වැලිවේරිය දකුණු වෑබඩ නිවසක් කුළියට ගෙන කසිප්පු පෙරා ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවලට බෙදා හැරීමේ යෙදී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කසිප්පු අපද්‍රව්‍ය වැසිකිළි වලට හරවා තිබිණි. එසේ කර ඇත්තේ ගඳ ගැසීම වළක්වා ගැනීම සඳහාය.
අත්අඩංගුවට ගත් උපකරණ හා ගෝඩාවල වටිනාකම රුපියල් දෙලක්ෂයක් පමණ වේ.
ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත, පොලිස් සැරයන් (27337) බන්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (18390) සිව්රත්න, (56 810) නන්දලාල් සහ (82709) තරිඳු යන මහත්වරු සහ කඩවත විශේෂ කාර්යංශය එක්ව මේ වැටලීම සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ මීගමුව හලාවත දංකොටුව පැත්තේ තමයි ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත ටික තියෙන්නේ.තණමල්විල වගේම ඕවා පිටුපස ප්‍රබල දේශපාලන බළල් අත් ක්‍රියාත්මක බව දන්නෝ දනිති (නි)
ගොඩක් අපරාද වලට මුල සුරාව, සූදුව නේද ? සුරා සූදුවෙන් ගොඩක් පවුල් අනාථ වෙලා තියෙනවා. මේවට විරුද්ධ වෙන්න කව්රුත් නැත්තේ ඇයි? (නි)
කිරිඳිවැල, රදාවාන පැත්තේ එහෙමත් මේ බිස්නස් එක මහා පරිමාණයෙන් කෙරෙනවා. මම බය නැතුව කියනවා මීට දේශපාලකයොත් හවුල් කියලා. මේවට පොලිසියෙන් පනින්නේ නැහැ, පැන්නත් මග එනකොටම දන්නවා. මේවත් හොයලා බැලුවොත් ගොඩක් වටිනවා (නි)
එතකොට මාතලේ කසිප්පු හොදේ ...චී ,චී.(නදී)
පුංචි ස්කොට්ලන්තයක් වගේ. මම කියන්නේ වැඩේ හරියටම කරන තාක්ෂණය, අමුද්‍රව්‍ය ටික දීලා අපනයනය සදහා නිපදවුවොත් මොකද? (නි)
රටේ මේවා හැමතෙනම කෙරෙනවා. කොලඹ දිස්ත්‍රික්කය ප්‍රදානයි. පලාත් සභා නිසා මේවා වැඩු වුනා. මේවට පොලිසිය සම්බන්දයි. එයාලට සල්ලි දුන්නම හරි. මේවයින් මාසෙට ගානක් එයාලට පඩියක් වගේ ලැබෙනවා. මේවට කතාකරන්න වෙනම නීතිඥයොත් ඉන්නවා.(නදී)
ඕනෑම ගමකට ගිහිල්ලා,හොර අරක්කු, ගංජා හා කසිප්පු හොයාගන මිලදී ගන්න යන්නේ මිනිත්තු දහයක පමණ අඩු කාලයක්.නමුත් අවුරුදු ගනනාවක් ගමේ පොලිසියේ සේවය කරන සාජන් මහත්තයා මේ තැන් ගැන දන්නෙම නැත.ගම්මුන්ටත් මේ ගැන වගකීමක් ඇත. (නි)
ගම්පහ මාර්ග අනතුරු අඩුකරන්න දෙයියන්ට භාරදුන්නා වගේ මේ වැඩෙත් දෙයියෙක් හොයලා භාරදෙන්නකෝ (නි)
ගම්පහ දැන් ගොඩක් දේවල් වලට ප්‍රසිද්ධ වේගෙන එන්නේ . සති අන්තයේ අමතර පන්ති කියා එන කොල්ලෝ කෙල්ලන් හුරතල් වෙන ඒවා . කසිප්පු පෙරන තැන් . ගණිකාවන් . මේ ඔක්කොම වගේ දැන් ගම්පහ පැත්තෙන් අලුත බිහි වන ඒවා (අ)