ගම්පහ නගර මධ්‍යයයේ කප්රුක ව්‍යාපාරයේ හිමිකරුවන සමන් රාජපක්ෂ (44) මහතා අද සන්ධ්‍යාවේ කඩුවකින් කපා කොටා මරා දමා ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
ඔහු වෙළෙඳහලේ සිටිය දී එහි පැමිණි දෙදෙනකු කඩුවලින් පහර දෙද්දී ඔහු පොලිසිය දෙසට දිවූ නමුත් ඝාතකයන් ඔහු පසුපස පන්නා පහර දුන් බව සිද්ධිය දුටුවෝ කියති. පෞද්ගලික කෝන්තරයක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අනතුරු නෙමෙයි.මිනීමැරුම්.අපි පොඩි අඩියක් ගැහුවොත් තමයි හිරේ දාන්න බලන් ඉන්නේ පොලිසිය.මේවා පේන්නේ නෑ
උගතුන් බුද්ධිමතුන් එල්ලුම් ගහට විරුද්ධ වෙද්දි තවත් අහිංසකයෙකුගේ ජීවිතේ නැති වෙනවා.එල්ලුම් ගහ ක්‍රියාත්මක වුණානම් මේ මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය අදත් ජීවතුන් අතර
ආඩම්බර තාත්තගේ පාලනයේ මේවා පොඩි වැඩ .තව ටික දවසකින් තව අලුත් දේවල් බලන්න පුළුවන් ...
තව ටික දවසකින් තවත් අලුත් ඒවා බලන්න පුලුවන්
දැන්නම් අපිට සියල්ලම එපාවෙලයි තියෙන්නේ.කරුණාකර දැන්වත් නින්දෙන් නැගිටින්න
රසින් , එතකොට හොද දේවල් .......
හරක් මරනවයි කියා පෙලපාලියන. හරක් නිදහස පතා කෑගසන හමුදුවරැ ඇයි නිහඩ.සතුන්ගේ නිදහස ගැන සත්ව හිංසාව ගැන ඒතරමි කෑගසන සමාජයක්තුල මේතරමි සාපරාධී අපරාධ රටතුල සිදුවෙද්දී ඒ ගැන නිහඩව ඔබතුමන්ලා බලාසිටින්ෙන් මන්ද? අමානුෂික අන්ධමින් මහා දවාලේ මිනිසුන් ඝාතනය කරද්දී දරැවන් කාන්තාවන් දුෂණය කරද්දී ඒවැනිදේ වලක්වාලීමටත් යහපත් ගුණගරැක සමාජයක් ගෝඩනැගීමටත් ඔබතුමන්ලා ඉදිරිපත් නොවන්නේ මන්ද? ඒය ඔබතුමන්ලගේ සමාජීය වගකීම නොවන්නේද ?
හැම දේටම රජයට ඇගිල්ල දික් කරන්න ඉස්සෙල්ලා මේ සංස්කෘතිය බිහිකළේ කවුද කියලා හොයලා බලන්න
එක එක්කෙනා කරන වැරදිවලට ජනාධිපතිතුමා පළි නැත..
කටින් තමයි බයිලා.මිනිසුනේ,දැන්වත් තේරුම් ගන්න
ජනාධිපතිතුමනි, ඔබතුමා රට කොටින්ගෙන් බේරා ගත්ත එක ඉතිහාසගත වෙන දෙයක් තමයි. ඒත් වැඩිම අපරාධ වාර්තා සහිත කාලය ඔබතුමාගේ කාලය ලෙස ඉතිහාසගත වෙන්න දෙන්න එපා.මොනවහරි කරන්න මේකට.
මෙගාස්ටාර් කිලර් තරගයක් පටන් ගත්තොත් නරකද?
මරනවා කියන එක දැන් අතින් පයින් ගහනවා වගේ ලේසි වැඩක් බවට පත් උනේ කොහොමද ?
මෙවැනි සහාසික අපරාද කරන්න එනවිට පොලිසිය ඒ අය එන වෙලාව,දිනය ,කොහොමද පැනල යන්නේ කියන කරුණු දන්නවා.ඒ නිසා මගහැර ඉදලා වටේ ආරක්ෂාව තර කර බොරුවට හොයන ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.දේශපාලන ලොක්කෙක් කිවොත් අල්ලනවා.නැත්තන් නාදුනන ගොඩට දාලා අත පිහදාගන්න බලන් ඉන්නවා.
යුද්ධයෙන් පස්සේ අපරාධ වැඩිවෙලා වගේ නේද?
