IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනා අධිකරණයට

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනාට එරෙහි පවරා ඇති නඩුවට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා මීට සුළු වේලාවකට පෙර ඔවුහු අධිකරණයට පැමිණියහ.

සෙසු සැකකරුවෝ වන ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ , හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන  සෙසු සැකකරුවෝද අධිකරණයේ පෙනී සිටීම සඳහා පැමිණ සිටිති.

මූල්‍ය  චෝදනා සම්බන්ධයෙන් නඩු කඩිනම් කිරීම සඳහා පිහිට වු  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ  විභාග වන පළමු නඩුව මෙය වේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (7)

ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනා අධිකරණයට

එර්දි Friday, 24 August 2018 04:50 AM

හොරු උසාවි යන්නෙත් මගුල් ගෙවල්වල යනව වගෙ.කොහොමත් මේ මිනිස්සු දන්නව හොරා කෑවට මේ කපේදි දඩුවම් නොලැබෙන බව.මේ රජය එදා කියපු දේවල් ඇත්තනම් මේ අය හිරේ තුන් වෙනි අවුරුද්දත් පහුකරල.

:       245       516

ROSHAN Friday, 24 August 2018 05:10 AM

මේ ඉන්නේ එල්ලලා මරන්න ඕනේ කට්ටිය

:       105       398

ජයන්ත මිලානෝ Friday, 24 August 2018 05:49 AM

ජීවන බරින් මිරිකිල දැඩි පීඩනයෙන් ඉන්න ජනතාවට බොරු "ශෝ"පෙන්වනව. මේ කපේදී මුන්ව හිරේ දාන්නෙත් නැ වෙච්ච අලාභ පියවගන්නෙත් නැ.ඉදිරියට එන ඡන්ද සඳහා ජනතාවටගේ හිත දිනාගන්න කරන බොරු උප්පරවැට්ටි.

:       112       79

Raveendra Friday, 24 August 2018 06:08 AM

තම රට වෙනුවෙන් අවංකව සේවය කරන පුද්ගලයන්ගේ සිත් සැමවිටම සැහැල්ලුවෙන් පවතින බැවින් ඔවුන් නිරෝගී මිනිසුන් බවට සමාජයේ ඕනා තරම් උදාහරණ අපහට දැක ගත හැක. නමුත් මිනිස් ආත්ම ලබපු වංක තිරිසනුන් මැරෙන්නෙත් අනේකවිද ලෙඩරෝගවලට ගොදුරුවී අපාදුක් විදීමෙන් පසුවය. උන්ගේ පවුල්ද අනේකවිද දුක් කම්කටුලුවලට මුණපා ජිවිත විනාශවී ඇතිබවට අවට පරිසරයෙන් යහමින් උදාහරණ ඇත.

:       0       0

sumith Friday, 24 August 2018 06:10 AM

මෙයාලා හොරෙන් කාපුවගේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක බදු ගෙවන අපිට

:       0       0

Janahitha Friday, 24 August 2018 06:22 AM

අධිකරණය කියන්නේ වවාගත් තැනක් නිසා ඊට ගැලපෙන ඇදුමකින් කවුරු උනත් යායුතුයි. නැතිනම් එක අධිකරණයට අපහාස කලා කියලා දඩුවම් ලැබිය යුතු කරුණක් බව සම පුරවැසියෙකුම දැනගත් යුතුයි.

:       0       0

Pabath Friday, 24 August 2018 07:00 AM

මේ හොදටම ඔප්පුවෙන හොරකම් වලට මේ අයගේ දේපල තහනම් කරලා හොරා කාපු ප්‍රකෝටි ගනම් මුදල් ජනසතු කලා නම්, මහජනතාවට ඒකවත් යම් සහනයක් වෙය්.බලමුකෝ විසේස අදිකරණයේ වැඩ කොහොමද කියල.

:       0       208

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31550 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13909 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 160 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1081 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site