ජනධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන දෙදක් අයථා ලෙස ප්‍රයෝජනයට ගත්තැයි සැකපිට ජාතික සවිය ගම නැඟුම ව්‍යාපෘතියේ පුත්තලම අධ්‍යක්ෂ සුදත් සුභසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
රහස් පොලීසිය අධිකරණයට දැන්වුයේ රාජ්‍ය දේපොළ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීමෙන් ඔහු බරපතල වරදක් කැර ඇති බවයි. ඔහුගේ නීතීඥවරයා පැවසුයේ 2007 සිට ඔහු මෙම වාහන පාවිච්චි කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව විසිරුවල නැවත චන්දේ තියනකොට ජනතාව බුද්දිමත් වෙන්න රටට වැඩදායි පුද්ගලයන් පත් කරගන්න හොරු දුෂිතයන් මංකොල්ල කාරයන් ගෙදර යවන්න ජනතාව බුද්දිමත් වෙන්න.(ස)
ජනතාව රවටමින් මහජන මුදල් කෝටිගානක් හොරකම් කරලා නිකං තොත්තබබාලා වෙන්න හදන කම්බා හොරු ඉදිරි මහ මැතිවරණයේදි නැවත නොඑන්නම පන්නා දාමු (නි)
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්. (බ)
ආ ඒ කියන්නේ අර 80 ශ්‍රී හරි 90 ශ්‍රී හරි මෝටර් සයිකල් වලින් එකක් වෙන්න ඇති, ඇත්ත තමා ඒ වගේ පුරාවස්තු ළඟ තබා ගැනීම බරපතල වරදක් තමා (බ)