හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ කුඩාඔය ප්රදේශයේ ගම්මානයක් ආසන්නයට ඊයේ (16) පස්වරුවේ හදුන් දිවියෙක් හා පැටවුන් දෙදෙනෙක් පැමිණියහ.
ගම්වාසීන්ගේ දැනුම්දීම මත පැමිණි පොලිසිය හදුන් දිවියන් පළවා හැරීමට කටයුතු කළේය.
තේ වගා බිම් ආශි්රතව පිහිටන රක්ෂිත වාසය සදහා සුදුසු බැවින් අදුන් දිවියන් එම රක්ෂිත තම වාසය සදහා තෝරාගෙන තිබෙන බව වනජීවී නිලධරයෝ පවසන්නෝය.
එසේවුවත් තම ජීවිත වලට අනතුරක් එල්ල වීමේ අවදානමක් ඇති නිසා එම රක්ෂිත වල සිටින දිවියන් වෙනත් රක්ෂිතයකට පලවා හරින ලෙස ගම්වාසීහු ඉල්ලා සිටින්නෝය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුන් දිවියත් පොඩි පූසෙක් වගේ නේද? (නි)
හඳුන් දිවියන්ගෙන් මිනිසුන්ට කරදරයක් නැහැ. උන් එච්චර ලොකුත් නැහැ. මිනිසුන්ගෙන් තමයි මෙයාලව පරිස්සම් කරන්න ඕනෑ. ඔය පළාත් වල ඉන්න මිනිස්සුම තමයි දඩයම් කරලා සත්තු විනාශ කරන්නේ. (නි)
බළලුන් වගේ හරි ලස්සනයි. අහිංසක ඇස් දෙකක්. (නි)
සතුන්ට ඉන්න තිබෙන කැලෑ ගිනිතියලා සුද්ධ කරලා තේ වගා කරනවා. සතුන්ගේ නිජ භූමි විනාශ කරනවා. ඊටපස්සේ ඒ සතුන්ව මරන්න කියනවා, එළවන්න කියනවා. පුදුම කතාවක්නේ මේක!!! (නි)
අනේ කරුණාකරලා මේ සත්තු මරන්න එපා. මුන්ගෙන් මිනිසුන්ට කිසිම හානියක් නෑ. මේ අපේ රටේ දුර්ලභ සත්තු ජාතියක්. ඉන්න ටිකවත් බේරගන්න බලන්න (බ)
අපේ ගෙදර ඉන්නවා මේ වගේ පුසෝ තුන්දෙනෙක්. මිට වඩා ටිකයි කුඩා. කොච්චර ලස්සන දසුනක්ද. (බ)
මේ අහිංසක සත්තු. එච්චර දුර නෙමේ ජාඇල එ්කලත් ඉන්නවා. (හේ)
හරිම සුන්දර සතෙක් (නි)
පව් ඒ සතාගෙන් ඇති හානියක් මිනිසුන්ට නැහැ. ඔය ඉන්නෙ කැලෑ පූසෙක්. බය නොවී මිනිස්සු වැඩක් බලාගෙන හිටියා නම් හරි. (නි)
මේ පූසෝ වගේ සතුන්නේ! (නි)
අනේ මේ පූසෙක් වගේ පුංචි සතෙක්නේ. මුගෙන් මිනිසුන්ට අනතුරක් නැහැ. (නි)
අපේ මිනිස්සු මේ සතාව මරාගෙන නොකාපු එකත් පුදුමයක්. (නි)
කරුණාකර මේ දුර්ලභ සතුන් රැකගන්න (නි)