ගම්පහ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානවල ආරක්ෂාවට තාවකාලික වැඩපිළිවෙළක් ලෙස සිවිල් ආරක්ෂක කිමිටු සාමාජිකයන් යොදවන බව ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
සිවිල් ආරක්ෂක සංවිධාන සාමාජිකයකුට රුපියල් අටදහසක මාසික දීමනවක් ලබා දීමට ද නියමිතය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පිට කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ රථවාහන රාජකාරි භාර සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් මෙම තාවකාලික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේයි.
ගම්පහ, වේයන්ගොඩ, ගනේමුල්ල සහ මීරිගම දුම්රිය ස්ථානාධිපතිවරුන් පොලිස් අධිකාරී කාර්යාලයයට කැඳවා සාකච්ඡා පැවැත්වීය.
ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 11ක් ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ මීරගම ප්‍රදේශයේය. පසුගිය සතියේ දුම්රිය - ලොරි අනතුරකින් දෙදෙනකු මිය ගියේ ද මීරිගම ප්‍රදේශයේදීය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ අනාරක්ෂිත ගේට්ටු 11ක් සුරක්ෂිත කරයි
පිටබෙද්දර ජයා Friday, 05 July 2013 03:36 AM
ලැජ්ජයි , නේද ? මේකත් ප්‍රේමදාස මහත්තයාගෙන් ගත්ත කොපියක් නේද ? (නි)
චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Friday, 05 July 2013 05:06 AM
ගම්පහ ගැන බලධාරීන්ගේ ඇස යොමුවීම සතුටට කරුණකි (නි)
නිමල් ජයසිංහ Friday, 05 July 2013 07:52 AM
මාර්ග අනතුරු වලක්වන ලෙස දෙයියන්ගෙන් ඉල්ලුව වගේ මේ වැඩෙත් දෙවියන්ට භාරදෙන ලෙස කාරුණිකව ඉල්ලමි. (නි)