදු විය.
සුළඟ හමා ගස් වැටීමට පටන් ගැනීමත් සමග එහි සිටි සිසුන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට පියවර ගත් බව විදුහල්පති එන් එම් නිලාමුඩීන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනත් ඔයා ගැන ආඩම්බරයි.(නදී)
ළමයි බේරා දුන්නාට අල්ලාට ස්තුතියි.(නදී)
තමන්ගේ ආගම ජාතිය රැකීම එකක්. නමුත් අන්‍යන්ට වෛර කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ දෙයක්.(නදී)
නදීක සහ සුගත් වෙත. එතකොට ඔය සුනාමිය, රිය අනතුරු, පහුගිය දවස්වල මුහුදු ගිහිල්ලා මිනිස්සු මැරෙනකොට ඔයගොල්ලෝ අදහන තිස් තුන් කෝටියක් දෙවිවරු කොහෙද හිටියේ? නිකන් මෝඩ කතා කියන්න එපා. ඇයි මීට කලින් ගස් වැටෙනවා දැකලා නැද්ද? (නි)
අල්ලා දෙවියනි ඔබ මෙච්චර විනාශායක් වෙනකම් කොහෙද ඉන්නේ . හදේ ඉන්නව නම් පෘතවියට එන්නකෝ. (අ)
අල්ලාහ් එන්නෙත් ලේසි වාසි තැන් වලට විතරයි වගේ. පුදුම දෙයියෙක් (අ)
දෙවියන්ගේ කැමැත්ත (නි)
මෙවන් ආපදා වලදී කණගාටු නොවී විහිලු කර මානසික තෘප්තියක් ලබන තරමටම ජාති වාදීන් කුහකයෑයි කීමට ඉහත ප්‍රතිචාර දෙක හොඳ උදාහරණ වේ.(නදී)
හැමදෙයක්ම ජාතිවාදයට ඇදගන ප්‍රත්චාර දාන්නේ ඇයි? ළමුන්ගේ ඉගෙනීමට තමයි පාසැල් තියෙන්නේ. ඒක කැඩුනම අපේ දරුවන්ටයි පාඩුව.(නදී)
නදීක,හැමදේම විහිලුවට ගන්න එපා හලෝ. ළමුන්ට කරදරයක් නැති එක කොච්චර දෙයක්ද මේ ලොව ඇති සියලුම ආගම්.(නදී)
කෙනෙකුට විපතක් කරදරයක් උනහම සතුටුවෙන අය බෞද්ධ නොවන බව මතක තියාගන්න. සබැ බෞද්ධයා නම් මිනිසුන්ට පමණක් නොව කුරා කුහුබුවන්ටත් අසීමිත කරුණාව දයාව මයිත්‍රීය ප්‍රගුණ කරන්නෙක්, පටු සිතකින් සිතනවාට වැඩ පළල දැක්මකින් ලොව දෙස බලන කෙනෙක් විය යුතුයි. තමන්ගේ ආගම ජාතිය රැකීම එකක් නමුත් අන්‍යන්ට වෛර ර කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ දෙයක්. අපේ බුදුදහම ආරක්ෂා කරන්න ඕන පාරට බැහැගෙන කැ ගහලා නොවෙයි. ජාතියක් වශයෙන් මිත්‍යා ඇදහිලි සියල්ල ඉවත දමා තෙරුවන් සරණ ගොස්, ධර්මය හොදින් ඉගෙනේ ගෙන, පන්සිල් පද පහ රකිමින් ඉදිරි පරම්පරාවත් ඒ සදහා යොමු කිරීමෙන් පමණි. අපේ ජාතියේ විනාසය උදාවන්නේ පිට ජාතීන්ගෙන් නොව, අපේ අයගෙම මත් ලෝලී, දුස්සීල, තිසරණය රහිත වූ අයාලේ යන ජීවන රටාව නිසාය. මේ නිසාම අපේ පවුල් ජීවිත බිදවැටිලා, ආර්ථිකය අඩපන වෙලා, අසමගිය වැඩි වෙලා, කරුණාව ගිලිහිලා, පවුල් සංස්ථාව බිදවැටිලා, තරුණයන් මත් වතුරට ඇබ්බැහිවෙලා, අපායගාමී පිළිවෙතක් ගෙනයනවා. මුලින්ම සිංහල බෝඋද්ධ කමට කෑගහන්න කලින් යහපත් මනුෂ්‍යයන් වෙන්න උත්සහ ගැනීම වටිනවා. මනුෂ්‍යත්වය දියුණු උනොත් අන්න බෞද්ධකම ආරම්භවෙන තැන දකින්න පුළුවන්. නැත්නම් අද ඔය කීදෙනාටද හරියට බුදුගුණ ගැනවත් අන්යකුට කියාදෙන්න පුළුවන්? (නදී)
අසරණ දරුවන්ට කරදරයක් නැහැ නේද? ඉක්මනට පාසල හදල දෙන්න කව්රුත් උනන්දු වෙන්න ඕන. (නදී)