ෆේස් බුක් මිතුරියක ලෙස එෆ් එම් රේඩියෝවක මාධ්‍යවේදියකුට ඔහුගේ අකමැත්තෙන් පෙම් කරන බව කියන කතක සොයා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර දුන්නේය.
ඒ අනුව ඇය මාධ්‍යවේදියාට දුන් බව කියන දුරකතන ඇමතුම්වල විස්තර පොලිසියට සපයන්නැයි මහේස්ත්‍රාත් එම සමාගම්වලට දැනුම් දුන්නේය.
තමාට ආදරය කරන්නැයි එම කාන්තාව තොරතෝන්චියක් නැතිව එස්එම්එස් පණිවිඩ එවන බව මාධ්‍යවේදියා පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට වාසනාව නැතුවා!! (නි)
මමත් මේ කැනඩා ඉඳගෙන බලාගෙන ඉන්නවා. අපිට නැහැනේ ලංකාවේ එක ගැහැණියක් මෙහෙම කෝල් කරන්න ... (නි)
කලබලවෙන්න එපා. ඕවා උප්පරවැට්ටි. පිටුපසින් සිටින්නේ සමහරවිට පිරිමියෙක් වෙන්න පුලුවන්. ගසාකෑමේ මුලික පියවරක් වෙන්න ඇති (නි)
අපේ බන්දුල පෙරේරා වැඩ කරන්නේ එෆ් එම් චැනල් එකක නෙමෙයි නේද? (නි)
පද්‍ය රසය කියවපු කෙනෙකුට මාව මතක්වෙලා තියෙන්නේ....! (නි)
සමහර එෆ්. එම් නිවේදකයෝ මේ වෙලාවේ ගෙදර තනියමද ඉන්නේ අහනවා. මහත්තයා වැඩට ගිහින්ද අහනවා.ළමයි පාසල් ගිහින්ද අහනවා. දෙවියනේ! ඉතින් ඔහොම අහද්දි සාමාන්‍ය හැඟීම් දැනීම් තියෙන ගැහැණියෙක් නම් මෙච්චරටම තමන් ගැන හොයලා බලන පිරිමියෙකුගෙන් ආදරය ඉල්ලන එකේ වරදක් තියෙනවද? (නි)
මම හිතන්නේ මේ කාන්තාව ශ්‍රවණාබාධයකින් පෙළෙන තැනැත්තියක් වියයුතුයි.මොකද මේ අය උදේ සිට රෑ වෙනතුරු තොරතෝංචියක් නැතුව කියවන දේවල් මෙලෝ මනුස්සයෙකුට අහගෙන ඉන්න බැහැනේ. (නි)
මට අකමැති නංගිට ... නංගි කැමැත්තෙන් මට.// (ගහමුද විරිදුවක්....) (නි)
පුදුම ගෑනු තමයි ලංකාවේ ඉන්නේ.(හේ)
අපේ පස්සෙන් ඔය වගේ අය එන්නේ නෑනේ.(හේ)
එෆ්.එම්. නාලිකාවල අය කතාකරන විදියට මෙහෙම නොවුණොත් තමයි පුදුමේ (නි)
එෆ් .එම් නාලිකාවල කතා කරන විදියට මේවා නොවෙනවා නම් තමයි පුදුමේ . (හේ)
ඔහොම ගැණු රටේ ලෝකේ කොච්චර ඉන්නවද,ඔහොම පිරිමියෙක් නම් කළු නික හොයනවා වගෙයි.බස්වල ගැණු ඕනේ තරම් කඩවසම් පිරිමින්ට ලාවට හේත්තුව දාගෙන යන්නේ අනන්තවත් .දැන් ඉතින් පිරිමි ඉවසුවා ඇති . (අ)
මෙයාට වෙන කවුරුත් නැති වෙන්න ඇති.(හේ)
කොහොම චරිතයක්ද දන්නේ නැහැනේ.....? (නි)
එෆ් එම් චැනල් එකේ හාදයොත් නළවලා කරලා , ප්‍රේක්ෂිකාවන් ඉල්ලන සින්දු එහෙම දෙන විදියට , ගෙවල් වල ඉන්න ආච්චිලත් කලබල වෙන්න ඉඩතිබෙන බව ඒගොල්ලෝ දන්නේ නැද්ද ? (නි)
