IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෑනියක් බලෙන් ආදරය ඉල්ලයි

ෆේස් බුක් මිතුරියක ලෙස එෆ් එම් රේඩියෝවක මාධ්‍යවේදියකුට ඔහුගේ අකමැත්තෙන් පෙම් කරන බව කියන කතක සොයා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර දුන්නේය.

ඒ අනුව ඇය මාධ්‍යවේදියාට දුන් බව කියන දුරකතන ඇමතුම්වල විස්තර පොලිසියට සපයන්නැයි මහේස්ත්‍රාත් එම සමාගම්වලට දැනුම් දුන්නේය.

තමාට ආදරය කරන්නැයි එම කාන්තාව තොරතෝන්චියක් නැතිව එස්එම්එස් පණිවිඩ එවන බව මාධ්‍යවේදියා පොලිසියට කියා ඇත.

 



අදහස් (0)

ගෑනියක් බලෙන් ආදරය ඉල්ලයි

සරත් Monday, 17 November 2014 11:52 PM

ඔහුට වාසනාව නැතුවා!! (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 18 November 2014 12:16 AM

මමත් මේ කැනඩා ඉඳගෙන බලාගෙන ඉන්නවා. අපිට නැහැනේ ලංකාවේ එක ගැහැණියක් මෙහෙම කෝල් කරන්න ... (නි)

:       0       0

ආරිය Tuesday, 18 November 2014 12:39 AM

කලබලවෙන්න එපා. ඕවා උප්පරවැට්ටි. පිටුපසින් සිටින්නේ සමහරවිට පිරිමියෙක් වෙන්න පුලුවන්. ගසාකෑමේ මුලික පියවරක් වෙන්න ඇති (නි)

:       0       0

ගයාන් Tuesday, 18 November 2014 01:00 AM

අපේ බන්දුල පෙරේරා වැඩ කරන්නේ එෆ් එම් චැනල් එකක නෙමෙයි නේද? (නි)

:       0       0

පබිලිස් Tuesday, 18 November 2014 01:13 AM

පද්‍ය රසය කියවපු කෙනෙකුට මාව මතක්වෙලා තියෙන්නේ....! (නි)

:       0       0

සමාධි Tuesday, 18 November 2014 07:06 AM

සමහර එෆ්. එම් නිවේදකයෝ මේ වෙලාවේ ගෙදර තනියමද ඉන්නේ අහනවා. මහත්තයා වැඩට ගිහින්ද අහනවා.ළමයි පාසල් ගිහින්ද අහනවා. දෙවියනේ! ඉතින් ඔහොම අහද්දි සාමාන්‍ය හැඟීම් දැනීම් තියෙන ගැහැණියෙක් නම් මෙච්චරටම තමන් ගැන හොයලා බලන පිරිමියෙකුගෙන් ආදරය ඉල්ලන එකේ වරදක් තියෙනවද? (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 18 November 2014 01:34 AM

මම හිතන්නේ මේ කාන්තාව ශ්‍රවණාබාධයකින් පෙළෙන තැනැත්තියක් වියයුතුයි.මොකද මේ අය උදේ සිට රෑ වෙනතුරු තොරතෝංචියක් නැතුව කියවන දේවල් මෙලෝ මනුස්සයෙකුට අහගෙන ඉන්න බැහැනේ. (නි)

:       0       0

රන්මල් Tuesday, 18 November 2014 01:46 AM

මට අකමැති නංගිට ... නංගි කැමැත්තෙන් මට.// (ගහමුද විරිදුවක්....) (නි)

:       0       0

සම්පත් Monday, 17 November 2014 02:39 PM

පුදුම ගෑනු තමයි ලංකාවේ ඉන්නේ.(හේ)

:       0       0

ලක්ෂාන් Monday, 17 November 2014 02:43 PM

අපේ පස්සෙන් ඔය වගේ අය එන්නේ නෑනේ.(හේ)

