දකුණු සහ බස්නාහිර පළාත් හි අපේක්ෂකයින් සදහා මනාප අංක නිකුත් කිරීමේ දී සාමකාමී වටපිටාවක් අද පැවැති බව කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානය මෙසේ ද කියයි.
‘කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් හි අපේක්ෂකයින් දෙදෙනෙකු මනාප ලැයිස්තුවේ ඉහළින්ම ඇති ‘එකේ අංකය‘ ලබා ගැනීම සදහා තම උප්පැන්න සහ ජාතික හැදුනුම්පත් වෙනස් කිරීම හැරුණු කොට මනාප අංක සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගෙන් පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැත.
‘අඅඅඅ‘ ලෙස නම වෙනස් කළ අයෙකුට කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවෙන් ද, ‘අආ‘ ලෙස කොටසක් තම නමට ඇතුලත් කොට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයෙකු ගම්පහ ලැයිස්තුවෙන් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටී. ‘අඅඅඅ‘ සහ ‘අආ‘ යන අකුරු එකතු කිරීම නමක් ලෙස අර්ථ ගැන්විය හැකි ද යන්න පිළිබද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා විමසීමට කටයුතු කොට ඇත.
නව සම සමාජ පක්ෂය විසින් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කොට ඇති අපේක්ෂක ලැයිස්තුවේ ව්‍යාජ නම් සහ දත්ත ඇතුලත්ව ඇති බව තහවුරු වී ඇති නමුත් මැතිවරණ නීතියට අනුව මෙම ව්‍යාජ නම් සහිත පුද්ගලයින්ට පවා මනාප අංක නිකුත් කරනු ලැබ ඇත. නාම යෝජනා පත්‍රයක් පිළිගැනීමෙන් පසුව එය ප්‍රතිකේෂ කිරීමේ නෛතික හැකියාවක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියාට හෝ මැතිවරණ කොමසාරිස්වරයාට නොමැත.
මනාප අංක ලබා ගැනීමෙන් පසුව මාතර දී අධික වේගයෙන් ධාවනය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකුගේ මැතිවරණ කටයුතු සදහා යොදා තිබූ වාහනයක් මාතර ආසිරි රෝහල ඉදිරිපිට මගී පාර මාරුවන ස්ථානයේ දී අනතුරට පත් විය. කහ ඉර මත සිදු වූ මෙම අනතුරින් පසුව ජීප් රථය මාතර පොලීසිය වෙත රියදුරා විසින් පදවාගෙන ගොස් ඇත. තුවාලකරු බරපතල තත්වයෙන් මාතර මහ රෝහලේ 4 වන වාට්ටුවට ඇතුලත් කොට ඇත. මෙම රිය අනතුර මැතිවරණය හා ඝෘජු සම්බන්ධයක් නොමැත.‘
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගම්පහෙන් ‘අආ‘ අපේක්ෂකයෙක් : කොළඹින් ‘අඅඅඅ‘ අපේක්ෂකයෙක්
හේමන්ත Wednesday, 12 February 2014 12:04 PM
පටන්ගන්නකොටම මෙහෙම කරලා සභාවට යන්න හදන්නේ අපිට වැඩ කරලා දෙන්න තියෙන බලවත් උවමනාවෙන් සහ රට ගොඩනැගීමේ පරම චේතනාවෙන් කියල තේරෙනවා නේද.? (නදී)
කර්තිනි Wednesday, 12 February 2014 01:07 PM
අවසානයේදී ඇතුලත්මුදලිත් නැහැ බස්තියනුත් නැහැ. එක කියන්නේ කෙනෙකුට අසුබ අංකයක් වන්නට පුළුවනි.(නදී)
ඉන්දික Wednesday, 12 February 2014 01:20 PM
සෑම්, මම දැම්මේ එහෙම තමයි. (නදී)
මහින්ද කැලිෆෝර්නිය Wednesday, 12 February 2014 01:43 PM
ලංකාවේ තරම් මැතිවරණ පවත්වන රටක නමක් ලෝකේ කොහේ හරි තිබෙනවද? (නදී)
මනෝජ්-සාජා Tuesday, 11 February 2014 08:32 PM
මේ ගොයියලා කරන කියන වැඩ වල හැටියට මේක මොකද්ද අප්පා . (අ)
ගාමිණී - සිරි Tuesday, 11 February 2014 09:17 PM
පරණ කියමනක් තියෙනවා ගම්පහෙන් ගෙනා ... අං පහේ ගොනා... කියල.ව්‍යාජ නම් දමන කාලේ ගොනාගේ නමත් ඇතුලත් කළා නම් " අ " අක්ෂරය අනුව ..අංක 1 ලැබෙන්නේ ගොනාට තමා. (අ)
කොටගම Tuesday, 11 February 2014 09:44 PM
මානසික පිස්සෝ......(නදී)
සාදි Tuesday, 11 February 2014 10:21 PM
හෝඩියේ පන්තියට විතරක් වෙන්න ඇති ගිහින් තියෙන්නේ. (නදී)
නිහාල් Tuesday, 11 February 2014 10:24 PM
නුගත් කමත්, ඔලමොට්ටල කමත් විදහා පෑමක්. (නදී)
සෙනරත් ආනන්ද මිලානෝ, Tuesday, 11 February 2014 11:05 PM
දේශපාලනේ කරපු පුද්ගලයින් මහජනතාව වෙනුවෙන් කරපු සේවය, කැපවීම, අවංකකම , දක්ෂතාවය අනුව තමා සුදුසු කෙනා තෝරා පත්කළ යුත්තේ. එසේ නැතිව මනාප අංක අනුව නොවේ. එබැවින් බුද්දියක් තිබෙන කෙනෙක් අංක අනුව පාලකයෝ පත්කරන්නේ නැහැ.(නදී)
ගලබඩ Wednesday, 12 February 2014 04:46 AM
ඡන්දෙන් දිනලා මොනවා කරයිද?