නීතිය වල් වැදුණු විට රටක සිද්ධ වෙන දේවල් දැන් හොදට බලා ගන්න පුලුවන් අපිට.......
මොනවද මේ වෙන්නේ?
ඔවු සරත්, නීතිය වල් වැදුණු විට රටක සිද්ධ වෙන දේවල් දැන් හොදට බලා ගන්න පුලුවන් අපිට
මුල අමතක වෙලා වැරදි කරන්න පෙළඹෙන රෝග විෂබීජයක් ශරීර ගතවෙලා බාලවයස්කාර දැරිවියකටවත් හදි කළාද කියලා කවුද දෙයියනේ දන්නේ?
අපෝ ලැජ්ජාවේ බෑ.පොලිසිය ඉස්සරහත් මිනී මරනවා කිවුවහම
මම නාමල්ගේ අදහසට 100%ක් එකගයි
දැන් සිද්ධ වෙන ළමා අපචාර, මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ බලද්දි ලෝක විනාසේ කෙසේ වෙතත් රටේ විනාසේ නම් අත ළගයි
කරුණාකරලා එල්ලුම් ගහ නෑවත ගේන්න..................
හරිම කණගාටුයි. පොලිසිය ගැන වගේම දේශපාඥයො ගැනත් දැන් නම් කළකිරිලයි ඉන්නේ අපි
නීතිය කියන්නේ එක සාදකයක් විතරයි ..නමුත් කෝ මේ අපේ මිනිස්සුන්ගේ ඉවසීම ? හික්මීම ? මිනිස්සු පන්සල් ,පල්ලි වලින් ඈත් වෙලා ..ආගමික නායකයෝ හම්බ කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැ ..ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ .
ගම්පහ පොලිසිය සහ ඔය වෙලද සැල අතර දුර හරියටම 30M යි !! කොහොමඩ පොලිසියෙ වැඩ !!
මම නම් කියන්නේ අද වෙනකොට ලංකාවෙ අපරාධ ගොඩක් වෙනවා. (ත)
පොලිසිය ගැන ලැජ්ජයි
මින් ඉදිරියට කිසිම පක්ෂයකට 3/2 බලයක් දෙන්න එපා බලය වැඩි උනාමත් සමහරු අන්ද වෙනවා ජනතව විඳවනවා ......
මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ ජනතවාගේ කැමැත්ත නිසයි. එවැනි ජනතාවගේ කැමැත්ත එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමනම් ඇයි ඒකට මෙච්චර බය. (ස)
මගේ අදහස නම් මිනිසුන් මේ තත්වයට පැමිණෙන හේතු සොයා පිළියම් කළ යුතු බවයි.නීතියෙන් හෝ ධර්මයෙන් තත්වය වෙනස් කල නොහෑකියි.
නීතිය වල් වැදිලා
වැඩක් නෑ....මැරිච්ච මිනිහට පණ එනවයැ....අපේ පාලකයන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරවන්නවත් උවමනා නෑ.....?
ඊයෙ ටීවී එකෙත් ගියා මේක. ටවුමෙ කවුරුත් ම ගනං අරං නෑ. කෑගහලත් නෑ. පොලිස්සියක් ලඟ තියෙද්දිත් විනාඩි 10ක් විතර යනකන් රිපෝට් කරලා නෑ. හරිම නිවට මිනිස්සු ටිකක්....
අපරාද කාරයො කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ දැන් තියෙන්නෙ හිරේ දාන දඬුවම විතරයි. මිනිස්සුන්ට ඒ ගැන දැන් ලොකු බයක් නෑ. රටේ අපරාද මඩින්න ඕනෙනම් ඇඟට දැනෙන දඩුවම් ටිකක් අලුතින් ගේන්නම ඕනෙ!
මේ මනුස්සය මැරිල වැටෙනකංම කවුරුත් කෑ ගැහුවෙවත්, පොලිසියට කතා කලේවත් නෑලු. ඔක්කොම බලන් හිටියලු. මෙහෙම මිනිස්සු පිරිම කමටත් නින්දාවක්.
රටේ නීතිය අරාක්ෂා කරන්න පාලකයන්ට බැහැ. රටේ හෑමතෑනම අපරාද. පොඩි ලමයෙක්ට පාරෙ බෑහෑලා යන්න බෑහැ. ඡන්ද කාලෙට බොරු කියනවා මිනිස්සුන්ව රවට්ටන්න. අපි කොච්චර බලාපොරොත්තු උනාද යුද්දෙ ඉවර වෙලා රට ගොඩක් අරාක්ෂාකාරි වෙයි කියලා. උගත් බුද්ධිමත් රටට ආදරේ මිනිස්සු රට පාලනය කරනවා නම් මේවා වෙන්නේ නෑ. කොටින්ම රට බල්ලට ගිහින් තියෙන්නෙ. අපේ මිනිස්සුන්ට තේරුමක් නෑහැ හරිදේ තෝරා ගන්න. ඔහේ ඡන්දෙ දෙනව පොඩි සුරංගනා කතාවක් කියපු ගමන්.
