පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබියදී පසුගිය බදාදා සොයාගත් කාන්තා මළ සිරුරක් සහිත බෑගය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
මරා දමා තිබූ කතගේ ඡායාරූප මාධ්‍යයට ලබාදීමත් සමග පිටකොටුව, හෙට්ටිවීදියේ ලැගුම්හළක කළමනාකරුවකු එවැනි කාන්තාවක් දින 7 ක් තම ලැගුම්හළේ නවාතැන්ගෙන සිටි බවට පොලිසියට පවසා ඇත.
ඇය සමග පිරිමි පුද්ගලයකු පැමිණි බවත් යාපනයේ පදිංචි ආර්. කාර්තිකා (34) නමැති ඇගේ නමින් කාමරය වෙන් කර තිබූ බවත් ඔහු සඳහන් කර ඇත. ඒ අනුව පොලිසිය ඇගේ නිවස සොයා ගොස් තොරතුරු ලබාගෙන ඇති අතර ඇගේ සැමියා විදේශගතව සිටින බවත් ඇගේ මව අද (31) කොළඹට පැමිණ පොලිසියට කටඋත්තර ලබාදීමට නියමිත බවත් පොලිසිය පවසයි.
ඇය සමග ලැගුම්හලේ නවාතැන්ගෙන සිටි පිරිමි පුද්ගලයා විශාල බෑගයක් රැගෙන පිටවන ආකාරය සටහන්ව ඇති සීසීටීවී කැමරා දර්ශනද පොලිසියට ලැබී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනක යාපනයේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමුහ දුෂණයට ලක්ව ඝාතනයට ලක්වුණා. දැන් මේ කාන්තාව. මිනිසා මිනිස් වර්ගයාටම කෘරවීම වර්ගයේ වරදක් නොව මිනිස්කමේ දුර්වලකමක්. (නි)
මොහුව ඉක්මණින්ම නීතියේ රැහැනට කොටුකරගන්න හැකිවේවා! (නි)
මිනිසුන් තිරිසන් සතුන්ටත් අන්ත වෙන විදිහට අස සමාජය පිරිහිලා (නදී)
අපරාදේ මිනිස් ජීවිතයක්! (නි)
කොහොමද වැඩ (හේ)
අද හෙටම මිනිමරුවත් අල්ල ගනී.(හේ)
ඉක්මනට වරද කරුවන් අල්ලගන්න . (හේ)
මොන මිනී මැරුම කළත් ඒ කවුද කියා සොයා ගනීවි.(හේ)