සීකා වෛරසය පැතිර යමින් තිබෙන රටවල ගර්භනී කාන්තාවන් සචාරය කිරීම අවධානම් සහගත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කියයි.

සිංගප්පූරුව, මැලේසියාව, බ්‍රසීලය සහ දකුණු ඇමෙරිකා රටවල සීකා වෛරසය පැතිර යමින් තිබේ.

ඕනෑම ගුවන් මගියකු තමන්ට උණ ගතියක් තිබේ නම් කටුනායක ගුවන් තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත යුතු බව ද ඔහු කීවේය.