වරදට උපරිම දඩුවම් දිය යුතයි
පොලිසිය දෙසට නෙමෙයි පොලිසිය ඇතුළට ගියත් වැඩක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ
මෙවැනි අපරාද වැලක්වීමට සහ මහජනතාවගේ සුරක්ෂිත බාවය ආරක්ෂා කරන්න අදාල නිලදාරීන් පියවර නොගන්නේ ඇයි
අර අහවල් ඇමතිතුමා කියල තියෙන්නෙ පත්තර වල දාන නිසා අපරාද වැඩි වෙනවයි කියල අපරාදකාරයන්ව හුරතල් කරමින් ඔවුන්ට නිසි දඩුවම් නොදෙන අධිකරණ සහ ඔවුන් ආරක්ශා කරන ඇමතිල ඉන්නකම් ලන්කාවට දෙවි පිහිට තමයි
ගීත් ඔබ හරි එත් ඒක අරාබි නීතියක් නේද ???
නාමල් , (ඩුබායි ) ඔබ හරි
ලංකාවෙ නීතිය වල් වැදිලා කියල පේන්නෙ අරාබිකරය වගේ ලෝකෙ අනිත් රටවල් දිහා බලලා සන්සන්දනය කරන කොටයි. රටේ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම මේ දිහා බල බලා තර්ක විතර්ක කර කර ඉඳලා විතරක් මදි. සියලු දෙනාම එක්ව අපේ නීති පද්ධතිය ශක්තිමත් කරලා විනය ගරුක ගුණ ගරුක සමාජයක් බිහි කරන්න ඉක්මන් පියවර ගන්න ඕනෑ. (නි)
ජනාධිපති තුමාට පුලුවන්නෙ විධායක බලය පාවිච්චි කරලා එල්ලුම් ගහ අධිකරණයෙන් තීරණය උනාම එතනින්ම ක්‍රියාත්මක කරවන්න. මොන බලය යොදවලා හරි මේ රට පාදඩකරනයෙන් ඉතා ඉක්මනින් ගලවා නොගත්තොත් .... එතුමලා,මෙතුමාලා ලබන පාර විපක්ෂයත් නැති කට්ටියක් වෙනවාමයි.
@ රසීන්, එහෙම කියන්න එපා. හරියට නීතිය ක්‍රියත්මක කරලා වැරදි කරන අයට දැඩි දඩුවම් දුන්න නම් රටට ඔහොම වෙන්නෙ නෑ.
එකෙක්ව එල්ලුවනම් හරිනේ ..
රට සුන්දර දේශයක් කරන්නනම් එල්ලුම්ගහ අනිවරයි ..
කෝ මිනිස්සුන්ගේ ආරක්ෂාව ??? ආණ්ඩුව නිදි .....
සාදු සාදු සාදු! ධර්මිෂ්ට රාජ්‍යය
මිනිසුනේ, රජකාලේ දෙතිස් වධ නීති ගතකරන්න. එවිට ගුණගරුක යහපත් සමාජයක් ගොඩ නැගෙනු ඇත.
නිශාන්ත, ආණ්ඩුව කොහොමත් ආයි නැගිටින පාටක් නැහැ.
තාත්ත වගේ තමයි රටේ පුත්තු ..ජනතාව මොනවා කරන්නද ?
එන්න එන්නම මේ රටේ උදවිය බෞද්ධයෝ වෙනවා වගේනේ.ඇස් පනාපිටම මේ උදවිය බුද්ධත්වය ලබයි වගේ.
පසුගිය වසර කිහිපය තුළ අහන්න දකින්න ලැබෙන දේවල් මින් පෙර කිසි දිනෙක අහන්න දකින්න ලැබුණු දේවල් නොවේ. වගකීම කාගේදැයි පැහැදිලියි. තීරණය ජනතාව සතුයි.
ලංකාව ඉවරයි මිනි මරනවා ගනු දුෂණය කරනවා. මාර භිෂණයක් දැන් ඇතිවෙලා තියෙන්නේ ලංකාවේ.
මෙම පිරිසට හොද දරුණු දඩුවම් දියයුතුයි
මරණය සිල්ලරයි.නීතිය අසරණයි.
