මෙවර ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේදී විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් පෑ 71 දෙනෙක් සම්මාන හිමිකරගත්හ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ දිවි ගෙවන මෙතෙක් සම්මානයට පාත්‍ර නොවු සාහිත්‍යධරයන් වෙත පිරිනමන පුරවැසි සාහිත්‍ය සම්මානය මෙවර හිමිකරගත්තේ ප්‍රවීන ලේඛක බර්නාර්ඩ් ශ්‍රී කාන්ත් මහතා විසිනි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන පුස්තකාල පාඨක සමාජ නියෝජනය කරනු ලැබු සිසු සිසුවියෝ රැසක් ත්‍යාග හා සහතික පත්‍ර හිමිකරගත්හ.
ඉමාල් පියුමික පීරිස්, ශෂිනි තිවංකා සෝමතිලක, මාධව රංදෙනිය, වීනාවී යාපාරත්න, ශර්ලි මධු ශලිනි, හෂිනි මධාරා, ඉමාෂා හංසිනී, සදීපා විජේවර්ධන, විදුර කවිෂාන්, පංචලී කෞෂල්‍යා, ඕෂධී ඩයස්, අංජන මිලින්ද, මනීෂා රත්නායක, බුද්ධික රණසිංහ මෙලෙස සම්මාන හිමිකරගත්හ.
ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය මෙම උළෙල සංවිධානය කර තිබිණි. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
ගම්පහ පළාත් පාලන සහකාරකොමසාරිස් සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් මෙයට සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ සාහිත්‍ය ශූරයෝ
කල්ප Saturday, 04 October 2014 07:28 AM
වඩා හොද හෙට දවසක් උදෙසා කල මෙහෙවරක්. (නදී)
ශාලිකා Tuesday, 07 October 2014 06:44 AM
නියම වැඩක්. (නදී)
අජිත් කරුණාරත්න Monday, 06 October 2014 03:48 AM
මේ උත්සවය දැක්කහම මතක් උනේ, බියගම ප්‍රදේශයේ හිටපු "වල්ගම සෝමතිලක" කවියවයි. එතුමා කලා භූෂණ කලා කීර්ති, කිවි සක්විති, වගේ සම්මාන රාශියකින් පිදුම් ලැබූ ප්‍රවීණ කවියෙක්, අතකසයේ හිටපු සභාපතිවරයෙක්. ගීත රචකයෙක්. ප්‍රතිපත්ති ගරුක දේශ පාලකයෙක්. එතුමා අභාවප්ප්‍රාප්ත උනාට පස්සේ එම මැතිනිය අසරණ උනා. ඒගොල්ලන් ගැන බලන්න කවුරුවත් උනන්දුවක් නැහැ. මෙතුමාත් ගම්පහ දිස්ත්‍රික්කයේ උපන් කවියෙක්. මෙවැනි සම්මාන උළෙලවලදී පැරණි සහ මියගිය කලාකරුවෝ ගැනත් සැලකිලිමත් වෙනවා නම් කෙතරම් අගේද? (නදී)