වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට එරෙහිව මිරිස්වත්තේ සිට බියගම දක්වා සංවිධානය කළ රිය පෙරහර නොපත්වන ලෙස තර්ජනය කළැයි ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාට එරෙහිව බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (14) පැමිණිලි කළ බව එම විරෝධතාව සංවිධානය කළ ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් අධිකාරිතුමා මේ කියන කෙනාට හරිම ලස්සනට විනීතව පැහැදිලි කරන ආකාරය වීඩියෝවෙන් අපි දැක්කා.එතුමා මහත්මා ගතියෙන් හොද නරක පැහැදිලි කළා.මෙවැනි නිලදරුවන් රටට සම්පතක්. (නි)
මේ බන්දුල පෙරේරා කියන කෙනා කාටද කඩේ යන්නේ (දිල්)
පිටබැද්දර මහත්තයෝ..ඔබ තුමා මට වඩා උගත් ඇති..ප්‍රේමදාස මහත්තයව අඳුනනවත් ඇති...ඒ ගැන මගේ වාදයක් නැහැ..අල්ලපු වත්තේ එකා උද්ගෝෂණ කරන්න අයිතියක් තියෙනවා කියලා ඔබතුමාගේ ගේ දොරකඩ හරස් කරලා උද්ගෝෂණයක් කලොත් ඔබතුමා ඒක උගේ අයිතිය කියල පිළි අරන් ගේ ඇතුලට වෙලා ඉන්නවද ඌට එපා වෙලා කවදාහරි යනකම්.ප්‍රධාන පාරවල් හරස් කරලා පාරවල් මැද්දේ හට් ගහ ගෙන සාමාන්‍ය ජන ජීවිතයට බාධා දෙන විදියේ උද්ගෝෂණ කරන්න කියල ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී උද්ගෝෂණ අයිතිවාසිකමේ කොහෙවත් කියල නැහැ..පිට පනින කොට මුලදීම නිසි ක්‍රියාමාර්ග නොගත්ත නිසයි ජීවිත තුනක් අහිමි උනේ..සාමකාමී උද්ගෝෂණ වලට අපිත් විරුද්ධ නැහැ මහත්තයෝ..මේ උද්ගොෂණයේ, පෙළපාලියේ අරමුණ වටහාගන්න බැරි තරමට ඔබතුමා නුගත් කියල මම පිළිගන්නේ නැහැ..තියෙන්නේ සත්‍යය හොඳින් දැක්කත් ඒක තමන්ගේ මතයට පිටින් නිසා පිළිගන්න තියෙන අකමැති කම.. (ස)
මේ කෑ ගහන්නේ ඉස්තරම්ම වර්ගයේ බෝතල් කළ පිරිසිදු වතුර ඉල්ලලා නොවේ. තමන් මේ දක්වා බිව් වතුර අපවිත්‍ර කළ එකට විරුද්ධවයි. මේ මිනිස්සුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි ජලය ලබා දීමට නොහැකි මන්ද? (නි)
සුනෙත් වගේ අය ඉන්නකම් මගේ රටට කාගේ පිහිටක්ද? (නි)
සමහර නිලධාරින්ට ඔය වගේ දේවල් වලට පසුකාලීනව මුහුණ දෙන්න වෙනවා (නි)
සුනෙත් මල්ලි, නුඹ අපට පවසන්නේ අප උපන් ගම හැරදා කිනම් ප්‍රදේශයකට යන්න කියාද? (නි)