:       0       0

ලලීන් Tuesday, 18 November 2014 01:59 AM

එෆ්.එම්. නාලිකාවල අය කතාකරන විදියට මෙහෙම නොවුණොත් තමයි පුදුමේ (නි)

:       0       0

සමන්ති Monday, 17 November 2014 03:10 PM

එෆ් .එම් නාලිකාවල කතා කරන විදියට මේවා නොවෙනවා නම් තමයි පුදුමේ . (හේ)

:       0       0

නිහාල් විතානගේ Monday, 17 November 2014 03:11 PM

ඔහොම ගැණු රටේ ලෝකේ කොච්චර ඉන්නවද,ඔහොම පිරිමියෙක් නම් කළු නික හොයනවා වගෙයි.බස්වල ගැණු ඕනේ තරම් කඩවසම් පිරිමින්ට ලාවට හේත්තුව දාගෙන යන්නේ අනන්තවත් .දැන් ඉතින් පිරිමි ඉවසුවා ඇති . (අ)

:       0       0

සමන් Monday, 17 November 2014 03:50 PM

මෙයාට වෙන කවුරුත් නැති වෙන්න ඇති.(හේ)

:       0       0

චමින්ද Tuesday, 18 November 2014 02:44 AM

කොහොම චරිතයක්ද දන්නේ නැහැනේ.....? (නි)

:       0       0

ජෙහාන් Tuesday, 18 November 2014 02:48 AM

එෆ් එම් චැනල් එකේ හාදයොත් නළවලා කරලා , ප්‍රේක්ෂිකාවන් ඉල්ලන සින්දු එහෙම දෙන විදියට , ගෙවල් වල ඉන්න ආච්චිලත් කලබල වෙන්න ඉඩතිබෙන බව ඒගොල්ලෝ දන්නේ නැද්ද ? (නි)

:       0       0

සෙන්සා Tuesday, 18 November 2014 02:49 AM

නාලිකාවල නිවේදකයෝ කතාකරන විදියට මෝඩ ගැහැණු රැවටෙන එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

මෙලනි Tuesday, 18 November 2014 02:55 AM

එෆ් එම් නාලිකා වල නිවේදකයන් අසන්නන්ගේ ඉල්ලීම් වලදී කතාකරන හැටියට මෙහෙම එක ප්‍රේක්ෂිකාවකගෙන් විතරක් නැවතුන එකත් පුදුමයි. (නි)

:       0       0

නලීන් Tuesday, 18 November 2014 03:04 AM

මේක නඩු කියන්න , පොලිසි යන්න තරම් දෙයක්ද ? (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 18 November 2014 07:56 AM

පහු ගිය දවස්වල මුහුනුපොතේ ආදරවන්තයෝ කි දෙනෙක් දිවිනහා ගත්තද ආදරය කරන්න ගිහින් රැවටිච්ච.මේ ගැණු මනුස්සයත් අවංකව ආදරය කරන්න පෙරුම් පුරනවා ඇති කාටහරි.(හේ)

:       0       0

සමරේ Monday, 17 November 2014 04:46 PM

මෙහෙවු රටක මේවා සිම්පල් ප්‍රශ්නනේ! (නි)

:       0       0

ශිරළ් Monday, 17 November 2014 04:48 PM

නියමයි දැන් පිරිමින්ගේ වාරය. (අ)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Monday, 17 November 2014 04:51 PM

මාව දැකලම නැතිද? ලස්සන මදිද? මටත් සෙල් ෆෝන් එකක් තියෙනවා.? (අ)

:       0       0

රන්ජිත් Monday, 17 November 2014 05:05 PM

මගේ ෆේස්බූක් එක දෙන්නකෝ (නි)

:       0       0

වරුණ Tuesday, 18 November 2014 03:39 AM

පව්! ඉතින් කවුරුවත් මෙයාට උදවු කරන්නේ නැද්ද? (නි)

