අන්තර්ජාතික කීර්තියට පත ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු, තානාපතිවරයෙකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වු ආචාර්‍ය ගාමිණී කොරයා මහතා අභවප්‍රාප්ත විය.
කලක් අසනීපව සිටි ඔහුගේ අවසන් කටයුතු බොරැල්ලේදී අද සිදු කිරීමට නියමිතය.
1925 නොවැමිබර් 04 දින ඉපදුනු ඔහු එක්සත් ජාතීන්ගේ වෙළද හා සංවර්ධන සමුළුවේ (අන්ක්තාඩ්) මහ ලේකම්වරයා විය.
යුරෝපා ආර්ථික කොමිසමේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකුද විය. ක්‍රම සම්පාදන ලේකම්වරයෙක්ද විය.
1950 දී අරඹුණු ශ්‍රී ලංකා ජාතික ආර්ථික සැලැස්මේ නිර්මාතෘ ඔහු නිසා ශ්‍රී ලංකාව ලැබු අන්තර්ජාතික කීර්තිය බොහෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම විටම වෘත්තීය ගෞරවය රැකි, බුද්ධිමත් ලක් පුත්‍රයෙක්. එතුමාට මොක් සුව. (ස)
මම දන්නා විදිහට ගාමිණි කොරේයා මහතා විවාහ වෙලා නැහැ. එතුමාගේ බෑනා කෙනෙක් එතුමාගේ දේපල පාලනය කලා. එතුමා දීර්ඝ කාලයක් අසනීප වෙලා හිටියා. කොහොම නමුත් අපේ රටට කිර්තියක් ගෙනාව මහා උගතෙක්.ඕබ තුමාට නිවන් සැප ලැබේවා.(නදී)
ඔබට නිවන් සුව පතනවා (නදී)
අද වැනි, අප හැම බලාපොරොත්තු වෙන අන්තර්ජාතික කීර්තියක් ලබා දිය හැකි වියතුන් අඩුවෙමින් යන යුගයක, ඔබ වැනි අයගේ වටිනාකම අවබෝධ කර ගැනීමට හැමෝටම හැකියාවක් ලැබේවා කියා සිතමින්, ඔබට මගේ උපහාරය. (නි)
ඔබට නිවන් සුව පතමු. (නි)
මහත්මයාණනි,ඔබට නිවන් සුව පතමි. (නි)
රටට සේවය කල තවත් බුද්ධිමතෙකුගේ නික්ම යෑමක්.ඔබට නිවන් සුව (ස)
ඔබට නිවන් සුව. (නි)
රටට ආදරය මෙන්ම මහඟු සේවයක් ද කළ අව්‍යාජ බුද්ධිමතෙකු වූ ඔබට නිවන් සුව පතමි. (නි)
මුළු ලෝකයටම අහිමි වන තවත් එක් පහන් තරුවකි ඔබ. අමා මහ නිවන් සුව පතන්නෙමු. එහි කිරණින් සෙවණ ලද අප සැම මෙලෙස........ (ස)
හොඳ දැක්මක් තිබුන ශ්‍රේෂ්ඨ මහත්මයෙක් .එතුමාට නිවන් සුව ලැබේවා ! (ස)
ඔබතුමාට නිවන් සුව අත් වේවා!!! (ස)
ශ්‍රී ලංකා මාතාව ලොවට දායාද කල උගත්, බුද්ධිමත්, ඉතාමත් නිහතමානී, එමෙන්ම විශිෂ්ට ගණයේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. මෙවන් රාජ්‍ය තාන්ත්‍රිකයන් තවත් මේ රටේ බිහිවේ නම් වාසනාවකි. (ස)
ඔහු බොහෝ කලක් ජිනීවා වල වැඩ කළා. ඉහලම බුදධිමත් විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අප ඔහුට නිවන් සුව පතමු. ජිනීවා බෞද්ධ විහාරය තවලම ධමිමික හිමි සහ හිමිවරු
ඔබ තුමාගේ උපන්දිනය දවසේ මියගියේ, ඔබට නිවන් සුවය පතමු. (ස)