
( ඩි.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදි කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
එම චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් කළ විමසුමකදි මෙසේ පැවැසීය. මෙම එන්නත ලැබුනේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි.නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළමනාකරණය කරගෙන එන්නත් ඉතුරු කරගන්නේ කොහොමද? බාගේට විදලද?
ප්‍රියන්ත ජීවරත්න කොළඹ නෑයින්ට විදගත්තා නේද? මාරාන්තික ප්‍රභේදයක් ආවොත් ලංකාවේ ඉතුරු වෙන්නේ දොස්තරලයි එයාලගේ නෑයොයි. දේශපාලකයොයි එයාලගෙ හෙන්චයියොයි, නෑයොයි විතරයි...
වෛද්‍යවරුන්ගේ නෑදෑ හිතමිතුරන්ට දුන්නා අද ඔහේදි. පව් ලංකාවේ මිනිස්සු... !!!
ගතමනාව කීයක් හම්බ වුණාද දන්නෑ..?
10 දෙනෙකුට ප්‍රමාණවත් එන්නත් එන බෝතලේකින් (මාත්‍රා 10) 11 දෙනෙකුට එන්නත් දෙන බව ආරංචි. ඒක වැරදි වැඩක්...
පොහොට්ටුවට මදි නොකියන්න චන්දෙ දුන්නේ දකුණෙ ඈයෝ. අනේ පව්.
කළමනාකරණය කරගෙන එන්නත් ඉතුරු කරගන්නේ කොහොමද? බාගේට විදලද?
ඕනෑම ප්‍රශ්නයකදී මේ කාලකන්නින්ට කියන්න දෙයක් නම් තියෙනවා...
ඉතාම දුකයි. ඇයි අපේ රටේ උගත් පිරිස මෙහෙම කරන්නේ! වෛද්‍යවරුනි, ඔබ හිපොක්‍රටිස් ප්‍රතිඥාව දීපු අය විය නොහැකියි. රටේ නායකයිනුත් වගකිව යුතුත් මෙවැනි දේ වෙන්න හැර බලාගෙන ඉන්න එක ඉතාම පිළිකුල් සහගතයි...
ගාල්ලේ මෙයාලා ඉතා අසාධාරණ දේවල් කරනවා. කොළඹ ඇරුණම වැඩිම ලෙඩ්ඩු ඉන්නේ ගාල්ලේ. මෙයාල ඒක වසන් කරනවා. මරණ ගණන කියන ඒවට වඩා වැඩියි. පීඑච්අයි මහත්වරු කියන ඒවා මෙයාල ගණන් ගන්නේ නැහැ. එයාලත් අසරණ වෙලා. මේ වසංගත කාරයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්න. එයාගේ චරිතය හරිම අපූරුයි. ගාල්ලේ ජනතාව දන්නවා.
මේක ඕනෑම කැතවැඩක් කරන්න පුලුවන් රටක්... මේවාට රජය වග කියන්න ඕනෑ. වරදට නිසි දඬුවම් දෙනවා නම් මේවා නැවත නැවතත් වෙන්නේ නැහැ. මෙවැනි වැඩවලින් පිරිහෙන්නේ රජයයි. මතක තියාගන්න කවදා හරිම කවුරු කළත් වරදට දඬුවම් ලැබෙනවා. ඒ නිසා බුදුන්ගේ දේශය තුළ බුදුන් වදාල දහමට පිටින් යන කාටත් කවදා හරි සංසාරේ දවසක පලිසන් දෙනවා දෙනවාමයි. ඒකට තරාතිරම අවශ්‍ය නැහැ. ඒ නිසා දැන්වත් හොදට ජීවත් වෙයල්ලා...
රූපපෙට්ටි උකුස්සා මේ වෙලාවේ ජනතාව භේද භින්න කොට යටි අරමුණු සාර්ථක කරගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ උපායක් ක්‍රියාත්මක කරනා බව පේනවා. මාත් දෙස් විදෙස් ජනසන්නිවේදකයෙක්. ඒ වුණත්, හැකියාව තිබියදීත්, මා තවම එන්නත ගත්තේ නැහැ. අනිත් අය විදගත්තා කියා මගේ හිතේ ඉරිසියාවක්ද නැහැ. උකුස්සා අන්තවාදී අයුරින් සිතා ජනතාව කොටවා වාසිගන්නට උත්සාහ කළත්, මේ රටේ ජනතාව ඒවා දෙස හොඳ සිහිබුද්ධියෙන් බලන්න ඕනෑ. මේවායේ යටි අරමුණු ඇති. කොහේ වුණත් සිටින්නේ අපේ රටේ මිනිසුන්. කොහෙන් ගැහුවත්, ගහන්නේ දෙවැනි මාත්‍රාව. අනික, කොළඹ කියා මිනිසුන් නැහැ. කොළඹ වැඩිපුරම ඉන්නේ දකුණේ අය. ඔය ඇතැම් රූප පෙට්ටි අයිතිකාරයන් එන්නත් ජාවාරමකට පෙරදී වෙර වැඩූ අවස්ථාවක් ගැන ඉඟි තිබුණා. ඔය උකුස්සා ඒ දෙසට පියාඹන්න හිතන්නේවත් නැහැ. රටේ මිනිසුන් බොහෝ දුක් විඳිනවා මේ දිනවල. උකුස්සා ඒ පැතිවලට පියඹන්නේ නැහැ. බලවත් දේශපාලකයින්ගේ වැසිකිළි සෝදන උකුස්සා තම ව්‍යාපාරය ශක්තිමත් කරගැනීමට බොහෝ සට කපටකම් කරනා බව නොකියා නොහැක්කේය. අපි රැවටෙයි ඕවාට...
