‘සියනෑ ජලය සුරකීමේ ජන නැගුම‘ සංවිධානයේ අනුශාසක ලෙස මෙතෙක් කටයුතු කළ තෙරිපැහැ සිරි ධම්ම හිමියන් අද සිට එම ධුරයෙන් ඉවත් කරන බව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටි ආරච්චි මහතා අද (16) සණස ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
රතුපස්වල අත්වැසුම් නිෂ්පාදන කම්හල යළි විවෘත කිරීමට කැමැත්ත පළ කරමින් සිරි ධම්ම හිමියන් විසින් ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.
එම ගිවිසුමට ජනතාව වෙනුවෙන් සිරි ධම්ම හිමියන් සමග අත්සන තැබු සම්පත් සමරකෝන් මහතා ද පැමිණ සිටි අතර ඒ මහතා මාධ්‍ය හමුවේ පැවසුවේ තමාට සාක්ෂියකට අත්සන් කරන ලෙස ගම්පහ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතා පැවසු බවත් ඔහුද එහි අත්සන් කරන බව කිවු බැවින් එහි අත්සන තැබු බවයි. සිරිධම්ම හිමියන් ජනතාව අකමැති නම් ගිවිසුම අවලංගු කරන වගකීම ගන්නා බව පවසා තමන්ට එය අත්සන් කිරීමට තමා බවත් ඔහු එහිදී පැවැසීය.
එදින අත්සන් කළ ගිවිසුමට විරෝධය පල කරමින් විද්වත් කමිටුවේ සාමාජිකයෝ කිහිපදෙනෙක් සහ ගැමියෝ කිහිප දෙනෙක්ද මෙහිදී අදහස් පළ කළහ.
හෙට්ටි ආරච්චි මහතා -
‘ මේ ජල දුෂණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව නියෝජනය කිරීමට පත් කළ පරිසර කමිටුවේ සහ විද්වත් මණ්ඩලයේ කිහිපදෙනෙක් අද ජනතාව පාවාදෙමින් සිටිනවා. ඔවුන් කර්මාන්ත ශාලාවේ පැත්ත අරගෙන, සමහර දේශපාලඥයන්ගේ කීම මත ජනතාවට විරුද්ධව තින්දු අරගෙන ගිවිසුම් අත්සන් කරලා තියෙනවා.
අනිත් එක මම විද්වත් මණ්ඩලයේ ඉන්න නීතිඥ මහත්තුරුන්ට ආරාධනා කරනවා විවෘත ප්‍රකාශයක් කරන්න මේ සිද්ධිය කොහොමද වුනේ? ඇයි 98 වගන්තිය යටතේ නඩු ගොනු නොකලේ කියා ජනතාවට පැහැදිලි කරන්න.
ඒ වගේම ජනතාව මේ කර්මාන්ත ශාලාව මෙතනින් ඉවත් කරන්න කියා කියද්දීම විද්වත් මණ්ඩලයේ ඉන්න දෙදෙනෙක් තෙරිපැහැ සිරිදම්ම හිමියන් පොළඹවාගෙන ගිවිසුම් අත්සන් කළා.
ඔවුන් අදත් කියන්නේ ජනතාව මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරන්න කැමත්ත දුන්නා කියලා.
නමුත් ජනතාව එය ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ යටි කුට්ටු කුමන්ත්‍රණකාරී වැඩ මෙතන සිද්ද වෙලා තියෙනවා. මේ හොර ගිවිසුම් ගැහුවා මේ ගිවිසුම් වලට බලපෑම් කළේ කව්ද කියන එක දැන් අපි දන්නවා. මේ විද්වත් මණ්ඩලේ ඇතුලේ ඉදගෙන තමන්ගේ ලාබ ප්‍රයෝජන තකා ඒ ගිවිසුම් ගැහැව්වේ.
ඒ නිසා අපි ඉදිරියේදී මේ විද්වත් මන්ඩලයේ පාවාදීම ගැන නීතිමය ක්‍රියාමර්ග ගන්නවා. ඒ වගේම සිරි ධම්ම හිමියන් සමස්ත ජනතාවගේ මානව අයිතීන් දැවන්ත පාවාදීමක් කර තිඛෙනවා.