පොලිස් අධිකාරී තුමා තර්ජනයක් කලේ නෑ.අවවාදයක් දුන්නේ, නීතිමය බලයක් තියෙන කෙනෙක් හැටියට.වාහන පෙළපාලි යන අයත් දැන ගන්න ඕන පාරක් අවහිර කලාම සාමාන්‍ය ජනතාවට සිදු වෙන කරදර.අර හාමුදුරුවෝ පාවිච්චි කරලා බළලුන් ලවා කොස් ඇට බාවන්න ගිය නිසා තමයි උන් වහන්සේ පැත්තකට වුණේ. (ස)
මේ පොලිස් අදිකාරීතුමා ඒ පිරිසට හොදින් කිවා, එත් කිවා දේ නොතේරුණා වගේ කතා කරද්දී, කලින් කි දේම ටිකක් සද්දෙට කිව්වා!!!!(දිල්)
පාරට ඇවිල්ලා පෙළපාලි යන්න තරම් නිදහස ලබා දුන්නෙත් මේ පොලිස් සහ හමුදාවේ අයම තමා. දැන් එයාලට විරුද්ධව පැමිණිලි දානවා (නි)
බන්දුලගේ කතාවේ ලොකු ඇත්තක් තිබෙනවා. මිනිසුන් ආවේගශීලි කරලා තවත් විනාශයක් කරන්න ගිය එක නවත්වපු එකයි පොලිසි අධිකාරිතුමා කළේ. රට ගැන හිතලා වැඩ කරන්න ඇයි මිනිසුන්ට බැරි.මේ හැමදේම කරන්නේ තමන්ගේ වාසියට ප්‍රයෝජනයට කපටියෝ. (නි)
මිනිසුන්ට අවහිර වනසේ උදගෝෂණ නොකර සිටියම හරිනේ. එතකොට මොනවත් ප්‍රශ්නයක් ඇති වන්නේ නැද්ද ? කිසි දෙයක් ඉල්ලන්නෙපා. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන සිටිමු හොඳේ. (ස)
පිටබැද්දර ජයා, මොන උද්ඝෝෂණය කරන්නත් පෙළපාලි යන්නත් පුළුවන්කම තියෙන්නේ නීතිමය රාමුව ඇතුලේ පමණයි. ඔබ හිතනවා වගේ "පරම මානව අයිතියක්" කියල දෙයක් මොනම දේකටවත් මේ ලෝකේ කිසිම රටක නැහැ. එක පිරිසකගේ අයිතිය/නිදහස භුක්ති විඳින්න ඉඩක් නැහැ තව පිරිසකගේ අයිතිය/නිදහස අහිමි කරලා. (කොල්වින් ආර්. ද සිල්වා මහතා ඒකට කිව්වේ "වල් බූරු නිදහස" කියල). මේ පෙළපාලිය නීති විරෝධී වුනත් ඔබ කියන්නේ නීතිය කැඩුවට කමක් නැහැ කියලද? එහෙනම් අර මාතර පෙළපාලියට ගහල නීතිය කඩපු එකත් හරි නේද?(දිල්)
මේ රතුපස්වල මිනිස්සු මොනවද ඉල්ලන්නේ? ඇයි මේ හැමදේම අවුල් කරන්නේ? මට නම් පෙනෙන්නේ මෙයාලට ඕනෑ වතුර නෙමෙයි, කම්හල වහන්න. දැන් අර හිමි නමත් කියනවනේ ඉවසන්න කියලා. ඉතින් ඉවසන්න ටිකක් (නි)
පිටබැද්දර මහත්තයෝ,ඔබතුමාට උදාහරණ අනන්තවත් දෙන්න පුළුවන්.අරගල, උද්ඝෝෂණ වලින් අයිතිවාසිකම් එකක් දිනා ගත්තොත් අනුනමයක් දිනාගෙන තියෙන්නේ ඒවා නැතුව සාමකාමීව.මේ රටේ නීතියක් තිබෙනවා.යමක් කළයුතු ක්‍රියා පිළිවෙතක් තිබෙනවා. (නි)
උපන් භූමිය නැතිවන එක වේදනාවක්. උපන් භූමිය විනාශ වන එක කේන්තියක්. මිනිසුනේ, නුඹලාගේ සටනට ජයවේවා! (නි)