:       0       0

වජිර Monday, 17 November 2014 05:16 PM

පිරිමින්ටත් කලක් ආවා එහෙනම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 November 2014 06:17 PM

පිරිමි සියල්ල මීට විරුද්ධව පෙළ ගැසෙන්න කාලය ඇවිල්ලා (නි)

:       0       0

කපිල Tuesday, 18 November 2014 08:43 AM

මේක සාමන්‍ය දෙයක්නේ.(හේ)

:       0       0

සුනිල් Tuesday, 18 November 2014 08:43 AM

මේවාට පොලිසි යන්න ඕනේද?(හේ)

:       0       0

චන්දිම Tuesday, 18 November 2014 05:04 AM

කැත ගැහැණියක් වෙන්න ඇති (නි)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Tuesday, 18 November 2014 05:10 AM

නම දැකල ඔහොම නං - මන් දැක්කම මොනවා හිතේද? ආසාවේ බැහැ දකින්න. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 17 November 2014 07:10 PM

මොන එෆ් එම් එකේ කෙනෙක්ද දන්නෙ නැහැ නේද මෙයා? (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 17 November 2014 08:20 PM

මම මේ කවුරුත් නැතුව ඉන්නේ. මට ආදරය කරන්නකෝ... (නි)

:       0       0

ලසිත් Monday, 17 November 2014 08:59 PM

මම පුවතක දැක්කා අවුරුදු 60 ක කාන්තාවක් දුරකතනයෙන් අවුරුදු 22 ක තරුණියක ලෙස රඟපා, අවුරුදු 23 ක තරුණයෙක්ගෙන් ලක්ෂ ගානක් සල්ලි කඩාගෙන කියලා. ඡායාරූපයක් ඉල්ලුවහම සුරූපී තරුණ කාන්තාවකගේ ඡායාරූප එවලා. අඩුගානේ හමුවෙන්න කතාකළාම වෙනත් හේතු කියලා මඟඅරිනකොටවත් මේ මෝඩ තරුණයාට තේරිලා නැහැ. මේවායේ දෙපැත්තක් තිබෙනවා. මෙම පුවත ගැනත් මට එහෙම හිතෙනවා. (නි)

:       0       0

මලික් Monday, 17 November 2014 09:09 PM

එෆ් එම් නාලිකාවල සමහර අයත් යන යන තැන මල් කඩනවා. ඒ නිසා මේ කතාවේ තව පැත්තක් වුණත් තිබෙන්න ඉඩනැත්තේ නැහැ. (නි)

:       0       0

අැටෝම් Tuesday, 18 November 2014 05:51 AM

මටත් ඔහොම සීන් එකක් උනා , මේ ගෑනිගෙන් බේරෙන්න බෑ, එතකොටත් මම විවාහේ ලියාපදිංචි වෙලා හිටියේ මා අවූරුදු 7ක් පෙම් කල පෙම්වතිය සමග. එ්කෙන් පස්සේ තවත් කරදර වැඩි උනා. අවසානයේ මම රැකියාවෙන් ඉවත් වුනා. මට මගේ පුද්ගලික ජීවිතය වටිනවා රස්සාවට වඩා. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 17 November 2014 09:23 PM

ඔය කියන වීදීය පැත්තේ රෑ දහය පහුවුණාම නාකි අපෙත් අතින් අදින ගැහැණු ඉන්නවා. මම හිතන්නේ දැන් එයාලා දුරකතන සංවාද වලට බැහැලා ඇති (නි) චන්ද්‍ර

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 17 November 2014 09:35 PM

පබිලිස් අයියේ, ඔයාගේ නම දැක්කහම මට, "වැල කෑ පබිලා" කියලා පොඩි කාලේ පද්‍ය රසය පොතේ තිබුන කවි පන්තිය මතක් වෙනවා (නි)

:       0       0

හරීන් Monday, 17 November 2014 11:38 PM

නඩු නැතුවාට නඩු දාගන්න කරන දේවල් හැබෑට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 875 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site