( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති මෙම කමිටු රැස්වීමේ දී සම්මත වූ යෝජනාව ඉදිරි දිනවල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමටත් තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්, අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත කමිටු සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතු බවට ජනතාව අතර මතයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික් කමිටුවේ දී සාකච්ඡා කළා. දිස්ත්‍රික් කමිටුවේ ඒකමතික තීන්දුව වුණෙත් අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසුයි කියන එකයි. ඒ අනුව අපි ඒ මතය මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමට කටයුතු කරනවා.
කොහොම වුණත් අගෝස්තු මාසේ 11 වැනි දා අපේ පක්ෂයේ මහ සමුළුවේ දී අපේක්ෂකයා නම් කිරීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ නායකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව පක්ෂයේ අපේක්ෂකයා එතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අපි විශ්වාස කරනවා එතුමා අපේ යෝජනා ගැනත් සැලකිල්ල යොමු කරයි කියලා.
එක්සත් ජාතික පක්ෂය මේ වන විට අපේක්ෂකයෙක් නැතිව වල්මත් වෙලා තියෙනවා. සමහර ඇමැතිවරුන් හිතනවා තමන් අපේක්ෂකයා ලෙස නම් කරයි කියලා. නමුත් ඒ අයට අමතක වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අකමැති කිසිවකුට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගන්න බැරි බව. රනිල්ට ඕනේ වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය දිනන්න නෙමෙයි පක්ෂ නායකත්වය රැකගන්නයි.
අපි දැක්ක අපේක්ෂකයෝ නැතත් ආර්යාවෝ නම් බිහිවෙලා ඉන්නවා. දැන් එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් හොයන්න නෙමෙයි බිහිවෙලා ඉන්න ආර්යාවට ගැලපෙන අපේක්ෂකයෙක් හොයන්නයි. සජිත් මහත්තයටත් සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආර්යාවට තියෙන අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් අපේක්ෂකත්වය දිනාගන්න.
ජනාධිපතිවරණය ළංවෙන කොට එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි ජාති, ආගම් භේද වපුරවන්න උත්සහ ගනිමින් සිටිනවා. නපුංසක ඇමැතිවරුන් ලවා මහා සංඝරත්නයට අපහාස කරවීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ එ. ජා. ප නායකත්වයේ ආශිර්වාදය ඇතිවයි. එහි ප්‍රමුඛස්ථානය ලැබිලා තියෙන්නේ රන්ජන් සහ මංගල කියන ඇමැතිවරුන් දෙපළටයි.
අපි අවධාරණයෙන් කියනවා ජාති, ආගම් භේද වපුරලා මේ වතාවේ ජනාධිපතිවරණය දිනන්න එක්සත් ජාතික පක්ෂයට බැරි බව. මේ වතාවේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ පොදුජන පෙරමුණෙන්. මුළු රටම දැන් අපේ අපේක්ෂකයා දිනවීම සඳහා පෙළ ගැසී තිබෙනවා. ඒ අපේක්ෂකයාගේ අහළකටවත් ළං වෙන්න ඔය ඉන්න අපේක්ෂකයන් දුසිම් ගණනකටවත් බැහැ.
අපි දැක්කා සමහර අපේක්ෂකයෝ මේ දවස්වල කුඩේ කුඩු වෙලා යන හැටි. එක අපේක්ෂකයෙක් බලෙන් ප්‍රභූ වෙන්න ගිහින් ඇඳිවත ගලවා ගත්තා. තව අපේක්ෂකයෙක් කුණු ගෙන්නලා කුණු වෙලා ගියා. තවත් කෙනෙක් කැසිනෝ හින්දා නට්ටං වුණා. එහෙම බලනකොට පොහොට්ටුවට තර්ජනයක් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මේ රටේවත් නැහැ" යැයි ද පැවසයී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් දෙයක්යැ. යෝජනා කරන එක ලේසියි. දිනවන එක තමයි වැඩේ.
එහෙනම් එතුමාව ''ගම්පහ ජනාධිපති'' කරමු.
කියන්න බැහැ අර පබා උන්දැව යෝජනා කොරයිද කියලා. එහෙම ලූස් මඥ්ඥ පොරවල් ගම්පහ ඉන්නේ.