නාලිකාවල නිවේදකයෝ කතාකරන විදියට මෝඩ ගැහැණු රැවටෙන එක පුදුමයක් නෙමෙයි. (නි)
එෆ් එම් නාලිකා වල නිවේදකයන් අසන්නන්ගේ ඉල්ලීම් වලදී කතාකරන හැටියට මෙහෙම එක ප්‍රේක්ෂිකාවකගෙන් විතරක් නැවතුන එකත් පුදුමයි. (නි)
මේක නඩු කියන්න , පොලිසි යන්න තරම් දෙයක්ද ? (නි)
පහු ගිය දවස්වල මුහුනුපොතේ ආදරවන්තයෝ කි දෙනෙක් දිවිනහා ගත්තද ආදරය කරන්න ගිහින් රැවටිච්ච.මේ ගැණු මනුස්සයත් අවංකව ආදරය කරන්න පෙරුම් පුරනවා ඇති කාටහරි.(හේ)
මෙහෙවු රටක මේවා සිම්පල් ප්‍රශ්නනේ! (නි)
නියමයි දැන් පිරිමින්ගේ වාරය. (අ)
මාව දැකලම නැතිද? ලස්සන මදිද? මටත් සෙල් ෆෝන් එකක් තියෙනවා.? (අ)
මගේ ෆේස්බූක් එක දෙන්නකෝ (නි)
පව්! ඉතින් කවුරුවත් මෙයාට උදවු කරන්නේ නැද්ද? (නි)
පිරිමින්ටත් කලක් ආවා එහෙනම්! (නි)
පිරිමි සියල්ල මීට විරුද්ධව පෙළ ගැසෙන්න කාලය ඇවිල්ලා (නි)
මේක සාමන්‍ය දෙයක්නේ.(හේ)
මේවාට පොලිසි යන්න ඕනේද?(හේ)
කැත ගැහැණියක් වෙන්න ඇති (නි)
නම දැකල ඔහොම නං - මන් දැක්කම මොනවා හිතේද? ආසාවේ බැහැ දකින්න. (නදී)
මොන එෆ් එම් එකේ කෙනෙක්ද දන්නෙ නැහැ නේද මෙයා? (නි)
මම මේ කවුරුත් නැතුව ඉන්නේ. මට ආදරය කරන්නකෝ... (නි)
මම පුවතක දැක්කා අවුරුදු 60 ක කාන්තාවක් දුරකතනයෙන් අවුරුදු 22 ක තරුණියක ලෙස රඟපා, අවුරුදු 23 ක තරුණයෙක්ගෙන් ලක්ෂ ගානක් සල්ලි කඩාගෙන කියලා. ඡායාරූපයක් ඉල්ලුවහම සුරූපී තරුණ කාන්තාවකගේ ඡායාරූප එවලා. අඩුගානේ හමුවෙන්න කතාකළාම වෙනත් හේතු කියලා මඟඅරිනකොටවත් මේ මෝඩ තරුණයාට තේරිලා නැහැ. මේවායේ දෙපැත්තක් තිබෙනවා. මෙම පුවත ගැනත් මට එහෙම හිතෙනවා. (නි)
එෆ් එම් නාලිකාවල සමහර අයත් යන යන තැන මල් කඩනවා. ඒ නිසා මේ කතාවේ තව පැත්තක් වුණත් තිබෙන්න ඉඩනැත්තේ නැහැ. (නි)
මටත් ඔහොම සීන් එකක් උනා , මේ ගෑනිගෙන් බේරෙන්න බෑ, එතකොටත් මම විවාහේ ලියාපදිංචි වෙලා හිටියේ මා අවූරුදු 7ක් පෙම් කල පෙම්වතිය සමග. එ්කෙන් පස්සේ තවත් කරදර වැඩි උනා. අවසානයේ මම රැකියාවෙන් ඉවත් වුනා. මට මගේ පුද්ගලික ජීවිතය වටිනවා රස්සාවට වඩා. (නදී)
ඔය කියන වීදීය පැත්තේ රෑ දහය පහුවුණාම නාකි අපෙත් අතින් අදින ගැහැණු ඉන්නවා. මම හිතන්නේ දැන් එයාලා දුරකතන සංවාද වලට බැහැලා ඇති (නි) චන්ද්‍ර
පබිලිස් අයියේ, ඔයාගේ නම දැක්කහම මට, "වැල කෑ පබිලා" කියලා පොඩි කාලේ පද්‍ය රසය පොතේ තිබුන කවි පන්තිය මතක් වෙනවා (නි)
නඩු නැතුවාට නඩු දාගන්න කරන දේවල් හැබෑට! (නි)