පිහිනුම් තටාක ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගම්පහ පාලසක ආදි ශිෂ්‍ය සංගම් පරිපාලන ලේකම්වරයකු දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමාපියන්ට ලිපියක් යැවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයට අද (22) පැමිණිලි කළේය.
අදි ශිෂ්‍ය සංගම් නියෝජිතයා යොමු කළ ලිපියේ සංගමයේ සභාපති ලෙස විදුහල්පතිගේ නම ද දැක්වේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ද මෙම ව්‍යාපෘතියට ලැබී ඇති බවත්, එම මුදල් ලිපියේ සඳහන් බැංකු ගිණුමට බැර කර ලදුපත් ආදි ශිෂ්‍ය සංගමයට ලබා දෙන ලෙසත් එම ලිපියේ සඳහන් බව ස්ටාලින් මහතා අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
2008/41 අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛයට අනුව ආදි සිසුන්ට වර්තමාන සිසුන්ගෙන් මුදල් එකතු කළ නොහැකි බව ද ගුරු සංගම් ලේකම් විසින් යැවුණු ලිපියේ සඳහන්ය.
පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම හා පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මීට පෙර ආදි ශිෂ්‍යයෝ පිරිසක් ද අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අධ්‍යාපන ඇමතිතුමනි , ලංකාවේ බොහෝ පාසල් වල මේ වගේ අකටයුතු අනන්තවත් කෙරෙනවා . අසරණ දුප්පත් දෙමවුපියෝ තව තවත් අසරණ කරනවා. අනික හුගක් විදුහල්පතිවරු එක්ක කතා කරන්නවත් අහිංසක දෙමවුපියන්ට අවස්ථාවක් නැහැ. ඒ තරම් විදුහල්පතිවරු ගණන්. රෙස්පට් එකට වැඩ . ඉතාම හොඳ විදුහල්පතිවරු අතලොස්සක් ඉන්නවා .එයාල තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනි. එතුමන්ලාට උපහාර පුදමු. ලංකාවේ හැම පාසලක් පිළිබදවම හොද අධ්‍යනයක් ඔබතුමා කරන්න. දෙමවුපියන්ට නිතර සවන් දෙන්න. (බ)