මනෝප්‍රිය ගුණසේකර
ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය.
එම අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇප මත මුදා හැරීමට ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කළේය.
මෙලෙස නියම කරන ලද්දේ මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් නඩු විමසිමට පත්කරන ලද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන්,සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)



වීඩියෝ - 356
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් හොරා කැවේ මොකාද ??? එකාට ගෙදර ගියත් තම " සිත සැහැල්ලුවෙන් නිදාගැනීමටත් නොහැකි " බව ස්ථිරය. හේතුව අනේ මම අහිංසක මිනිසුන්ගේ බදුමුදල් හොරා කැවා නේද ??? තමන්ගේ අඹුදරුවනුත් අපි මේ සැප විදින්නේ තම පියා හොරකම් කල මුදල් වලින් නේද සිතමින් අඹුදරුවනුත් නිතරම ලෙඩ ගානේය.
හැම අපරාධකරුවන් පසුපසම ප්‍රබල දේශපාලඥයින් ඉන්නවා.
පුදපු ගමන් කාපි යකා කිව්වලු...
හොරකම් නොකරපු එක දෙසපාලුවෙක් ඉන්නවනම් මට කියනවද?මුන් සේරම හොරු. මට තියෙන්නේ වෙන ප්‍රස්නයක් .මේ අලුතෙන් දාපු අධිකරණයත් ආපු ගමන්ම ඇප දීල ගෙදර යවනවනේ. මොකක්ද මේ අලුත් එකෙයි පරණ එකෙයි වෙනස?
ගුණරත්න අහපු ප්‍රශ්නයම තමයි මටත් තියෙන්නේ. ආපු ගමන්ම ඇප දීලා ගෙදර යවනවා නම්, මොකක්ද මේ අලුත් එකෙයි පරණ එකෙයි වෙනස? මොන පක්ෂේත් ඉන්න හොරු ටික අල්ලන්න ඕනෑ. අයථා සල්ලිත් අාපහු මහා භාණ්ඩාගාරයට අයකර ගන්න ඕනෑ.
මේ හොඳටම ඔප්පුවෙන හොරකම්වලට මේ අයගේ දේපල තහනම් කරලා හොරා කාපු ප්‍රකෝටි ගණන් මුදල් ජනසතු කළා නම්, මහජනතාවට ඒකවත් යම් සහනයක් වෙයි. මොකද මේ අය හොරාකාපු සල්ලිවලට බදු ගෙවන්නේ අහිංසක මහජනතාව. බලමුකෝ විශේෂ අධිකරණයේ වැඩ කොහොමද කියලා.
බඩ තද කරන්නේ පුතාද? කොහොමත් බඩට වදින කාලේ ලංවෙලා තියෙන්නේ පුතෝ බලාගෙන...
මෙයාගේ කොළඹ හතේ ගෙවල් වලට නඩු දාන්නේ කවදාද?
හොරකම් කරලා සුද්දගෙ අැඳුම අැඳල සුද්දට අපහාස කරනවා.