උන්වහන්සේ බස්නාහිර පළාත අතහැර මධ්‍යම පළාතට ගිහිල්ලා කරන ක්‍රියාදාමය මොකක්ද කියලා සමස්ත ජනතාවම අද දන්නවා. අද මිනිස්සු කියනවා ස්වාමීණ් වහන්සේ විවිද දෑ ගත් බව. ඒක ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ස්වාමීන් වහන්සේ මුදල් නොගත්තා නම් සමස්ත ජනතාවත් එක්ක එකතු වෙලා ගමේ පන්සලට වෙලා ඉන්න ඕනෑ.
මේ ක්‍රියාදාමයට අපි සම්පුර්ණ විරුද්ධයි. ඒ නිසා මේ සියළු දෙයට නීතිමය ක්‍රියා මාර්ගයන් ලබන සතිය ඇතුලත ගන්නවා. ස්වාමීන් වහන්සේ අපේ අනුෂාසක ලෙස හිටියේ. ස්වාමීන් වහන්සේ නිතරම කතා කලේ මේ සංවිධානයේ නායකයා උනවහන්සේ ලෙසයි.
ඇත්තටම මෙතන එහෙම නායකත්වයක් නැහැ. මේ සංවිධානයේ නායකත්වය ජනතාව. ස්වාමීන් වහන්සේව අපි මේ සංවිධානයේ තැබුවේ අනුශාෂක ලෙස පමණයි.
පහුගිය කාල වකවේනුවේ තුන් වතාවක් මට අල්ලස් දෙන්න කතා කළා. ඒත් මට එයිට විරුද්දව නීතමය ක්‍රියා මාර්ගයක් ගන්න බැරිවුනේ ඒ අල්ලස් දෙන්න කතා කර තිබුනේ මා දන්නා කියන අය හරහා නිසයි.
මේ විද්වත් මණ්ඩලයේ ඉන්න කිහිප දෙනෙක් හොර රහසේ මාධය සාකච්ඡා තියෙනවා මේ ගිවිසුම නිවරදි එකක් බව ජනතාව අතරට රැගෙන ගොස් ජනතාවගේ ඔළු වෙනස් කරන්න.
මේ වෙනකම් කිසිම ආයතනයකින් මේ වාර්තා ලබා දී නැහැ. පහුගිය ජුලි මාසේ 29 ගම්පහ කච්චේරියේ රැස්වීමක් තියලා කිව්වා සති දෙකෙන් මේ වාර්ථා දෙනවා කියලා. ඒත් දැන් මාස තුනකට කිට්ටු වෙලා තියෙනවා ඒත් කෝ මේ වාර්ථා? ගමක මේ වගේ කර්මාන්ත ශාලාවක් පිහිටුවන්න අවසර දුන්න සියළුම ආයතනවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්වා.
මේ ජලයේ තියෙන විෂ රසායනික ද්‍රව්‍ය මොනවද ජාත්‍යන්තර පරීක්ෂණයක් මගින් කරුණු හෙළිකරනවා. ලංකාවේ ආයතන දෙන වාර්ථා අපිට විශ්වාස නැහැ. ඒ නිසා මේක හෙළි කරන්න අපි ජාතනන්තර පරීක්ෂණයක් සිදු කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම් ඔය ආයතනය හොඳ නම්,රබර් මිශ්‍ර වතුර භූගත ජලයට කිසිම හානියක් නොකරනවා නම් ඇයි මැලේසියා වලින් ගහල පැන්නුවෙ? (ස)
මට නම් ෂුවර් හාමුදුරුවෝ ලක්ෂ 25 ක් වත් ගන්න ඇති
මට නම් මේ ගිවිසුමේ වැරැද්දක් පෙනෙන්න නැහැ. කම්හල මාස 6 කින් වහනවනේ? සමහරු හිඟන්නාගේ තුවාලය කරගන්න හදනවද දන්නෙ නැහැ. (නි)
දැන් තමා බළලා මල්ලෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. (නි)
