වාහන ලීසිං හා රන්බඩු උකස් පුද්ගලික ආයතනයක ගම්පහ ශාඛාවේ සිදුවූ කොල්ලය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් දසලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය බව සුරකින බව ද සිරිවර්ධන මහතා පවසයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජිත ඩී කොමසාරු මහතාට ( 077 47 8 46 46 / 033 2222228 ) හෝ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු ඇතොත් දැනුම් දිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා නින්දෙන් අවදි වෙලාද (දී)
මේ වගේ මංකොල්ලකෑම් ප්‍රසිද්ධියේ කරන්න තරම් නිදහසක් අපේ රටේ දැන් ඇතිවෙලාද? (නි)
උත්තරා, මේ ඡායාරූප වල ඉන්න අය ගැන තමා ඔත්තුවක් දුන්න කෙනෙකුට දස ලක්ෂයක් දෙන්නේ. දන්නවා නම් පොලිසියට කියන්න. හොරුද නැද්ද කියලා එයාලා තීරණය කරාවි. (නි)
දැන් ලංකාවේ ඉන්න සෑම අපරාධ කරුවෙක්ම හොඳ හැටි දන්නවා ලංකාවේ තියෙන නීතිය සහ බන්ධනාගාර වල තියෙන සැප. මේ රට බේරගන්න ඕන නම් දැඩි නීති පැනවිය යුතුමයි. (ස)
මෙහෙම පැහැදිලි ෆොටෝ තිබිලත් පොලිසියට මෙයාලව අල්ලන්න බැරි නම් මොනවද මේ කතා.හොරා පොලිස්.(නදී)
ඕන් පුතේ,නිදන් හාරන්න ඕනත් නැ,බෝට්ටු වලින් වෙන රටක යන්න ඕනත් නැ.මල්ල කරේ .දෙන්න ටිප් එක.(නදී)
එක දෙයක්. මෙහෙම බය නැතුව මේ වගේ දෙයක් කලා කියන්නේ අනිවාර්යන්ම මේක පිටිපස්සේ කව්රු හෝ දේශපාලන බලවතෙක් ඉන්නවා ඇති.(නදී)
මේක කොල්ලකෑමක් වෙන්නේ කොහොමද ? ඔෆිස් එක ඇතුලේ කවුරුවත් නැහැනේ. මේක හොරකමක්. නමුත් වෙලාවනම් දවල් 1:30යි. (නදී)
සාමා පොලිසියට දොස් කියල වැඩක් නැහැ. පොලිසියේ ඉන්නෙත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු කොටසක්. වෙනසකට තියෙන්නේ විශේෂ පුහුණුවක් දීල තියන එක විතරයි රාජකාරි කරන්න. මුළු ලංකාවේම ඉන්න මිනිස්සුන්ගේ පොටෝ පොලිසියේ නැහැ. මහජනතාව වශයෙන් අපිට කරන්න තියෙන්නේ පොලිසියට උදව්කරන එක අපරාධ වලක්වන්න. මේ පොටෝ පැහැදිලි නිසා ඉක්මන්නිම මේ පාහරයන් කොටු වේවි. සල්ලි අරගෙන යන පුද්ගලයා හැර අනිත් අයගේ ගමන් විලාසය සහ හිස කෙස් කපා ඇති ආකාරය අනුව යමක් හිත ගන්න පුළුවන්. මේ වගේ අපරාධ වැඩි වෙන්න හේතුව ආර්ථිකයම නොවේ. දඩුවම් ලිහිල් වීම, බන්ධනාගාර වල නිදහසේ බිස්නස් කිරීමට හැකිකම, නඩු අවුරුදු ගණන් ඇදගෙන යාම, ඉක්මනින් ඇප ලැබී නිදහසේ සැරිසැරීමට අවකාශ ලැබීම.(නදී)
එතන හිටපු හිටපු පරිබෝගිකයෝ වගේ පේන්නේ.(නදී)
මෙගොල්ලොන්ගේ ඇගපත බලද්දී එක්කෝ පොලීසියේ / හමුදාවේ අය වගෙයි පෙන්නේ... බලා ඉමු මොකක්ද වෙන්නේ කියල.. අපේ රටේ තවමත් දක්ෂ නිරල්ධාරින් පොලීසියේ ඉන්නවා එයාලගේ ඇස් වලට වැලිගහනවා බොරු...(නදී)
මේ කැමරා වල ඉන්න අය කව්ද ? (නදී)
මෙහෙම මුහුණු අනාවරණය වෙලා තියෙද්දිත් පොලිසිය කාගෙන්ද සහය ඉල්ලන්නේ? පුහුණු ආරක්ෂක බලකායක් වගෙයි පෙන්නේ.(නදී)
වාස් මහත්තයාගේ ප්‍රදේශය එතුමා හිටියනම් මේ කට්ටිය මෙලහකට අවි ආවුද පෙන්වන්න ගිහිල්ලා.(නදී)
කවුද ඉතින් ඔය හොයන අයම තමා ලෝක හොරු.(නදී)
මොනවා උනත් අර කොමසාරු කියන මහත්තයටනම් කිසිම තොරතුරක් දෙන්න එපා දැක්කනේ රතුපස්වල තොරතුරු වලට වෙච්ච දේ . නැත්නම් අර පැනපු සිරි මහත්තයට රුපවාහිනී විවාද වලට යන්න රජයේ ආයතනවල තොරතුරු දුන්න රාජ්‍ය නිලදාරින්ට වෙච්ච දේ වේවි .අවසානේ වෙන්නේ ඔය මංකොල්ල කාරයෝ ඔක්කොම බේරෙයි තොරතුරු දුන්න අය පවුල් පිටින් ඉවරවෙයි.(නදී)
අපි බෝදි පුජා තිබ්බේ මේ ගොල්ලන්ට තමයි.(නදී)
වීඩියෝ එක ප්‍රචාරය කරන්න. ලොකර් එක ගාව තියෙන කැමරාවේ රුප දමන්න. හඳුනා ගන්න පුළුවන් වෙයි.(නදී)
සිදුවීම ගම්පහ නිසා හමුදාවට විසඳන්න පුළුවන්.නැතනම් රහස් පොලිසියට දෙන්න. (ස)
බලන්න කිසි බයක් නැතිව මුහුණු ආවරණය නොකර රොබින් හුඩ් වගේ නිදහසේ යන හැටි.(නදී)
මේ ඉන්නේ හොරුද? එහෙම කියල නැනේ ලිපියේ.(නදී)
"මෙහෙම පැහැදිලි ෆොටෝ තිබිලත් පොලිසියට මෙයාලව අල්ලන්න බැරි නම් මොනවද මේ කතා.හොරා පොලිස්" අනේ සාමා මට ඔයා ගැන දුකයි. (ස)
ගමන් කරන හැටි සහ කොන්ඩ කපලා තියන හැටි බලපුහම හිතා ගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. අඩු එක දෙයක් විතරයි. (නි)
බමුණු සහ ඇසල යමක් දන්නවා වගේ. (ස)