ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එම් ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.
චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.
ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ගොනු කළ මෙම පෙත්සමෙන් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අගමැති , සහ ජාතික පොලිස් කොමිසම වගඋත්තරුකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කර තිබියදී මෙවැනි තීරණයක් ගැනීම නීතිවිරෝධී බවත්, නවරත්න මහතාට මෙම සේවා දිගුව නොදුන්නේ නම් තමාට එම තනතුර හිමිකම් ලබන බවත් පෙත්සම්කරු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ වැඩ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
ගුණවර්ධන මහත වචානයේ පරිසමාප්තියෙන්ම අවංක දුෂණයෙන් තොර නිළධාරියකි .පොලිස්සියට අවශ්‍ය කෙනෙක් (අ)
ගාමිණී නවරත්න මහතා පොලිසියේ සිටිය යුතු වැදගත් අවංක දුෂණයෙන් තොර නිලධාරියෙක්. (ර)
මහින්දගේ අඳුරු සෙවනැලි තාමත් තියනව. (අ)
යහපාලනේ වැඩ ටික කරගන්න විශ්වාසවන්තව ඉන්න ඕනෑ (ම)
සත්‍යා එක්ක මාත් එකඟයි (නි)
පොලිසියේ සිටියයුතු වැදගත් නිලධාරියෙක් (නි)
පසුගිය කාලේ මේ වගේ නඩු ගැන හිතන්නවත් බැහැ. දැන් පොලිස් නිලධාරියකුට පුළුවන් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ නඩුවක ජනාධිපති වුණත් වගඋත්තරකරුවෙක් කරන්න. එක්තරා දුරකට යහපාලනය තිබෙන බව ඒකෙන් ගම්‍ය වෙනවා නේද? (ම)
ගාමිණී නවරත්න කියන්නේ ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න උගත් වැදගත් කාර්යශීලි දුෂණයෙන් තොර නිහතමානි මහත්මයෙක්. (නි)
තනතුරේ සදාකාලිකව රැඳෙන්න උත්සාහ ගන්න එපා. අලුත් අයටත් අවස්ථාව ලබාදෙන්න (නි)
වැදගත් පුද්ගලයෙකු වශයෙන් ගාමිණී නවරත්න මහතාගේෙ සේවය තව වසර කීපයකින් වුවත් දීර්ඝ කල යුතුය. එහෙත් එම ක්‍රියාවෙන් තවත් නිළධාරියකුගේ මූලික අයිතිවාසිකම් කඩ නොවිය යුතුය. (ර)
සත්‍යා එක්ක මාත් එකඟයි.(හේ)
වැරදි සහ නඩු වැඩිවීම යහපාලන ලකුණුද ? (ම)
පසුගිය කාලේ මේ වගේ නඩු ගැන හිතන්නවත් බැහැ. දැන් පොලිස් නිලධාරියෙකුට පුළුවන් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ නඩුවක ජනාධිපති වුණත් වගඋත්තරකරුවෙක් කරන්න. එක්තරා දුරකට යහපාලනය තිබෙන බව ඒකෙන් ගම්‍ය වෙනවා නේද? (නි)
පොලිසිය තාම ආණ්ඩුව අතේද ?නීති ගරුක නිළධාරින්ට තැනක් යහපාලනයෙන් දෙන් නැද්ද ? (අ)
මෙවන් උගත් බුද්ධිමත් පොලිස් නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට වෙනම ක්‍රමවේදයක් තිබිය යුතුයි. මෙවැනි සේවා දිගුවකින් තවත් කෙනෙකුගේ අවස්ථාව අහිමි නොවන පරිදි වෙනම ක්‍රමවේදයක් සකස් කළයුතුයි.(ම)
ගුනවර්ධන මහතා නීති ගරුක පොලිස් නිලදරියෙක්.(හේ)