සමන්ති Wednesday, 12 February 2014 05:36 AM
මෙවැනි අපේක්ෂකයන්ගේ නාමයෝජනා අවලංගු කළහැකි නීති සම්පාදනය නොකරන්නේ ඇයි? මොවුන් බලයට පත්වුවොත් තමන්ගේ වාසියට මොනවා නොකරයිද ? මැතිවරණ කොමසාරිස්තුමනි, පිළියම් නැත්ද ? (ත)
සංක බඹරව Wednesday, 12 February 2014 07:02 AM
අහඹු ක්‍රමයකට අංක නිකුත් කළා නම් හොදයි. (ත)
කැලුම් Wednesday, 12 February 2014 07:28 AM
ඡන්දෙ ඉල්ලන ඔක්කොම වගේ ඉතින් අං තියන කට්ටිය තමා. (නදී)
ග්‍රාම්‍යා Wednesday, 12 February 2014 07:45 AM
මෙයාල ආආ... දාගෙන ඡන්දෙ ඉල්ලලා දිනුවට පස්සේ ජනතාවට වෙන්නේ හැමදාම ආආආආආඅ........ කියාගෙන ඉන්නයි. (නදී)
අනුරාධ Wednesday, 12 February 2014 08:25 AM
සංක බඹරව අයියේ. මම දන්නා විදිහට නම් අහඹු කියන්නේ අහම්බෙන් හෝ සසම්භාවිත යන තේරුමටයි. ඔයා කියන ක්‍රමය සමහර විට උදාහරණයක් සමගම රටට කියන්නකෝ. ඒක ඉදිරියේදී මැතිවරණ කොමසාරිස් කාර්යාලය සලකා බලන්න ඉඩ තියෙනවා. (නදී)
අල්විස් Wednesday, 12 February 2014 08:38 AM
බලාගෙන යනකොට ඔක්කොමලා බාහුලානේ. (නදී)
යහම්පත් Wednesday, 12 February 2014 09:18 AM
මේ දෑත් ශක්තිමත් කරන්න කියලා ගසා කාලා දූෂණය කරන්න එන තිරිසන් මිනිස්සුන්ට ගහලා රටෙනුත් පන්නන ඕනා... නැත්තං මෙයාලට මෙයාලගේ බත්පතට, අරක්කු බෝතලයට ඡන්දේ දීලා ඔයාලගේ දුවා දරුවන්ට වහ ටිකක් කවලා මුහුදේ දානවා ඊට හොදයි.(නදී)
ඉන්දික Wednesday, 12 February 2014 09:51 AM
මතකද ලලිත් ඇතුලත් මුදලිත් ඡන්දෙදි ලලිත් ඇතුලත් මුදලි උනේ අංක 1 ගන්න නේද? .(නදී)
මහවිට Wednesday, 12 February 2014 11:55 AM
ගාමිණී, අං අකුර තියෙන්නෙ අපි කියවපු හෝඩියෙ නම් අන්තිමට.(නදී)
සෑම් Wednesday, 12 February 2014 12:03 PM
ඉන්දික, ඔබ කීව එක ලලිත් ""අතුලත්මුදලි"" ලෙස විය යුතුයි. මට මතක හැටියට අනුර බැස්ටියන් ට වඩා ඉදිරියෙන් ඉන්නයි එහෙම කලේ. (නදී)