IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගම්පහ කොල්ලයේ ලක්ෂ 15ක රන් බඩු සොයා ගනී

ගම්පහ වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලය සිදු වී දින දොළහක් යන්නට පෙර  රුපියල් පහලොස් ලක්ෂයක පමණ රන් ආභරණ සහ රුපියල් 2700ක මුදල් සොයා  ගැනීමට  පොලිසිය සමත් විය.

ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් නෙළුවේ සිට රැදී සිටිමින් දුන් තොරතුරු අනුව කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මේ භාණ්ඩ ගැන තොරතුරු හෙළි වී ඇත.

ඒ අනුව කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි නෙළුවට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් එම රන් ආභරණ සොයා ගෙන තිබේ.

සොයා ගත් රන් ආභරණ අතර රන්මාල 14ක්, වලලු හයක්, රන් මුදු අටක්, පෙන්ඩන්ට් පහක්, පංචායුද දෙකක්, කරාබු ජෝඩු 10ක් සහ බේස්ලට් තුනක් ද වෙයි.

 පසුගිය 21 වැනිදා මේ කොල්ලය සිදුවූ අතර කොල්ලකරුවෝ බැංකුවේ සේප්පු දෙකක තිබූ රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසූදහස් හයසියයක රන් බඩු පැකට් 186ක් සහ මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ නවදහස් අටසියයක් රැගෙන ගියහ.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එන් උපුල් සමරසිංහ, පොලිස් පරීක්ෂක එස් ඩබ්ලිව් වී සුදසිංහ, උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ පියසිරි, පොලිස් සැරයන් 1043 විකුම්සිරි, පොලිස් කොස්තාපල්වරුන් වන 29593 රසික, 32693 අරුණ, 40095 කරුණාරත්න, 36968 විජේසිංහ සහ 48949 නන්දන යන මහත්වරු නෙළුවට ගොස් භාණ්ඩ සොයා ගත්හ.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි   ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා, පොලිස් සැරයන්වරුන් වන 52478 ආරියපාල, 9840 ගුණසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන 55460 ධනපාල, 87473 ලේනවල මහත්වරු නෙළුවට ගොස් තොරතුරු රැස්කළහ.

නෙළුව වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාගරත්න මහතා, පොලිස් කොස්තාපල් 5883 ජයන්ත ඇතුළු නෙළුව පොලිසියේ සියලු නිලධාරීන්ගේ සහාය ගම්පහ පොලිසියට සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ලැබිණි.



අදහස් (0)

ගම්පහ කොල්ලයේ ලක්ෂ 15ක රන් බඩු සොයා ගනී

උපාලි Monday, 02 September 2013 05:32 AM

ඔය නෙළුවේ සැකකාරයන්ට ටිකක් නෙළුවා නම් තව තොරතුරු කියයි. වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site