ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රතුපස්වල ගැමියන් පිරිසකගේ ද සහභාගීත්වයෙන් ගම්පහ නීතීඥ සංගමයේ සාමාජිකයන් කිහිප දෙනකු අතර සාකච්ඡාවක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරුන්ගේ කාමරයේ දී පැවැත්වෙයි.
එය වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ දිය නොහැකි බව පොලිසිය කියයි.
පෙර දින රාත්‍රී අටට රතුපස්වල ප්‍රජා ශාලාවක ද ගම්වාසීන්ගේ හා පොලිසියේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර එය අවාරණය කිරීමට ද මාධ්‍යයට ඉඩ නොලැබිණි.
ගම්වාසීන් කියනුයේ ජනමාධ්‍යය මග හැර රහසේ සාකච්ඡා පැවැත්වීම මගින් සැකය තවත් වැඩි වන බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙය නීතීඥවරුන්ගේ ඉල්ලීම මත පැවැති සාකච්ඡාවක් නිසා මාධ්‍යයට ඉඩ දෙනාවාදැයි තීරණය කරන්නේ ඔවුන් බවයි. පෙරදින රාත්‍රී පැවැති සාකච්ඡාවට මාධ්‍යවේදීන් නොපැමිණි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ පොලිසියට මාධ්‍ය අජීරණයක්
ආරියසේන Thursday, 17 October 2013 09:47 AM
පොලිසියට දැන් කා ගැනවත් විශ්වාසයක් නැහැ.හැම පැත්තෙන්ම ගිනි ගෙඩි,හොඳක් කරන්න ගියත් බැණුම්. (නි)
වර්ණසිංහ Thursday, 17 October 2013 09:52 AM
ආරි, අපි ඕක මෙහෙම කියමු. ජනතාවට දැන් පොලිසි ගැන කිසිම විශ්වාසයක් නැහැ. කොහෙන්හරි ගිනිගෙඩියක් පටලවන්න බලන්නේ. (නි)
උපාලි Wednesday, 16 October 2013 01:12 PM
පොලිසියට දැන් හංගන්න දෙයක් නැහැනේ. එදා සියල්ල නිරාකරණය වුනා නේද? නීතිඥවරු බයද රට දැනගන්නවට මොනවා හරි? ගමේ ජනතාව එක්ක නම් සාකච්ඡාව පවත්වන්නේ එතන මොන රහසිගත භාවයක්ද? ඒ ගොල්ලන්ගෙන් ඔක්කොම දැනගත හැකිනේ. (ස)
ආරියසේන Thursday, 17 October 2013 10:28 AM
වර්ණසිංහ, පොලිසිය සමඟ පටලැවිල්ලක් එහෙම නෑනේ, එහෙම අයට තමා පොලිසිය අරහන්. (ස)