ගෝනාපීනුවල බටහිර ගිනිමැල්ලගහ, ජයතිලකාරාම විහාරයේ පෙරහරට රැගෙන ගිය ‘පංචාලි‘ නමැති ඇත් පැටවකු වනජීවී නිලධරයෝ අද (30) හදිසියේ පිරික්සූහ.
මෙම ඇත් පැටවා මහනුවර පෙරහරටද සහභාගි කරවා ඇතැයිද දැනට පාර අයිනේ බැඳ දමා ඇතැයිද වනජීවි නිලධරයෝ පවසති.
පරීක්ෂා කළ ලියවිලි අනුව 2011.02.10 වන විට ඇත් පැටවාගේ වයස අවුරුදු 4 මාස 6 ක් වී ඇතත් වනජීවී කාර්යාල තොරතුරු අනුව පසුගිය වසර 10ක කාලයක් තුළ එවැනි ඇත් පැටවකු උපත ලබා ඇති බවට සටහන්වී නැතැයි කියති.
මෙම ලියවිලිවල සඳහන් වයසට වඩා මෙම ඇත් පැටවාගේ වයස අඩු බව පෙනේ යැයිද ඔවුහු කියති.
මේ අතර උසාවි නියෝගය කඩ කරමින් ප්‍රවාහනය කළැයි කියන අලි පැටවකු ගැන මහනුවර පාරිසරික හා සංචාරක පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා
(මහනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබුණු ඇත් පැටවා)
ඡායාරූප - චමිල් රූපසිංහ
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනිමැල්ලගහ ඇත් පැටවා අල්ලන්න ගිහින් ‘ගින්නක්‘
අමිත් Sunday, 30 August 2015 02:50 PM
පහුගිය කාලේ බලවතුන්ගේ ඇමැත්තන්ගේ ආශිර්වාදයෙන් ඇතින්නියන් මරල කොච්චර අලිපැටවූ ගෙනාවද .කෝ ඒ එකක්වත් ඇල්ලුවද.ඕව බොරු ෂෝ.ජාවාරම් කාරයින්ට හැම ආණ්ඩුවම සපෝට්. (බ)