පොලිසිය දෙසට නෙමෙයි පොලිසිය ඇතුළට ගියත් වැඩක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ
ලංකාවේ ගැන අහන්නම තියෙන්නේ නරක අරංචි, ලංකාවේ එපාවෙලා දැන් නම් තියෙන්නේ, තමන් ගැන පමණයි හිත්නේ. අවසානයෙත් ඔවුන්ටත් මේ දුකම තමා
පෞද්ගලික කෝන්තරයකට වුනත් ප්‍රසිද්ධියේ මෙහෙම දේවල් දැන් 'ලාස් වෙගාස්' වලවත් වෙන්නේනෑ. ඒ කාලේ ජේ.ආර්. මහත්තයා කියපු; "තමන්ගේ ආරක්ෂාව තමන්ම කොර ගන්න ඕන!" දේ අදටත් වලංගුයිවගේ? කෝ ලනුව පිට රටින් ගෙනාව කිව්වම මමත් අර වෙකන්සියට ඇප්ලිකේශන් එකක් දමල දැන් අවුරැද්දක් විතර ඇති....තවමත් නෑ ආරංචියක්. දිරච්ච් ලණුවක් වගෙයි?!
ලාල් ගලබඩ ඉතාලියේ සිට.. පාර්ලිමේන්තුවේ කොච්චර තුනේ දෙකේ බලයක් අපට තිබුනත්?.පොලිසිය බයේ ඉදන් හරියට රාජකාරි නොකරන නිසා මිනිස්සු නොමිනිස්සු වගේ වැඩකරනවා.මොකද බේරා ගන්න දේශ පාලකයෙක් ඉන්න නිසා. අපේ කණගාටුව ඒ සදහා
මේකයි හේතුව ... වර්තමානයේ මේ වගේ මිනි මැරුම් ගොඩක් අහන්න දකින්න ලැබුනත් මේවල අඩුවක් නැත්තේ මේ වගේ මිනීමරන උන්ට රටේ නීතියෙන් කිසිම බරපතල දඬුවමක් දෙන්නේ නැති හින්දයි ..මේ වගේ වියාපාරිකයෙක්ව මරපු ජනතාවට හිසරදයක් වෙන මේ වගේ අපරාදකරයන්ව අහුවුනාම නිකන් නඩු අහල අන්තිමේට ජනතාවගේම බදු මුදල් වලින් හිරේ ජීවත්වෙන්න අරින්නේ නැතුව මේ තියෙන සමාජ පිළිලය නැතිවෙලා යන්න හරි දඬුවමක් දෙන්න අදිකරණයට බැරි ඇයි? නිකන් බොරුවට මාංචු දාල ගඟේ මුදේ ගිල්ලන්නේ නැතුව හරියට නඩුවක් අහල මුළු රටටම පෙන්න එල්ලුම් ගස් අරියනම් මේ වගේ අපරාද ඉදියටවත් අඩු වෙයි නේද ?.. මේ වෙනකන් ගොඩක් මිනිමරපු උන් ටික දවසකට රිමාන්ඩ් කරලා පස්සේ ඇප පිට එලියට එනවා .. ඊට පස්සේ ඒ නඩු වලට මොනවා වෙනවද කියල අපි දන්නෙත් නැ , පොලිසිය දන්නෙත් නැ , අධිකරණය දන්නෙත් නැ .....
අපේ රටේ මිනිස්සු මේ තරම්ම දරුනු වුනේ ඇයි.........?
මිනීමරුවා කවුද කියලා දන්න එක්කෙනෙක් ඉන්නවා.
එක්කෝ මේ රටේ එල්ලුම්ගහ වහාම ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් රටේ හැමෝම අතරේ අයුධ තියෙයි.
එලුම් ගස ලංකාවට අත්‍යවශ්‍යයි
හෙන ඝන අපරාද සිද්ධ වන්නේ
වික්ටර් කවුද මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ?.
කප්පම් සිද්ධියක් වෙන්න ඇති.
මේදිනවල අහන්න ලැබෙන්නේ හරිම කණගාටුදායක ආරන්චියි . මේවා අපේ මනසට මහා වදයක් . රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
මිනී මරුවන්ට ආත්මයක් නෑ
මේ අපරාධව වැඩිවෙන්න හේතුව හැටියට මම දකින්නෙ බුද්ධදේශනාව හරියට පිළිනොපැදීමයි.. මිනිසුන්ගෙ තන්හාව වැඩියි.. වෛරය වැඩියි.. පාපකාරී සිතුවිළිවලින් මනස දූෂණය වෙලා..බුද්ද දේශණව පිලිගන්නවානම් භෞතික දේවලට ඇති ආශාව නැති වෙනවා.. එතකොට සියලු පව්වලින් මිනිසුන් ඈත් වෙනවා.. රටේ නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.. පොඩි මිනිහට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. රටේ අභාවය..
