වසර පහලොවක පටන් මිලානෝ නුවර පදිංචි කොටහේනේ යෝගනාදන් බොහෙන්ද්‍රන් පසුගිය මෑයි මාසේ තම කල් ඉකුත් වු ගමන් බලපත්‍රයට නව ගමන් බලපට්ත්‍රයක් ලබා ගෑනිම සදහා මිලානො කොන්සියුලර් කාර්යාලයට සියලු ලියවිලි බාර දී තිබේ.
මාස ගනනාවක් ගමන් බලපත්‍රය පරක්කු වුවත් ඔහු ඒ පිලිබදව එතරම් තෑකිමක් කොට නොමෑත. එහෙත් දෙසෑම්බර් මාසයේ දිනක 3274022695 දරන දුරකථන අංකයෙන් යොගනාදන් ඈමතු චානක නමින් හෑදින් වු පුද්ගලයෙකු ගමන් බලපත්‍රය පරක්කු විමට හේතුව ඉදිරිපත් කළ උප්පෑන්න සහතිකයේ ඈති වෑරදිමක් බවත් යුරෝ 250 ක් (රුපියල් 41750) තමාට ලබා දෙන්නේ නම් එය මග හරිමින් ගමන් බලපත්‍රය ඉක්මනින් ලබා දිය හෑකි බව පවසා ඈත. යුරෝ 200ක් (රුපියල් 33400) ලංකාවේ කන්තොරුවේ නිළදාරින් කිහිපදෙනෙකුට ලබා දිය යුතු යෑයි ඒම පුද්ගලයා යොගනාදන්ට පවසා ඈත.
චානක නමින් හෑදින් වු මෙම පුද්ගලයා සමග පෑවති දුරකතන සංවාදය පටිගත කළ යොගනාදන් එසෑණට එවීය. පසුව ජනවාරි මාසයේ යොගනාදන්ගේ සොහොයුරෙකු ආගමන විගමන කාර්යාලයට ගොස් යෝගනාදන්ගේ ගමන් බලපත්‍රය ගෑන විමසීමේ දී එහි සිටි නිළදාරින් දෙදෙනෙකු පවසා ඈත්තේ උප්පෑන්න සහතිකේ ඈති වෑරදීමක් හෙතුවෙන් එය සොයා බෑලිමට අදාල ප්‍රාදෙශීය ලේකම් කාර්යාලයට උප්පෑන්න සහතිකේ යොමු කර ඈති බෑවින් නව ගමන් බලපත්‍රය ලබා දීමට තවත් පරක්කු විය හෑකි බවය.
පසුව ඔහුගේ සොහොයුරා තමා හදුනන ඉහල නිලධාරියෙකුට මේ පිළිබඳව පෑවසීමේන් පසු ගමන් බලපත්‍රය එදිනම සාදා රෝමයට යොමු කිරිමෙන් පසු පෙබරවාරි මාසයෙ දී තමාගේ පරක්කු වු ගනන් බලපත්‍රය තම අතට පත් වු බව යෝගනාදන් පවසයි. මිලානො නුවර කොන්සියුලර් කාර්යාලයේ පරිපාලන නිළධාරි කුමාරසිංහ ගමගේ මහතා එසෑණට කියා සිටියේ මුදල් ඉල්ලු මෙම පුද්ගලයා තම ආයතනයේ සේවකයකු නොවන බවයි. එහෙත් තවත් ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකුගෙන් මෙම දුරකථන අංකයෙන් අමතා මුදල් ඉල්ලා ඈති බවත් මෙ පිළිබදව රෝම තානාපති කාර්යාලයට පෑමිණිලි කළ බවත් කුමාරසිංහ මහතා කියා සිටි.