හිතවත්කම් තුළින්, දේශපාලන හිතවත්කම් තුළින් අනෙකුත් ජනතාව නොසලකා තම ජීවිත පමණක් රැක ගන්නා අය සිංහලුන් නොවේ. ඔවුන්ට උදව් කරන්නේ දොස්තර නොවේ... මෙහි ඉතිරි වුණු අයගෙන් පැවත එන්නන් ඔවුන් මෙම රටේ සිටි ජනතාවගේ අයිතිවාසිකම් නොසලකා සමූල ඝාතන කළ පිරිසක්... කෙසේ වෙතත් මෙම පිරිසට රුධිර කැටි ගැසීම් ජානතුළින්ම ඇතිවන බවට අසල්වැසි රටේ කියවෙනවා. කණගාටු නොවන්න. සැහැල්ලු සිතින් එන්නත ලබාගන්න... සොලී සම්භවයක් ඇති දොස්තරලා, සාත්තු සේවකයන් ඈත් වෙන්න.
ජීවරත්න හා සිගානෙත්ති යන දොස්තරලා දෙන්නා කොළඹ ව්‍යාපාරිකයින් පිරිසකට අතයට එන්නත් විකුණා ඇති බව ආරංචියි. ඒ වගේම නිරෝධායනය කරන හෝටල් වලින් මුදල් ගන්නවා කියලත් ආරංචියි. මෙයාලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිස්ත්‍රික් ලොක්කන්... ඒ නිසා වෙනත් කලකිරීමට පත් වෛද්‍යවරුන්වත් කිසිවක් එළිපිට ප්‍රකාශ කිරීමට බයයි. මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතුයි.
ගාල්ලේ යස අගේට කරන් ආපු වැඩ පිළිවෙළ කුහක දේශපාලකයෝ ලකුණු දාගන්න තමන්ගේ අතට අරගෙන තමුන්ගේ හෙංචයියෝ කොළඹින් ගෙනත් එන්නත් කරනවා.
බලන්න ඒ සංවිධාන හැකියාව. ගාල්ලේ ඒන්නත දෙනවා කියන එක, ගමේ මිනිස්සු දැන ගන්න පෙර... කොළඹ අය දිනය වෙලාව තැන හරියටම දැනගෙන කලින්ම පෝලිමට ඇවිල්ලා. මේ ආණ්ඩුව ඊයා... තමන්ගේ අයට විතරයි විදගන්නේ.
අපි තමයි හොඳටම කලේ....හෙහ්..හෙහ්..හෙහ්..හේ.. සංචරණ සීමා,නිරෝධායන නීති ක්‍රියාත්මක වෙන්නෙ නැති බැරි දුප්පත් අහිංසක මිනිස්සුන්ට විතරයි.හමුදාපතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමයි මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියවනවා විතරයි.
අයියෝ ඕක මොකක්ද? අපි මේ පිටරැටියන්ට රටේ පාලනය දීලා කිසි ගාණක් නැතුව ඉන්නේ...!!
අනේ, මොනවද මේ බෙහෙතක් විදගන්නත් හිඟන පෝලිම්? බෙහෙත් නෙමේ, මොනා කලත් ඉතින් පෝලිමෙන් පිට පැනීම අපේ අයගේ ජානමය පුරුද්දක්නේ.
ඉහත අදහස් වලින් පේනවා ගොඩක් අය රට ගැන කලකිරීමෙන් ඉන්නේ. අපිට රට හදන්න වෙනසක් කරන්න අපට තියෙන එකම ආයුධය තමයි ඡන්දේ... එ්ත් මේ දේශපාලන ක්‍රමය තුළ කාට ඡන්දය දුන්නත් ඵල රහිතයි වැඩක් නෑ. ඉතින් මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන, මට තේරෙන විදියට අර චීනයේ ක්‍රමය, පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ කැමැත්තෙන් එක නායකයෙක්... පක්ෂ දේශපාලනය නිසා වෙන විශාල මුදල් නාස්තිය, ඇමතිලා හෙන්චයියන් සමාජයේ කරන අකටයුතුකම් මෙයින් අඩු කර ගන්න ලැබෙයි. මම වැරදිද මන්දා...
ඇයි බලා සිටියේ බකට් එක පෙරළන්නේ නැතුව..?
ඕක දෙන්නේ පළවෙනි මාත්‍රාව.. ඒ වර්ගයෙන්ම කළින් ගත්තු කට්ටියට නේද? ඉතින් එහෙම පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රා සෙනෙකා වලින් ගත්තු කට්ටිය බලන් ඉද්දිද කොළඹින් ආපු කට්ටියට මේක විදලා තියෙන්නේ?