ගෝනාපීනුවල බටහිර ගිනිමැල්ලගහ, ජයතිලකාරාම විහාරයේ පෙරහරට රැගෙන ගිය ‘පංචාලි‘ නමැති ඇත් පැටවකු වනජීවී නිලධරයෝ අද (30) හදිසියේ පිරික්සූහ.
මෙම ඇත් පැටවා මහනුවර පෙරහරටද සහභාගි කරවා ඇතැයිද දැනට පාර අයිනේ බැඳ දමා ඇතැයිද වනජීවි නිලධරයෝ පවසති.
පරීක්ෂා කළ ලියවිලි අනුව 2011.02.10 වන විට ඇත් පැටවාගේ වයස අවුරුදු 4 මාස 6 ක් වී ඇතත් වනජීවී කාර්යාල තොරතුරු අනුව පසුගිය වසර 10ක කාලයක් තුළ එවැනි ඇත් පැටවකු උපත ලබා ඇති බවට සටහන්වී නැතැයි කියති.
මෙම ලියවිලිවල සඳහන් වයසට වඩා මෙම ඇත් පැටවාගේ වයස අඩු බව පෙනේ යැයිද ඔවුහු කියති.
මේ අතර උසාවි නියෝගය කඩ කරමින් ප්‍රවාහනය කළැයි කියන අලි පැටවකු ගැන මහනුවර පාරිසරික හා සංචාරක පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා
(මහනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබුණු ඇත් පැටවා)
ඡායාරූප - චමිල් රූපසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ බලවතුන්ගේ ඇමැත්තන්ගේ ආශිර්වාදයෙන් ඇතින්නියන් මරල කොච්චර අලිපැටවූ ගෙනාවද .කෝ ඒ එකක්වත් ඇල්ලුවද.ඕව බොරු ෂෝ.ජාවාරම් කාරයින්ට හැම ආණ්ඩුවම සපෝට්. (බ)