ගම්පහ ලීසිං සමාගමේ කොල්ලය සිදු කළ පිරිස මීගමු වෙරළට ගොස් විනාඩි පහක් සිට එතැනින් මාරවිලට ගොස් ඇති අතර එහිදී කොල්ලකෑ භාණ්ඩ බෙදාගැනීමෙන් පසු පිරිස වෙන්වී ගොස් ඇතැයි පොලිසිය කියයි.
නෙළුවෙන් කුළියට ගත් වෑන්රිය දීම සඳහා නෙළුවට යද්දී නිදිමතක් අතිවී වෑන් රිය හිනිදුම නතර කර ඇති අතර අවේලාවේ නතර කර තිබූ වෑන් රිය දුටු හිනිදුම පොලිසියේ පිරිසක් එම ස්ථානයට විත් පරීක්ෂා කර ඇත. වාහනයේ සිටි අය ගැන ප්‍රශ්න කරන්නට පෙර පොලිසිය සමෘද්ධි නියාමකයා දුටුවේය. ‘ආ මේ සමෘද්ධි මහත්තයානේ‘ යනුවෙන් පොලිස් කොස්තාපල්වරයෙක් පවසා ඇති අතර වාහනය ගැන සැක නොසිතා ඔවුනට යන්නට ඉඩ ලබා දී ඇත.
එම අවස්ථාවේ වාහනය පරීක්ෂා කලේ නම් හොරබඩුවලින් කොටසක් අල්ලා ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබිනැයි පොලිසිය කියයි.
මේ අතර සැකකාර සමෘද්ධි සංවර්වර්ධන නිලධාරී අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර සිය නිවසට දීමට යැයි කියමින් මිතුරකුට දුන් රුපියල් 28,000ක මුදල ද මේ කොල්ලයේදී සැකකරු විසින් සොරා ගත් මුදලෙන් කොටසක් විය හැකි බව පොලිසිය කියයි.
සැකකරු ඉටි කවර දෙකකට මුදල් හා රන්භාණ්ඩ දමා ගන්නා අතර අනෙක් කොල්ලකරුවනට නොපෙනෙන පරිදි ඔහු එක ඉටි කවරයකට අත දමා එයින් රන් හා මුදල් හොරෙන් සාක්කුවට දා ගන්නා අයුරු සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව ඇත. සීසීටීවී කැමරාවේ සටහන් වී ඇති පරිදි සැකකරු පස්වරු එකයි තිස්හයි තත්පර තුනට ඉටි බෑගයට අත දමා යමක් ගෙන සිය සාක්කුවේ දමා ගනී.
සැකකරු ලබා දුන් රුපිල් 28,000 එලෙස සොරා ගන්නා මුදල් බවට පොලිසිය සැක කරයි.
බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුගේ උදව් උපකාර ඇතිව මේ කොල්ලය සැලසුම් කර ඇති බව මේ වන විට හෙළි වී ඇත. හබරාදූවේ පදිංචිකරුවකු බව කියන ප්‍රධාන සැකකරු තමාට හදුන්වා දුන්නේ බන්ධනාගාරයේ සිටින පුද්ගලයා බව සමෘද්ධි නිලධාරයා කියා තිබේ. බන්ධනාගාරයේ සිටින පුද්ගලයා සමෘද්ධි නිලධාරී හදුනා ගත්තේ මීට පෙර කරාතේ පන්ති කරන අවදියේ බව කියති.
මේ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී - 07747 8 46 46
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති - 077 33 54 674
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම අබිරහසක් අනාවරණය කරගෙන ඇත්තේ "සැකය" පාදක කරගෙනයි. මුල පටන් ගන්නේ එතනිනුයි. මේ සිද්ධියේදී සමෘද්ධි නිලධාරියා පොලිස් නිලධාරීන්ගේ සැකය ඉවත් කළ නිසා ඔවුන් බේරුනා. ඔවුන්ගේ වෙලාව හොඳයි, ටික දවසකටවත්. (නි)
මේක තමයි අපේ ආරක්ෂකයන්ට වැදිලා තිබෙන හෙණේ. අඳුනන කෙනෙක් දැක්කම පරික්ෂා කිරීමක් නැත. මෙයාලට සෞදි අරාබියාවේ ආරක්ෂක සේවයේ පුහුණුව ලබාදෙන්න ඕනෑ, එයාලා කොපමණ හැදුනුම්කමක් තිබුනත් නීතිය අකුරටම ක්‍රියා කරනවා. තම රටේ මිනිහටත් එකයි පිටරැටියටත් එකයි. (නි)
ඒ අනුව බලද්දී හොර සමුර්ධි නිලධාරියා සහ අනෙක් හොරු මහන්සියට නිදාගන තියෙන්නේ සමුර්ධි නිලධාරියගේ ගම හෝ නිවසට ආසන්න ප්‍රදේශයක. පොලිසියේ නිලධාරීන්ට සක කරන්න තිබුන ඒ හේතුවම ඇති ඒ වෙලාවෙ ඔවුන් බුද්දිමත් උනානම්. (අ)
ආරක්ෂක නිලදාරීන් කවදා පාඩමක් ඉගෙනගනීවිද මන්දා. (දී)
පොලිස් කටේ ග්‍රීස් ඇතේ (දී)
ගේ ළඟටම ඇවිල්ල නිදිමතට මග නිදා හන්නේ මොන මිනිහද . පොලිසිය කන්නේ මොනවද මන්ද ඕක තේරෙන්නේ නැති . (දී)
පොලිසියේ අයම තමයි වැරැද්ද කර ගත්තේ (දී)
අතට ගත්ත එක කටට දාගන්න පිනක් නැහැ කියන්නේ ඕවට තමයි (දී)
ඉතින් මෙයා මේ තරම් හොරකමක් කරලා තවමත් සමෘද්ධි නියාමක ද හලෝ. (ස)
ඔක්කොම හොරු බිහිවෙන්නේ බන්ධනගාරයෙන් සහ දේසපාලක සම්බන්ධකම් පවත්වන සමහර අයගෙන්,, මේකට නිසි පිළියම් යොදන්න ක්‍රියා කල යුතුයි. (ස)