අනේ අපට නම් රාජපක්ෂලාගේ හෙවනැල්ලවත් එපා. මෙයාට මොනවද වංචාවක් සම්බන්ධ නඩුවක් තියෙනවානේද, ඒවාට විවිධ හේතු කියමින් කල්යවන්නේ වැරැදි බව දන්න නිසාද
ඔය කියන එක්කෙනාට ගොට්ට ඇල්ලුවේ නැත්නම් මේ අනාථ දේශපාලුවන්ට යන එන මං නැත.
පොදුජන පෙරමුණ වෙනුවට ඕකට පවුල් පෙරමුණ කියලා දාගත්තා නම් නියමෙට ගැලපෙනවා. අනික ඔය මනුස්සයා තවම ඇමරිකවේ පුරවැසියෙක්
එක්ෂත් ජාතික පක්ෂය ඇමරිකාව එක්ක ගිවිසුම් ගහනවා කියාල කෑගහන කිට්ටියම, ඇමරිකානු පුරවැසිභාවය තියන පුද්ගලයකුව ජනාධිපති අපේක්ෂක කරන එකේ තේරුම මට නොතේරේ. ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරනවාය කියා රටට හෙලිකලද මේ වනතෙක් එය වසන් කර සිටීම නැවතත් ජනතාව මුලා කිරීමක් කියා මා සිතමි. තවද නගානන්ද කොඩිතුවක්කු මහතාද ජනාධිපතවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය අවලංගු කර ගන්නවාට වඩා විනිවිද භාවයෙන් තොරයැයි මම සිතමි. එමෙන්ම නගානන්ද කොඩිතුවක්කු මහතා දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනමත යෝජනාවක්ද ඉදිරියට ගෙන පැමිණ ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන පාර්ශව සම්බන්ධව විශ්වාසය අඩුය. මට මේ දෙදෙනා සමග පුද්ගලිකව ගැටළු නැතත් ලංකාවට අලුත් දෙයක් ගෙනල්ල මිනිසුන්ව විඩාවටපත් කරනවට වඩා හොඳ දැනට තියෙන දේවල් ලංකාවට සුදුසු විදියට සංශෝදනය කර ගෙන ඉදිරියට යෑමයැයි සිතමි. මොකද හැමෝම කරන්න පොරොන්දුවී නොකළ විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු කිරීම සඳහා කැපවූ සිරිසේන ජනාධිපතිට මේ සැමදෙනාටම වඩා විශ්වාසයක් ඇත.
ගෝඨාට පසුව ජනාදිපති වශයෙන් නාමල් සුදුසු යැයි මම යෝජනා කරමි .
ගම්පහ ජනතාවට නැවත වතාවක් දැනුම් දෙන වගනම් ඔබලා ඉල්ලනවා කියන පුද්ගලයාගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි වී නොමැත. එහෙනම් අපි දන්නවානේ. ඒ වගේම ලංකාවේ ඔහුට විරුද්ධව විභාග වන නඩු එමටයි/ තවත් නඩු පෝලිමේ. ශාරීරික අතින් බයිපාස් රෝගියෙක්. මේ කරුණු කාරණා මත එම පුද්ගලයාව ජනපති අපේක්ෂක වශයෙන් යෝජනා කිරීම ස්ථිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඡන්ද අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම් අල්ප මාත්‍රයක් වත් නොදන්නාකම කියා සිතමි .
නඩු පිට නඩු
කරුණාකර සිංහල අප සියලු දෙනාම එක්ක ජාතිය නාමයෙන් දැන් වත් තේරුම් ගන්න. ශ්‍රී ලංකා මාතාවට ගරු කරන පුද්ගලයෙක් පුද්ගලයෙක් දින වන්න.
අපිත් ගම්පහ අපි නම් දෙන්නේ නැහැ මෙයාට
හිරු දකින පිනි වගේ ඝෝඨාභය දකින විට නඩු වාෂ්ප වෙනවා ඒ නිසා නඩු ගැන හිතන්න එපා.රට ගැන හිතන නිර්භීත නායකයෙක් තෝර ගන්න. යුද්දයක් කොරන්න බැරි පණ නැති අය තෝර ගන්න එපා නැවත බෝම පිපිරුවොත් මොවුන් වහබ් කාරයින්ට රට භාර දෙවි. එහෙම පාලකයොයි ඉන්නේ.