බන්දුල පෙරේරා කියන්නේ කුමනාකාරයේ අයෙක්දැයි සිතාගන්න අපහසුයි (නි)
මේකේ වරදක් නැහැ. (නි)
මෙතන මේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මිනිස්සුන්ද?ඉන්න බැරි නම් ගමෙන් යන්නේ මොකටද? (නි)
දැන් මේ මිනිස්සුන්ට වතුර ගැන ගානක්වත් නැහැ ..! තියෙන ලොකුම ප්‍රශ්නේ කම්හල වහන එක.., බන්දුල ඔබේ අදහස් -තර්ක ගොඩක් අයට දිරවන්නේ නැහැ වගේ ඇත්ත තිත්තයි මල්ලියෝ...!! (ස)
බන්දුල පෙරේරා ඔබ හරි , ඔබට මෙතන අදහස් දාන අයට වැඩිය තේරෙනවා, සාදුටත් වඩා හොඳට, (ස)
ඔය ප්‍රශ්නය තියෙන්නේ අනුන්ගේ ගමක හින්ද පිට ඉදල ඕන තරම් බන කියන්න පුළුවන්.හැබැයි අපිරිසිදු වතුර නිසා හදිසියකට ගෙයක් දොරක් විකුණගන්න බැරි තරමට ,උකසට තියන්න බැරි තරමට වටිනාකම බැහැල.දහස් ගණනකට බොන්න වතුර ටික නෑ.ගෙවල් අස්සේ අටවපු,ඇසිඩ් වතුර ටික පිරිසිදු කරලා එලියට දන්නා වියදම වැඩි නිසා හොරෙන් පොළොවට යවපු ප්‍රකෝටිපතියට කම්හල වෙනත් තැනක කම්හල් සදහාම වෙන් වුන පැත්තකට අරන් යන්න කියල කියන ගමේ අපි පිල්ලෙට රට අරන්දෙන්න යනවා, කැනඩා කොටි සල්ලි කියමින් නින්දිත ලෙස හැසිරෙන, බොරු නම්වලින් ලියන කම්හලේ මුදලින් සහ දේශපාලකයන්ගේ ගෝලයන්ගේ කතා වලට රැවටෙන්නට එපා! එකම පක්ෂෙක මිනිස්සු ඉන්න ගමක් උතුරු නැගෙනහිර හැර වෙන කොහෙවත් නෑ.මේ ගමේ හැම පක්ෂේකම මිනිස්සු මෙතන එකතුවෙලා කරන සටනක්.මෙහෙම ගියොත් බිම් බෝම්බ, ටි 56 ගෙනත් දාල රතුපස්වල ඉන්නේ කොටි කියන්නත් බැරි නෑ ලගදීම. අයිතිකරු එතරම් බලවතෙක්. (අ)
බන්දුල පෙරේරා ඉන්නෙත් ලොකු අරගලයක වගෙයි (නි)
බන්දුල මහත්තයා එන්නකෝ අපේ ගෙවල් පැත්තේ (ස)
නීතිය අර කාටද ගිහින් නම් ? (අ)
සාමකාමී පෙළපාලියක විරෝධතා දැක්වීම මිනිස් අයිතිවාසිකමක්. මේ බන්දුල වැනි අය ඒවා දන්නේ නැහැ (නි)
මම නම් හිතන්නේ කාට පැමිණිලි කළත් වැඩක් වෙන එකක් නැහැ කියලා (නි)
මානව හිමිකම් එකට යමු. (නි)
මේ දෙකේ පංතියවත් පාස් නැති බන්දුල පෙරේරා කියන බොරු නමින් පෙනී හිටින කෙනා කවුද?? (ස)
වාස් මහත්තයාව මතක් වුණා මට (නි)
සිරියලතා බන්දුල මහත්තයට ගෙදරට එන්න කියන්නේ වෙන වැඩකට මට පේන්නේ.. (ස)
බන්දුල ,රටක නීතිය තම හිතවත් අයට එක විදියකටත් අන් අයට තව විදියකටත් නම් ,මිනිස්සුන්ගේ දුක දකින්න ඕනෑ අය යක්කු වෙලා නම් පිල්ලෙට නෙමෙයි කාටහරි තමන්ගේ වේදනාව කියන එක නවත්වන්න බැහැ (නි)