තම කාර්යාලයට ලෑබෙන ලියවිලි වල තොරතුරු මෙම පුද්ගලයා අතට පත් පත් වන්නේ කෙසේදෑයි අප ඈසු පෑනයට පිළිතුරු දුන් කුමාරසිංහ මහතා කියා සිටියේ තම ආයතනයෙන් එවෑනි තොරතුරු පිට නොයන බවත් රොමයට යොමු කිරිමෙන් පසු සිදුවන දේ පිළිබඳව තමාට වග කිව නොහෑකි බවය. හෙට දින මෙම කප්පන් කරු පිළිබදව මිලානො පොලිසියට පෑමිනිලි කරනා බව ඔහු කියා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්ම ගති අත්හරින්න බැහැනේ. (ස)
ඉතිං ඔය නොම්බරේ අල්ලස් දෙපාර්තුමේන්තවට දුන්න නම් ඉවරනේ. පත්තරේ දැම්මේ මොකටද. මෙයත් වැඩේට හවුල් ද දන්නේ නෑ. නිකම්ම පබ්ලිසිටි නේ. කුමාර මහත්තයා වගකීමෙන් තමන්ගේ ආයතනය ගැන කියනවා ඒත් ඕකේ වැඩ කෙරුව කෙනෙක්ම නේද කෝටි ගානක් අරන් පැන්නේ. තානාපති කාර්යාලයත් දැන් ඔය තැටියම දායි. අංජුලගේ කතාව අනුව නම් ඔක්කෝම එක වල්ලේ පොල් වගේ මට පේන්නේ. සොහොයුරා තමා අඳුනන නිලධාරියාගෙන් වැඩේ කරගත්තේ මොන ක්‍රමයටද?(නදී)
"පසුව ඔහුගේ සොහොයුරා තමා හදුනන ඉහල නිලධාරියෙකුට මේ පිළිබඳව පෑවසීමේන් පසු ගමන් බලපත්‍රය එදිනම සාදා රෝමයට යොමු කිරිමෙන් පසු" මේ කියල තියෙන්නේ අන්තිමටයි රෝමෙට යොමු කළේ කියලා. එතකොට යොමු කරන්න කලින්ද රෝමෙන් තොරතුරු පිට වුණේ? (නි)
ඉතාලියේ සල්ලි වලට මේ වගේ වැඩ කරන කට්ටිය ඉන්නවා හැම නගරෙම. එයාලා සල්ලි අරන් අපෙන්, එම්බසියේ ඇතුලේ අයට පවා දීලා මේ වගේ වැඩ කරනවා. රස්සා කරන අය එයාලට සල්ලි දීලා වැඩ කරගන්නවා මිසක් දවස් ගණන් රස්තියාදු වෙන්න යන්නේ නැහැ. එම්බසියට ගියාමත් අපිව රස්තියාදු වෙනවා විතරයි. මේවා හැමෝම දන්නා දේවල් (නි)
තකට තක කියලා අලුතෙන් යන නිලදරියොත් ප්‍රාදේශීය දේශපාලකයෙක්.(නදී)
අයියෝ! මෙවන් නිලධාරීන් අයින් කරන්න ලංකාවේ කාටවත් බැරිද??? (නි)
අපේ අය නම් හැමතැනම හොරු. දේශපාලනයකුත් ගෑවිලා ඇති. (නි)
මේ ඔක්කොම හොරු. නඩුත් හාමුදුරුවන්ගේ.බඩුත් හාමුදුරුවන්ගේ. අහිංසක ජනතාවට දෙවියන්ගේම පිහිටයි. මමත් හොඳට දන්නවා ඔය මිනිස්සු ගැන. (නි)
මොන දේටද දැන් පගාව නොදෙන්නේ කියන්න (දී)
මෙයාලා ඉතාලි ගියත් ජන්ම ගතිය ඇරෙන්නේ නැහැ. හැබැයි අපි තරම් උතුම් ජාතියක් මෙලොව නැහැ වගේ කතාව.එලවන්න දැක්ක දැක්ක තැන ගහලා. (නි)
අනේ මන්දා
අම්මපා, මගේ මස් මටම කන්න තරහක් එන්නේ. අල්ලලා දෙන්න ඉතාලි අල්ලස් දෙපාර්තමේන්තුවට. දෙන්න එපා කිසිම බුරුලක්. මොකෝ අපේ අපේ කියල බුරුල දුන්නම තම අපිවම කෝටුමස් කරන් කන්න හදන්නේ. (නි)
පගාව ගන්න එකයි දෙන එකයි දෙකම වැරදියි (දී)
අම්මප මෙහෙම අයටත් මේ ඉර හද පායනවානේ...! ඉතාලි ඉන්න මිනිසුනේ, ගහන්න ඔය වගේ අයට දත් වහල්ල අනික් පැත්තෙන් මතු වෙන්න. (නි)
මිලානෝ තිබෙන්නේ පුද්ගලික ඒජන්සි කාර්යාලයක් මිස කොන්සියුලර් කාර්යාලයක් නොවන බව වග කීමෙන් දන්වා සිටිමි. කොන්සියුලර් කාර්යාලයක නිලධාරීන් පඩි ලබන්නේ ශ්‍රී ලංකා ජන රජයෙන්.(නදී)
භාතිය, නාපොලි කොන්සුලර් කාර්යාලයට පඩි ගෙවන්නේ ලංකාවේ ආන්ඩුවෙන්ද දන්නේ නැහැ නේද ?(නදී)
අර රෝමයේ 'කාසල් පලොක්කෝ' පැත්තේ බාර් එකක සිදුවෙන ගනු දෙනු මොනවාද? එතනට එන්නේ කුමන තානාපති කාරයාලයේ වැඩ කරන නිලධාරින්ද? එතෙන්ට ගියානම් වැඩේ ඉක්මන් කියල රාවයක් තියෙන්නේ ඇයි?(නදී)
පළමුවෙන් සඳහන් කල යුතු වන්නේ මෙම කාර්යාලය පෞද්ගලික කඩයක් බවය. මෙය කිසි විටකත් නිල ආයතනයක් නොවන බව මෙම ලිපිය යොමුකල ලේඛකයා හොඳින් දන්නා නමුත් යම් කිසි හේතුවක් මත නොදන්නා මෙන් සිටින බව නම් පැහැදිලිය.‘(නදී)