පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ජේ ශ්‍යාමල් සඳරුවන් (24) ඝාතනයේ පළමු වැනි හා දෙවැනි සැකකරුවන්ගේ පෙම්වතියන් ගැබ් ගෙන ඇති හෙයින් ඔවුන් අතර විවාහය ලියාපදිංචි කිරීමට ඔවුන්ගේ නීතීඥවරු මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවියගෙන් ඉල්ලා සිටියහ.
ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ඉල්ලා සිටියාය.
සැකකරුවන් වන ඩී ජී මංජුල, කේ එම් දිලීප් රෝහණ රුද්‍රිගු, ආර් ජී සුරංග කුමාර සහ කේ එච් දිනුක තුෂාර ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය ඇත්ත නම් මොවුන්ගේ ක්‍රියාකලාපයෙන්ම පෙනෙනවා චරිත කෙසේද කියා. (නි)
ප්‍රමාද වැඩි උනත් පෙම්වතියන් ඉන්න තත් වෙත් එක්ක ඔවුන්ගේ ඉල්ලීම සදාරණයි. මන්දා නුපන් දරුවන් වගේම,එම තරුණියන්ගේ ජීවිත මෙයට කොටස් කරුවන් නොවෙන නිසා. (නදී)
ගාල්ල සමරේ කියන දෙය සුළු කොට නොතැකිය යුතුයි. (නි)
හිරේ ගියාම හිත වෙනස් වෙයි කියලා හිතලා කළ වැඩක්ද දන්නේ නැහැ (නි)
සිර මැදිරිය තුලටම විවාහ ලේකම් ගෙන්වා කසාද බැන්දුවා නම් හොඳයි. (නදී)
එතකොට ගැබ්ගත් අනෙක් පෙම්වතියන්ට මොකද වෙන්නේ. (නදී)
මේක නම් මොකක් හරි ජිල්මාට් එකක් වගෙයි පෙන්නේ.(අ)
ලුම්බිණි ,කියන්නේ ගැහෙනු කෙනෙක්ද ? පිරිමි කෙනෙක්ද ? (අ)
මේ ඉල්ලීම නිත්‍යානුකුල නැත. හේතුව රාජ්‍යයේ නීතියට වැරදි කාරයෙක් හෝ සැකපිට ඉන්න අවස්ථාවක ඔහුට රජයේ කටයුතු වලට සහභාගි විය නොහැක. විවාහය නිත්‍යානුකූල කිරීම පසුවට වුණත් කළ හැක. දැන් බැරිය. (අ)
අත් අඩංගුවට ගන්නකොට මෙහෙම වගක් සැකකරුවන් දැන සිටියේ නැත්ද ? (නදී)
මෙහෙම ළමයින්ට යහපත්ව හැදෙන්න සුදුසු පරිසරයක්ද සමරේ මහත්මයා තිබෙන්නේ ? අපරාධවලට සැක කටයුතු පියවරු සහ විලි ලැජ්ජාවක් නැති මව්වරුන්ගෙන් මේ ළමයින්ට ලැබෙන ආදර්ශය මොකද්ද ? මේවා හැමෝටම පාඩම්. තව කාලාන්තරයක් යනකන් ලංකාවේ සමාජය දෙමව්පියන්ගේ තරාතිරම් සොයන එක නවත්තන්නේ නැහැ. විශේෂයෙන් ආවාහ විවාහ කටයුතු වලදී. (නදී)
මෙහෙම පුවත් ඇහෙනකොට බවලතුන් වන අපිට ලැජ්ජාවේ පණ යනවා. මේ ගැහැණු ළමයින්ගේ ගෙවල් වල වැඩිහිටියන් නැතිව ඇති. (නදී)
අනේ කාලේ වනේ වාසේ කීවලු (නදී)