සාමකාමී පෙළපාලි යන්න (රැස්වීමේ නිදහස) වුණත් අවසර තිබෙන්නේ ජාතික, ආගමික සහජීවනයට හා ආර්ථිකයට හානියක් නොවන ආකාරයට පමණයි කියලයි අපේ ව්‍යවස්ථාවේ කියන්නේ. මොන නිදහසත් භුක්ති විඳින්න අවසර තියෙන්නේ නීතිමය රාමුව තුළ පමණයි. නීතියට පටහැනිව පෙළපාලි යා නොහැකියි. මේ පෙළපාලිය අධිකරණයෙන් තහනම් කළ එකක් නිසා නීති විරෝධියි. එදා පෙළපාලි යන්න සුදානම් වූ අයට පොලිසියෙන් පෙන්වා දුන්නේ මේ තත්ත්වය නේද? (නි)
අපේ ඥාති (බන්දු) ගේ යෝජනාව ඇත්තෙන්ම කාලෝචිතයි. දැන් දැන් ඔහු ප්‍රකාශ කරන දේවලින් එය හොඳටම පැහැදිලි වෙනවා. (නි)
කොහොමද තිසල් වැලිවේරියේ නෙමෙයි කියන්නේ? වැලිවේරියේ ඉන්නේ නුගත් මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ? (නි)
අපේ රටේ ඉන්නේ වෙන රටක් දැකලවත් නැති, වෙන රටකට පය ගහලාවත් නැතිව ලොකු උතුම් රට ලංකාවයි කිය කියා ඉන්න උන්දැලා. පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න මේ වගේ දේවල් කරපු කර්මාන්ත ශාලා වලට වෙනත් රටවල නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද, ලොකු උතුම් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අපිට ප්‍රෞඪ ඉතිහාසක් ගැන විතරනේ කියන්න පුළුවන්, ප්‍රෞඪ වර්තමානයක් ගැන කියන්න පුලුවන්ද ? (නි)
මැගේ නම "ලංකාය"....ඉන්දියන් සාගරේ වසන්නී.... මුසාවෙන් මුලාවී සිටින්නී..... විමුක්තිය නාමයෙන් හඬන්නී.... (ස)
මානව හිමිකම් කොමිසමට නොකරන පැමිණිල්ල මොකක්ද? කව්ද මේ පෙළපාලිකරුවන්ට සල්ලි දෙන්නේ? (නි)
සමහරු හිතාගෙන ඉන්නවා නිලයක් ලැබුණහම ඊට වඩා කව්රුත් නැහැ කියලා (නි)
පිල්ලේට ආරාධනා කරලා රටට ගෙන්නා ගත්තේ කවුද? ඉල්ලාගෙන කනවයි කියන්නේ මෙන්න මේවට තමයි. (නි)
බන්දුල පෙරේරා , නොදන්නවා නම් දැනගන්න, ප්‍රජාතාන්ත්‍රික සමජයක මිනිසුන්ගේ අයිතීන් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබෙනවා කියන එක. දැන් මේ රටේ හදිසි නීතිය ඉවරයි. මේ මිනිස්සු ඉල්ලන්නේ බොන්න පිරිසිඳු වතුර මිසක් යාන වාහන ගෙවල් දොරවල නෙමෙයි. ඒ විතරක් නෙමෙයි තමුන් ප්‍රේමදාස මහත්තයාව හරියට අඳුරන්නේ නැහැ (නි)
