වෙළඳපොළ වටිනාකම රුපියල් එක් කෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා ගබ්සා පෙති සහ සිසු දරුවන්ගේ මනස විකෘති කරණ පෙති තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද අළුයම  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු කල්මුණේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ ගමන් මල්ලේ තිබී ගබ්සා පෙති 6800 ක් සිසු දරුවන්ගේ මනස විකෘති කරන පෙති 116465 තිබු බව රේගුව කියයි.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 126 දරණ ගුවන් යානයෙන් ඊයේ අළුයම දිවයිනට පැමිණ ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධිකාරී පී ගුණසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන වයි. කුලසේකර, ෙජ්.ඒ.පී.යු ජයවීර සහ යු.ඩී.ෙජ් මොන්ටි යන නිලධාරීහු සිදු කරති.