මේවායින් ප්‍රශ්න ඇති වෙන්නේ ඉපදෙන්න ඉන්න ළමයින්ට. මොනවා වුනත් විවාහයට කලින් සිදු වුන පිලි සිඳීමකින් ඉපදුන ළමයෙක් දිහා සමාජය බලන්නේ වපර ඇහින්. ගැහැණු ළමයෙක් නම් විවාහයේදීත් සැමියාගේ නෑදෑයන්ගේ පිළිගැනීම පවා නැති වෙන්න පුළුවන්. අපේ සමාජය තාම සිරිත් විරිත් සලකනවා. (නදී)
පෙම්වතියන් දෙන්නට ප්‍රශ්නයක් නැත්නම් මොකද්ද අවුල? (නදී)
මෙයාල බන්දනගාරේ ඉන්න නිසා නූපන් දරුවෝ දෙන්නා බේරිලා තියනවා. නැත්නම් දන්නවනේ විවාහයට කලින් ගැබ් ගත්තම මෙයාල කරන දේ (නදී)
කුමන්ත්‍රණයක් (අ)
ලුම්බිණි ගේ අදහසින් පේනවා අනාගතයේ ලංකාවේ මව්වරුන් වන්න සිටින කාන්තාවන්ගේ භුමිකාවේ තරම. අනේ අපිට මොකද ? (නදී)
ලංකාවේ සිරිත් විරිත් සංස්කෘතියට පටහැනි ලජ්ජා නැති වැඩවලට උඩ ගෙඩි දෙන කට්ටියත් ඉන්නවා. එක අතකට පුදුමයක් නෙවෙයි.(නදී)
අඹු දරුවන් නඩත්තු කරන්න සැරසෙන්නේ හරිම නම්බුකාර ජීවන මාර්ගයක් තෝරාගෙන නේ . (නදී)
ඉක්මනින් පොහොසත් වීමේ පරමාර්ථය ලැජ්ජාවට වඩා ලොකුයි දැන් සමාජයේ (නදී)
උසාවියෙන් මෙම තරුණියන් දෙදෙනාට ගබ්සා කිරීමට අවසර දුන්නා නම් මුළු සමාජයටම යහපතක් වේවි. මිනීමරු චෝදනා ඇති තාත්තල ඉන්න එක ළමයින්ටත් කරදරයක්. ළමයින් ලොකු වෙලා තාත්තලා වගේ උනොත් තව කරදර ගොඩයි! (නදී)
මේ බවලතුන්ට විලි ලැජ්ජාවක් නැද්ද ?මේක නම් සැලැස්මක් ද කොහෙද දෙන්නටම මෙහෙම තත්වයකට පත් වුනේ කොහොමද .විවාහ වෙන්න කියලා මාංචු ගලවාගෙන ගිහින් පැනලා යන්න සැලැස්මක් ඇති. (අ)
ගාල්ල සමරේ කියන දෙය සුළු කොට නොතැකිය යුතුයි. අනික් අතට මිනීමැරුමක් පිලිබඳ චෝදනා ලැබුවන් සමග විවාහ වෙන්න දඟලන ගැහැනුන් ඇත්නම් අැයට කවුරු හෝ බලවතෙක් පොරොන්දුවක් දී ඇති බවක් හැඟෙනවා ළඟදීම ඔවුන් නිදහස් වී ගෙදර එන බව. දිමුතු කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. කොයිකටත් ජනතාව ඇස් ඇරගෙන ඉඳිය යුතු කාලයක් මේක.(නදී)
මේ සැක කරුවන් දෙදෙනා අඩු වශයෙන් තමන්ගේ වගකීම බාර අරගෙන විවාහ වෙන්න හදනවා පෙම්වතියන් දෙන්නගේ කැමැත්තෙන්. මේකේ වැරැද්ද මොකද්ද? සිරිත් විරිත් වලට, සංස්කෘතියට පටහැනියි කියල මේ සැක කරුවන් දෙදෙනා තමන්ගේ පෙම්වතියන් අමතක කලයුතුද? (නදී)