කොහොම කොහොමහරි විශ්වකර්ම වැඩක් වෙලා.අවුරුදු 18ක් තිස්සේ කම්හල නිසා අපවිත්‍ර වුණා කියන භූගත ජලය මාස දෙකකට අඩු කාලයකදී පිරිසිදු වෙලා බොන්නත් පුළුවන් වෙලා.දැන් කට්ටියට වතුර ඕනෑ නැතිලු.කම්හල ඉවත් කිරීම පමණලු විය යුත්තේ.රතුපස්වල නාඩගමින් පරණ නළුවන් ඉවත් කරලා, මෙතුවක් වීර චරිත රගපෑ අය දුෂ්ටයෝ කරලා නව පිටපතකට දැන් රග දැක්වෙනවා.තාමත් රතුපස්වල නාඩගම බල බලා මේ පිටරට වල ඉදලා රතුපස්වල වතුර බිබී අත්පුඩි ගහන අපේ මේ අදහස් බස් එකේ අයට තවත් ඉතින් මොනවා කියන්නද? (නි)
දැනගන්න තිබෙන කරුණු අනුව ලලිත්, ඔයා නිවැරදියි. (නි)
මම කියන්නෙත් මෙපමණ කාලෙකට පස්සේ මේ අයට මේ පළාතේ වතුර නරක් වුණේ කොහොමද? මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්.මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. (නි)
මහා පුදුම මිනිස්සු තමයි දැන් ඉන්නේ (නි)
සිරිධම්ම හිමියන් ඇඳ පිටින්ම උස්සාගෙන ගම වටා ගිය මිනිසුන්ම අද වෙනත් කතා හදනවා.අද වෙනකොට ජල ප්‍රශ්නය මාකටින් කරන්න වගේම එයින් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන කොටසකුත් ඉන්න බවකුත් මේ ලිපි කියවන අපට දැනෙනවා.දැන් එය අපුරු ගමක් බවට පත්වෙමින් තිබෙනවා. නායකයෝ ගොඩයි. (නි)
ඉස්සර බන්දුලට බැනපු අය දැන් මොකද කියන්නේ? ඕක තමයි බන්දුල මුලින්ම කිවුවේ. (නි)
කෝ මේ බන්දුල පෙරේරා? අයියෝ හාමුදුරුවෝ කරගත්ත දේ? අපි නම් කවදාවත් හිතුවේ නැති දෙයක් ඔය වගේ වැඩක් කරයි කියලා. (නි)
සිහි බුද්ධියෙන් ලියුමෙහි තිබෙන දේ කියවන්න. මෙහි තිබෙන්නෙ අායතනය ඉවත් කිරීම සිදු කරන අාකාරය ගැන එකඟතාවයක්. (නි)
හාමුදුරුවනේ,ඔබ වහන්සේ පැවිදි වුණේ බුදුන් ගිය මග යන්නනේ.ඒ මගින් පිට යන්නේ නැතුව දැන්වත් මේ දේවල් වලින් ඉවත් වෙන්න (නි)
බොහෝ දියුණු රටවල මිනිස් ජනාවාස ඇති ප්‍රදේශවල කර්මාන්තශාලා පිහිටවන්නේ නැහැ. කර්මාන්ත ශාලා වලට වෙනමම කර්මාන්ත පුර ඇතිකර තිබෙනවා. මොකද හේතුව එම කර්මාන්ත ශාලා වලින් පිට කරන විස වායු හා ඝෝෂා වලින් නිවාස හිමියන්ට සිදුවන අපහසු තාවයන් නිසා. ඒ වාගේම කර්මාන්තශාලා වලින් පිට කරන අපවිත්‍ර ජලය විශාල භූගත නල මඟින් ඉවත් කරන නිසා පසට එකතු වීමක් වත් කෙසේ සිදු වෙන්නේ නැහැ.. නමුත් ලංකාවේ ප්‍රයෝගිකව මේ දේවල් කිරීමට අපහසුයි. මොකද කර්මාන්ත ශාලා වලට ශ්‍රමිකයන් සොයා ගැනීම් , ප්‍රවාහන දුෂ්කරතා හා කි නොකී බොහෝ හේතුන් මත කර්මාන්ත කරුවන්ට තම කර්මාන්ත ගමෙන්, නගරයෙන්, පිට ජන ශුන්‍ය ප්‍රදේශ වලට ගෙන යාම ඉතාමත්ම අපහසු කරුණක් වී තිබේ. ඒ නිසා කර්මාන්ත හිමියන් කල යුත්තේ, අවට පදිංචිව සිටිනා ජනතාව අපහසු තාවයට පත් නොකර තමන්ගේ කර්මාන්ත කරගෙන යාමය. එවිට මෙවැනි ප්‍රශ්න කිසිවක් ඇති වන්නේ නැත. (ස)
