මෙවර ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේදී විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් පෑ 71 දෙනෙක් සම්මාන හිමිකරගත්හ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ දිවි ගෙවන මෙතෙක් සම්මානයට පාත්‍ර නොවු සාහිත්‍යධරයන් වෙත පිරිනමන පුරවැසි සාහිත්‍ය සම්මානය මෙවර හිමිකරගත්තේ ප්‍රවීන ලේඛක බර්නාර්ඩ් ශ්‍රී කාන්ත් මහතා විසිනි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන පුස්තකාල පාඨක සමාජ නියෝජනය කරනු ලැබු සිසු සිසුවියෝ රැසක් ත්‍යාග හා සහතික පත්‍ර හිමිකරගත්හ.
ඉමාල් පියුමික පීරිස්, ශෂිනි තිවංකා සෝමතිලක, මාධව රංදෙනිය, වීනාවී යාපාරත්න, ශර්ලි මධු ශලිනි, හෂිනි මධාරා, ඉමාෂා හංසිනී, සදීපා විජේවර්ධන, විදුර කවිෂාන්, පංචලී කෞෂල්‍යා, ඕෂධී ඩයස්, අංජන මිලින්ද, මනීෂා රත්නායක, බුද්ධික රණසිංහ මෙලෙස සම්මාන හිමිකරගත්හ.
ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය මෙම උළෙල සංවිධානය කර තිබිණි. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
ගම්පහ පළාත් පාලන සහකාරකොමසාරිස් සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් මෙයට සහභාගී වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඩා හොද හෙට දවසක් උදෙසා කල මෙහෙවරක්. (නදී)
නියම වැඩක්. (නදී)
මේ උත්සවය දැක්කහම මතක් උනේ, බියගම ප්‍රදේශයේ හිටපු "වල්ගම සෝමතිලක" කවියවයි. එතුමා කලා භූෂණ කලා කීර්ති, කිවි සක්විති, වගේ සම්මාන රාශියකින් පිදුම් ලැබූ ප්‍රවීණ කවියෙක්, අතකසයේ හිටපු සභාපතිවරයෙක්. ගීත රචකයෙක්. ප්‍රතිපත්ති ගරුක දේශ පාලකයෙක්. එතුමා අභාවප්ප්‍රාප්ත උනාට පස්සේ එම මැතිනිය අසරණ උනා. ඒගොල්ලන් ගැන බලන්න කවුරුවත් උනන්දුවක් නැහැ. මෙතුමාත් ගම්පහ දිස්ත්‍රික්කයේ උපන් කවියෙක්. මෙවැනි සම්මාන උළෙලවලදී පැරණි සහ මියගිය කලාකරුවෝ ගැනත් සැලකිලිමත් වෙනවා නම් කෙතරම් අගේද? (නදී)