මිනී කන්නන්ගේ දේශය යලිත් ???
මේක ශ්‍රී ලංකා නෙමෙයි, ශ්‍රී හයිටි කියන්න වටිනවා දැන්. මිනිස්සු නීතිය අතට ගත්තා නම් හරිනේ.
ජනාධිපතිතුමනි, ලෝකය ඉදිරියේ කෙළින් සිටගෙන කොටි අතුගාලා දැම්මා වගේ එල්ලුම් ගහත් ක්‍රියාත්මක කරන්න සෘජු තීරණයක් ගන්න
ප්‍රභාකරන්ගෙ විනය ගැන කතා කරන කෙනා ඔළුවෙන් හිටගෙනද දන්නෙ නැහැ කතා කරන්නෙ..?
අපරාධකාරයන්ට ගිය රටක්ද මේක..?
මේ .. තේතුමතී නුවරයි...
ජනාකීර්ණ නගරයක්. පොලිසිය අතලගම.. අපරාධකාරයන් කවුරැවත් දැකලා නැහැ.. ඒකයි පුදුම.. ගම්පහ වේගයෙන් දියුණුවෙන නගරයක්.. මේ විදියට කොහොමද බයක් නැතිව ගම්පහ කඩකාමරයක් ගන්නෙ..
දකුණේ භීෂණය සියනෑ කෝරළේට...
නිෂාඩ්ගේ කතාව ඇත්ත.ඒත් ඕවට අත දාලා තමන්ගේ පවුල අසරණ වුණාම බලා ගන්නේ කවුද?
ලාල් ගලබඩ ඉතාලියේ සිට.. "පාර්ලිමේන්තුවේ කොච්චර තුනේ දෙකේ බලයක් අපට තිබුනත්..." තුනෙන් දෙකක් තිබුනාට මේගොල්ලෝ වැඩ කරන්නේ තුනෙන් එකක් වත් නැති අය වගේ
අපේ ලංකාව ගැන ලැජ්ජයි.පාලකයිනි, ඔබ නිදිද?
අහළ පහළ කවුරුවත් හිටියෙම නැද්ද ? අපේ රටට ගිය කලක්.
ජාත්‍යන්තරේට ඕන ඕන විදියට නටන්න බෑ.එල්ලුම් ගහ ගේන්නම ඕනි.අපි අපේ රට හදා ගන්න ඕනි.
ඔය දේ බලාගෙන නිකන් හිටපු අයට පිරිමි කියන්නත් ලැජ්ජයි නේද?
හොද නායකත්වයකට අවශ්‍යතාව තිබේනම් මෙම අපරාධ ලේසියෙන්ම තුරන් කරන්න පුලුවන්
ප්‍රභාකරන් තම අරමුණට යද්දි අහිංසක මිනිසුන් මරා දැමූ බව ඇත්ත.නමුත් අපේ පාලකයින්ට වඩා ඔහුට හොද විනයක්, නීතියක් තිබුණා.හොදට හිතලා බලන්න.
මේක පුදුම රටක්නේ.කප්රුක තියෙන්නේ පොලිසිය ඉස්සරහම නේද?
පොලිසිය ලගමයි .ලැජ්ජයි .පොලිසියට පුළුවන් දඩ ලියන්න විතරයි .ගම්පහ නගරයේ පොලිසිය කෝ
කෝ ගම්පහ නගරයේ පොලිසිය? පොලිසියට පුලුවන් දඩ ලියන්න විතරයිද?
දැන් කියයි මේවා අපේ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල
පුද්ගලික කෝන්තරයක් නැතුව ආදරේට මරයිද , පව්
පුද්ගලික කොන්තරයක් නැතිව ආදරේට මරයද?
මම වැඩකරන්නෙ ඩුබායිවල.. මම ගොඩක් කල් ඉදන් හිතාගෙන ඉන්න දෙයක් තමයි ලංකාවට ඇවිත් මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්.. නමුත් ලංකාවෙ තියෙන තත්ත්වය අනුව ඒක හීනයක් වගෙයි.. මෙක මට විතරක් තියෙන ප්‍රශ්ණය්ක නෙවෙයි.. ගොඩක් අයට තියෙන එකක්.. දැන්නම් හිතෙනවා දැං ලංකාවෙ තත්ත්වයට වඩා යුද්ධය කාලෙ ලංකාවෙ තත්ත්වය හොදයි කියලා..