මෙරටින් වාර්තා වු පළමු මී මැසි රෝගය සිකුරාදා වාර්තා වු බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.
රෝගය පිළිබඳව බිගු සම්පත සුරැකීමේ ජාතික සංවිධානයේ නිලධාරීහු සොයාගෙන ඇත.
මි මැසි ජනපද වල බීජ අවස්ථාව හා කීඨයන් දිගින් දිගටම මිය යාම හා එමගින් ජනපද වල නව බිගුන් බෝවීම වැළකිමෙන් ජනපද වල බිගුන් අඩු විම නිසා මී පැණි නිෂ්පාදනය හා බිගු ජනපද අලවිය තුළින් මසකට රුපියල් 50,000 ක් පමණ සොයා ගන්නා රට පුරා සිටින මි මැසි කර්මාන්තයේ යෙදෙන්නන් විශාල ගැටලුවකට මුහුන දි ඇතැයි එම සංවිධානය කියයි.
හුදකලාව මි මැසි කර්මාන්තයේ යෙදෙන්නන් හට මෙය දැන ගැනිම අපහසු වුවත් ප්‍රායෝගිකව මි මැසි ඡනපද 100 ක් 150 ක් පමන ඇති තාක්ෂණිකව මෙම කර්මාන්තයේ යෙදෙන්නන් හට දිගින් දිගටම ජනපද වල මී මැසි ගහනය අඩුවීම නිරික්ෂණයේදි මෙම රෝගය හඳුනා ගැනීමට හැකි වු බවත් දැනට ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ලංකාවට මී පැණි මෙට්‍රික් ටොන් ප්‍රමාණයන්ගෙන් ගෙන්වන බවත් එය නවතා දමා මී පැණි ලංකාවේ නිෂ්පාදනය කිරීමේ අරමුණින් තම සංවිධානය යන ගමන අතර මගදි ඇන හිටින බව බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ ශිල්පි තුෂාර මහින්ද විජේසිංහ පවසයි.
දැනට අනුරාදපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිදුන වැව හබරන ආශ්‍රිතව මෙම රෝගය පැතිරි ඇති බවත් තම ව්‍යාපාරයට මෙම රෝගය නිසා මහත් ගැටළුවලට මුහුන දිමට ඇති වි ඇති බවත් බිගු සම්පත සුරැකිමේ සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරි අභිත ෂවිරංග මහතා පැවැසිය.
නිට්ටඹුව - මීරිගම ප්‍රදේශ වලද මේ ආකාරයටම බිගු නිෂ්පාදනෙය අඩුවිම සිදුවී ඇතැයි කියති.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලට අසනිප වු විවිධ සතුන් ගෙනවිත් තිබුණද ප්‍රතිකාර සදහා මී මැස්සන් ගෙන ආ පළමු අවස්ථාව මෙය බවද වෛද්‍ය අසෝක දංගොල්ල මහතා කීවේය.
මේ සම්බන්ධව වෛද්‍ය පරික්ෂණ කිරිමට අවශ්‍ය පහසුකම් තම දෙපාර්තුමේන්තුව සතු බවත් අවශ්‍යනම් විදෙස් රටවලින් පවා පරික්ෂණයන් කිරීමට විශ්ව විද්‍යාල උපකුලපතිගේ සහාය ලැබෙන බවද අසෝක දංගොල්ල මහතා පැවැසිය.
අවශ්‍ය පරික්ෂණ කටයුතු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ආචාර්ය වරුන් හා රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ආචාර්යවරුන්ගේද සහයෝගය ඇතිව විසඳීමට කටයුතු කරන බව ඔහු පවසයි.
මෙම රෝගය මි මැසි ජනපද වල කීටයන්ට බලපාන රෝගයක් බැවින් පරිනත මී මැස්සන්ට කිසිදු බලපැමක් නොවන හෙයින් වෙළඳපලේ ඇති මී පැණි වලට බලපෑමක් ඇති නොවන බවත් වෛද්‍ය දංගොල්ල මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුමු ගුමුවන්ටත් ලෙඩ
සිරානා.් Sunday, 26 July 2015 12:43 PM
ඔන්න ලියල තියාගන්න ඔය සංවිදානෙන්ම පිටරටින් බෙහෙතක් ලංකාවට ගෙනැල්ලා මීපැණි ගොවියන්ගේ බඩට ගහනවා (නදී)
අතුල Sunday, 26 July 2015 09:18 AM
මෙය සුළුවෙන් සලකන්න පුළුවන් දෙයක් නොව ඉතා ඉක්මනින් විසඳුම් සොයාගත යුතුමයි. (ස)
පිටබැද්දර ජයා Sunday, 26 July 2015 09:19 AM
බිබිලේ දොඩම් වලට උන වැඩේමද මෙතනත් වෙන්නේ ? (ස)
චමල් Sunday, 26 July 2015 10:03 AM
මේ ප්‍රශ්නයට විසඳුම් ඉක්මනට හොයන්න ඕනි. ඒ වගේම මේ මහත්තයා ගැනත් දන්නෝ දනිති. (ස)