ඒ කියන්නේ තුවක්කු පත්තුවෙලා තියෙන්නේ වෙඩි තියන්න ඉස්සර වෙලා. (අ)
අදාළ ඝාතනය කරන්න පෙර පළමුව දෙමව්පියන්,පවුලේ සාමාජිකයින් , තම පෙම්වතිය ගැන සිතිය යුතුයි ! විවාහ නොවී පෙම්වතිය හෝ මොනයම් කාන්තාවක් ගැබ් ගත කිරීම දඬුවම් ලැබිය යුතු තවත් වරදක් ! (අ)
ලුම්බිණි ගෙන් ඔවැනි අදහසක් මම කිසි විටෙකවත් බලා පොරොත්තු උනේ නැහැ...අද රාමසාන් උපවාසයෙන් පසුව 'ඊද්' උත්සවය සමරන දවස... එසනේ මුස්ලිම් මිතුරු මිතුරියන්ට ඊද් උත්සවය වෙනුවෙන් මගේ සුභ පැතුම්..!(නදී)
මොනවද ලුම්බිණි මේ කියන්නේ. තේරෙන්නේ නැද්ද මෙයාල අර අදින්නේ කුමකටද කියලා. මේ සමාජේ බබාල වගේ ජීවත්වෙන්න එපා. මේ ගෑනු ලමි දෙන්නත් මේ තත්වයට වැටිලා තියෙන්නේ අනවබෝදයෙන්.(නදී)
දැන් ලංකාවේ සංස්කෘතියත් බටහිර තාලෙට හැදිලා, බදින්න කලින් ගැබ් ගෙන දෙන්නගෙම පෙම්වතියො. මෙහෙම පෙම්වතියන් කොතරම් ඇත්ද (අ)
ලුම්බිණි වගේ හිතන්න මතන්න ගිහින් වගේ වෙන්න ඇති අර ගැහැනු ළමයි දෙන්න අමාරුවේ වැටුනේ. (නදී)
පිරිමියා කෙසේ වෙතත් මේ ගැහැණුන්,දරුවන් සමාජයට මුහුණ දෙන්න ඕනෑ.තමුන්ට නම්බුවක් නැත්නම් ඉපදෙන්න ඉන්න උදවියටවත් නම්බුවක් තියෙනවා කියලා හිතන්න ඕනෑ නේද? (නි)
සැකකරුවන් බන්ධනාගරේ ඉන්නකොට වෙලා නම් එක ගැන හොයන්ඩ ඕනේ (අ)
මෙි ඉපදෙන්න ඉන්න අහිංසකයන්ට අනාගතයෙදී පීතෘත්වය පිලිබඳව ප්‍රශ්නයක් ඇතිනොවන විදියට වැඩකටයුතු සිදුවිය යුතුයි.මෙි ළමයි අනාගතයේ හොඳට හැදුනොත් පියා කවුද කියන එක අනාගත සමාජය විසින් අමතක කර දමාවි. (අ)
මේක නම් එසේ මෙසේ මංගල කටයුත්තක් නෙවෙයි. මටත් හිතෙනවා මේක පසුපස මොකක් හරි රහසක් තිබෙනවා. දිමුතු කියනවා වගේ තරුණියන් දෙන්නටම එක වරම මෙහෙම තත්වයකට පත් වුනේ කතා කරගෙන වගේනේ. අනෙක කවුද දන්නේ ඕවයේ ඇත්ත නැත්ත. (නදී)
ආදරය කියන දේට මොනම භාදවක්වත් නැහැ (දී)
මටත් මේ සිද්ධිය ගැන තරමක සැකයක් තිබෙනවා. කවුද දන්නේ පෙම්වතියන් කියලා කවුරු හරි බඩදරු අම්මලා දෙන්නෙක් පෙන්නලා පැනලා යන්න සැලැස්මක් හදා ගෙනද කියලා. එක්කෙනෙක් නම් ඇත්ත කියලා හිතන්න පුළුවන්. එත් දෙන්නම ගැබිනියන්ලු. (නදී)