ප්‍රජාතාන්ත්‍රික සමජයක මිනිසුන්ගේ අයිතීන් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබෙනවා. ඒක අපි හැමෝම පිළිගන්නවා. එහෙත් එක එක යටි අරමුණු තියාගෙන මිනිස්සුන්ව බිල්ලට දීලා තමන් ප්‍රසිද්ධ වෙන්න බොරු පෙළපාලි මොකටද? (නි)
මොනවා කළත් අන්තිමේට පොලිසිය වැරදියි. (නි)
එක දෙයක් කියන්න පුළුවන්..තිසල් වැලිවේරියේ තියා ඒ අහල පහල පැත්ත පළාතකවත් නෙමෙය්...ඔය වතුර බීල තිය ඇහැට දැකපු කෙනෙකුත් නෙමෙය්...ගල් පැලෙන බොරු කියන්න දස්ස සත්‍යය ටිකිරි බන්ඩ තිලක් ඩුබයි විතරය් කියල මම හිතුවේ..දැන් බැලුවම තව කට්ටිය ඉන්නවා,(අ)
අපරාදේ..පිල්ලෙටත් ෆැක්ස් එකක් යවන්න තිබුනේ.....විසදුමකට ඉඩක් නොදී කිසි දෙකින් සැහීමකට පත් නොවී මිනිස්සු අවුස්සලා තමන්ගේ දේසපාලන අවශ්‍යතා වෙනුවෙන් තවත් ජීවිත කීපයක් බිලිබාගන්න දගලන මේ වගේ නරුමයින්ගේ අසනීප වලට අවශ්‍ය බේත් දෙන්න පේමදාස මහත්තය වගේ නායකයෙක් බලේ ඉන්න තිබුනේ.. (අ)
බන්දුල , මේ ලෝකේ අද අපි යමක් බුක්ති වින්ඳිනවා නම් ඒ සියලු දේ ලබාගන්න අපේ මුතුන් මිත්තන්ගේ ඉඳල අද පවතින සමාජෙ අය දායක වෙලා උද්ගෝෂණ, හර්තාල් , විතරක් නෙවෙයි ජීවිත පවා පුජා කරලා තියෙනවා. කොතනක වත් තියෙනවද කිසිම දෙයක් කිසිම පාලකයෙක් රිදී බන්දේසියක තියල අපිට දුන්නා කියලා ? එහෙම තියෙනවා නම් මට එක තැනක් පෙන්නන , බන්දුල , අපි ඉපදුන දවසේ ඉඳලම තමයි මේ හර්තාල් කරන්න පටන් ගත්තේ , බන්දුල ඉපදුන වෙලාවේ ඉඳල අඬන්නේ නැතුව හිටියොත් බන්දුලගේ අම්ම කිරි පොවනවද නැහැ , මොකද අම්ම හිතන්නේ මගේ පුතාගේ බඩ පිරිලා කියලා. හොඳට රෙද්දකුත් පොරවල නිදි කරවයි, බන්දුල අඬන්න ගන්න කොට අම්මට මුළු ඇඟම උණු වෙනවා. අනේ මගේ පුතාට බඩගිනි වෙලා කියල ඒ අම්මා මොන රාජකාරිය තිබුනත් නවත්වලා කිරි ටික පොවනවා. මෙන්න මේකයි ඇත්ත . ඒ වගේ මේ මිනිස්සු කරන්නෙත් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න දඟලන එකයි මේ මිනිස්සු ඉල්ලනේ වතුර අයින් කරන්න කියන්නේ බයානක රසායනික පාවිච්චි කරන කම්හලයි , මේ කම්හල මේ වගේ ග්‍රාමයකට ගැලපෙන්නේ නැහැ , ඒ නිසා මේ දිහා මානුසික විදියට බලන්න පුරුදු වෙන්න , ගම හතරක් පහක් එකතුවෙලා ජීවිත ගානක් අහිමි කරගෙන මේ මිනිස්සු දිවා රෑ කියන්නේ මේක අයින් කරල දෙන්න කියලයි , ප්‍රජාතාන්ත්‍රික විදියට හිත පතන්න පුළුවන් කට්ටිය ඉන්න රටක නම් රටේ ජනතාවට ඇහුම්කන් දෙනවා මොකද මේක අතිශයින්ම මානුෂිය ඉල්ලීමක් (ස)