අනේ පවු මියගිය කොල්ලෝ ටික. (නි)
ඔය වගේ රට,ජාතිය හා ආගම බේරාගන්න වහන්සේලා කී දෙනෙක් ඉදිරිපත් වුණාද? අන්තිමේදී ඒ සියලු දෙනා වහන්සේලා නැවතුණේ ගිහි නායකයන්ගේ සාක්කුවේ.ඒවා ගැන කතා කරන්නත් ලැජ්ජයි. කියන්න තියෙන්නේ මෙච්චරයි. සිංහලයන්ට අනාගතයක් නැහැ (නි)
හාමුදුරුවෝ ඉතාම ප්‍රයෝගික තීරණයක් අරන් තියෙන්නේ. අවුරුදු ගණනාවක් පවතී. කර්මාන්ත ශාලාව වසන ක්‍රමයක් තියෙනවා. අපි විදේශීය ආයෝජකයන්ට එන්න කියනවා, රටේ නිෂ්පාදනය වැඩි කරන්න බලනවා, මෙය පරිසරය සමඟ තුලනය විය යුතු වෙනවා. (ස)
ප්‍රාතිහාර්යයක තරම...! පසුගිය මාසයේ සිට ජලයත් පිරිසිදු වෙනවලු. (නි)
සිරිධම්ම හාමුදුරුවෝ අතින්ද නිවැරදි කරන්න බැරි වැරැද්දක් සිදු වුණා.එනම් මේ ප්‍රශ්නය මානව කොමසාරිස්වරියට පැමිණිලි කිරීම.මේ සියලුම දෙයින් සිදුවන්නේ , අසීමිත ජාත්‍යන්තර පීඩනයකට පත්ව ඇති අපේ රටට තව තවත් පීඩනයන් එකතු කිරීම පමණයි. (නි)
කොහේ හෝ පාවාදීමක් වෙලා තිබෙනවා (නි)
බොන වතුර ටික වෙනුවෙන් සටන් වදින ජනතාව ගැන හරි දුක හිතෙනවා. මේක එක පැත්තක්... අනික් පැත්ත රටට වින කරන සංවර්ධනය ආපස්සට අදින දේශපාලන අරමුණු ඇති කළු සල්ලි. අවුරුදු 18 තිබුණු ඔය කම්මල වහන එකද අරමුණ? පළාත් අඳුරු කරන සටන් මේවා. (නි)
ආරියසේන, ඔබ සමග මමත් එකඟයි. හාමුදුරුවනේ, ඔබ වහන්සේට දේශපාලන ඉත්තන්ගෙන් බේරිලා ශාසනයට සේවයක් කරන්න අවස්ථාව ලැබීම ගැන අපට සතුටුයි. (නි)
වතුර අපිරිසිදු වෙලා නම් ,කර්මාන්ත ශාලාව සැකසහිත නම්,වාර්තා එළියට එන්නේ නැත්නම් තවත් කවර කතාද ....? මොනතරම් සල්ලි ලැබුනත් මොකටද බොන වතුර ටික වස නම්? (නි)
මේ මහත්තුරුම නේද එදා හාමුදුරුවන්ව කරපිටින් ගමට අරගෙන ගියේ? මම එදත් හොද අදහස් ටිකක් ලිව්වා. අදත් මම කියන්නේ මෙතන තියෙන්නේ තනිකර බංකොලොත් දේශපාලනේ කියලා. අහිංසක මිනිසුන්ට ජල ප්‍රශ්නයක් තිබෙන්න ඇති. එය බොහොම පහසුවෙන් විසදගන්න මාර්ග තියෙද්දී වෛරක්කාර දේශපාළුවන් මෙතනට රිංගලා මේ අහිංසක මිනිසුන්ව මුලා කළා.දැන්වත් මේ අහිංසක මිනිසුන්ට ඒ ගැටලුව විසදාගන්න දෙන්න.අනේ පින් සිදුවෙයි (නි)
