වාහන ලීසිංහ හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මීට පෙර ඡන්ද සමයක සිදුවූ මීනීමැරුමකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු ඔස්සේ ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඔහු කාලයක් රිමාන්ඩ් භාරයේ ද සිට ඇති බවට පොලිසිය තොරතුරු ලැබී ඇත.
සැකකරුගේ තොරතුරු අනුව පොලිසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොස් විමර්ශන සිදු කර තිබේ.
ඔහු අත්අඩංගුවට පත් වීමෙන් පසු පොලිස් විමර්ශනවලට සහාය දැක්වීම සදහා ඔහුගේ මේස ලාච්චු හා ලොකරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල උසස් නිධරයන් විසින් මුද්‍රා තබා තබූ අතර ඊයේ (27) නෙළුවට ගිය ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ අවසරය ඇතිව ඒවා පිරික්සූහ.
නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තේය.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගනිද්දී ඔහුගේ ජංගම දුරකතනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ දමා ගොස් ඇති බවයි.
සැකකරු අත්ඩංගුවට පත්වීමෙන් පසු එම දුරකතනය ආරක්ෂාකාරීව තබන ලෙස මිතුරකුට දන්වා ඇතැයි ද හෙළි වී ඇත. එම දුරකතනය තුබූ තැනින් රැගෙන වෙනත් තැනක තබන ලෙස ද ඔහු මිතුරාට පවසා තිබේ.
පොලිසිය විසින් ඊයේ (28) සොයාගනු ලැබූ ජංගම දුරකතනය සමග තිබූ අලුතින් ගෙනා ජංගම දුරකතන පෙට්ටි දෙක ගැන පොලිසියේ විශේෂ අවධානය යොමුව අතැයි කියති.
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා සහ බස්නාහිර උතුර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සිදු කරයි.
පොලිස්පති එන් කේ ඉලංගකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි විමර්ශන පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවලු... (ස)
වැදගත් විදිහට ඇඳ පැළඳගත්, වැදගත් තනතුරු දරන අපරාධකාරයෝ කොච්චර ඉන්නවද අප අතරම? සමාජයේ මොවුන් හැසිරෙන්නේ හතර පෝයට සිල් ගන්න උපාසකයෝ වගේ. මහජන දේපල, දරුවන්, කාන්තාවන් මොවුන්ගේ භාරයට පත්වුනාම නරින්ට කුකුල්ලු බාර දුන්නම තමයි. අවාසනාව නම් අපට මොවුන්ව අඳුනා ගන්න ලැබෙන්නේ වැඩ සිද්දවුනාට පසුව වීමයි. ඊටත් වඩා අවාසනාව තමයි අඳුනා ගත්තත් ඊට විරුද්ධව කිසිවක් කල නොහැකිවීම. (අ)
මෙවැනි අපරාධකරුවන් රටට බරක්. ඉක්මනින් පරීක්ෂණ පවත්වා නිසි දඩුවම් ලබාදිය යුතුයි. (නි)
අසරණ මිනිස්සුන්ගේ රන්බඩු දැන් උණු කරලත් ඇති. අනේ පව්. (ස)
බොහොම හොඳා දිගටම පරීක්ෂණ කරන්න. එතකොට රටේ ඉන්න ලොකුම හොරුන්ට මොකද වෙන්නේ. (ස)
පොලිස් නිලධාරි මහතුනි! දේශපාලකයන් අමාරුවේ නොවැටෙන විදියට පරීක්ෂණ මෙහෙයවන්න. (නි)
පොලිසියේ නිලධාරීන්ට කිසිම බාධාවක් නොමැතිව පරීක්ෂණ කරන්නට ඉඩ ලැබෙන එක යුක්තිය පසිඳලීමේ හොඳ ප්‍රවණතාවයක්. පාලකයෝ මේවට ඇඟිලි ගහන්නෙ නැතිව ඉන්නයි ඔනෙ. (ස)
කිසිම බුරුලක් දෙන්න එපා. දැක්ක නේද සමෘද්ධියා මිනිමරුමකටත් සම්බන්ධයිලු, දිය හැකි උපරිමයෙන් දඩුවම් දිය යුතුයි. (ස)
එතකොට පොටෝ වල හිටිය අනිත් අය කෝ? සල්ලි සහ රන් බඩු වලට මොකද වුණේ? (නි)
ඔහොම යන්!!ඔහොම යන් !!! තව ඉස්සරහට තව තව දේවල් එළිවෙයි. (නි)
කොහොමද? දැන් පේනවනේ... (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)