ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී 2005 වසරේ ඩෙංගු රෝගයෙන් ලේ නැතිව මිය ගිය නිලක්ෂ උදයන්ග සිහිකරමින් වාර්ශිකව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහනේදී මෙවර සෙබළුන් ඇතුළු 150ක් පමණ ලේ ලබා දුන්හ.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය රතුකුරුස කවය වැඩසටහන සංවිධානය කැර තිබිණි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු මාස හතරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 356කින් වැඩිවී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග පාලන අංශයේ වෛද්‍ය චන්ද්‍රානි සේනාරත්න මහත්මිය පැවසුවාය.
ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවූයේ මීගමුව ප්‍රදේශයෙන් බවද, මේවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මරණ 8ක් වාර්තා වී ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක විදු මෑණියන් සදා දිනේවා!
මේ වගේ අතුම් කාර්යයක් සිදු කරපු සියලු දෙනාට පින්. හමුදාවෙ අයටත් මේ කරපු මහගු ක්‍රියාවට ගොඩක් පින්.
ගම්පහ කුණු ගොඩගැහිල ගඳ ඉවසන්න බෑ.රෝහල ඉදිරිපිට ඒකට හොඳම උදාහරණයක්..
නහුතෙට නෙමෙ ඊටත් එහා නගින්න ඹිනා. මොකද ඩෙංගූ ඇති කරන්නේ ජනතාව විසින්මයි.අන්තිමට රජයට ඇගිල්ල දිගූ කරනවා.
අගය කළ යුතු වැඩසටහන් මාලාවක්.
කැලණියේ ගස් බඳින අයට දැන් වැඩ තියෙයි.
ලේ ටික ගන්නෙත් ආමි කොල්ලන්ගෙන්නේ....
ආමි එකෙන් පනින අය තමයි සේරම ජරා වැඩකරන්නෙත්
රටට වැඩදායී දෙයත් කරන බණ්ඩාරනායක පුතුන් සැමදා උතුම්.....!
අර BTI බැක්ටීරියාවට මොකද වුනේ දන්නෙ නැහැ නේද ?
ඩෙංගු වැඩිවෙන්නෙත් ජාත්‍යංතර කුමන්ත්‍රණයක් කියල ලියයි.
බඩු මිළ වැඩිවෙන වේගෙට තමයි දෙවැනි වන්නේ
ඔහොම ගියොත් සිංහළ කමටත් ඩෙංගු හැදෙයි.
රටක ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රමය පැත්තෙන් සිදුවිය යුතු යුතුකම් ටික හරියට ඉටු නොවීම් අහිතකර ප්‍රතිවිපාක තමයි මේ ගෙවන්නේ. බදු වශයෙන් සාමාන්‍ය මහජනතාව ගෙවිය යුතු මුදල අහස උසට නැඟලා. අනික අධි සුඛෝපභෝගී කාමසුඛල්ලිඛානුයෝගී දිවි පෙවෙතක් ගෙනයන රජයේ ගජ මිතුරු හිත මිතුරන් වන කෝටි ප්‍රකෝටිපතියෝ ආදායම් බදු ගෙවීම් පැහැර හරිද්දී කීප ගුණයක බදු සඳහා අර ආදායම සාමාන්‍ය මිනිස්සුන්ගෙන් රජයට ලැබෙනවා. ඩෙංගු මර්දනය කරන එක රජයේ වගකීමක් නෙවෙයි ඒක මිනිස්සුන්ගේ වගකීමක් කියලයි කියන්නේ. මේකට මොකද කියන්නේ කියලා හිතෙනවා. රටක සෞඛ්‍ය අංශය අඩපණ වෙනවා කියන්නේ සියළු ක්ෂේත්‍රවලටම ඒක බලපාන දෙයක්. මොකද මොන දේ කරන්නත් නීරෝගී පරපුරක් ඕනනේ. මෙයින් පැහැදිලි වෙන්නේ රටේ පාලකයින්ට මිනිස්සු ලෙඩ වෙලා මැරුනට කමක් නෑ වගේ සංඥාවක් තමයි.
BTI බැක්ටීරියාවට නමි මොනව වුනාද මමදන්නෑ. හැබැයි BTI කියල ප්‍රවාහන සේවයක්නම් පාරේ දුවනවා මම දැක්කා.
ස්තුතියි ඉන්ද්‍රජිත්.
සිංහල ගණන් ක්‍රමය මේ විදියට හරි සිහිපත් කළාට ලංකාදීපයට අපි ස්තූති කරනවා. ඇත්තටම මේවා කතා බහට ලක්වන්නේ නැහැ. හුගක් දෙනෙක් හිතනවා නහුතය කියන්නේ අසභ්‍ය වචනයක් කියලා. නමුත් නහුතය කියන්නේ ඉලක්කමක්. දහයේ 28 වැනි බලය තමයි නහුතය. හුතනහුතය කියලත් සිංහල භාෂාවේ අංකයක් තියෙනවා. මේවා අපි දැනගත යුතුයි. හැකිනම් මේ ගණන් ක්‍රමය ගැන වෙනමම ලිපියක් පලකරන්න කියා මම ඉල්ලා සිටිනවා. මම දන්නා අගයන් ටිකක් මේ විදියට පලකරනවා. අපේ සහෝදරයන්ට දැන ගන්න. 10^1 දහය 10^2 සියය 10^3 දහස 10^4 දස දහස 10^5 ලක්ෂය 10^6 දස ලක්ෂය 10^7 කෝටිය 10^8 දස කෝටිය 10^9 සිය කෝටිය 10^10 දහස් කෝටිය 10^11 දස දහස් කෝටිය 10^12 ලක්ෂ කෝටිය 10^13 දස ලක්ෂ කෝටිය 10^14 ප්‍රකෝටිය 10^15 දස ප්‍රකෝටිය 10^16 සිය ප්‍රකෝටිය 10^17 දහස් ප්‍රකෝටිය 10^18 දස දහස් ප්‍රකෝටිය 10^19 ලක්ෂ ප්‍රකෝටිය 10^20 දස ලක්ෂ ප්‍රකෝටිය 10^21 කෝටි ප්‍රකෝටිය 10^22 දස කෝටි ප්‍රකෝටිය 10^23 සිය කෝටි ප්‍රකෝටිය 10^24 දහස් කෝටි ප්‍රකෝටිය 10^25 දස දහස් කෝටි ප්‍රකෝටිය 10^26 ලක්ෂ කෝටි ප්‍රකෝටිය 10^27 දස ලක්ෂ කෝටි ප්‍රකෝටිය 10^28 නහුතය