මේ වගේ මානුෂීය ප්‍රශ්නයක් විසදන්න රටක නායකයෙක් වාර්තාවක් එනතෙක් ඉන්න එක දුකක්. (නි)
කරුණු කෙසේවෙතත් වසර 18 කට පසු 6 මසකින් හෝ මෙම කර්මාන්ත ශාලාව ඉවත් කර ගැනීම සම්බන්ධව සකසන ලද මෙම ගිවිසුමෙහි මට නම් එතරම් ගැටළුවක් නොපෙනේ. 2 වන වගන්තිය මෙසේ වෙනස් විය යුතු යැයි මම අනුමාන කරමි. පවුල් 3000කට පානීය ජලය සදහා සියලුම වියදම් සහ අගතියට පත් පාර්ශව වෙනුවෙන් ලැබිය යුතු සියලුම වන්දි මුදල් ආයතනය විසින් ගෙවිය යුතුයි (නි)
දැන් ඉපදුන බබෙක්ටත් තේරෙනවා ඇත්ත මොකක්ද කියලා. හාමුදුරුවෝ මුලින් කතා කළ විදිහට මම හිතුවේ තම ඉල්ලීම් වෙනුවෙන් උපවාස කරලා ජීවිතයම කැපකරන කෙනෙක් කියලයි. පව් අහිංසක මිනිස්සු. (නි)
අපේ අයත් පිස්සු කතා කරනවා. වතුර වගේද අනෙක් දේවල්? (නි)
මේ සමාජ ක්‍රමය ඇතුළේ හැමදේම විකිණෙන එක අරුමයක්ද ? (නි)
මුලු ශක්තියම යොදා විපක්ෂය එසේම චිරාත් කාලයක් වැජඹේවා! (නි)
මහත්වරුනේ, යමක් දෙස බුද්ධියෙන් බලන්න පුරුදු වෙන්න (නි)
රටේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යායුතු ආකාරය තීරණය කරන්නේ එම ප්‍රදේශයේ ජනතාව සහ කර්මාන්තශාලා හිමියන් අතර හුවමාරු වන ගිවිසුම් අනුවද? එතකොට, ජනතාව තෝරාපත් කරගත් ආණ්ඩුවේ කාර්යභාරය කුමක්ද? මෙම ගිවිසුමේ නිත්‍යානුකුලභාවය කුමක්ද? මට නම් ප්‍රශ්න වැළකි. (නි)
එකගත්වයේ ගිවිසුම අවලංගු කරන එක හොදයි. අපේ රටේ පරිසර දුෂණය හැමතැනම. කවුරුවත් තවම ඉදිරියට පැමිණ නැහැ ඒක වළකන්න. (නි)
ජය ශ්‍රී! ඕක දේශපාලන අරමුණු ඇතිවයි අවුස්සන්නේ කියලා කවුරු හරි කිව්වොත් මං ඒකට එකඟ වෙනවා දැන් නම් (නි)
මෙතරම්ම මානුෂික ගැටලුවකදී හාමුදුරුවොත් මුදලට විකිනේනවානම් අපේ රටට අද අත්වි ඇති ඉරණම ගැන කවර කතාද ? (අ)
මේක අපේ ජන්ම ගතිය. රජ කාලේ ඉදලා අපි කලේ සටන් පාවලා දීලා වාසි ගත්ත එක. අදටත් අපි කරන්නේ එයම තමයි. ලංකාවේ යුක්තිය වල් වැදිලා තියෙන්නේ ඒ නිසයි. (නි)
පහුගිය කලේ කිරිපිටිවලට සිදුවුණදේම තමා රතුපස්වල වතුරටත් වෙලා තියෙන්නේ. අපේ රටේ ඕනෑම වැරදි වැඩක් මුදලට යටවෙනවා. (නි)
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට බුදු සරණයි! (නි)
ප්‍රශ්නය තවම එකතැන. හාමුදුරුවෝ නම් නිදහස් (නි)
දහමයි රටටයි ගිය කල හැබෑවටම! (නි)
හාමුදුරුවන්ට කියලාවත් කරගන්න බැරි වැඩක්. යාන්තම් ඇති හාමුදුරුවෝ ඔය කර්මයෙන් නිදහස් කළා. මිනිසාගේ හැටි ඔහොම තමා. (නි)
