ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුව දුෂිතයෝ, මන්කොල්ලකාරයෝ හෝ කුඩුකාරයෝ නැති පිරිසිදු ලැයිස්තුවක් බැවින් එහි වටිනකම වැඩිවී ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවසුවේය.
‘‘අද අපි අපේ ලැයිස්තුව සුභ මොහොතින් බාර දුන්නා. එහි සියළු දෙනාම ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්නවා. එහි කිසි සැකයක් නැහැ. අපේ කණ්ඩායමේ රුවන්, හර්ෂණ, බෙවන් වගේ දක්ෂ අපේක්ෂකයෝ රැසක් ඉන්නවා.
ඒ වගේම මේ ලැයිස්තුවේ දුෂිතයෝ නැහැ, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ නැහැ. මේක පිරිසිදු ලැයිස්තුවක්. මෙහි ඇති වටිනාකම එයයි.
යහපාලනය තමයි අද අපේ තේමාව. ඒ යහපාලන තේමාව අනුව අපේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
සුපිරිසිදු නම් අපිත් අපේ පිරිසිදු ඡන්දය දෙනවා (නි)
කියන කෙනාට නේද චෝදනා අාවේ රට ඉදල පාතාලේ ගෙන්නුවා කියලා. අනේ මෙහෙමත් රටක්.(නදී)
අම්මේ මෙයාලගේ මුහුණුවල තියෙන සිරියාව ඡන්දයක් කිට්ටු වෙද්දී. (නදී)
ජෝන්ට ගිය පොලිසිය මතක් වෙද්දී ...ඔයාලගේ පිරිසිදු කම බේරෙනවා ...ඔයාලගේ ඉතිහාසය මතක් කරන්නත් බයයි (අ)
පබා නැත්ද මේ පාර එයා දැම්ම නම් මෙදා පාරත් වැඩිම මනාපයෙන් එනවා. ඔබ තුමා ඡන්දෙ ඉල්ලුවට තවම දන්නේ නැහැ මේ අපි වගේ ඡන්ද දායකයෝ ගැන. දාන්න ඕන ඒ වගේ කට්ටිය.(නදී)
අපිනම් ඔය කතා බැර කරන්නේ සුරංගනා එකවුන්ට් එකටයි. ඔය දැන් අත් වල දැලි කුණු තවරාගෙන අපිරිසිඳු වෙලා ඉන්න අයියලාත් මුලදී ඔතනට එනකොට සහ ආවෙත් හොඳට පිරිසිඳු වෙලා තමයි. ඒක නිසා බොරු මුසාවාදා තෙපලන්න එපා (නදී)
ලැයිස්තුව බලලාම අපි කියන්නම්කෝ අපේ තීරණය (නි)
දිනලා පෙන්නුවොත් අපි පිළිගන්නවා (නි)
ජා ඇල අපිට අහන්නත් ආසයි (නදී)
ඔයා චාටර්ම කේස් එකක්නේ! ඉතින් කොහෙද පිරිසිදු!!! (බ)
කොහෙන්ද හිනාවෙන්නේ මහත්තයෝ.. එතකොට ඔයා? වෙන උදාහරණ ඕන නැනේ, වත්තල නගරසභාව , එතකොට අර නැගෙනහිර නිදන් කේස් එක ? (බ)
අනේ අර රත්තරන් බදු කඩේ කඩලා ඡන්දෙ ඉල්ලුව මහත්තය? (බ)
ජේ ආර් ගේ කාලයේ ඉදලා අපි මෙයා ගැන දන්නවා. අපි මැරිලා ඉපදුනේ නැහැ. මේ සැරේ ඔයාල දාපු අය ගැන අපි හොද තීන්දුවක් දුන්නම මේ වගේම පච හෑලි අරගෙන එන්නකෝ (නදී)