IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගමේ අවුරුදු සමරන දුල්ශානි

ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ 'මේඝා' ටෙලි නාට්‍යයේ 'බිමන්සා' ලෙස ඔබේ ආදරය දිනාගත් කාවින්ද්‍යා දුල්ශානි නව පරපුරේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල කලා කටයුතු බොහෝමයකට සම්බන්ධ වී සිටින කාවින්ද්‍යා ඒ අතරතුර අලුත් අවුරුද්දට සූදානම් වෙමින් සිටියි. ඒ පිළිබඳව 'සාරවිට' අපි කාවින්ද්‍යාගෙන් තොරතුරු විමසුවෙමු.

20160413Kavin_1
කොහොමද අවුරුදු කාවින්ද්‍යා?

අවුරුදු නම් ජයයි. අවුරුද්දට එක පාරයි නේ අපි ඉතින් අවුරුදු සමරන්නේ. ඒ හින්දා සති කිහිපයක ඉඳලාම අවුරුද්ද ජයටම සමරන්න සූදානම් වුණා.


කාටද කාවින්ද්‍යා තෑගී ගත්තේ?

මගේ අම්මා, තාත්තා දෙන්නට විශේෂයෙන්ම තෑගී ගත්තා. ඊට අමතරව මගේ නංගීලා තුන් දෙනාටයි ආච්චි අම්මාටයි තෑගි ගත්තා.


කාවින්ද්‍යාට තෑගී හම්බ වෙන්නේ කාගෙන්ද එතකොට?

අම්මා තාත්තා දෙන්නාගෙන් තමයි ඉතින්. මම කොච්චර උස්මහත් වෙලා රැකියාවක නිරත වුණත් ඒ දෙන්නා මට හැමදාම අවුරුද්දට තෑගී අරගෙන දෙනවා.


කැවිළි පෙවිලි හදන්න උදව් කළේ නැද්ද?

පහුගිය ටිකේම කලා කටයුතු වලට සම්බන්ධ වෙලා හිටිය නිසා ඒවා හදන්න නම් සහභාගී වෙන්න බැරි වුණා. ඒත්, මගේ අම්මා නම් අවුරුදු කැවිලි ඔක්කොම වගේ හදලා තිබ්බා. මගේ නංගී තුන් දෙනා එකතු වෙලා රසම රස කේක් එකකුත් හදලා තියෙනවා.


කාවින්ද්‍යා වැඩියෙන් කන්න කැමති කැවිලි  වර්ගය මොකක්ද?

අම්මා හදන අලුවා තමයි. මට කොහේ ගිහින් අවුරුදු කැවිළි කෑවත් අම්මාගේ අලුවා තරම් රස නැහැ වෙන කිසිම කැවිලි වර්ගයක්.


නගරයට වඩා ගමේ තමයි අවුරුද්ද වැඩිපුරම තියෙන්නේ?

ඒක මම කියනවාට වඩා ගමට ඇවිල්ලා ඒ සූන්දරත්වය විඳින්න ඕනා. නගරයෙත් අවුරුදු තියෙනවා. නමුත්, ගමේ අවුරුද්ද ඊට වඩා ගොඩක්ම වෙනස්. ගමේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට ගොඩක් මුල් තැන දෙනවා.


අවුරුදු ක්‍රීඩා වලට එහෙම සහභාගී වෙන්නේ නැද්ද?

අවුරුදු ක්‍රීඩා වලට සහභාගී වෙනවා. නමුත්, මේ අවුරුද්දේ අවුරුදු ක්‍රීඩා උත්සව වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. ඉතින් ගමේ කට්ටියත් එක්ක ඒ උත්සව වලට සහභාගී වෙනවා. අවස්ථාවක් හා වෙලාවක් ලැබුණොත් අවුරුදු ක්‍රීඩා තරග වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා.

බුද්ධික් සේනාධීර / ඡායාරූප - කාවින්ද්‍යගේ ෆේස්බුක් ගිණුමෙන්

20160413Kavin_2



අදහස් (0)

ගමේ අවුරුදු සමරන දුල්ශානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 32 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site