දැන් මේ අයගේ පෙම්වතියන්ට ලැබිය යුතුයි කියන අනුකම්පාව එහෙනම් අනෙකුත් මිනීමැරුම් නඩුවල සැකකරුවන්ගේ පෙම්වතියන් බිරින්දෑවරුන්ට දේවිද කියලා තමයි ප්‍රශ්නේ. මොකද මේ උදවියට විතරක් විශේෂයක්. (නදී)
මෙතන ප්‍රශ්නය මේ කාන්තාවන් දෙන්නම එකම කාල වකවානුවේ ගැබිනියන් වීමේ අභිරහසක් තියනවාද යන්න. අපේ ගමේ මහා පරිමාන සොරකමකට අසු වී සිරගත් වූ අයෙකු පවුලේ කෙනෙකුගේ අවමගුලකට ගෙන එන අතර පැන යන්න තැත් කර බොහොම අමාරුවෙන් අල්ල ගත්තේ. අතෙන් මාංචු මිදෙන අවස්තාවක් මේ අයට හොඳටම ඇති පනින්න. (නදී)
මොනවා කරන්නද? කෙසේවෙතත් විවාහ වෙන්නට පෙර පතිවත කෙලෙසාගන්න අයත් වැරදියි.තාම අපේ සංස්කෘතියේ ඒවාට ඉඩක් නැහැ.එහෙනම් බන්ධනාගාරය ඇතුළෙම බන්දන්න තමයි වෙන්නේ. (නි)
තාත්තලා කරපු වරදට අසරණ දරුවෝ පලි නැහැ. (නදී)
බලන් යනකොට හවුලේ මිනීමැරුම් විතරක් නෙවෙයි එකටම නැකත් බලලා අනෙකුත් වැඩ කටයුතුත් සිද්ධ වෙලානේ (නදී)
අනේ කාලේ වනේ වාසේ.......මේ අයටත් කැමති ගැහැණු ඉන්නවනේ (දී)
විලිලැජ්ජ නැතිව දරු උපතක් බලා පොරොත්තු වන්නේ පියක් හැටියටද ?(දී)
හොඳ ගුණ යහපත් දෙමව්පියන්ට දාව පිලිසිදෙන්නත් පෙර පින් තියෙන්න ඕනා. (නදී)
දැන් මේ තරුණියෝ දෙන්නම ආශ්චර්ය ජනක ලෙස එකම කාලයේ ගැබ් ගෙන තිබෙන්නේ සැකකරුවන් සිරගත වුනාට පසුවද ඉස්සෙල්ලද කියල ඇත්තටම සොයල බලන්න වටිනවා. (නදී)
හිරෙන් නිදහස් වෙලා ආපු දවසක බදින්න පුළුවන්. මියගිය පාර්ශවයේ පෙම්වතිය හෝ බිරිද ගැන මේ මැරයෝ හිතුවේ නැහැනේ. (නදී)
මේ ලැබෙන්න ඉන්න ළමයින්ට ආදර්ශමත් පවුල් පරිසරයක් මේ වගේ අම්මල තාත්තලා ගෙන් ලැබේද කියන එක ප්‍රශ්නයක්. ඕවා අපේ වැඩක් නෙවෙයි කියලා කරබාගන්න පුළුවන්. නමුත් මේ ළමයිනුත් අනාගතයේදී සමාජ පිළිල බවට පත් වෙන්න තිබෙන අවස්තාව වැඩියි. එ්ත් ඉතින් එහෙම කියල මේ ලෝකෙට එන්න එපා කියන්නද ? (නදී)
කසාද නොබැද ඔහොම කරන්න පුළුවන් නම්, දරුවෝ හම්බ උනාට පස්සේ උනත් බැන්දම මොකද? ඇයි මේ මවුවරුන්ව පෝරුවේ නග්ගන්නද? හිතන් ඉන්නේ. අපේ සිංහල සංස්කෘතිය ඉතිරි ටිකත් කන්නේ නැතුව ඔන්න ඔහොම ඉන්නවල, කුඩුවට වෙලා.(නදී)
සිරකරුවොත් මනුෂ්‍යයෝය (නි)
සැඟවූ ආයුධ පෙන්වන්න ගෙනියන්නේ නැතුව බබාලව පෙන්නන්න ගෙනියයිද දන්නේ නැහැ.(අ)
ගාමිණී - සිරි, හොඳටම විශ්වාසද ඕක වරඳක් කියලා? (නි)