අපේ හාමුදුරුවෝ දැන් නිදහස්නේ.බුදු සසුනේ කටයුතු වලත් කාලවේලා තිබෙනවා. (නි)
මෙතන සියලු අය අභිබවා මුලිකත්වයට එන්න යන්නේ අර අහවල් පාට තොප්පි දාගත් කට්ටිය. හාමුදුරුවෝ පිළිවෙලකට විසඳුම කරා යනකොට ඔවුන් නැවත ජනයාට වස කවන්න පටන් ගත්තා. (නි)
මෙතරම්ම මානුෂික ගැටලුවකදී හාමුදුරුවොත් මුදලට විකිනේනවානම් අපේ රටට අද අත්වි ඇති ඉරණම ගැන කවර කතාද ? (අ)
බොන වතුර ටික වෙනුවෙන් සටන් වදින ජනතාව ගැන හරි දුක හිතෙනවා. අද ලංකාව අල්ලසට,දූෂණයට යට වෙලා.. සල්ලි වලින් ඕනෑම දෙයක් යට ගහන්න පුළුවන් (අ)
කව්රු මොනවා කිවත් ගමේ මිනිස්සු මෙච්චර එකතුවෙලා සටන් කරන්නේ මෙතන මොනවා හරි ප්‍රශ්නයක් තියෙන නිසානේ. ගමක කාගේ හරි දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න මිනිස්සු මෙහෙම එකතු කරගන්න අමාරු වැඩක්.මොකද ගමක සියලුම පක්ෂ වලට සහයෝගය දක්වන අය ඉන්න නිසා.නමුත් ප්‍රශ්නය නම් මෙම කම්හල මෙච්චර ආරක්ෂා කරන්න කට්ටිය මෙච්චර උනන්දු මොකද කියල සොයා බැලීම වටිනවා. මොනවා තිබුනත් වැඩක් නැහැ රටක බුගත ජලය අපවිත්‍ර උනොත්.එදාට ඒ රට අවසාන වෙනවා. සියලු කට්ටිය මේ ගැන සිතන්න පාට කන්නාඩි පැත්තක තියල. (දී)
ප්‍රමිත හෙට්ටිආරච්චි කියන්නේ සරත් පොන්සේකාගේ පක්ෂයේ සංවිධායක කෙනෙක් .එයා කරන්න හදන්නේ බස්නාහිර පළාත් සභා ඡන්දෙට දැන්ම තියාම ඡන්ද එකතු කරන දේශපාලන වැඩපිළිවෙලක්.කර්මාන්ත ශාලාව පිහිටුවල වසර 18 පස්සේ තමා මේ අයට ජලය සුරකින්න මතක් වෙලා තියෙන්නේ.මෙතෙක් දුන්න කිසිම විසඳුමක් පිලි ගන්න මේ අය කැමති නෑ.හාමුදුරුවන්ටත් ඒ බව වැටහුණු නිසා උන්වහන්සේ පැත්තකට උනා.අහිංසක මිනිස්සු කුපිත කරලා නැවතත් මිනියක් දෙකක් මරාගන්න මේගොල්ලෝ හදන්නේ. (අ)
මේ මිනිසුන්ට ඕනෑ මේක විසදා ගන්න නෙමෙයි, මේකෙන්ම නැතිවෙන්න.. (නි)
ගිවිසුම ඇති වරදක් නෑ..මේක විකුණගෙන කල දේශපාලනේ කරන නම් ඒකෙන ටිකක් ලේසි නෑ. (අ)
අපේ රටේ ගොඩක් මිනිස්සු තීරණ ගන්නේ මොලයෙන් නෙමෙයි, පපුවෙන් !!!! (ස)
නන්ද. ඔය වගේ රට,ජාතිය හා ආගම බේරාගන්න වහන්සේලා කී දෙනෙක් ඉදිරිපත් වුණාද? අන්තිමේදී ඒ සියලු දෙනා වහන්සේලා නැවතුණේ ගිහි නායකයන්ගේ සාක්කුවේ.ඒවා ගැන කතා කරන්නත් ලැජ්ජයි. කියන්න තියෙන්නේ මෙච්චරයි. සිංහලයන්ට අනාගතයක් නැහැ. (ස)
ලලිත් කියලා තියෙන්නේ ඇත්ත. (නි)