(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා ඇති සියළුම උදා ගම්මාන වල මෙතෙක් සින්නක්කර ඔප්පු නොලැබුණු 34,000කට හිමිකම් ඔප්පු දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ සිට නිවාස අමාත්‍යවරුන් ආරම්භ කළ උදා ගම්මාන 1,255ක පවුල් 34,000ක හිමිකම් ඔප්පු ලබා දීම ලබන වසර මැද වනවිට අවසන් කරන බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘතිවල ඉඩම්වල අයිතිය ඇත්තේ විවිධ ආයතන සතුව බවත් මේ වනවිට ඒ ඉඩම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සිදු වෙමින් පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මේ බව කීවෙි  රන්දොර උරුමය නිවාස හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.