මානව හිමිකම් අදුරන්නේ නැද්ද කොහෙද.. ඒස්පී මේ අයට කතාකරා හොද වැඩී. කෝ අර ඊයේ නිව්ස් එකට කෑගහපු කට්ටිය? (අ)
අනේ බන්දුල පෙරේරෝ,රතුපස්වල අහිංසකයින්ගේ ප්‍රශ්නයට දෙන පිළිතුරුද ඔය (නි)
හමුදුරුවන්ට සත්‍යය අවබෝධ වෙලා තිබෙන්නේ ගම්පොලදී. එම අවබෝධ වුණු ධර්මය රතුපස්වලදී දේශනා කරන්න පුලුවන්ද දන්නෙ නැහැ (නි)
අපේ රටේ වෙන හැම දෙයක්ම බලවත් රටවල තානාපතිවරු ෆැක්ස් මගින් ඒවා මානව හිමිකම් කව්න්සලය වෙත යවනු ඇත. අපේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ මේකෙන් අපේ රටට ඇතිවෙන හානිය හා බලපෑම් මොනවාද කියලා. මම හිතන්නේ මේ එස්.පි .මහත්තයට හැම පැත්තෙන්ම බලපෑම්,රාජ කාරියේ ඉන්නව කියන එකත් ලෙහිසි නැහැ. ඔහුත් අපි වගේ මනුස්සයෙක්. (නදී)
සාධාරණය ඉෂ්ඨ වේවිද???? (ස)
සිරිදාස. ඔව් ඔව් අපේ දුක සැප එදා ඉඳලම බැලුවේ පිල්ලේ නෝනා නේ..එතුමිය නිසා අපි අද පාරේ බැහැල යනවා. (ස)
ඉන්න බැරි නම් ගමෙන් පිට වෙන්න..දැන් මේ මිනිසු රටටම කරදරයක් වෙලා. (නදී)
විරෝදතා දැක්වීම මිනිස් අයිතිවාසිකමකි. එයට ඉඩදීම පාලකයන්ගේ යුතුකමකි.(නදී)
මෙතන ප්‍රතිචාර දාල තියන මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ බරපතලකම තේරෙන්නේ තමන්ටත් මෙහෙම උනානම් තමා. මිනිස්සුන්ට බොන්න තියන ජලයත් එක්ක සෙල්ලම් කරන්න එපා. පින් සිද්ධ වෙනවා. (ස)
මේවා කැනඩා කොටි සල්ලිද? හර්පෙර් ගේ සල්ලිද?(නදී)
බන්දුල පෙරේරා,අසනීප වලට ප්‍රේමදාස මහත්මයා දුන්න පරණ බෙහෙත් වලට වැඩිය හොඳ, අලුත් වර්ගයේ බෙහෙත් දැන් ඉන්න මහත්වරුත් දුන්න බව පහුගිය කාලයේ අපි හොඳට දැක්කා. හෙට අනිද්දට තව මාතර පැත්තේ අසාද්‍ය ලෙඩෙකුට හොඳ ඉන්ජක්ෂන් එකකුත් දෙයි බලාගන්නකෝ.(නදී)
අදහස් ප්‍රකාශ කිරීමට ඕන කෙනෙක්ට මෙතන පුළුවන්..බන්දුල පෙරේරා මහතාට නොබැන එතුමාගේ අදහසත් මේ ප්‍රශ්නයේ එක් පැති කඩක් ලෙස අපි හිතනවා.. (ස)
ඔය කියන තරම් වතුරේ ප්‍රශ්නයක් මෙතන නෑ..අපිත් ඉන්නේ ඔය ලඟ තමා. (ස).
අර ඒ දවස් වල හන්දියක් හන්දියක් ගානේ තරුණයන්ගේ මල කඳන් ටයර් වල දමල ගිනි තියනකොට පිල්ලේ නෝනා කොහෙද දන්නේ නැහැ හිටියේ . (ස)